සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Sunday, December 18, 2011

මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)


          හෆොයි, තාඹුවට බ්ලොගක් ලියන වගේ වගක් නැතුව ගියා නොවැ.. බ්ලොග විතරක් නම් මදෑ.. පහුගියෙ දොහේ පොරට අන්තර්ජංජාලෙ කියල රෙද්දක් තියෙන බව වත් නිච්චියක් වුණේ නෑ ආයුබෝං.. රෑ දාවල් නැතුව පොලක් කඩන්ඩ ගොහිං අන්තිමේ කොල්ලට පොල් ගාන්ඩ තමයි ඉෂ්ට සිද්ද උනේ.. ඉතිං ඕන් කාලෙකට පස්සෙ ලඟදි එක්සෑම් කොරපු ජුන්නෙකුට පොල පංගාත්තු කොරල ගෙදර ඇවිදිං බවුද්ද සඟිස්කුරුතෙ විනාස කොරන ඇන්ජිඕ එහෙකිං තෑගි හම්බෙච්චි ලැපත් දාගෙන පොර ලෑස්ති වුණේ නැතෑ "මිලර් උන්නැහෙගෙ මුක්කුව" ගහන්ඩ.. අම්මට උඩු.. චින්තන පර්සදේ, ආරස්සක අමාත්‍යංසෙ, සිංහල රාවය.. වැස්සකටවත් සෙට් වෙන්නැති පෘථග්ජනයො ටික සෙට් වෙලා හෙන ගේමකට.. වෙන මොකටවත් නෙමෙයි, වොයිස්-ඔෆ් -තාඹු සයිලන්සර් කොරන්ඩ.. 

"අඩ්ඩොහ්, ටෝ අෆේ ඇමටිල ගැන හේම මොකුට් ඩාන්නෑ අලි??"

"අනවසර බ්ලොගයක් පවත්වාගෙන යන නිවසක් වැටලීම සඳහා සිංහලරාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් සැරසෙයි.. වොයිස් ඔෆ් තාඹු නම් මෙම බ්ලොග් අඩවිය බුදු දහමටත් බෞද්ධ ජනතාවටත්..."

"බීකේතාඹුගල නම් අනුකාරක ඇංකරයෙක් ඩෝකින්ස්, හිචන්ස් ආදී ඊනියා අදේවවාදීන් යයි කියාගන්නා යුදෙවු ග්‍රීක ක්‍රිස්තියානි මෝර්මන් පැස්ටෆේරියන් අඟුටුමිටි පඬියන්ගේ ප්‍රවාද වල දහවෙනි කාබන් කොපි කැඩිච්චි ඉංග්‍රීසියෙන් පරිශීලනය කර අපටත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියටත්..."
 
          කිරි අෆ්ෆට මහසෝන ගහෆි කිව්වලු.. මගෙ දුප්පත් බ්ලොගට ෆුල් බ්ලඩඩ් කවුන්ටර් ඇටෑක් එකක්.. තාඹුවත් ඉතිං අත ඇරියෙ නෑ.. කෝකටත් කියල කැස්පර්ස්කියයි මන්නෙයි අතට අරං මුවාත බලද්දිම..
"පුතේ, මේක බීල හිටියනං".. අම්ම කෝපි කෝප්පෙකුත් දික් කරං.. එතකොටයි මීටර් වුණේ කොල්ල මෙච්චර වෙලා දැක්කෙ උණ විකාරෙට පේන හීනයක් කියල.. පොලට ආපු එකෙක්ට තිබ්බැයි මෙච්චර තදේට උණ?? 

          ඔයාකාර හීන දැක්කාම ආයුබෝං මුනිෂි බය වෙන්නෑ.. උංගෙ හිත් තවත් තද වෙනව, ගල් වගේ.. කොහොමෙං කොහොමෙං හරි අන්තිමේ තාඹුව සතෙං සතේ, රුපියලෙං රුපියල එකතු කරල හෙන ගේමක් දීල ගත්තු උගෙ ඇත්ත ලැපත් දාගෙන සෙට් උණා, මුක්කුව ගහන්ඩ.. 
    
          මිනිසුන් මුක්කු ගහන්නෙ මොකටද? මුක්කු කියල කඩ්ඩෙං කිව්වට ළමයි උඹලට ඕක ඔච්චර මීටර් වෙන්නෑ.. හරි අපි හිංගලෙං අහමුකො "ජැක්" ගහන්නෙ මොකටද කියල.. ආආආආආං දැං මතක් වුණාද?? කෙල්ලො එහෙම පිරිච්චි බස්සෙහෙක කට ගාවට පුරෝල යනකොට හිතහං බලන්ඩ................................................................. ....... ........ ............  ........................................................................................................... ............................................................................................................... එක පාරට රෝදෙක හුලං ගියා.. කොන්ද බැහැල ඇවිල්ල ගහන්නැතැයි ජැක් එක?? හරි, එතකොට ඌ ජැක් එක ගහල බස්සෙකේ ඒ පැත්ත උස්සනව, රෝදෙ ගැලෙව්වාම පාත් වෙන්ඩ දෙන්නැතුව..
එතකොට ළමයි, මේ මුක්කුව හෙවත් ජැක් එකෙං කොරන්නෙ මොකක් හරි අටමගලක් පාත් වෙන්ඩ, කඩං වැටෙන්ඩ දෙන්නතුව උස්සල තියං ඉන්න එකනෙ.. එක එක මුක්කු වලිං හැබැයි උස්සන්නෙ එක එක මගුල්.. වාහන වල මුක්කුවෙං වාහනේ.. මැසිං වල තියෙන යෙක යෙක මුක්කු වලිං ඒ මැසිං වල කෑලි උස්සං තියං ඉන්නව.. බිල්ඩිමක් ගහද්දි බිල්ඩිමේ අච්චුව වැටෙන්නැතුව අල්ලං ඉන්නව.. හැබැයි ළමයි ඔය කොයි මුක්කුවත් හරියට ෆිට් වෙන්ඩ නං පොළව හොඳ හයියට තියෙන්ඩ ඕනෙ.. බුරුල් පොළවක මුක්කුවක් ගැහුවොහ් ඉතිං කෙළිය තාප්පෙටම..

          ඉතිං ඇන්නෑවෙ අපි මේ තාඹුවගෙ ඉලවු බ්ලොගක් බලාන්ඩ ගත්තෙ වඩු කරුමාන්තෙ කොරන්ඩ ය?? තෙපරබාන්නැතුව කියහංකො කියන්ඩ තියෙන දෙයක්.. කවුද මේ මිලර් කියන අපතය?? මොකක් ද උගෙ මුක්කුව?? මොන මළදානයක්ද ඌ ඒකෙං සපෝට් කරන්ඩ යන්නෙ?  

  
          වෙන මොකක්වත් නෙමෙයි ළමයි ඌ සපොර්ට් කොරන්ඩ යන්නෙ.. කඩං වැටෙන්ඩ ඉතා ආසන්න තත්වෙ තියෙන බිත්තියක්.. ඒ තමයි උගෙ ආගම .. මුක්කුව ගහල තියෙන ෆිට් පොළොව තමයි මචන්ලා විද්‍යාව කියන්නෙ (ඕං දර්ශන අංශ වල ඈයො ඇවිත් මෙතන "විද්‍යාව" නිර්වචනෙ කොරන්ඩ කියල ඉල්ලනව එහෙම නෙමෙයි, ලොවේ තියෙන 20කෝස ඔක්කොම උන් තියාන හිට, අෆි වගේ ඩුෆ්ෆට් එවුං ඕනෙ විද්‍යාව නිර්වචනෙ කොරන්ඩ, අබුද්දස්ස ).. හැබැයි ළමයි මේ මුක්කුව නං ලොවෙත් නෑ.. අර නලිනයගෙ චතුර්කෝටිකේ කැලේ.. මොකෑ මේ මුක්කුවත්, අරූගෙ හතරකෝටිකේ වාගේ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.. උගෙ ආගම ඒකෙන් සපෝර්ට් කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ.. අනේ මන්ද.. ලොවෙත් නෑ, ලොවෙත් නැත්තෙත් නෑ.. හැබැයි එකක් තියෙන්නෙ ළමයි, ඌ කියපු එක මෙලෝ පුතයෙකුට නෑ කියන්ඩ නම් බෑ..    

කෙනත් මිලර්
          අලි අලි.. වැඩේ ලතින් වේගෙන එන්ඩ කලිං බලමුකො මොකද්ද මේ සීන් එක කියල තේරෙන කඩ්ඩෙං.. මිලර් බාස් කියන්නෙ ළමයි යැංකිද්වීපෙ ගම්පහ මේරිලන්ඩ් වත්තෙ ඉපදිලා හෙන ගේමක් දීල ඉගෙනගෙන හාර්වර්ඩ් 20විජ්ජාලෙට රිංගගත්තු හාදයෙක්.. ඉඳල හිටල ඔහොම මුක්කුවක් ගහන හින්ද "බාස්" කීවට පොරගෙ නියම ක්ෂේත්‍රෙ නං ළමයි Gව විජ්ජාව.. කොටිම්ම ළමයි කලිං චැප්ටර් එකේ අපි දොඩෝපු ඩෝකින්ස් ගොයියගෙ වගේම පරිණාමික Gව විජ්ජාව.. හැබැයි ළමයි කේස් එක තියෙන්නෙ මූ ඩෝකින්ස් වගේ කොස්සාගමිකයෙක් නෙමෙයි.. ඇත්ත ආගමක් දහමක් තියෙන එකෙක්.. මේරිලන්ඩ්වත්තෙ ඉපදිච්ච ගොඩක් එවුං වගේ මූත් රෝමන් කතෝලිකයෙක්.. (හැබැයි ළමයි මේරිලන්ඩ්වත්තෙ අනික් උං වගේ මූ කසිප්පු පෙරුවෙ එහෙම නෑ හරිය?? පෙරුව නං ඉතිං ගම්පහ උසාවියට නොවැ ගේන්නෙ, අපි දන්නැතෑ??).. 

          ඉතිං ආයුබෝං මේ බ්ලොග් පඩංගුවෙ කලිං චැප්ටර් දෙක තුන කියෝපු හාදයෙකුට (හාදියකට ) නං මේ වෙද්දි තේරිලා තියෙන්ඩ ඕනෙ පරිණාමෙ හින්ද ආගං වලට කෙළ වෙන කෙළ විල්ල.. ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිං ආගංවල තියෙන විදියට නං අර දෙයියො කියන ගොං බූරුවට තියෙන කැහිල්ලට ලෝකෙ මවල ඒකෙ ඉන්න සත්තු ටිකත් ඒ විදිහටම මවලනෙ තියෙන්නෙ.. අනාගත වංස දේසනාවෙ තියෙන විදිහට නං ආභස්සර බ්‍රහමලෝකෙං තංගුස් නූලක් දිගේ බැහැලයි තියෙන්නෙ.. නැත්තං මහ බ්‍රහ්මය කියන එකාගෙ කටිං, ඔළුවෙං, __කෙං, කකුලෙ ඇඟිලකරු අස්සෙං තමා සත්තු විසික්ක වෙලා තියෙන්නෙ.. ඔය අති පරසිද්ද පට්ටන්දර ටික ඔක්කොම ළමයි පරිණාමවාදෙත් එක්ක තොලොංචි වෙලාම යන හැටි (මෝඩයිංගෙ ඔළු වලිං ඇර ) කලිං ලියුං වලදි අපි දැක්ක නොවැ.. 



          හැබැයි මචන්ල, අපි ඒ එක්කම දැක්ක සුද්දොංගෙ ඔළු වලිං මැවුම්වාදෙ අයිංකරගන්ඩ බැරුව නඩු දාගෙන නටන තොයිලෙ.. ඕං ඔය තොයිලෙදි තමුං පල්ලි යන ක්‍රිස්තියානිකාරයෙක් උණත් විද්‍යාව පැත්තට කතා කොරපු සිරා ඩයල් වලිං එකෙක් තමයි අපේ මේ මිලර් බාස්.. ඒ බවත් අපි කෙටියෙං හරි කලින් දැක්ක නොවැ.. අද ළමයි අපි බලංඩ යන්නෙ මූ විද්‍යාවෙ ඉඳං ආගමට ගහන මුක්කුව ගැන..

          දැං ළමයි පරිණාමෙ ඇත්ත.. ඒක වෙච්චි බවට අම්බානවල් හතලිස් නමේකට සාක්කි තියෙනව.. ඕකෙං හැම ආගමකම කියන මැවීම කතාවට බඩු පැකට් වෙන බවත් බුදු ෂුවර්.. ඩෝකින්ස්, හිචන්ස් වගේ ආගමක් දහමක් නැති කොෂ්ෂාගමිකයො (මාත් එහෙම ඩයල් එකක් තමයි ආයුබෝං) කියනව පරිණාමෙ හින්ද මැවීමට විතරක් නෙමෙයි ආගං වල තියෙන හැම ලබ්බටම නස්තාර් වෙන්ඩ වැදිල තියෙන්නෙ කියල.. කොටිංම ඩෝකින්ස් ගොයිය කියන්නෙ පරිණාමෙ හින්ද ක්‍රිස්තියානි ආගමේ ඉන්න දෙයියො කියන එකා බොරුවක්ය කියල පේනව, ඒක හිංදමයි ඌ කොස්සාගමිකයෙක් උනේ කියල.. යැංකිද්වීපෙ ඉන්න ඈන් කූල්ටර් නෝන කියනව ඩෝකින්ස් අපායෙ විඳෝන හැටි හිතෙන කොට ඒකිට ෆුල් ආතල් කියල.. හිතල බලහංකො "දෙයියො බොරුයි" කියන එකට ආගංකාරයින්ගෙ පරතිචාරෙ තරම!!.. (පුනරුප්පත්තිය බොරුයි කිව්වත් ඔච්චර තමා.. සසිරිබල මෙසිරිලක නං පිහියක් අතේ නැතුව කියන්ඩම බැරි කතාවක් ඒක!!!)

          ෂරි ෂරි.. ඕං ඔතෙන්දි තමයි ළමයි "ගහ ගන්ඩ එපෝ" කියාන උගෙ මුක්කුවත් උස්සගෙන මිලර් ගොයිය දුවං එන්නෙ.. දුවං ඇවිත් ඌ කියනව ලොවි ගහෙත් නැති අමුතු කතාවක්.. ඒකටම ඌ පොතක් ලියල තියෙන්නෙ ආයුබෝං.. ඒ තමා "ෆයින්ඩින්ග් ඩාර්වින්'ස් ඩෝග්".. කඩ්ඩෙං කිව්වොත් "ඩාවිංගේ බල්ලා සෙවීම"..

          මුලිම්ම ළමයි මිලර් කාරය උගෙ පොතෙං පරිණාමෙ ගැන සිරා විස්තරයක් දෙනව.. කොටිම්ම කිව්වොත් මං හරියකට ඔය අටමගල තේරුං ගත්තෙත් උගෙ පොතෙං තමයි ආයුබොං.. ඊට පෂ්ෂෙ පරිණාමෙට විරුද්ද "තියරි" වලට ඇට්ටි හැලෙන්ඩ ගහනව.. 

          මුලිම්ම ළමයි ඌ අල්ලගන්නෙ අර ලෝකෙ වයස අවුරුදු 6000යි කියන අපතයො ටික.. විකිරණසීලි මූලද්‍රව්‍ය පරමාණු කැඩෙන එකෙං ලෝකෙ වයස ටක්කෙටම කීයන්ඩ පුළුවං කියල ඌ කියනව.. මූලද්‍රව්‍ය ජාති එකක් නෙමෙයි, විස්සක් විසිපහක් අරං ඒවෑ මුල් ලෙවල් එකයි දැං ලෙවල් එකයි කම්පෙයා කොළාම ඒ හැම එකෙම්ම ලෝකෙ වයස අවුරුදු කෝටි 450යි කියල ලෂ්ෂනට එනව.. සත්තුංගෙ ඇටසැකිලි අවුරුදු මිලියන ගණං පරණයි කියන එක ලොවෙත් ඔප්පු වෙනව.. ආයි ඒකෙ දෙකක් නෑ.. ඊට පස්සෙ ඌ හෙන්රි මොරිස් කියන එකාගෙ හද්දම ගොං කතාවට උත්තර දෙනව.. මොරිසය අහල තිබ්බ ලෝකෙ ඔච්චර පරණයි කියල අපි ලව්ව හිතොවන්ඩම දෙයියො හැම ලබ්බම අටෝල තිබ්බ වෙන්ඩ බැරිද කියල.. මිලර් අහනව උඹ අදහන දෙයියො එච්චර කපටි අලුගුත්තේරුවෙක්ද කියල.. ඒකෙං පස්සෙ මොරිසයට විජ්ජාඥයොත් නෑ.. ක්‍රිස්තියානි උනුත් නෑ.. සොරිඩොට්කොම් තමයි.. 

පෘෂ්ටවංශී සත්ව ඇසේ පරිණාමය
          අන්තිමේ අපි කලිං ලියුං වල ෆ්ලැට් වෙන්ඩ කතා කොරපු මයිකල් බීහි කියන අයි.ඩී කාරයව අල්ලං පට්ට ගහනව.. බීහිය කියන්නෙ මොකක් හරි සිස්ටම් එකක එක කෑල්ලක් අයින් කොළාම ඒක වැඩකොරන්නෙ නැත්තං ඒ සිස්ටම් එක පරිණාමෙ වෙන්ඩ බෑ කියල.. පොරගෙ උදාහරණ අතරෙ තියෙන දේවල් තමයි ඇඟ ඇතුළෙ ලේ කැටි ගැහෙන රසායනික කෙමිකල් සෙට් එක.. බැක්ටීරියා වල තියෙන ෆ්ලැජෙල්ලම් කියන කෙඳි කෑල්ල (බැක්ටීරියා වලට ඇවිදින්ඩ සප් එක දෙන්නෙ ඒකෙං).. මිනිහගෙ ඇහැ.. ඔය කයිකතන්දර වලට මිලර් හොදි එපා වෙන්ඩ ආන්සර් දෙනව බීහියට.. ෆ්ලැජෙල්ලම් එකේ කෑලි බර ගාණක් අයිං කොළාට පස්සෙත් යස අගේට වැඩ කොරන හැටි මිලර් ගොයිය පෙන්නල දෙනව.. ඇහේ කාචෙ ෆුල් අයිං කොළාට පස්සෙත් ඇහැ පේනව.. මිනිහගෙ ලේ කැටි ගැහෙන රසායනික කෙමිකල් දොළහම සත්තුංගෙ නෑ.. සමහර සත්තුංගෙ තුන හතරක් අඩුයි.. ඒත් උන්ගෙ ලේ ලොවෙත් කැටි ගැහෙනව, අපේ වගේම.. අනික සිස්ටම් එකේ කෑලි වෙන වෙනම පරිණාමෙ වෙන්නෙ ලබ්බට ද? සිස්ටම් එකම එකට පරිණාමෙ වෙන්ඩ පුළුවන්කම තියෙද්දි? බීහියයි උගෙ අයිඩී එකයි ෆ්ලැටේ ෆ්ලැට්..

          ඔය පට්ටන්දර ටික දිගඇරියට පස්සෙ තමයි ළමයි මිලර් උන්නැහෙ මුක්කුව ගහන්ඩ පටාං ගන්නෙ..
    
විශ්වයේ පරිණාමය
          මුලිම්ම ළමයි, පොර ලොවෙත් පිළිගන්නව පරිණාමෙ ඇත්ත කියල.. පරිණාමෙ ඉතරක් නෙමෙයි විස්වෙ හැදිච්චි හැටි ගැන විද්යාවෙං උගන්නන කතාව.. ඒ කියන්නෙ ළමයි අවුරුදු 13710365410යි මාස 4යි දවස් 28යි විනාඩි 560 කට කලිං බිග් බෑං බෝම්බෙ පුපුරල විස්වෙ හැදුණයි කියන කතාවනෙ.. ඊට පෂ්ෂෙ ඩිංග ඩිංග පදාර්තෙ තැං තැං වල සෙට් වෙලා අලි පත තරු හදල ඒ තරු ඇතුළෙ පොඩි මූලද්‍රව්‍ය වලිං ලොකු මූලද්‍රව්‍ය උයල, කාලාන්තරයක් තිස්සෙ සෙට් වෙච්චි දූවිලි වළාවල් හයි වෙලා තරු, ග්‍රහලෝක මන්දාකිනි, මිනිස්සු, මහින්දයගෙ හෝදන්නැති කුරහං සාටකේ, හැම මගුලම හැදුනයි කියන එකනෙ බොලවු.. 

තහනම් ගසෙන් කෑම
          හැබැයි ඊට පස්සෙ මිලර් බාස් කියපි, ඕක ඔහොමෙයි කියල දෙයියො නෑ කියන්ඩ බෑ කියල.. ඕක අහල තාඹුවට ෆුල් නස්ෆුක්.. ඇයි හත්දෙයියනේ පරිණාමෙ වෙලා නං සත්තුයි ගහකොළයි හැදුනෙ, ලෝකෙයි විස්වෙයි අවුරුදු බිලියන ගානක් පරන නං, බයිබලේ මැවීම කතාව ෆට්ට බොරුවක් වෙන්ඩ එපායැ.. ඒකෙ තියෙන්නෙ දෙයියො කියන එකා මුල ඉඳලම හිටියය, ඌ අවුරුදු 6000කට කලිං ලෝකෙ මවල ඇඩම් ඊව් කියල කපල් එකක් මවල උන් ලවු කර කර ඉන්දැද්දි ඇමෙරිකන් ඇපල් වලට ටැක්ස් ගහන්ඩ ගිහිං ගම කාගත්තු සීන් එකක් නෙ.. (දෙයියො කියල පොර කියන්නෙ ක්‍රිස්තියානි දෙයියන්ට, හරි ය?).. ඉතිං ළමයි ඕකයි, අර විද්යාවෙං කියන බම්බුවයි දෙකම ඇත්ත වෙන්ඩ බෑනෙ.. 

          ඩිංගක් මිලර් කාරය ඇක්ස්ප්ලේන් කොරං යද්දි තමයි ආයුබෝං තේරුණේ මොකාටද මූ එන්ඩ හදන්නෙ කියල.. මූ කියන්නෙ ළමයි හරිම සිම්පල් කතාවක්, කැපිටල් කොරගත්තෙ නැත්තං.. මූ කියනව, හරි, ඔය හැම මගුලම වුණේ විජ්ජාවෙ කියන විදිහට තමයි, ආයි ඒකෙ දෙකක් නෑබයිබලේ කියන කතාව ලියල තියෙන වචන වලිං   ගත්තොත් නං අමු බොරුවක් කියල.. ඊට පස්සෙ පොර කියනව, හැබැයි ළමයි අර විජ්ජාවෙං කියන විදිහට ලෝකෙ හදන්ඩ මුලිම්ම ප්ලෑන් කොළේ දෙයියොය කියල.. බිග් බෑං එකෙං විසිවෙච්චි කෑලි ගුරුත්වෙ හින්ද ආපහු ඇවිත් සෙට් උනා නං දැන් තියෙන විස්වෙ හැදෙන්නෙ නෑනෙ ළමයි.. ඒ ටික පුපුරපු පාරට විසික්ක වෙලා මඳ සුළගේ ඈතට ඈතට පාවී ගියා නං මේ විස්වෙ හැදෙන්නෙත් නෑ.. පොර කියන්නෙ ඔය දෙකම නොවී ඒ කෑලි ටික තැං තැං වල සෙට් වෙලා තරු, ග්‍රහලෝක හදිල සමහර ඒවෑ (පොලොවෙ ඉතරක් නෙමෙයි ) සත්තු හැදුනෙ ගුරුත්වාකර්සනේ එක ලෙවල් එකක තිබිච්චි හින්ද කියල.. පොර කියන්නෙ එහෙම කොළේ දෙයියො කියල.. ඊළඟට හයිඩ්‍රජං වගේ ජුන්ඩි පරමානු තව ජුන්ඩක් බර උනානං, නැත්තං සැහැල්ලු වුණා නං ඒව සෙට් වෙලා රසායනික කෙමිකල් හදන්නැතුව නිකං ඉන්නව, එහෙම උනානං අපි හැදෙන්නෙත් නෑ.. ඔය විදිහට ළමයි, පිසික්ස් වල ගනං හදනකොට දාන "නියත" කියන ජාතියෙ ඉලක්කං ජුන්ඩක් එහෙ මෙහෙ වුණා නං අපිත් නෑ, අපි ගහෙත් නෑ.. මිලර් කාරය කියන්නෙ, විස්වෙ හැදිල අපි හැදෙන්ඩ, ඒ ටික කරල දුන්නෙ දෙයියො කියල.. 

          අපි මුලිම්ම කිව්ව වගේ ළමයි, මූ මේ කොරන්නෙ විජ්ජාවෙ ඉඳං ක්‍රිස්තියානි ආගමට මුක්කුවක් ගහන එක.. මුක්කුවෙං වෙන දෙයියෙක්ව උස්සගෙන ඉඳල වැඩක් නෑනෙ ළමයි, ක්‍රිස්තියානි දෙයියො මිසක්කං.. ඉතිං ළමයි, ක්‍රිස්තියානි දෙයියො ලෝකෙ මවල අහක් වෙලා අත පය වකුටු කොරං ඉන්න ගොතයෙක් නෙමෙයිළු.. පොර හැමදාම ඉරිදට පල්ලියෙ වහලෙ උඩට ගිහිං කාරිය, යාඥා කොරන එවුංගෙ යාඥාවල් අහං ඉඳල පොරට කැමති යාඥාවල් වලට උත්තර දීල අනික්වට නිකං ඉඳපියවු කියල යන්ඩ යන ඩයල් එකක්ළු (මම නෙමේ, මිලර් කියන්නෙ ).. ඊළඟට පොරට පොඩි ආතල් එකක් ගියහම නැවු පෙරළල, ඇක්සිඩන්ට් කොරෝල හෙන සීනුත් කොරනවළු.. හැබැයි එහෙමයි කියල හැම මගුලටම අත දාන්නෙත් නැතිළු.. 

          කොහොම හරි ළමයි ඊළඟට පොර සිරා කතාවක් කියනව.. දෙයියො තේරුං ගන්ඩ නං විද්යාවෙ නීතිවලිං බැහැරව බලල බෑ, ඒව ඇතුළෙම බලන්ඩ ඕනෙ කියන එක.. දෙයියො වැඩ කොරන්නෙ ඒ නීති කඩල නෙමෙයි.. ඒ නීති එක්කමයි.. ගොඩක් උන් දෙයියො හොයන්නෙ වැරදි තැං වල කියලයි මිලර් කියන්නෙ.. ඒ කියන්නෙ විද්යාවෙං ඇක්ස්ප්ලේන් කොරන්ඩ බැරි තැං වල.. දැං හිතහං පාස්ටර් කෙනෙක් කියනව "මොන ලබ්බ කරලවත් මලක් පිපෙන එක විද්‍යාවට ඇක්ස්ප්ලේන් කොරන්ඩ බෑනෙ" කියල.. ඒක හද්ද ගොං කතාවක්.. එක්කො ඒවගේ දේවල් විද්යාවෙං දැනටමත් ඇක්ස්ප්ලේං කොරන්ඩ පුළුවං.. නැත්තං ඉස්සරහදි පුළුවං වෙනව.. එතකොට අර කතාව හුදෙක් ගොං කතාවක් බවට පත් වෙනව.. පරිණාම තියරියෙ හිල් අස්සෙං දෙයියො බලන්ඩ යන එකත් ඒවගේම ගොං පාර්ට් එකක් තමයි..


          එතකොට ළමයි විස්වෙ නීති කඩ කඩ ලංකාවෙ දේසපාලුවො වාගෙ හැම රෙද්දටම අත දානෙත් නැති ඩයල් එකක් නම් මේ දෙයියො, පොරව පැහැදිළි කොරන්නෙ කොහොමද? සිම්පල්.. අද කාලෙ හැම අපතයම වාගෙ පොරත් රිසෝට් වෙන්නෙ කොන්ඩම් විජ්ජාවට.. කොන්ඩම් විජ්ජාවෙං ළමයි කලිං විජ්ජාවෙ තිබිච්චි කයිකතන්දර ගොඩක් උඩුකුරුඥ්ඥං ගහලයි තියෙන්නෙ (වැඩි විස්තර වලට ඕන්නං අර නලිං ද සිල්ව උන්නැහේ ගැන මේ බ්ලොගේ තියෙන හෑල්ල කියෝපල්ලකො ).. විජ්ජාවෙ තියරි මුලිම්ම හැදිච්චි කාලෙ හිටපු කොපර්නිකස්, ගැලීලියො, නිවුටන් වගේ ඩයල් හිතුවෙ උන්ගෙ නීති වලිං හැම ලබ්බම ඇක්ස්ප්ලේං වෙනව කියල.. කොටිම්ම ඒව හැම මගුලටම ඇප්ලයි කරොතිං විස්වෙ වෙන හැම මගුලක්ම වෙන්ඩ කලියෙං දැනගන්ඩ පුළුවං වගේ සීන් එකක් තමයි තිබ්බෙ.. අඩුම ගානෙ ඉස්සරහට එහෙම පුළුවං වෙයි කියල උන් හිතන්ඩ ඇති.. හැබැයි ඒ බලාපොරොත්තු වලට ෆුල් කෙල වුණා කොන්ඩම් විජ්ජාවෙං..

          මොකෑ කියනවනං ළමයි, කොන්ඩම් විජ්ජාවෙං අන්තිමේ කියනව හැම මගුලම කලිං ප්‍රෙඩික්ට් කරන්ඩ බැරිය කියල.. දැං හිතහං කණ්නාඩියක්.. ඒකට ටෝච් එකක් ගැහුවොත් ඒ ආලෝකෙං සීයට අසූවක් පරාවර්තනේ වෙනව, සීයට විස්සක් උරා ගන්නව කියල.. ආයි පාරක් ඒ ටෝච් එක ඒ විදිහට ගැහුවාමත් එච්චරම තමයි.. හැබැයි ළමයි, කොන්ඩම් විජ්ජාවෙ හැටියට ආලෝකෙ පොඩි අන්සු හැටියට තියෙන්නෙ.. කන්නාඩියට වැටෙන අන්සු සීයකිං අසූවක් බම්ප් වෙලා එළියට යනව.. ඉතුරු විස්ස ඇතුළට යනව.. හැබැයි ළමයි සීන් එක කියන්නෙ එක අන්සුවක් ගත්තොත් ලොවෙත් කියන්ඩ බෑ, ඒක බම්ප් වෙයිද ඇතුලට යයිද කියල.. I mean, මෙලෝ පුතයෙක්ට කියන්ඩ බෑ.. ඉතිං ළමයි පොඩි පරමානු, ඉලෙක්ට්‍රෝන වාගෙ පොඩි අංසු ඔක්කොම වැඩ කොරන්නෙ ඔය විදිහට.. අන්ප්‍රෙඩික්ටබල්.. ඒව ඊළඟ තප්පරේදි මොන බුලක් කෙලියිද කියල අපි දන්නෑ.. ඕං ඔය කාරණේ හින්දම ළමයි, ඉස්සර හිටපු විජ්ජාඥගොල්ලො හිතපු විදිහට විස්වෙ වෙන හැම මගුලම කලිං ඉඳල කියන්ඩ බෑ.. ඕනෙම මගුලක් වෙනස් වෙන්ඩ පුළුවං අවිනිශ්චිතයි .. මිලර් ගොයිය අන්තිමේ කියන්නෙ, ඕං ඕවයිං සමහර ජුන්ඩි වෙනස්කං දෙයියො උට ඕනෙ විදිහට කොරනව කියල.. 

          ඉතිං බං ඒක ෆික්සු ෆීකුදු කතාවක් නොවැ.. ඔය කියන විදිහට දෙයියො ඉලෙක්ට්‍රෝන, ආලෝක අංශු එක්ක ජිල්බෝල ගහනවයි කියමුකො.. ඉතිං කොහොමෙයි ඒවයින් ඌ ලොකු වැඩ කොරන්නෙ? කැන්සර් හොඳ කොරන්නෙ? කැන්සර් හදවන්නෙ? බස් හප්පවන්නෙ? නැව් ගිල්ලවන්නෙ? ගිලෙන්ඩ යන උං බේරගන්නෙ?? පරිණාමෙං මිනිස්සුංව හැදෙව්වෙ.. මෙහෙමයි මචං.. ජුන්ඩි අංසු වලිං අලි පත වෙනසක් වෙන්ඩ පුළුවන් විදිහවල් ගමකට තියෙනව.. හිතහං කැන්සර් එකක්.. ඒක බෝවෙන්ඩ කලිං එක සයිලෙකට ලෙඩේ හැදිල ඉන්ඩ ඕනෙ.. එක සයිලෙකට හැදෙන්ඩ නං ඒකෙ ඩී.එන්.ඒ වල විකුර්තියක් වෙන්ඩ ඕනෙ.. හිතහං ඒක උනේ ඇක්ස්‍රේ එකක් ගනිද්දි ගියෙ විකිරන හින්ද කියල.. ටෝච් එළිය වාගෙ ඇක්ස්‍රේ විකිරණත් හැදිල තියෙන්නෙ කොන්ඩම් අංශු (පැකට්) වලිං.. ඉතිං හිතහං එයිං එක පැකට් එකක් ඩී.එන්.ඒ වල එක තැනක වැදිල විකුර්තිය උනේ කියල.. ඒ පැකට් එක වෙන තැනකිං ගියා නං ඒක නොවී කැන්සර් නොහැදි ඉන්ඩ තිබ්බ.. ඒක වෙන තැනකිං නොගිහිං ටක්කෙටම එතනිං ගියෙ තනිකරම අහම්බෙං.. කොටිම්ම කැන්සර් එක හැදුනෙ අහම්බෙං.. මිලර් අහන්නෙ ඒක ඒ විදිහට උනේ දෙයියො හින්ද වෙන්ඩ බැරි ද කියල.. පරිණාමෙ ගත්තත් ළමයි, ඒක තනිකරම අහම්බෙං වෙච්චි නැති දෙයක් බව ඇත්ත.. ඒත් ඒකෙ වෙච්චි පොඩි පොඩි විකුර්ති එහෙම වුණේ ලොවෙත් අහම්බෙං.. ඉතිං පරිණාමෙං අපිව හැදෙන තැනට ආවෙ දෙයියොත් පොඩි සප් එකක් දුන්නෙ හින්ද නෙමෙයි කියල අපිට කියන්ඩ පුළුවන්ද?? 

විකිරණ නිසා පිළිකා ඇති වීම

          ඕං ළමයි මිලර්ගෙ මුක්කුව.. දැං කෂ්ටියට පුරස්නයක් ඇතිනෙ, කොසු දහම අදහන තාඹුව ඕකට මොකෑ කියන්නෙ කියල.. වැරි ප්‍රොබ්ලම් නෝ සිම්පල්.. තාඹුවට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි.. මිලර් කියන විදිහෙ දෙයියෙක් නෑ කියල තාඹුවට ලොවෙත් කියන්ඩ බෑ.. තාඹුව එහෙම කියන්ඩ යන්නෙත් නෑ.. හැබැයි පුතෝ ඔහොම දෙයියෙක් ඉන්නව කියන්ඩ සාක්සි එකක්වත් මිලරය ගේන්නෙත් නෑ.. කොටිම්ම එහෙම එකෙක් ඉන්නව කියන්ඩ ඌටත් බෑ.. ඒක ඌත් පිළිගන්නව.. ඌ කියන්නෙත් "ඕක විස්සාස කොරන්ඩ සාක්කි වලිං බෑ බක්තිය ඕනෙ" කියල.. තාඹුව තේරෙන හිංගලෙං කිව්ව ඌට බක්තිය පන්සීයකුත් තැපැල් කොරල එවහං කියල ඊළඟ ඊබේ ඕඩරෙත් එක්ක.. ම්ම් හ්ම්ම්.. ඒව එක කඩේකවත් නැහැළු.. ඒ හිංද තාඹුව ඕක විස්සාස කොරන්නෙත් නෑ.. එහෙමෙයි කියල විස්සාස කොරන එවුං එක්ක ආරෝවකුත් නෑ.. උං ගොන්නු නෙමෙයි.. තාඹුව දැකලවත් නැති බක්තිය කියන අටමගල කොහෙං හරි හොයාගත්තෙ එවුං..   
       
          හැබැයි ළමයි ජුන්ඩි කොෂ්ෂකුට් නැට්ටෙ නෑ.. දැන් හිතහං කොහොමෙං කොහොමෙං හරි ඔය දෙයියො එක සැරේ මළදානවල් කීපයක් කොරන්ඩ ඕනෙ.. එච්චර ගටක් තියෙන්ඩ නං ඌ ෆට්ට කම්ප්ලෙක්ස් බුවෙක් වෙන්ඩ ඕනෙනෙ.. කාටද කියන්ඩ පුළුවං නූඩ්ල්ස් අත් ප්‍රකෝටි ගණනක් තියෙන පියාඹන ස්ෆැගටි රාක්ෂය නෙමෙයි කියල ඔය දෙයියො?? ඒක පැත්තකිං තියමුකො ආයුබෝං.. එච්චර සංකීර්ණ සිරා බලයක් තියෙන දෙයියෙක් ඉන්නව නං ඌව ඇක්ස්ප්ලේං කොරන්ඩ එපා ද? ඕව ඔක්කොටෝම "දෙයියො තමයි ආරම්භය, ඊට කලිං දෙයක් නෑ ඒක විස්සාස කොරන්ඩ නං බක්තිය ඕනෙ" කියන උත්තරේ නේද දෙන්ඩ වෙන්නෙ?? ඉතිං මචන්ස්, අරූ මට බක්තිය ඩී.එච්.එල් කොරේ නෑනෙ, කොරන්ඩ කිවුවට.. ඈස් අ රිසල්ට්, මම විස්සාස කොරන්නෙ නෑ..

          ඔය කුඩුකේඩුකං පැත්තකිං තියමුකො ආයුබෝං.. මිලරයගෙ තියරිය මං විස්සාස කොළේ නැතුවට ළමයි ඒ තියරියෙං මිලර් සිරා පොට් එහෙකට ඇවිත් ඉන්නව.. විජ්ජාව හින්ද ආගං වලට කෙල වේගෙන කෙළ වේගෙන යනව.. ආගං වල උගන්නපු කතන්දර වලට ෂොට් එක දිදී විද්‍යාව ඉස්සරහට යනව.. ෂොට් එක හම්බේගන හම්බේගන ආගම පෂ්ෂෙං පෂ්ෂට යනව.. හැබැයි මචෝ, කොන්ඩම් විජ්ජාවට පිං (හරි පවු හරි ) සිද්ද වෙන්ඩ එක තැනක් තියෙනව විජාවට එතනිං එහාට යන්ඩ බෑ.. ආගම එතනිං එහාට පැනල ගිහිං ෂෆාන් එකේ ඉන්නව.. හැබැයි පුතෝ ආයි මේ පැත්තට ඒම් බොරු.. මොන මලදානයක් හිංද ඔහොම වෙලා හරි දෙගොල්ලො කටිංවත් ෆයිට් කොරගන්නෙ නැති ලෙවල් එකකට එන එකත් එක අතකට ෂේප්නෙ බොලවු.. අඩුම ගානෙ විජ්ජාව බොරුයි කියල ආගංකාරයො දාන ගොං පාර්ට් හරි නවතියි නොවැ.. 

    

Saturday, December 17, 2011

ක්‍රිස්ටෝෆර් හිචන්ස් තවත් නැත


"ගොඩ් ඉස් නොට් ග්‍රේට්" ඇතුළු කෘති ගණනාවක් රචනා කරමින්, ආගමික නායකයින් සමග ප්‍රසිද්ධ විවාද වලට එලැඹෙමින්, ආගමික උමතුව නිසා මරණ තර්ජනයට ලක්වූ ලේඛකයින්ට රැකවරණ  සලසමින්, ඔවුන්ට උදවු කරමින් මරණ තර්ජන හා වෙනත් ඝර්ජන මායිම් නොකරමින් ආගමික අන්තවාදයේ නග්නමය යථා ස්වභාවය හෙළි කරන්නට තරම් නිර්භීත වූ ක්‍රිස්ටෝෆර් හිචන්ස් ලොවෙන් සමුගෙන ඇත.. එතුමාගේ සේවය සහ බලාපොරොත්තු එම සමුගැනීමෙන් අවසන් නොවන බවට ලොව පුරා විචාර බුද්ධිය සහ මනුෂ්‍යත්වය අගයන අපි සැම ෂපථ කරමු.. මේ දුක්බර මොහොතේ එතුමාට පිදිය හැකි උසස් ගෞරවයක් නම් එතුමාගේ "ගොඩ් ඉස් නොට් ග්‍රේට්" හි අතිශයින් ධෛර්‍ය කරවන සුළු අවසාන ඡේදය ඔබ හා බෙදා ගැනීම යයි සිතමි


<<<To all those who I do not know, and who live in the worlds where superstition and barbarism are still dominant, and into whose hands I hope this little book may fall, I offer the modest encouragement of an older wisdom. It is in fact this, and not any arrogant preaching, that comes to us out of the whirlwind: Die Stimme der Vernunft ist leise. Yes "The voice of Reason is soft, but it is VERY PERSISTENT". In this, and in the lives and minds of combatants known and unknown, we repose our chief hope..>>>

 තේරුම :-


<<<මිථ්‍යාව සහ ම්ලේච්ඡත්වය තවමත් රජ කරනා පෙදෙස් වල සිටින, මා නොහඳුනන අයගේ අතට ද මගේ මේ කුඩා පොත පත් වෙතැයි සිතමි. ඔවුන්ව, පැරණි හොඳ කියමනක් ඇසුරෙන් දිරිමත් කිරීමට කැමැත්තෙමි. ඇත්තෙන්ම සැඩ සුළඟෙහි එතී අප වෙත හමා එන්නේ මෙය මිස වෙනත් කිසිදු ගොරහැඬි දේශනාවක් නොවේ.

"විචාරයේ හඬ මෘදු වේ, එහෙත් නොපසුබට වේ"

මෙම කියමනේ ද මා දන්නා සහ නොදන්නා අරගලකරුවන්ගේ සිත් සහ ජීවිත වල ද අපගේ මූලික විශ්වාසය තබමු
>>>


 හිචන්ස්, ඔබ අප අතර නැතත් ඔබගේ වචන වල දිරිගැන්වීම අප සමග අප මියෙන තුරු පවතිනු ඇති.. සුභ ගමන් ප්‍රිය මිතුර..

Friday, November 18, 2011

ජීනා, මීමා සහ පොට්ට සිරිපාල (කෙටිකතාවක් නොවේ )

ජීනාගේ මීමා

          ජීනා සහ මීමා.. කවුද මේ දෙන්නා? "ජීනා" කියද්දි නම් කෂ්ටියට මතක් වෙනව ඇත්තෙ කාවද කියල මට හිතාගතහැකි.. අර කොළොම්පුරේ සත්මහල් ප්ලාසා එකේ දේශීය විදේශ රැකියා ඒජන්සියක් දාන් හිටපු ගෑනු එක්කෙනාවනෙ ළමයි.. අර සඟිස්කුරුතෙට සෑහෙන ආදරයක් තියෙන, ගෑනුන්ට අඳින්ඩ උගන්නන්ඩ එහෙම ට්‍රයි කොරපු දෙස්පලු උන්නාන්සෙ එහෙම රැකියාලාභින් හොයාගෙන එතෙන්ට ගියයි කියල ඒ කාලෙ හෙන සීන් එකක් වුණේ?? තාඹුවත් ඔය කාලෙ කොලොම්පුරේ මදි නොකියන්ඩ කරක් ගහපු සිරා කොල්ලෙක් අයිබොං.. ඒත් ඉතිං ඔය පොට් වලට යන්ඩ අපිට කොයින්ද බූල් බල්ලො? කොල්ල ඉතිං සත්මහල් ප්ලාසා එන්නෙ එක්කො කොම්පීතරේට අළුත් මීයෙක් ගන්ඩ හරි, නැත්තං ටැලිපෝං එකේ මොකක් හරි ලට්ට ලොට්ටයක් පල්ලෙහා තියෙන හොර බඩු සාප්පු වලිං කඩාගෙන යන්ඩ විතරයි..

          ඔන්න ඉතින් ඒ වුණාට "ජීන" කිව්වහම තාඹුවට නම් මතක් වෙන්නෙ සත්මහල් ප්ලාසා ජීනා එහෙම නෙමෙයි.. වෙන ජීනෙක්ව.. උන්දැ හිටියෙ වෙන කොහෙවත් නෙමෙයි, අපේ ගමේ.. හැත්තෑපස් වසරක් දැහැමෙන් සෙමෙන් රජ කොරල දැන් දෙතුන් මාසෙකට කලින් මිය පරලොව යද්දි උන්දැ පාගපු නැති බෙල්ලක් මිරිකපු නැති අතක් පයක් මාතලාන ගමේ තිබ්බනං ඒ ඉතිං බෝනික්කෙක්ගෙ අතපය තමයි.. උන්දැ නිවුන්නෙක් කියල තමයි අයිබොං කවුරුත් කියන්නෙ, හැබැයි ඒ නිවුන් නැන්දව නං මේ ලෝකෙ නෙස්කැෆේ එකකට දැකල නෑ ඕන්.. කොහොමෙං හරි, ටවුංවලම ඉපදිලා ක්ලෝරීං වතුර නාපු සිංහල බවුද්ද "වෙන්ඩ දේශප්‍රේමියො" සෙට් එක දැන් ෆුල් මඤ්ඤං ගහල ඇති මොකද්ද මේ බම්බුවෙ "බෙලි පෑගිල්ල" කියල.. ඕං එහෙනං දැනගන්ට හොඳයි කකුලක්, බෙල්ලක් ඇමැට්ටි උණාම නිවුන්නෙක්ට කියල පාගෝගෙන මසාජ් කොරගන්න එක ගංවල තියෙන සිරිතක් කියල.. අනික් උන්ට වඩා නිවුන්නුන්ට ඕක හොඳට කොරන්ඩ පුළුවන් අහවල් කෙංගෙඩියක් හින්දද කියල මම නං දන්නෙ නෑ අයිබොං.. මොකක් වුණත් ජීන් ආච්චි පාගපු බෙල්ලක ආයි ඩයික්ලොෆිනැක් ක්‍රීම් ගාන්ඩ නං ඉෂ්ට සිද්ධ වෙලා නෑ මේ කපේට..

          හරි, එතකොට ජීන කියන්නෙ මාතලානෙ ජීන් නැන්දට.. මීම කියන්නෙ ඉතිං උන්දැගෙ මීමටනෙ.. අර උගෙ පොටෝ පොජ්ජකුත් දාල තියෙන්නෙ උඩිංම.. ඉතිං හත් දෙයියනේ කොහෙවත් යන ගොඩේ ගෑනියෙකුයි උන්දැගෙ හරක් රංචුවකුයි ගැන බම්බුවට ය බ්ලොග් පෝස්ට් දාන්නෙ? දාහංකො කොහෙ හරි රටක ඉන්න පර සුද්දෙක්ට කෙළ වෙච්චි සීන් එකක්.. එක්කො දාහං රාවණ මළේ නෑ, කෙළිම්ම දිව්‍යලෝකෙට එයාර්-ලිෆ්ට් කොලා කිය.. නැත්තං තියෙන පොලක් කොරගෙන සිංහල බෞද්ද සඟිස්කුරුතියත් රැකගෙන ඉඳින්කො මනුස්සයෙක් වාගෙ, නැද්ද මං අහන්නෙ?

රිචර්ඩ් ඩෝකින්ස්
               නෑ ළමයි.. අපේ මේ ජීනයි මීමයි අපේ ගංරටවල උන්ට අගේ නැතුවට මොකද අයිබොං අපි ලොවෙත් හිතන්නැති ඩයල් එකකට උන්ව අගේළු.. කොච්චර අගේද කියාන්වනම් මචන්ල, පොර උන් ගැන පොතකුත් ලියල තියෙනව.. පොර තමයි ළමයි රිචඩ් ඩෝකිංස් කියන්නෙ.. පොර ඉන්නෙ මේ මාතලානෙ එහෙම නෙමෙයි.. එංගලන්තෙ ඔක්ස්පෝර්ඩ් 20 විජ්ජාලෙ මිසක.. දැන් තේරුණානෙ ළමයි සීන් එක.. අපි බලාන්ඩ යන්නෙ වෙන මොකක්වත් නෙමෙයි, මොනවද මේ ඩෝකින්ස් උන්නැහෙ අපේ ජීන ගැනයි, උන්දැගෙ මීම ගැනයි කියන්නෙ කියල මිසක..

          ඔතෙන්ට එන්ඩ ඉස්සරවෙලා ළමයි අපි බලමු ඇයි ඩෝකිංස් ගොයියට මුන් දෙන්නව සෙට් උණේ කොහොමද කියල.... ඩෝකින්ස් කියන්නෙ ළමයි Gව විද්‍යාඥයෙක්.. සත්තු, ගහකොළ තමයි පොරගෙ සුපුරුදු නිවහන.. එයිනුත් සත්තු ගහකොළ හැදුණෙ කොහොමද  කියන එක ගැන තමයි පොරගෙ ෆුල් ඉන්ටරස්ට් එක.. ළමයින්ට මතකයි නේද අපි කලිං පෝස්ට් එකෙත් දෙඩෙව්වෙ ඔයවාගෙ බයිලාවක් ගැන කියල?

          ඒ මහා පතරංගෙ කියොවන්ඩ කම්මැලි නං මම දෙමළෙන් කෙටියෙන් කියන්නංකො සීන් එක..

ඔරලෝසුව ඇතුළත
          එකදාස් අටසීයෙදි විතර සත්තු, ගහකොළ හැදිච්චි හැටි ගැන ලොවෙත් නැති තියරියක් ගෙනාව විලියම් පේලි කියන පාස්ටර් උන්නාන්සෙ.. උන්නැහෙ උදාහරණෙට ගත්තෙ ඔරලෝසුවක්.. ඔරලෝසුව ෆට්ට සංකීර්ණයි.. දැති රෝද, දුණු, යකඩ කෑලි හැටහුටහමාරක් නූලට සෙට් වෙන්ඩ පුරුද්දල තමා ඒක හදල තියෙන්නෙ.. ඉතිං එච්චර සංකීර්ණ අටමගලක් නිකං අහම්බෙං ඇති වුණා වෙන්ඩ බෑනෙ ළමයි.. මොකෙක් හරි ඒක හදන්ඩ ඇති කියන එක ඊට වඩා හිතන්ඩ පුළුවං.. හිතන්ඩ ළමයි ඒ ඔරලෝසුව හදල තියෙන්නෙ ස්විස්ටර්ලන්තෙ ඉන්න සිරිපාල කියන හාදය කියල.. හරි අපි දැං (නිකමට මේ කියන්නෙ හරිය??) සිරිපාලයව කපල බලමු.. නැත්තං උගෙ බල්ලව.. මිනිස්සුන්ගෙ, සත්තුන්ගෙ ඇඟවල් ෆට්ටම සංකීර්ණයි, අර බම්බුවෙ ඔරලෝසුව නෙමෙයි මිනිස්සු අද කාලෙ හදල තියෙන සිරාම මැෂිමක්වත් අහලකින් තියන්ඩ බෑ.. ඉතිං ඔරලෝසුව අහම්බෙන් හැදෙන්ඩ බැරි නං, මිනිස්සු සත්තු ලොවෙත් අහංබෙන් හැදෙන්ඩ බෑනෙ ළමයි.. හදපු කෙනෙක් ඉන්ඩ ඕනෙ.. ඒකට පේලි උන්නැහේ කියනව "හරි එහෙනම්.. සිරිපාලය ඔරලෝසුව හැදුව වාගෙ, මේ ලෝකෙ ඇති තරමක් සත්තු, ගහකොළ හැදුවෙ දෙයියො තමයි"..

          සත්තු ගහකොළ, දෙයියො මැවුව නෙමෙයිය (මැවුවත් එක සැරේ මැවුව නම් නෙමෙයිය ) සරල අවස්තාවෙ ඉඳං කාලයක් තිස්සෙ ජුන්ඩ ජුන්ඩ සංකීර්ණ වුණාය කියන එක සාක්ෂි බර ගානක් ඇතුව ඩාවිං උන්නැහෙ පෙන්නල දීපු හැටි අපි කලිං පෝස්ට් එකේ කිව්වනෙ ළමයි.. ලෝකෙ පුරා විද්‍යාඥ ගොල්ලො පිළිගන්නෙ ඕක තමයි.. ඒත් මචංල, ආගමික හරි වෙන ඇන්නෑවෙ හේතු හින්ද ඕක දිරවගන්ඩ බැරි උන්නාන්සෙල ටික කොහෙං හරි කොනක් අල්ලගෙන ඕක නැහැයි කියන්ඩ ලොවෙත් නැති තියරි දානව.. එකක් තමයි අර "අහම්බෙං හැදෙන" කතාව.. උං ඉතිං ලොවෙත් නැති ගණං හදල පෙන්නනව හැම ස්ටෙප් එකම අහම්බෙං උණා නම් පරිණාමෙ වෙන්ඩ ලෝකෙ වයස වාගෙ සිය දාස් ගුණයක් කල් යනව, ඒ හින්ද පරිණාමෙ සිද්ද උණත් නැතත්, ඒක අහම්බෙන් උණා නම් වෙන්ඩ බෑ, දෙයියො කියන එකා මැද ඉඳගෙන පරිණාමය කෙරෙව්ව මිසක්කං කියල.. ඇත්තටම කිව්වොත් යැංකිද්වීපෙ පරිණාමෙ විශ්වාස කරන උන් ගොඩක් ගාණක් විස්වාස කොරන්නෙ ඔය වර්ෂන් එක තමයි..

          කොහොමෙං හරි ඉතිං අපේ ඩෝකින්ස් උන්නැහේ දෙයියන්ගෙ "දෙ"යන්නවත් විස්සාස කරනෙ නැති සිරා ඩයල් එකක් ඕන්.. දෙයියො ඉන්නවද නැද්ද කියන කයිකතන්දරේ අපි දැනට ඉතුරුකොරගමුකො අයිබොං.. දෙයියො ඉන්නවමයි කියන්ඩ ගිහින් කෂ්ටිය අම්බානක් කෙළෝගන්න හැටි "දේවවාදින්ගේ ඉල්ලං කෑම සහ නෑම" කියන එකේ මම කිවුවනෙ.. එහෙව් එකේ මොකටෙයි ඕව ගැන වැඩිපුර දොඩවන්ඩ ගොහින් නිකම් බ්ලාස්ෆෙමි චාර්ජස් දාගන්නෙ?? ඩෝකින්ස් උන්නැහේ දෙයියො ගැන හිතන දේ උන්දැගෙ "ගොඩ් ඩිලූෂන්" පොතෙං බලාගතහැකි අයිබොං..

          අඩෝහ්.. ආයිත් අපි අලයි ගෝවයි ජුන්ඩක් ටපලෝගෙන වගෙයි.. ඩෝකින්ස් කාරය දෙයියො ගැන කියන බයිලාව නෙමෙයි අයිබොං මම පරස්තූතෙ කොරගන්ඩ හිතුවෙ.. අයි.ඩී කාරයින්ටයි පරිණාමෙ අස්සට දෙයියො රිංගවන්ඩ ට්‍රයි කොරපු ගොතයො ටිකටයි පොර දීපු උත්තර මිසක්කං.. 

          ඉතිං ළමයි, අර පේලි ගොයියගෙ ගොන් තියරිය කුඩුපට්ටම් කොරන්ඩයි අළුතින් හතු පිපෙන්නැහෙ බෝවෙන අයි.ඩී කාරයින්ට උත්තර බඳින්ඩයි හිතාන ඩෝකින්ස් ලිව්වෙ නැතෑ පොතක්?? පොතේ නම "බ්ලයින්ඩ් වොච්මේකර්".. කඩ්ඩෙන් කිව්වොත් "ඇස්පේන්නැති සිරිපාලයා"..

          තඹුව ඒ පොත අකුරක් නෑර නං කියෝල නෑ බොෂ්, ආයි බොරු කියන්නෙ මොටද?.. ආයි ක්‍රෙඩිට් එක අප්ඩේට් උනාම ඊබේ වලිං ඕර්ඩර් කොරාන්ඩ තමා ඉන්නෙ.. කොහොමෙං හරි ඔය පොතේ ඩෝකින්ස් බේසිකලි ඩීල් කොරන්නෙ අර "අහම්බෙන් වෙන්ඩ බෑ" කියපු බයිලාව.. ඩෝකින්ස් මෙහෙම කියනවා..

          අච්චර සංකීර්ණ ඇඟක් කෑලි බෑලි අහම්බෙන් සෙට් වෙලා දඩාං ගාල හැදෙන්ඩ බැරි බව නං ඇත්ත.. ඒත් ඒකට උත්තරේ දෙයියො මැවුව කියන එක නෙමෙයි.. මොකෑ දෙයියො මැවුවය කියනව නං එක අතකට දෙයියො කියන්නෙ කවුද, මොනවගේ ඩයල් එකක් ද කියල විස්තර කරන්ඩ වෙනව.. දෙයියො සිරිපාලයව මැවුවෙ කොහොමද, මොනවයින්ද, කියල හොයන්ඩත් වෙනව.. ඒ හැම එකටම "දන්නැහ්හ්" කියල ශේප් වෙලා, ඒ කොයිහැටි වෙතත් මැවුවමයි කියන එක ළමයි විද්‍යාව නෙමෙයි.. ඒක ආගම හරි වෙන මොකක් හරි වෙන්ඩ ඇති..
අනික් අතට දේවවාදියොයි අයි.ඩී සෙට් එකයි පරිණාමෙ ගැන දොඩවන්නෙ ඇත්තටම ඒ ගැන දන්න මගුලක් නැතුව.. පරිණාමෙ කාලයක් තිස්සෙ ඩිංග ඩිංග වෙන බව ඇත්ත ළමයි.. ඒත් මුළු සීන් එකම වෙන්නෙ අහම්බෙන්ය කියල උන් කියන එක පල් බොරුවක්.. පරිණාමෙ වෙන මෙකනිසම් එක ටක්කෙටම දන්නැතුවට තේරෙන බාසාවෙන් කිව්වොත් වෙන්නෙ මෙච්චරයි.. ජාන වල විකුර්ති ඇති වෙනව.. ඒ වෙන්නෙ නං ලොවෙත් අහම්බෙං තමයි.. ඊළඟට කොයි ජානෙ කොයි විකුර්තිය ඇති වෙයිද කියල මෙලෝ පුතයෙකුට වර්ක් අවුට් කරගන්ඩ බෑ.. ඒවගේම තමයි ළමයි, ජානෙක "හොඳ විකුර්තියක්" ඇති වෙන එක ලොවෙත් කලාතුරකිං තමා වෙන්නෙ.. ඒ වගේම ඒක වෙන්නෙ ෆට්ටම අහම්බෙන්.. (එක හොඳ විකුර්තියක් ඇති වෙද්දි මිලියන ගනන් චා විකුර්ති ඇති වෙලා සත්තුන්ට තාප්පෙටම කෙල වෙලා යනව.. ගොඩක් එහ්ම උන් ඉපදෙනකල්වත් ඉන්නෙ නැති හින්ද උන්ව අපිට පේන්නෙ ලොවෙත් අඩුවෙන්).. හැබැයි පුතෝ, හොඳ විකුර්තිය බැරි වෙලාවත් ඇතිවුණොත්, ඇතිවෙච්චි එකා අනික් උන්ට වඩා පරිසරේ ඉතුරු වෙනව.. උගෙ පරපුර අනික් උන්ට වඩා බෝ වෙනව.. ඒ හින්ඳ "හොඳ විකුර්තිය" ආවට පස්සෙ ආයි ආපහු ඒම් බොරු.. ඉතිං ළමයි, අවුරුදු ප්‍රකෝටි ගාණක් තිස්සෙ "හොඳ විකුර්ති" ඩිංග ඩිංග එකතු වෙන එකෙන් සත්තු ඩිංන්ග ඩිංග කලින්ට වඩා සංකිර්ණ වෙන එක අහන්ඩ දෙයක් ද? ඉතිං ළමයි දැන් තේරෙනවනෙ, පරිණාමෙ "හොඳ පැත්තට" සිද්ද වෙන්නෙ අහම්බෙන් නෙමෙයි.. "හොඳ" එවුන් වැඩිපුර ඉතුරු වෙන හින්ද.. ඕකට ආයි දෙයියෙක් හරි උගෙ මැජික් අරිෂ්ටෙ හරි ඕන යැ??

          ඕක පෙන්නන්ඩ ඩෝකින්ස් ගොයිය ජොලි වැඩක් කොරනව.. පොර යනව බැංකුවක සේප්පුවක් කඩන්ඩ (කියෝන උන් ගොහින් රෑ ජාමෙ බැංකු ඇතුළෙ ඉඳල මාට්ටු උනොත් එහෙම වගකියන්නෑ හරිය? ).. හිතන්ඩ ඉලක්ක්කං අටක් තියෙන සේප්පුවක්.. ඕනෙ හරකෙකුට (අයි.ඩී කාරයෙක් උනත් නැතත් ), ගණං හදල කිවුවැහැකි ඇතුලෙ තියෙන පවුම් කෝටියට විදින්ඩ නං ඩෝකින්ස් ඉලක්කං අටම හරියට දාන්ඩ ඕනෙ.. ඌ දන්නැත්තං හරි ඉලක්කං, උට සේප්පුව ඇරගන්ඩ චාන්ස් එක කෝටි දහයෙං එකයි.. ඒත් ඩෝකින්ස් කියනව ළමයි, පරිණාමෙ ඔහොම සේප්පුවක් නෙමෙයිය කියල.. දැං හිතන්ඩ ළමයි ඩෝකින්ස් පළවෙනි ඉලක්කම හරියට දැම්මොත් පවුං කෝටියම නැතත් සේප්පුව යංතං ඇරිල එක පවුමක් එළියට එනව කියල.. පොර ඊට පස්සෙ පළවෙනි හරි ඉලක්කම දන්නව.. ඇන්නෑවටෙයි ආයි ඒක වැරදි එකට ටියුන් කොරගන්නෙ?? පොර ඊට පස්සෙ කොරන්නෙ ඒක එහෙම්මම තියාන දෙවෙනි ඉලක්කම කරකෝන එක.. හිතහං ඒක හරියට ආවොත් සේප්පුව ආයි ටිකක් ඇරිල පවුං දහයක් විසික්ක වෙනව කියල..  දැං ඌ දෙවෙනි හරි ඉලක්කමත් දන්නව.. ඔහොම ගියොත් ළමයි, වැඩිකල් නොගිහින්ම ඩෝකින්ස් පවුං කෝටියට තට්ටු කොරනව.. දහකෝටි පාරක් ඉලක්කම් ඔබ ඔබ තටමන්ඩ ඕන්නෑ.. හොඳ විකුර්ති ඉතුරු වෙවී ස්වභාවික වරණෙ වෙන්නෙත් ඔන්න ඔහොමයි කියල කියද්දිම මැනේජර් ඇවිත් ඩෝකින්ස්ව බැංකුවෙන් එළියට දානව අයිබොං..

          ෂරි ෂරි.. ඉතිං ඕන් අපි බැලුව ඩෝකින්ස් කොහොමෙයි අයි.ඩී කාරයින්ගෙ තං ගොර්ක බිඳ හෙළල ස්වභාවික වරණෙං පරිණාමෙ වෙන්ඩ පුළුවං කියන එක පෙන්නුවෙ කියල.. හැබැයි බොෂ් ජුන්න්ඬි පුරස්නෙකුත් නැතුව නෙමෙයි.. පුරස්නයක් කිවුවට මචං ඒක ඇත්තටම බැලුවොත් වචන වල පුරස්නයක් තමයි.. ඒත් පරිණාමික ජීව විද්යාවෙ පොඩ්ඩක් දුරට යද්දි දැවෙන පුරස්නයක් වෙන සීන් එකක්..

          ස්වභාවික වරණෙන් වඩා ගැලපෙන දේ තෝරගන්නව කියල අපි දන්නව.. ඒත් එහෙම තෝරගන්නෙ කාවද? කොයි ලෙවල් එකේද? දැන් හිතහං බලන්ඩ, එක පළාතක මුවොයි ගෝන්නුයි ඉන්නව කියල..මුවන්ට වඩා ගෝන්නු හයියෙං දුවනව කියල.. කාලයක් යද්දි මුවන්ට වඩා ගෝන්නු වැඩි වෙන එක අහන්ඩ දෙයක් නෙමෙයි, මොකද හයියෙන් දුවන හින්ද සිංහයින්ට ගෝන්නුංව කන්ඩ අමාරුයි.. එතන වෙන්නෙ මුව විශේෂෙට වඩා ගෝන විශේෂෙ සුදුසු හින්ද සොබාවිකව ඒක තෝරගන්න එක.. දැන් හිතන්ඩ ඒ මුවෝ සෙට් එක ගැන.. එච්චර හයියෙං දුවන්නැති හින්ද උං එකසිය ගාණට දඩයං වෙනව.. ඒ මුවන්ගෙ සමහර උන්ට වඩා අනික් උන්ගෙ කකුල් දිගයි.. ආයි අමුතුවෙං කියන්ඩ ඕනැන්නෙ නෑ කකුල් දිග උන් හයියෙන් දුවන හින්ද කකුල් කොට උන් තරං උන් දඩයං වෙන්නෙ නෑ, ඒ හින්ද කකුල් දිග උන් ඉතුරු වෙනව කියන එක..

          එතකොට ළමයි ඔය සීන් එකේදි සොබාවික වරනෙ වෙන්නෙ එක් එක් සතාට.. ෆිට් සතා තමා ඉතුරු වෙන්නෙ.. ෆිට් නැති එකා කම්බස් වෙනව..

          ඉතිං මචංල, ඔන්න ඔහොම පරිණාමෙ පිළිගත්තට සොබාවික වරනෙ දිහා කොයි ලෙවල් එකෙන්ද බලන්ඩ ඕනෙ කියන එක අතර විද්යාඥඥගොල්ලො අතරෙ පොඩි ඩිබේට් එකක් තියෙනව අයිබොං.. එක සිද්දියකට නං ලොකු අවුලක් නෑ ළමයි, ඒත් අවුල තියෙන්නෙ අවුරුදු මිලියන ගානක් තිස්සෙ ඉස්සරහට යන්ඩ සොලිඩ් බේසිස් එකක් තියෙන්ඩ ඕනෙ කියන එක.. සමහරු කියනව ලොකු කණ්ඩායම් අතරින් සිරාම කණ්ඩායම හෝල්සේල් තෝරගෙන තමයි පරිණාමෙ ඉස්සරහට යන්නෙ කියල.. සමහරු කියනව ඒක වෙන්ඩ බෑ එක එක සතාව තමයි තෝරගන්නෙ කියල..

          ඔය ඩිබේට් එක ඔහොම පත්තු වීගෙන යද්දි තමයි ඩෝකින්ස් ගොයිය ලොවෙත් නැති තියරියක් ගෙනාවෙ.. ඒකට පොර පාවිච්චි කොලේ අපි කියපු ජීනව තමයි..

          ජීන කියන්නෙ ළමයි කඩ්ඩෙන් "ජානය කියන එකටනෙ".. සොබාවික වරණෙ වෙන්නෙ කණ්ඩායමටත් නෙමෙයි සතාටත් නෙමෙයි ජීනට කියල තමයි උන්නැහේ කිවුවෙ..
ඕක පෙන්නන්ඩ උන්නැහේ ලියපු පොත තමයි ළමයි "සෙල්ෆිෂ් ජීන්" කියල කියන්නෙ..

          ජීනව සොබාවික වරණෙං තේරෙනව කිව්වහම ටිකක් මඤ්ඤං වගේ නේද? කාරි නෑ.. අපි හුද්ද හිංගලෙන් පැහැදිළි කොරගමුකො මේන් මෙහෙම..

          මිනිස්සුංගෙ, සත්තුංගෙ ගහකොළ වල ඇඟේ මේ "ජාන" කියන ජාතිය තියෙනව ළමයි.. ඕව තියෙන්නෙ හැම සයිලෙකම මැද තියෙන න්‍යෂ්ටිය කියන අටමගලෙනෙ.. ඔවුව තියෙන්නෙ ළමයි, ෆට්ට දිග නූල් හැටියට, එහෙම නූල් අර සයිලෙ ඇතුළෙ එතිල එතිල තියෙනව.. ඒ දිග නූල් වලට තමා අයිබොං ඩී.එන්.ඒ කියන්නෙ.. අහල ඇතිනෙ, කොල්ල තාත්තගෙ ද කියල ෂුවර් නැතුවහම අර අම්මට හොරෙං කොල්ලව එක්ක ගිහිං චැක් කොර ගන්නෙ.. ආං ඒ ඩී.එන්.ඒ තමා ඉතිං.. මනුස්සයෙක්ගෙ එක සයිලෙක තියෙන ඩි.එන්.ඒ නූල් ටිකේ විතරක් දිග මීටර් දෙකයිළු.. එහෙම සයිලත් ඇඟේ නැතෑ ප්‍රකෝටි ගාණක්.. අම්මට උඩු.. එකෙක්ගෙ විතරක් ඩී.එන්.ඒ ඇති මං හිතන්නෙ ප්ලූටෝ වලට යනකං තංගුස් නූලක් ඔතන්ඩ..
න්‍යෂ්ටිය(Nucleus) වර්ණදේහය(Chromosome) ඩී.එන්.ඒ අණුව සහ ජානය(Gene)

          හරි හරි.. දැන් හිතහංකො ඔය ෆට්ට දිග නූල් කෑලි වල ජුන්ඩි ජුන්ඩි ඒරියා වෙං වෙලා තියෙනව එක එක වැඩේට.. ඒ ජුන්ඩි කෑල්ලකට තමයි ළමයි ජානෙ කියන්නෙ.. ජානෙං කොරන්නෙ ප්‍රෝටීන් හදන එක.. එක ජානෙකිං එක ප්‍රෝටීං එකක් හදනව කියල ගමුකො.. ඒ ප්‍රෝටීං හින්ද තමයි ඇඟේ තියෙන හැම මගුලක්ම වෙනස් වෙන්නෙ.. බුවා උස ද මිටි ද, හම මොන පාට ද, කොණ්ඩෙ මොන පාට ද, හැම ලබ්බම..

          දැන් හිතන්ඩ, මෙහෙම සීන් එකක් වෙනව.. මං කිව්වන්නෙ ජාන කියන්නෙ අර ඩී.එන්.ඒ කියපු ලොකු නූලෙ කෑලි කියල.. සත්තුංගෙ, ගහකොළ වල එක සයිලෙයක් ගත්තොත් ඕකෙ එක වගේ නූල් එකක් නෙමෙයි අයිබොං, දෙකක් තියෙනව (ඔය එක නූලකට තමා මචං වර්ණදේහෙ කියන්නෙ ).. එහෙම නූල් දෙකේ සෙට් ඕනෙම ගානක් සයිලෙ අතුලෙ තිබ්බැහැකිනෙ.. මිනිහගෙ නං තියෙන්නෙ සෙට් විසිතුනයි.. නූල් 46යි.. ඉතිං ළමයි අර එක වගේ නූල් දෙකක් ගත්තොත් ඒ දෙකේ එකම ඒරියා වල තියෙන්නෙ එකම ජාන.. හිතහං එක නූලක මැද ඉඳං යංකිසි දුරක තියෙනව කියල හම කළු කොරන ප්‍රෝටීං එකක් හදන ජානයක්.. ඒ වගේම අනික් නූලෙ තියෙන ජානෙං කොරන්නෙ හම එක්කො සුදු කොරන එක හරි මොකක් හරි..

ස්වභාවික වරණය දුඹුරු කුරුමිණියන් තෝරා ගනියි
          දැං ළමයි, ලොවෙත් සිම්පල් සීන් එකක් තමයි වෙන්නෙ.. අපි අර මුවංගෙ සීන් එකම ගමුකො ආයෙත්.. කකුල් කොට මුවන්ගෙ එහෙම වෙලා තියෙන්නෙ එක ජානෙකිං, දිග උංගෙ දිග වෙලා තියෙන්නෙ ඊට විරුද්ද ජානෙං කියමුකො ලේසියට.. දැං සිංහය මුවොංව මරන්ඩ පනිනව... කකුල් දිග එවුන් හයියෙං දුවල බේරෙනේව.. කොට එවුන්ට සිංහයගෙ බඩ ඇතුළෙ නිමාඩුවක් හම්බෙනව.. ඊට පෂ්ෂෙ මොකෑ වෙන්නෙ.. පැටවු ගහන්නෙ ළමයි ඉතුරු වෙච්චි උං නෙ.. ඉතුරු වෙච්චි උංගෙ තිබ්බෙ කකුල් දිග කොරන ජානෙ උන්ගෙ පැටවුන්ටත් යනව.. කකුල් දිග උන් ඉතුරු වෙච්චි හින්ද ඊළංග පරම්පරාවෙත් කකුල් දිග උන් වැඩියි.. (ඒ කියන්නෙ කකුල් දිග කොරන ජානෙත් වැඩියි ).. කොට උන් මැරිච්චි හින්ද ඊළඟ පරම්පරාවෙ කොට උන් අඩුයි.. ඒ කියන්නෙ ළමයි, සොබාවික වරණෙං තෙඔරල තියෙන්නෙ වෙන කාවවත් නෙමෙයි.. කකුල් දිග කොරන ජානෙ.. අයිං කොරල තියෙන්නෙ කකුල් කොට කොරන ජානෙ.. තමුංගෙ අයිතිකාරයව ඉතුරු කොරගන්ඩ පුළුවං ජාන ටික බේරිලා ඊළඟ පරම්පරාවට යනව.. තමුන්ගෙ අයිතිකාරයට කෙළ කරන ජාන වලට තාප්පෙටම කෙළ වෙනව..

          ඉතිං ළමයි ඔහොම කාලාන්තරයක් තිස්සෙ යද්දි හොඳ ජාන එකතු වෙලා, නරක ජාන වලට කෙල වෙලා, කලිං හිටියට වඩා ලොවෙත් සංකීර්ණ සත්තු හැදෙන්ඩ බැරි ද?   


          ෂරි.. ඒත් මචං ඩෝකින්ස් උන්නැහේ ඔතනිං නවතින්නෙ නෑ.. ඊට පස්සෙ පොර ගේන තියරිය නං ලොවෙත් නෑ.. පොර කියනව, අපි හැදිල ඉන්නෙ වෙන අහවල් කෙංගෙඩියක් හින්ද නෙමෙයි, අපේ ජාන වලට ඕනෙ හින්ද කියල.. කොටිංම අපි නිකං මැශින් ටිකක් විතරයි කියල.. අපිව හදල තියෙන්නෙ අපේ ජාන.. වෙන මොකටවත් නෙමෙයි උංවම බෝ කොරන්ඩ.. හරිනෙ ළමයි.. අපෙයි සත්තුංගෙයි හැමෝගෙම ඇඟවල් හැදිල තියෙන්නෙ, උං වැඩ කොරන්නෙ, තමුංගෙ ඇතුළෙ තියෙන ජාන ටික බෝ කොරගන්ඩනෙ අයිබොං.. කුරුල්ල උගෙ පැටවුන්ට කෑම කවන්නෙ වෙන මගුලක් හින්ද නෙමෙයි.. කුරුල්ලගෙ ඇඟේ තියෙන ජාන වලිං ඌව ඩිසයින් කොරල තියෙන්නෙ තමන්ට නැතත් පැටියන්ට කෑම කවොවන්ඩ.. මොකෑ එහෙම කැවුවෙ නැත්තං පැටවු ටික මැලෙනව.. පැටවුන්ටත් ගොඩක් දුරට තියෙන්නෙ අරූගෙ ජානම නෙ අයිබොං.. 


ඉතිං කුරුල්ලව තමුංගෙ පැටවුන්ට කවොවන්න්නැතුව ඉන්ඩ පොළඹෝන ජාන ටික වඳ වෙලා යනව, මොකද ඒ ජාන තියෙන කුරුල්ලංගෙ පැටවු මැරෙන හින්ද.. කවොවන්ඩ ජාන තියෙන කුරුල්ලන්ගෙ පැටවු ඉතුරු වෙන හින්ද කවෝන ජානෙත් ඉතුරු වෙනව.. එහෙම වෙලා වෙලා ඇවිත් තමයි දැං ඉන්න හැම කුරුල්ලම වාගෙ පැටියන්ට කවොවන්නෙ.. ඔය විදිහට පැටියන්ට කවෝන එකේ ඉඳල අනික් උන්ගෙ කූඩු වල බිත්තර දාන, රැහේ එකෙක් වතුරෙ ගිලෙන්ඩ ගියහම බේර ගන්න යන එක, සමහර වෙලාවට තමුංගෙම පැටියව කාල හරි මරල හරි දාන එක වගේ සත්තු කොරන හැම ලට්ට ලොට්ටයක්ම පොරගෙ "ජීන් තියරි"යෙන් ඇක්ස්ප්ලේන් කොරන්ට පුළුවං කියලයි ඩෝකින්ස් ගොයිය කියන්නෙ.. ළමයි බමයි හැදුවට පෂ්ෂෙ වයසට ගොහිං මැරෙන එක හිටං.. ලොවි ගහෙත් නෑ නේද?

          ඔන්න ඔහොම තමයි ළමයි ජාන වලට සොබාවික වරණෙ වෙන්නෙ.. සොබාවික වරණෙ වෙන්නෙ කාලාන්තරයක් පවතින, තමංවම බෝකොරගන්ඩ පුළුවං මගුල් වලට විතරයි.. (ජාන කියන ජාතියත් කාලාන්තරයක් තියෙනව අයිබොං, මොකෑ ජානෙ තියෙන සතා මළාට, ඌ පැටවුන්ට ජානෙ කොපියක් දීලනෙ මැරෙන්නෙ.. අපේ ඇඟේ තියෙන ජාන හද්ද පරණයි ).. තමුංවම බෝ කොරගන්ඩ පුළුවන් රසායනික කෙමිකල්ස් මුලිම්ම ලෝකෙ හැදිල ඒකෙන් ජීවින් හැදුනෙ කොහොමද කියන එකත් පොර කියනව.. හරි.. එච්චර දුරට යන්ට ඕනැන්නෙ නෑ..    

          හරි.. අපි දැං ඔය කතා කොළේ ලමයි, මාතලානෙ ජීන් නැන්දා නොහොත් ජානය ගැනනෙ.. එතකොට උන්දැගෙ මීම කොහොමද සීන් එකට එන්ටර් වෙන්නෙ?

          මෙන්න මෙහෙමයි.. "හොඳ" ජාන ඩිංග ඩිංග එකතු වෙවී සංකීර්ණ වෙලානෙ මිනිහ හැදෙන්ඩ ඇත්තෙ.... හැබැයි එකක් තියෙන්නෙ මිනිහගෙ (අබ ඇටයක් සයිස් ) ඔළු ගෙඩිය ආවට පස්සෙ, ඒ ගෙඩිය ඇතුළෙ වෙනම සීන් එකක් වෙන්ඩ ගත්ත.. මිනිස්සු මොළේ පාවිච්චි කොරල එක එක ලබ්බවල් කොළා විතරක් නෙමෙයි, ඒව කොරන හැටි අනික් අයටත් පෙන්නන්ඩ ගත්ත.. නැත්තං කතා කොරල, හරි පස්සෙ කාලෙ ලියල හරි, කොම්පීතරේට දාල හරි, තමං දන්න අටමගල අනික් උන්ගෙ ඔළුවලටත් යවන්ඩ ට්‍රයි කොරා.. අපි හැම එකෙක්ම අයිබොං කොරන්නෙ අනික් උන් කියල දෙන ලබ්බවල් වලිං ඔළුව පුරෝගන්න එක නොවැ.. එහෙම පුරෝගත්තු ඒව අපිත් ජුන්ඩක් වෙනස් කොරල වෙන එවුන්ගෙ ඔළු වලට ෆිල් කොරන්ඩ යනව.. ඕකනෙ සීන් එක.. එක මිනිහෙක්ගෙ එක වෙලාවක ඔළුවෙ තියෙන ලට්ට ලොට්ට ටික ඔක්කොම එකතු කොළාම ඒකට තමයි ඒ මිනිහගෙ සඟිස්කුරුතෙ කියල කියන්නෙ..

කලා කෘති, ග්‍රන්ථ, ආගම්, විශ්වාස,
කුසලතා ආදිය මීම ලෙස සැලකිය හැකිය
          ඉතිං "මීම" එන්නෙ කොතෙන්ටද? ඉතිං අපි හැමෝම අනුන්ගෙ ලට්ටලොට්ට ඔළුවල වගා කොරගෙන අනික් උන්ටත් බෙදනව නං ඒ ලට්ටලොට්ටත් ළමයි ජාන වගේම තමංවම කොපි කර කර යන සෙට් එකක් කියන්ඩ පුළුවන් නෙ.. ආං එව්වට තමයි ළමයි ඩෝකින්ස් උන්නැහී "මීමයක්" කියල කිවුවෙ.. දැං හිතහං, ඩ්‍රයිවිං කියන්නෙ එක මීමයක්.. ඒක ඉගෙනගන්ඩ පුළුවං, අනික් උන්ට කියල දෙන්ඩත් පුළුවං.. මැහුම්ගෙතුම් කොරන එකත් එක "මීමයක්" කියල ගන්ඩ පුළුවං.. ආගම කියන්නෙත් ළමයි බෝ වෙන ලෙඩක්නෙ ඔය වගේ.. ඒ හින්ද හැම ආගමකම ඕන්නම් "මීම" කියල ගන්ඩ පුළුවං.. (හැම ආගමේම හරක් ඉන්නෙ කියල එහෙම කිව්වෙ නෑ ඕං.. නඩු දානව එහෙම නෙමෙයි )..
හරි.. කලිං උදාහරණෙං අපි බැලුව හැම ජානෙම ඉතුරු වෙන්නෑ කියල.. ඉතුරු වෙන්ඩ නං ඒ ජානෙ පරිසරේට ගැලපෙන්ඩ ඕනෙ.. සිංහයො කරක්ගහන කැලේක මුවන්ගෙ කකුල් කොට කොරන ජානෙ වඳ වෙලා යාන්ව.. අනික් එක තමයි ළමයි ජාන එක එකට ගැලපෙන්ඩත් ඕනෙ.. දැං හිතහං මුවාගෙ කෑම දිරවන්ඩ ජාන ජාති දෙකක් තියෙනව කියල.. එකකිං කොළ ජාති දිරෝනව.. අනිකෙං මස් ජාති දිරොවන්නෙ.. මුවාගෙ අනික් ජාන මුවාව හදන්නෙ කොළ කන්ඩනෙ ළමයි.. මස් කන්ඩ නෙමෙයිනෙ.. ඉතිං එතකොට කොළ කන මුවාගෙ මස් දිරෝන ජානෙ තිබ්බොත් කෙළිය තාප්පෙටම.. ඒ මුවා මැරෙනව.. ජානෙත් වඳ වෙලා යනව.. ඒ කියන්නෙ ළමයි ජානයක් ඉතුරු වෙන්ඩ නං ඒ ජානෙ, සතාට ෆුල් සප් එකක් දෙන්ඩ ඕනෙ.. ඒ වගේම උගෙ ඇඟේ තියෙන අනික් ජාන වලට ගැපලෙන්ඩත් ඕනෙ..

          ඉතිං ළමයි, ඔය සීන් එක මීම වලටත් අදාලයි.. ඔළුවට දාගත්තු එකාට වැඩක් කොරල දෙන්නෙ නැති මීමෙ ඌ එක්කම වඳ වෙලා යනව.. හිතන්ඩ එක මීමයක් තියෙනව කියල හෙන ශෝක සින්දුවක්, ඇහුවහම මූඩ් ගහල ඉන්න එකක්.. එක්කො මූඩ් ගහපු එවුන් සුවිසයිඩ් කොරගෙන හරි, ෆුල් ෆන් එකේ ඉන්න බුවාල ටික ඒ සින්දුවට අකමැති වෙලා හරි ඒ සින්දුව (මීමය ) වඳ වෙලා යනව.. ඩ්‍රයිවින්, ටයිපින් වගේ මීම කල් අල්ලල තියෙන්නෙ ඒව ඔළුවට දාගත්තු එකාට යූස්ෆුල් හින්ද..
 
          මං කලිනුත් කිව්ව නේද ළමයි ඩෝකින්ස්ගෙ ආගම ගැන.. පොර ඉතිං කොසු ආගමිකයෙක් නොවැ, මේ මං වගේ.. පොරට ආගම කියන්නෙ නිකං හරියට ජලභීතිකාව හැදිච්චි බල්ලට මිදුලෙ ටැප් එක වගේ.. ඉතිං පොර කම්පනා කොරල කොරල අන්තිමේ වර්ක් අවුට් කොර ගත්ත ආගම කියන මීමෙ කොහොමද ලොවෙත් වැඩක් නැති බම්බුවක් වෙලත් ඔච්චර ඉතුරු වෙවී ලක්ෂ ගනන් කොපි වෙවී අළුත් උන්ගෙ ඔළු වලට යන්නෙ කියල.. මෙච්චරයි ළමයි සීන් එක.. මැරෙන්ඩ තියෙන බය.. ඕනෙ බය නැති පාතාලෙ චණ්ඩියෙක් හරි ෆේක්බුකියෙන් හැමෝගෙම්ම ගේම ඉල්ලන සිංහලරාවය කාරයෙක් හරි ගත්තත් ඔළු කට්ට ඇතුළෙ වරිං වර හොල්මක් කොරන හිතිවිල්ලක් අයින් කොරන්ඩ බෑනෙ අයිබොං.. ඉස්සෙල්ලම හිතෙනව "අඩොහ්, මං කවදහරි කූරිය ගහනව නේද?" කියල.. ඊට පෂ්ෂෙන් පහු හිතෙනව "අඩ්ඩොහ්, මලාට පෂ්ෂෙ ඔක්කෝම යිවරායි මොක්කද තමා කොරනවා?" කියල.. ඒක කම්පනා වෙලා බය හිතෙනව.. ගිල ගිල ඉන්න නාසිගුරාං උස්මුරුත්තෙට එනව.. "විලක් කොහේද ගෙම්බෙක් එතන" කිව්වැහෙ බය වෙච්චි එකාව බේරගන්ඩ එන්නෙ ආගම.. ආගම ඇවිල්ල ලවක් දෙවක් නැති බොරු දෙසාබානවා.. අහවල් එක හින්ද අහවල් එක වෙනව, අහවල් එකා අහවල් එකාගෙ සීය, හරි මොකක් හරි බයිලයක්.. 


හැබැයි ඔ කොයි බයිලෙ කිවුවත් අන්තිමට කිනව "අපි කියන විදිහට හිටහන් එතකොට මළාට පෂ්ෂෙ අපේ බොෂ් ඇවිත් උඹව බේර ගනියි" නැත්තම් "කර්මෙ කියන කොම්පීතරේ උඹ කොරන මගුල් ඔක්කොම අප්ඩේට් වෙනව, ලකුණු දාගන්න ඒව වැඩිය කොරොත් දිව්ය ලෝකෙ තමයි" කියල.. ඉතිං ආගම් මීමෙ ඔළුවට දාගත්තු මිනිහත් මොකෑ කොරන්නෙ? මැරෙනව කියන අයිඩියා එක ඔළුවට ආපු හැටියෙ "ආහ්, කමක් නෑ, ආයෙ ඉපදෙනව නැතෑ, මීමත් එහෙම කියනවනොවැ" කියල අධ්‍යාත්මික ආතල් එකක් ගන්නව.. ඉතිං ළමයි, ඒවගේ මීමෙක් ඉතුරුවෙන්නැතුව හිටියොත් තමයි පුදුමෙ..  





Tuesday, November 8, 2011

අයි.ඩී.. මෙහාටත් එයිද? ආවොත් මොකෑ කොරන්නෙ?

මාතෘකාව මේ ජාතියේ අයි.ඩී ගැන නොවේ..
           ඔය පින්තූරෙ දාල තියෙන අටමගල අමුතුවෙන් තෝරල දෙන්ඩ ඕනෙ නෑනෙ මචන්ල.. හැඳුණුම්පත කියන පොෂ් කඩු වචනෙන් හැඳින්වෙන, වෙන්ඩ පොෂ් එවුන් අයිඩෙන්ටිය, අයිඩිං කාඩ් එක කියල යන්තම් ජාමෙ බේර ගන්න, ඒ වුණාට නියම හෙළ බාසාවෙන් කතා කොරද්දි අයි.ඩී කියල කියන ලැමිනේට් කොරපු කොළ කෑල්ල දැකල නැති පුතයෙක් ඉන්නව නම් ඌ ලංකාවෙ නාසිගුරාන් කාපු එකෙක් වෙන්ඩ බෑනෙ බොලවු.. ඕක දෙන්නෙ පුද්ගලයන් ලියාපදිංචි කිරීමෙ දෙපාර්තමේන්තුව කියන රාජ්‍ය හොර ගුහාවෙන්නෙ ළමයි.. කොල්ලෙක් නම් බෙල්ලෙ තියෙන ඇඩම්ගෙ ඇපල් ගෙඩිය යන්තම් කැඩීගෙන එනකොට ගිරාම සේවක උන්නාන්සෙ ළඟට ගොහින් කොළ කෑල්ලක් පුරොවන්ඩ ඕනෙ.. උන්නාන්සෙ අර හොර ගුහාවට ගිහින් ඒකෙ ඉන්න ඈයින්ට නොවඳිනා වැඳුම වැඳල (පගාව එහෙම නොදී හරිය?) ඉක්මන් කොරෝගත්තෙ නැත්තං අවුරුද්දක් විතර බලං ඉඳල තමයො ඕන් ගන්ඩ වෙන්නෙ.. ඔයාකාර ලියාපදිංචි නැති එකෙක් ඉන්නව නම් ආණ්ඩුව ගානෙ නොමිලේ මරල දෙනව මයෙ හිතේ.. හැබැයි ඉතින් ඔයාකාර කොළ කෑලි අච්චු ගහන්නෙ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි අයිබොං.. සසිරිබර මෙසිරිලක තියෙන හැටහුටහමාරක් කොම්පැනි, ඇන්ජීඕ, 20 විජ්ජාල වලිනුත් දෙනව ඔය අයි.ඩී කොල කෑලි ඒවයෙ වහල් සේවෙට කැප කරපු උන්ගෙ බෙල්ලෙ එල්ලන් ඉන්ඩ.. හැබැයි ආණ්ඩුවෙ ඒවයෙ වගේ නෙමෙයි ගොඩක් ප්‍රයිවේට් අයිඩී තහඩු වල අකුරු කොටල තියෙන්නෙ සිංහලෙන්.. (ආණ්ඩුවෙ එකේ ඉතින් කඩ්ඩෙන්නෙ, ඕක කවුද නොදන්නෙ? ඒක නොවැ පිටරට වල උන් තඹේකට මායිම් කොරන්නෙ නැත්තෙ ආණ්ඩුවෙ අයි.ඩී කාර්ඩ් එක.. පිටරටවල වැඩ හිංගලෙන්නෙ අයිබොං, අපිට මේ බම්බුවෙ කඩු පික්ෂුවක් තිබ්බට ).. ඉතින් චෙක් පොයින්ට් පොජ්ජකදි අර කොම්පැනි අයිඩී එකක් එහෙම මුලිච්චි කරොත් පොලිස් වීරයාණන්වහන්සෙලගෙන් අම්බානකට නොමිලේ අහ ගතහැකි..


          හැබැයි ළමයි මම කතා කොරන්ඩ යන්නෙ ඔය අයි.ඩී ගැන නම් නෙමෙයි.. මං කියන්ඩ යන අයි.ඩී එක කොළ කෑල්ලකට වඩා පොඩි සීන් එකක් තියෙනව.. කොටින්ම ඒකෙන් කතා කොරන්නෙ ලෝකෙ ඉන්න මිනිස්සු, සත්තු ගහකොළ හැදිච්චි හැටි ගැන.. හැබැයි ඉතින් ඔය අයි.ඩී ජාති දෙකටම පොදු එක දෙයක් නම් තියෙනව.. දෙකම ලොවෙත් ගොන් පාර්ට්.. එක අයි.ඩී ජාතියක් හදල තියෙන්නෙ මුනිෂි ගිහිං ලොක්කන්ට බෝම්බ ගශයි කියල බයේ මුනිෂි අඳුරගන්ඩ.. නැත්තං කොම්පැනි වල වාල්කං කොරන උන්ට ඒ වෙලාවට පොඩි ප්‍රොෆෙෂනල් ආතල් එකක් දෙන්ඩ.. අනික් ජාතිය හදල තියෙන්නෙ එකසිය ගාණට දැන් බොරු වීගෙන යන ආගමික විස්වාසෙක විලිසංගෙ බේරගන්ඩ..


          හරි හරි.. වැඩේ අලයි ගෝවයි ටපලෝගන්නැතුව කෙළිම්ම බහිමුකො ටොපික් එකට.. අයි.ඩී කියල දික් කොරල තියෙන්නෙ "ඉන්ටෙලිජන්ට් ඩිසයින්" කියන කෙටි හෙළ වචනෙ.. කඩ්ඩෙන් කිව්වොත් "බුද්ධිමත් සැලැස්ම".. ඕන්නම් ඉස්සරහට බු.සැ කියමුකො.. ඒ කියන්නෙ මොකක් හරි ලබ්බක් ගත්තොත් ඒක මොළේ තියන ඩයල් එකක් අම්බානක් ප්ලෑන් කරල හදපු එකක් කියන කතාවනෙ මල්ලි.. දැන් හිතල බලන්ඩ ඔරලෝසුවක්.. ඕකෙ ඇතුළ ෆට්ට සංකීර්ණයි කියල අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ.. හැටහුටහමාරක් දැති රෝද.. එකකින් තප්පර කට්ට කරකෝනව.. අනිකෙන් විනාඩි කට්ට.. තව එකකින් පැය කට්ට.. ඒ අතරෙ තියෙන දැති රෝද වලින් අරව එකිනෙකට සම්බන්ද කොරනව.. බට්ටව පද්දන්ඩත් ඕනෙ.. දුන්නක් තියෙනව වයින් කොරන්ඩ ඒකෙ "වයින්" දවස් ගානක් තිස්සෙ ඩිංග ඩිංග රිලීස් වෙවී දැති රෝද කරකොවන්ඩ ඕනෙ.. පැය කාලෙන් කාලට ටං ටං ගාන්ඩ ඕනෙ.. තප්පර කට්ට හරියටම හැටක් ගියාම තමයි විනාඩි කට්ට එකක් යන්නෙ.. විනාඩි කට්ට හැටක් ගියහම පැය කට්ට යන්ඩ ඕනෙ.. ඔය එකක් හරි හැට වෙනුවට පනස් නමයෙන් ගියොත් ඔර්ලෝසුවෙ වෙලාව වැරදියි.. ඔර්ලෝසුවෙන් ලොවෙත් වැඩක් නෑ.. ආහ්.. ඒ විතරක් නම් මදෑ.. රස්නෙ කාලෙට ඕක ඇතුළෙ තියෙන යකඩ කෑලි දාහෙන් එකක් විතර දික් වුණොත් මුළු වැඩේම හබක්.. ඒ හැම එකම හරියට කම්පනා කොරල අවුරුදු ගනං හරියට වැඩ කොරන ඔරලෝසුවක් හදන එකා සිරා ඩයල් එකක් වෙන්ඩ එපායැ.. (ඔය මම කිව්වෙ එකදාස් හත්සිය ගනවල හදපු හද්ද පරණ ඇන්ටික් භාණ්ඩයක් ගැන.. අද කාලෙ තියෙන ඩිජිටල් ඔර්ලෝසුවක් හරි ඊටත් කොම්පියුටරයක් හරි ගත්තොත් නම් ඒක හදපු හැටි හදපු එකාටම ඇර වෙන මෙලෝ පුතයෙකුට වර්ක් අවුට් කරගන්ඩ බෑ.. එහෙම නේද?)..

          හරි.. ඔය ඔරලෝසුව හදපු "සිරා ඩයල් එක" අපි හිතමු ස්විට්සර්ලන්තෙ ඉන්නෙ කියල.. පොරගෙ නම සිරිපාල කියමුකො.. එතකොට බට්ට ඔරලෝසුව හැදුවෙ ස්විට්සර්ලන්තෙ සිරිපාල.. එතකොට සිරිපාලව හැදුවෙ අහවල් පුතයෙක්ද?


          ඔන්න ඔය සීන් එක තමයි අයිබොං අයි.ඩී (බු.සැ ) වලිං ඇඩ්‍රස් කොරන්නෙ.. සිරිපාලයගෙ ඇඟ කපල බැලුවොත් ඒක නං ලොවෙත් සංකීර්ණ භාණ්ඩයක් තමයි.. ඌ හදපු ඔර්ලෝසුව තියා දැං කාලෙ තියෙන කොම්පීටරයක්වත් අහලකින්වත් තියන්ඩ බෑ.. ඉතින් සිරිපාලයගෙ විතරක් නෙමෙයි සිරිපාලයගෙ බල්ලව කපල බැලුවත් ඔය සීන් එකම තමයි ළමයි.. ඕනෙම සතෙක්, ගහක් කොළක් කපල කොටල ඒකෙ ව්‍යුහෙ බැලුවොත් පුදුමෙ වැඩිකොමට හාර්ට් ඇටෑක් හැදෙන තරම් සංකීර්ණයි.. ඉතිං මෙච්චර සංකීර්ණ සත්තු හැදුනෙ කොහොමද?


          දැන් ඉතින් ඕගොල්ලො අහන්ඩ පුළුවන් "අපි කොහොමද ඇන්නෑවෙ සත්තු හැදිච්චි හැටි දන්නෙ?" කියල.. ඒකත් හරි බලන් යනකොට.. අපි කොහොමද ටක්කෙටම දන්නෙ? විද්‍යාව කියල එක බයිලෙකින් කියනව පරිණාමෙද මොකක්ද කෙහෙම්මලක් ගැන.. ආගං වල මැවීමක් ගැන දොඩෝනව.. තවත් එකක ආභස්සර බ්‍රහ්මලෝකෙන් තංගුස් ලණුවක් දිගේ සත්තු බැහැපු කතාවක් කියනව.. අයි.ඩී වල මුල් අදහස ආවෙ ඕක පැහැදිළි කොරන්ඩ තමයි.. මුලින්ම ඕක ගෙනාවෙ විලියම් පේලි කියල එන්ගලත්තෙ පාස්ටර් උන්නාන්සෙ කෙනෙක් එකදාස් අටසීයෙ විතර.. පොර ("පොර" කිව්වට තරහ ගන්ඩ කාරි නෑ ඕන්) කිව්ව මෙහෙම කතාවක්..


විලියම් පේලි
          දැන් හිතන්ඩ කාන්තාරෙක ඇවිදින මිනිහෙක් ගැන.. මිනිහට පේනව වැලි කඳු, ගල් එහෙම.. මිනිහ ගලක් අරං කපල බැලුවයි කියමුකො.. ලොකු ගල වගේම පොඩි ගලත් ඉතිං ගල්ම තමයි.. ගල හරිම සරලයි.. හැදිල තියෙන්නෙත් මෙලෝ පිළිවෙලකට හැඩේකට නෙමෙයි.. ඉතිං එහෙම සිම්පල් දෙයක් ඉබේ හැදුන වෙන්ඩ පුළුවන්.. ඒත් හිතන්ඩ පොරට අර කලින් කියපු සිරිපාලයගෙ ඔරලෝසුව විසික්ක කොරල දාල තිබිල හම්බෙනව කියල.. ඒක කපල බැලුවොත් නම් ලොවෙත් සරල නෑ.. විශේෂ හැඩයක් තියෙනව.. අකුරු / ඉලක්කං ලියල තියෙනව.. ඇතුළෙ අම්බානක් දැති රෝද, දුනු, යකඩ කෑලි පිළිවෙලකට තියෙනව.. හරිම සංකීර්ණයි.. හිතන්ඩ අච්චර සරල ගල නම් ඉබේම හැදුණ වෙන්ඩ පුළුවන්.. ඒත් ඔරලෝසුව? ඒක සංකීර්න වගේම ඒකට අරමුණකුත් තියෙනව (වෙලාව බලන එක ).. එහෙම භාණ්ඩයක් නම් ලොවෙත් නිකම්ම හැදුන වෙන්ඩ බෑ.. හදපු මිනිහෙක් ඉන්ඩ ඕනෙ.. (අපි ඉතින් දන්නවනෙ ඒ ඔරලෝසුව නම් හැදුවෙ සිරිපාලය කියල ).. ඒත් ඊටත් වඩා සංකීර්ණ සිරිපාලය? අනික් මිනිස්සු? සත්තු? උන්ව හදපු කෙනෙක් ඉන්නවද? හැදුවෙ කවුද


          හදපු කෙනෙක් නැතුව ඉබේ ඇති වුණා වෙන්ඩ නම් බෑ කියල පේලි උන්නැහැ මුලිම්ම කිව්ව.. ඊට පස්සෙ ඉතින් පොර කිව්වෙ දෙවියන්වහන්සෙ තමයි මිනිස්සු සත්තු හදල තියෙන්නෙ කියල.. අපි අමතක කරන්ඩ හොඳ නෑ පොරට තිබ්බෙ උත්තර දෙකයි කියල.. එකක් තමයි සත්තුන්ව ගල්, වැලි වගේ සරල දේ වලින් නිකම්ම හැදෙනව කියන එක.. අනික තමයි කවුරු හරි හෙන සිරාම සිරා ඩයල් එකක් ඉඳගෙන සත්තු, මිනිස්සු ඩිසයින් කරනව කියල.. ඩිසයින් කරන එකා තමයි දෙවියන්වහන්සෙ .. ඔය දෙකෙන් වැඩියෙන්ම ඉඩක් තියෙන්නෙ දෙවෙනි එක කියල පේලි උන්නැහෙ තීරණේ කොරනව.. ඕක තමඉ ළමයි අයිඩී වල මූලික කතාව..  


          ඔන්න ඉතිං ඔය කයිකතන්දරේ යුරෝපෙ ඉන්නෙ වංගොහන්සෙල ටික පිළි ගත්ත.. හදපු එකෙක් නැතුව එච්චර සංකීර්ණ සත්තු හැදෙන්ඩ පුළුවන් කියල උන්ට ලොවෙත් මීටර් වුණේ නෑ.. උන්ට හිතුනෙම, එක්කො ඒව එකපාරට නිකම්ම හැදෙන්ඩ ඕනෙ, එහෙම නැත්තම් කවුරු හරි එකෙක් හදන්ඩ ඕනෙ කියල.. එකපාට්ට නිකම්ම හැදෙන එක ලොවෙත් වෙන්ඩ බැරි දෙයක්නෙ ලමයි.. ඒ හින්ද කවුරු හරි හැදුවම තමයි.. හදපු එකා දෙවියො..


          හැබැයි ළමයි උන් වංගොහන්සෙල කියන්ඩමත් බෑ.. මොකෑ උන් ඕක කිය කිය හදපු මිනිහට යාඥා කොර කොර හිටියෙ නෑ.. එකදාස් අටසීය ගණන් වල තමයි උන්ගෙ කාර්මික විප්ලවේ උණේ.. යන්තර සූත්තර හදල, පැක්ටේරි ඇරල, එක රාමෙට වැඩ කොලා යුරෝපෙ දියුණු කොරන්ඩ (අනික් රටවල් වලින් ලාබෙට ගත්තු දේවල් වලින් තමයි කොලේ, ඒක අපි පැත්තකිං තියමුකො ).. පැක්ටේරි වලට බඩු යවන්ඩ වරායවල් හැදුව.. තඩි පත නැවු බඩුත් එක්ක රට ඇතුළට ගෙනියන්ඩ මහවැලි ගඟ සයිස් ඇළවල් කපන්ඩ ට්‍රයි කොරා.. ඒකටයි පැක්ටේරි දුවවන්ඩ ගින්දරට දාන්ඩ ඇටකටු හොයන්ඩයි අඩි සිය ගණන් පොළව හාරන්ඩ උණා.. අම්මට උඩු.. මොනවද පොළව හාරද්දි හම්බුණේ

භූවිද්‍යාත්මක ෆොසිල ස්ථරායනය


          මොනාද ඉතිං ඇටෂකිලි තමයි.. හැබැයි අයියා, පොඩි කොෂ්ෂකුත් තිබ්බ.. මුනිෂිගෙ ඇතකටු හම්බුණේ උඩිම්ම තිබ්බෙ පෂ් තට්ටු වල විතරයි.. යටට යන්ඩ යන්ඩ හම්බෙච්චි සත්තු ඩිංග ඩිංග වෙනස් වෙලා ගිහින් යටම හිටියෙ මහ අමුතුම සත්තු.. අද කාලෙ ඒ ජාතියෙ සත්තු ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.. හැබැයි එක ලෙවල් එකක හම්බෙච්චි සත්තු, ඊට කිට්ටු ලෙවල් වල හම්බෙච්චි උන්ට සෑහෙන්ඩ සමානයි, ගොඩක් ඈතින් ඉන්න උන්ට වඩා (තේරුණා නේද කියපු දේ?).. ඉතිං කාලයක් යනකන් ඕක පහදගන්ඩ බැරුව කෂ්ටිය අඤ්ඤකොරොස් වෙලා හිටිය..


          ඔය කාලෙම තමයි අයිබොං විද්‍යාඥ උන්නැහෙල පොළවෙ වයස හොයන්ඩ ට්‍රයි එකක් දෙන්ඩ ගත්තෙ.. ඊට කලිං නම් අෂර් කියල පාස්ටර් උන්නැහෙ කෙනෙක් (බම්බුවෙ මුන් ඇර වෙන එවුන් ඉස්සර කතා කොරලම නැද්ද හැබෑට?) කියල තිබ්බෙ ලෝකෙ වයස අවුරුදු හයදාස් ගානක් කියල.. ලෝකෙ මවපු දිනෙයි වෙලාවයිත් පොර ටක්කෙටම කිව්ව (ක්‍රි.පු 4009 ඔක්තෝබර් හය උදේ නමයට මගෙ හිතේ).. බයිබලේ කතාවත් ඔය වයස එක්ක ටක්කෙටම හරි යනව මගෙ හිතේ.. අනුන්ගෙ කුලියක් මලියක් කොරාන සතෙක් මරාන ඉස්සර හිටපු නූගත් මුනිෂිට ඕවෑ වගක් තිබ්බෙ නෑ.. ඒත් විද්‍යාඥ ගොල්ලොන්ව අන්දන්ඩ එච්චර ලේසි වුණේ නෑ ළමයි.. 1850 වෙනකොට ලෝකෙ අඩුම ගානෙ අවුරුදු කෝටි දහයක්වත් වෙන්ඩ ඇති කියල ඒ අය හොයාගෙන තිබ්බ.. ඉතිං දැන් හිතන්ඩ බලන්ඩ, අවුරුදු කෝටි ගාණක් පරන ලෝකෙක එක එක කාලෙ ඉඳල තියෙන්නෙ එක එක සත්තු.. කොහොමෙයි ඕක පැහැදිළි කොරන්නෙ


          එක්කො එක එක කාල වල හිටපු සත්තු එකෙක් නෑර මැරිල වෙනස්ම උන් සෙට් එකක් අහසිං පාත් වෙන්ඩ ඕනෙ.. නැත්තම් අර දෙයිය කියන පිස්සට නිකං ඉන්ඩ බැරුවට ඌ එක එක කාලෙට එක එක සත්තු මව මව, ඉන්න එවුන් මර මර ඉන්ඩ ඕනෙ.. එහෙමත් නැත්තං??? 


          ඇයි ළමයි, ඉන්න එවුන් ජුන්ඩ ජුන්ඩ වෙනස් වෙවී අළුත් උන් හැදෙන්ඩ බැරි ද? අමතක කරන්ඩ එපා, ලෝකෙ අවුරුදු කෝටි ගානක් පරණයි.. ඕනෙ මළදානයක් නිවීහැනහිල්ලෙ සිද්ද වෙන්ඩ ඕනෙ තරං කල් තියෙනව.. ඒ හින්ද ලොවෙත් හෙමිං ඒ වගේ වෙනසක් වෙනව වෙන්ඩ පුළුවං.. අපිට ඒක පේන්නෑ මොකෑ අපිට හිතාගන්ඩ බැරි තරං හිමිං තමයි වැඩේ වෙන්නෙ.. ඒත් එක එක කාල වල ඇටසැකිලි දැක්කාම හිතාගන්ඩ පුළුවං වෙලා තියෙන විදිහ.. 


චාර්ල්ස් ඩාර්වින්
          අහල තියෙනවෙයි "පරිණාමවාදය" කියල එකක්? ඒක මහලොකු අමුතු බයිලයක් නෙමෙයි මං දැං උඩ කියපු සංසිද්දියම තමයි.. කලිං ඉන්න සත්තු/ ගහකොළ ඩිංග ඩිංග වෙනස් වෙවී අළුත් සත්තු / ගහකොළ හැදෙන්නෙ කොහොමෙයි කියන එක.. හැබැයි ළමයි ඕක වෙනව කියල බුදු ෂුවර් උනාට මොන ඇන්නෑවක් හින්දද ඕක වෙන්නෙ කියල නම් මෙලෝ යකෙකුට හිතාගන්ඩ බැරුවයි හිටියෙ.. චාර්ලිස් ඩාවිං උන්නැහෙ තමයි ඒකට ලොවෙත් නැති තියරියක් ගෙනාවෙ.. පොර බේසිකලි කිව්වෙ එක එක සත්තු අතරෙ වෙනස්කං තියෙනවය, වෙනස්කං වලට හේතුව නම් පොර දන්නෙ නැත ය, ඒත් වෙනස්කං තියෙද්දි පරිසරේ වෙනස් උණොත් ඉන්න සත්තු ටික අතරෙං පරිසරේට හොඳටම ෆිට් වෙන එකා අනික් උන්ට වඩා ඉතුරු වෙනවය, ඒ හින්ද කාලයක් යද්දි අනික් උන්ට වඩා අර ෆිට් බුවාල ටික ටික වැඩි වෙලා මුලු ගහනයම කලින් තිබ්බෙ එකට වඩා වෙනස් එකක් වෙනවය කියන එක.. ඔයාකාර කොතෙකුත් වෙනස් වෙවී වෙනස් වෙවී අවුරුදු කෝටි ගානක් යද්දි කලින් හිටියට වඩා ලොවෙත් වෙනස් උන් හැදෙන එක ආයි අහන්ඩ දෙයක් යැ


           ඒ උණාට බුවාගෙ තියරිය හරිද මං අහන්නෙ? ඩාවිං ගොයිය දන්න දේට වඩා නොදන්න දේ වැඩියි කියලනෙ ලොවෙත් පේන්නෙ? දැන් හිතහං ඌ දන්නෙ නෑ සත්තු වෙනස් වෙන්නෙ කොහොමද කියල.. අනික් එක බුවා හරියටම ලෝකෙ වයස දැනං හිටියෙත් නෑ.. 


          හරි.. අනික් විද්‍යාඥ ගොල්ලො ඉතිං ලංකාවෙ උං නලින් ද සිල්වව උඩ දාං දඟලනව වගේ "ඩාවිං අයියා අපෙ අයියා" කිය කිය ඉන්නැතුව නැහීගෙන වැඩ කොරා, ඌ කියපු මගුල් ඇත්ත ද බලන්ඩ.. ග්‍රෙගර් මෙන්ඩල් කියල හාදයෙක් ගස් වව වව ඉඳල හොයාගත්ත පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්කං යන හැටි.. ජොහැන්ස් කියල ඩයල් එකක් හොයා ගත්ත ඔය සීන් එක වෙන්නෙ සයිල වල තියෙන ජාන කියල ජාතියක් හින්ද කියල.. ඔය අස්සෙ විකිරණ පරික්ෂණ වලිං ටක්කෙටම ලෝකෙ වයස කියන හැටි කට්ටිය ඉගෙන ගත්ත.. ඩාවිං කාරය කිව්වෙ උගෙ තියරිය ඇත්ත වෙන්ඩ නං අඩුම ගානෙ කෝටි දහයක් වෙන්ඩ ඕනෙ කියලනෙ.. අම්මට උඩු.. ලෝකෙ වයස අවුරුදු කෝටි හාරසිය පනහක්.. හොදි ඕන්නෑ නේද


          ඔය අස්සෙ තව ගොඩක් දේවල් උනා.. කාබන්-14 කියල රෙද්දකිං අර ගොඩගත්තු ඇටසැකිලි වල වයස කියන්ඩ පුළුවං උනා.. මුල්ම කාලෙ හිටියෙ මොන වගේ උන් ද කියලත් ඩිංග ඩිංග මීටර් වෙන්ඩ ගත්ත.. මුල්ම කාලෙ අපි වගේ සංකීර්ණ හාල්පාරුවො ඉඳල නෑ.. ඉඳල තියෙන්නෙ බැක්ටීරියා, ඇමීබාවො වගේ උන්.. ඊට පස්සෙ ලොකු ඇල්ගි, දිලීර වාගෙ ඒව.. ඊටත් පස්සෙ පණුවො වගේ සත්තු.. ඔහොම ඔහොම ගිහිං ටික ටික තමා සංකීර්ණ වෙලා තියෙන්නෙ.. ඒක එහෙමයි කියන එක නිකං හිතළුවක් එහෙම නෙමෙයි ළමයි, සාක්ෂි තියෙනව මදි නොකියන්ඩ.. 
ඩාර්වින් නිමවූ පරිණාමීය වෘක්ෂයක්


          කොටිංම ඩාවින් හරි කියන එක ආයෙ දෙකක් නෑ.. 


         ඊට පස්සෙ වොට්සන් ක්‍රික් වෙළඳ දෙබෑයො ජාන අඩංගු වෙන ඩී.එන්.ඒ අණුවෙ ව්‍යුහය හොයාගත්ත.. රිචර්ඩ් ඩෝකින්ස් උන්නැහෙ වගේ අය පරිණාමයෙ ජාන තියරිය ඉදිරිපත් කරා.. ඩාවින්ගෙ තියරිය කොච්චර රිලයබල් ද කියනවනං ළමයි, සත්තු විතරක් නෙමෙයි මැෂිනුත් පරිණාමය වෙනව කියල පැක්ටේරිකාරයො එක එක රෙද්දවල් කරනව උන්ගෙ බිස්නස් සරු වෙන්ඩ.. මාක්ස්වාදියටයි, ධනවාදියටයි, ජාතිවාදියටයි කොටින්ම හැම පියදාසයට සිරිසේනයටම "ඩාවිනිසම්" පට්ට නොගහ බැරි වුණා..


          දැන් අපි ආයෙ ජුන්ඩක් අතට ගම්මුද මුලින්ම කියපු සිරිපාලයගෙ ඔර්ලෝසුව? දැන් හිතන්ඩ.. ඔර්ලෝසුව සිරිපාලය හැදුව වගේ සිරිපාලයව හැදුවෙ දෙයියොම වෙන්ඩ ඕනෙද? ඩාවිං උන්නැහෙ කියන විදිහට අවුරුදු ගානක් තිස්සෙ ඩිංග ඩිංග හැදුන වෙන්ඩ බැරිද? (එහෙම වෙච්චි බවට සාක්සි හිටං තියෙනවනෙ අයිබොං).. අනික් අතට දෙයියො කියල බුවෙක් ඉන්න බවට හරි, ඌ මොනම ලබ්බක් හරි මවපු බවට කොයි සාක්සි? (පොත් වල තියෙන කයිකතන්දර වෙනම කතාවක්.. එහෙනං ඉතිං 550 ජාතකේ තියෙනව කියල සත්තු කතා කොරා කියන්ඩ බැරියැ?).. ඉතිං ඔය හින්ද විද්යාවෙ පිළිගන්නෙ පරිණාමවාදෙ තමයි.. 


          හැබැයි ළමයි හිතන්ඩ එපා ඕක ඔහොමයි කියල සුද්දොයි ඇමෙරිකන්කාරයොයි ලොවෙත් පිළිඅරගෙන කාල බීල සැපසේ උන්න කියල.. ක්‍රිස්තියානි දෙයියො දැන් ඉන්න විදියටම ලෝකෙ මැවුව කියන එක ගොඩක් සුද්දොන්ගෙ ඔළු වලින් අයින් කොරන්ඩම බෑ (හරියට අපේ උන්නාන්සෙලගෙ ඔළු වලිං පුනරුප්පත්තිය අයිං කොරනව වගේ).. ඒ හින්දම පරිණාමෙ කොච්චර ඇත්ත උණත් ඒක උගන්නන එකට ඉස්සර ඉඳන්ම ගොඩක් අයට මළ පැනල තිබ්බෙ.. 



          1925 දි ටෙනසි වල හිටපු ජෝන් ඉස්කෝප්ස් කියල ඉස්කෝලෙ මහත්තයෙක් පරිණාමෙ ඉස්කෝල වල උගන්නන්ඩ හැදුව කියල හිරේ අරින්ඩ හැදුව.. ඇමෙරිකාවෙ හැම ප්‍රාන්තෙකම පරිණාමෙ උගන්නන එක තහනං කොරන නීති ගෙනාව.. ටෙනසි වල මයෙ හිතේ ඒ නීති 1964 වෙනක්ම්ම තිබ්බ.. ඔය අස්සෙ 1960 ගණං වල අළුතෙං හදපු ඉස්කෝලෙ පොත් වලට පරිණාමය එන එක නවත්තන්ඩ බැරි උනා.. මොකද කලිං වගේ ආණ්ඩුවෙ ඔල්මොරොන්දම් ඩයල් නෙමෙයි පොත් හදන්ඩ දැම්මෙ ඉස්කෝලෙ මහත්තුරු නෝනල මයි.. ඒ හින්ද පරිණාමවාදෙ උගන්නන එක දැන් නම් කොච්චර දහිරිය දැම්මත් නවත්තන්ඩ බැරි බව මැවුම්වාදී සෙට් එකට පේන්ඩ පටාන් ගත්ත.. ඉතිං මැවුම්වාදියො ටික මොකෑ කොළේ


          ඒ පාර උන් කියන්ඩ ගනිපි, පරිණාමවාදෙ විතරක් උගන්නන එක සාදාරන නෑ, උගන්නනව නම් දෙකටම සමාන ටයිම් දීල උගන්නපියවු කියල.. කිය කිය හිටියෙ නෑ, එහෙම කොරන්ඩ නීතිත් දැම්ම අයිබොං.. විද්‍යාව පාඩමට අමු බොරු උගන්නන්ඩ වෙලා ටීචර්ලට ආයි ෆුල් නස්පුක්.. ඒත් ඒ බයිලාවල් වැඩිකල් ගියෙ නෑ.. 1975 දි සිරා වැඩක් වුණා.. ඔන්න ඕක තමයි මං කියන්නෙ මොනව උණත් ඇමෙරිකාව සිරා රටක්ය කියල.. ඒ රටේ ව්‍යවස්ථා කරදහියෙ තියෙනව මහ අමුතුම බයිලයක්.. ආණ්ඩුව ලොවෙත් කිසිම ආගමකට උදවු කොරන්ඩ හරි කෙළ කොරන්ඩ හරි බෑ කියල.. ඉතිං මැවුම්වාදෙ කියන්නෙ ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙවු කයිකතන්දරයක්නෙ ළමයි.. ඒ හින්ද ආණ්ඩුවෙ ඉස්කෝල වලයි 20විජ්ජාල වලයි මැවුම්වාදෙ උගන්නන එක තහනම් කොරන්ඩයි කියල දෑහිතකාමී ටීචර්ල සෙට් එකක් දාපි නඩුවක්.. හරියට හරි.. ඉස්කෝල වල මැවුම්වාදෙ තහනම් උණා එක රැයින්.. (ලංකාවෙ නම් කොරයි!!)


මයිකල් බීහි
          ඔන්න ඔය දවසෙ තමයි ළමයි එකම එක මනුස්සයෙක් ටෙකීලා, බ්‍රැන්ඩි බිබී (මම වාගෙ ) රෑ නින්දක් නැතුව කම්පනා කොරන්ඩ ගත්තෙ.. පොරගෙ නම මයිකල් බීහි.. විද්යාඥයෙක් තමයි.. හැබැයි හිත යටින් තද ආගංකාරය.. පොරට ෆුල් අප්සෙට් නඩු තීන්දුව ගැන.. ඉතින් කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව නාන්නෙත් නැතුව තනියම හිත හිතා ඉඳල බැරිම තැන පොර යාළු මැවුම්වාදියො එක්ක සෙට් වෙලා දාහතේ කම්පනා කොරා මොන මගුලක් ද කොරන්නෙ මේකට කියල.. අම්මට උඩු.. "විලක් තියේ නම් ගෙම්බෙක් ද ඇත" කියන්නැහේ ආවෙ නැතැයි පොඩි අයිඩියා පොජ්ජක්.. 


          මොකෑ දන්නව ද සෙට් එක කරේ? කලිං ඉස්කෝලෙ මැවුම්වාදෙ උගන්නපු පොත් තිබ්බනෙ.. ගත්ත ඒ ටික.. කැපුව "දෙයියො" කියන එකයි "මැවීම" කියන එකයි.. රිප්ලේස් කොරා "බුද්ධිමත් සැකැස්ම", "සැකසුම්කරු" කියන වචන වලිං.. හරි නෙ බොලේ.. "මැවීම" කිව්වොත් නෙ ආගමක් වෙන්නෙ.. කොහොමෙයි ටිකිරි මොළේ? ඔන්න ඔහොම තමයි අයි.ඩී ආයෙත් හිස එසෙව්වෙ..


          හැබැයි ළමයි විද්‍යා පන්ති වල උගන්නන්ඩ නම් ඔහොම වචන වෙනස් කොරාටම බෑ.. අඩුම ගානෙ විද්‍යාව වගේ පේන්ඩවත් තියෙන්ඩ ඕනෙ කියල කෂ්ටියට තේරුණා.. ඉතිං අයි.ඩී විද්‍යාත්මකයි කියන්ඩ කෂ්ටිය ලොවෙත් නැති තියරි ගෙනාව..


          එයිං එකක් තමයි අර පේලි උන්නැහෙ මුලින්ම කියපු බයිල කතාව.. හැබැයි පේලි ඔර්ලෝසුව සතාට උපමා කොළාට දැන් වැඩක් නෑ.. මොකද සරල සත්තු ඩිංග ඩිංග සංකීර්ණ වෙච්චි හැටි පරිණාමවාදෙං යස අගේට පැහැදිළි කොරලයි තියෙන්නෙ.. ඒ හින්ද මුන් දැම්ම අළුත්ම ටැක්ටික් එකක්.. බීහිගෙ සබ්ජෙක්ට් එක තමයි ළමයි සයිල ජීව විද්‍යාව.. ඉතින් පොර කළේ සයිලයෙ තියෙන ජුන්ඩි කොටස් අරගෙන "ඒව නම් ලොවෙත් සංකීර්ණයි, එක කෑල්ලක් හරි අයින් කරොත් මුළු සිස්ටම් එකම වැඩ කරන්නෙ නෑ, ඒ හින්ද ඒක පරිණාමය වෙලා ඩිංග ඩිංග සංකීර්ණ වුණා වෙන්ඩ බෑ, ඒ හින්ද පරිණාමෙ බොරු" කියන කතන්දරේට ආපු එක.. කුරුල්ලගෙ පිහාට්ට, මිනිහගෙ ඇහැ එහෙමත් ගත්ත උදාහරණ හැටියට.. පිහාටු බාගෙකින් හරි, ඇහැක බාගෙකින් හරි ඇති වැඩේ මොකක්ද කියල හෙන පොර වගේ ඇහුව..
ඔය අතරෙ ළමයි හෙන ෆේමස් නඩුවක් ගියෙ..


          ඩෙල්වෙයාර් ප්‍රාන්තෙ ඩෝවර් කියන ඒරියල් එකේ තිබ්බෙ ඉස්කෝල පරික්ෂක මහත්තුරු (මෙහෙ වගේ නෙමෙයි අයිබොං උන් චන්දෙන් පත්වෙන්නෙ ) නීතියක් දැම්ම බීහි ගොයියගෙ පච පොත ඉස්කෝල වල උගන්නන්ඩ ඕනෙ කියල පරිණාමවාදෙත් එක්කම.. ටීචර්ල බෑ කිව්ව හින්ද පරික්ෂක මහත්තුරුම ඇවිල්ල විනාඩියක ලෙක්චර් එකක් දෙන්ඩ තියාගත්ත අයි.ඩී ගැන.. ඒ පාරනම් ටීචර්ලට විතරක් නෙමෙයි දෙමවුපියන්ටත් ෆුල් මළ.. ඇයි යකෝ විද්‍යාව කියල තමුන්ගෙ ළමයට බොරු උගන්නන්ඩ තියා ගත්තහම මොන පුතයටද මළ පනින්නෙ නැත්තෙ? ඉතිං කෂ්ටිය එකතු වෙලා (අරුං කරපු බොරුව කාරිය හොයාගෙන ) දැම්ම නඩුවක්..

බැක්ටීරියා ෆ්ලැජෙල්ලම
          දෙපැත්තෙම ලොකු පොරවල් ෆේස් ටු ෆේස් ෆයිට් කරපු, දවස් ගණං විද්‍යාව ගැන වාද කරපු ඒ නඩුව ඇමෙරිකන් ඉතිහාසෙ අමතක වෙන්නෙ නැති සීන් එකක්.. බීහි ගොයියට චාන්ස් එක දුන්න පරිණාමය වෙන්ඩ බැරි තරම් සංකීර්ණයි කියල පොර කියන දේවල් පෙන්නන්ඩ කියල.. පොර ඉතිං පෙන්නුව, කෑලි පනහකින් හැදුනයි කියන බැක්ටීරියා වල තියෙන කෙඳිත්තක් (ෆ්ලැජෙල්ලම් කියල කියන්නෙ, ඒකෙන් බැක්ටීරියාවට එහෙ මෙහෙ යන්ඩ සප් එක දෙනව ).. අනික් පැත්තෙ හිටියෙ කෙනත් මිලර් උන්නැහෙ (එයා ගැන මම වෙනම කතා කොරන්නම්කො ) පෙන්නුව, අහවල් එකේ කෑලි හතළිහක් අයින් කොළාට පශ්ශෙත් ඒක ප්‍රයෝජනවත් වෙන හැටි.. ඊට පස්සෙ බීහි ගොයිය පෙන්නුව ලේ කැටි ගැහෙන සිස්ටම් එක, ප්‍රතිශක්ති පද්ධතිය එහෙම (මේව නම් පුතෝ පරිණාමය වෙන්ඩ විදිහක් නෑ කියල ).. ඒව පරිණාමය වෙච්චි හැටි ගැන කරල තියෙන පරීක්ෂණ දුසිම් ගනන් මිලර් උන්නැහෙ ගෙනැත් තිබුණ.. ඒව එක එක වෙන වෙනම කියෙවුවත් බීහි නෙමෙයි පිළිගත්තෙ.. අන්තිමේ ජජාටම මල පැනල "තමුසෙ පිස්සෙක්නෙ ඕයි" කියල වහාම තීන්දු කොළා අයි.ඩී කියන්නෙ පල් බොරුවක්, ආගමික ඉගැන්වීමක්, ඒ හින්ද ඉස්කෝල වල ඒක උගන්නන්ඩ තහනම් කියල (සීන් එක කියන්නෙ, ඒ ජජා ක්‍රිස්තියානි ජජෙක්).. එදා නම් ගොඩක් අයගෙ අයි.ඩී කුඩු..  



          ඔන්න ඔහොමයි ළමයි අයි.ඩී කියන මළදානෙ ඇති වුණෙත්, ඒකට හොදි ඕන්නැති වෙන්ඩ කෙළ වුනෙත්.. (ඔය අයි.ඩී රෙද්ද හින්ද තමයි ළමයි මගෙ ආගම බිහි උනෙත්.. මතකනෙ කලින් මම කියපු පැස්ටෆේරියන් ආගම.. ඇමෙරිකාව පුරාම විද්‍යාවට හිතැති -අපි වගේ- ඩයල් පාරට බැස්සෙ අයි.ඩී හරි මොන .ඩී හරි කියල ක්‍රිස්තියානි මැවීම උගන්නනව නම් පියාඹන ස්ෆැගටි රාක්ෂයා ලෝකය මැවුවය කියන එකටත් සමාන කාලයක් ඉස්කෝලෙ දෙන්ඩයි කියල.. ලංකාවෙ ඔහෙල ආගමික රෙද්දවල් විද්‍යාවට ඉගැන්නුවොත් අපි මෙහෙත් පාරට බහිනව හරිය?)


          හැබැයි ඉතිං හිතන්ඩ එපා ඩෝවර් නඩුවෙන් පැරදිලා නස්තාර් වෙලා හිටියට අයි.ඩී මැරිල කියල.. ඩෝවර් වලින් පස්සෙත් අයි.ඩී උගන්නන්ඩ "අවසර දෙන්ඩ" කිය කිය එක එක බයිල නටන්ඩ හැදුව සමහර ප්‍රාන්ත ආණ්ඩු.. ඇමෙරිකාවෙ විතරක් කොටු නොවී ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙවු රටවල් හැම එකටම වසංගතේ පැතිරිලා.. එක්කො පරිණාමෙ උගන්නන්ඩ එපා, නැත්තම් අයි.ඩී ත් උගන්නන්ඩ කියල කෑගහන ඩයල් දැන් ලෝකෙ පුරාම.. එහෙම එක ෆේමස් බුවෙක් තමයි තුර්කියෙ ඉන්නෙ හරුන් යහියා.. පොර අමුතු මගුලක් කියන්නෙ නෑ.. බීහි කියපු බයිලම පොඩ්ඩක් කුණු කූඩෙං ඇදල අරං වමාරනව මිසක්කං.. එකම දේ පොර හෙන ගණන්, කලර්ඩ් පොත් ගහල නොමිලේ බෙදනව.. කොටින්ම පොරගෙ මගුල් නිසා තුර්කියෙ පරිණාමෙ උගන්නපු එක සම්පූර්ණෙන් නැවතිලා..


          අන්තිමට වශයෙන්, මේ කොහෙවත් යන මළදානවල් ගැන ලියන්නෙ මොකටෙයි කියල පේක්ෂක ඔබ සැම අහන්ඩ පුළුවන් නෙ.. ඇත්තටම ඇමෙරිකාවෙ හරි සමක ගිනියාවෙ හරි මොන තූත්තුකුඩියක හරි වැරැද්දක් වෙනව නම් ඒකට ෆුල් ගේම ඉල්ලන්ඩ පොඩි උණක් නම් මට තියෙනව තමයි.. ඒත් කවද හරි ඔය මරාලෙ මෙහාට කඩං පාත් වෙන්ඩ බැරි නැති හින්දයි වැඩියක්ම ලියන්ඩ හිතුවෙ.. විද්‍යාව "අපේ නෙමෙයි" වාගෙ ගොන් පාර්ට් දැනටමත් තියෙනවනෙ ළමයි.. ඉතිං බැරි වෙලා හරි අයි.ඩී ම නැතත් "අග්ගඥ්ඥවාදය", හරි "නාථ දේව විද්‍යාව" හරි පොඩි උන්ගෙ විද්‍යා බත් පතට රිංගවන්ඩ හැදුවොත් එහෙම "අපිත් ඉන්නව" කියන එක මතක තියා ගැනීම ලොවෙත් ප්‍රයෝජනවත් වෙයි මම හිතන්නෙ..