සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Friday, November 18, 2011

ජීනා, මීමා සහ පොට්ට සිරිපාල (කෙටිකතාවක් නොවේ )

ජීනාගේ මීමා

          ජීනා සහ මීමා.. කවුද මේ දෙන්නා? "ජීනා" කියද්දි නම් කෂ්ටියට මතක් වෙනව ඇත්තෙ කාවද කියල මට හිතාගතහැකි.. අර කොළොම්පුරේ සත්මහල් ප්ලාසා එකේ දේශීය විදේශ රැකියා ඒජන්සියක් දාන් හිටපු ගෑනු එක්කෙනාවනෙ ළමයි.. අර සඟිස්කුරුතෙට සෑහෙන ආදරයක් තියෙන, ගෑනුන්ට අඳින්ඩ උගන්නන්ඩ එහෙම ට්‍රයි කොරපු දෙස්පලු උන්නාන්සෙ එහෙම රැකියාලාභින් හොයාගෙන එතෙන්ට ගියයි කියල ඒ කාලෙ හෙන සීන් එකක් වුණේ?? තාඹුවත් ඔය කාලෙ කොලොම්පුරේ මදි නොකියන්ඩ කරක් ගහපු සිරා කොල්ලෙක් අයිබොං.. ඒත් ඉතිං ඔය පොට් වලට යන්ඩ අපිට කොයින්ද බූල් බල්ලො? කොල්ල ඉතිං සත්මහල් ප්ලාසා එන්නෙ එක්කො කොම්පීතරේට අළුත් මීයෙක් ගන්ඩ හරි, නැත්තං ටැලිපෝං එකේ මොකක් හරි ලට්ට ලොට්ටයක් පල්ලෙහා තියෙන හොර බඩු සාප්පු වලිං කඩාගෙන යන්ඩ විතරයි..

          ඔන්න ඉතින් ඒ වුණාට "ජීන" කිව්වහම තාඹුවට නම් මතක් වෙන්නෙ සත්මහල් ප්ලාසා ජීනා එහෙම නෙමෙයි.. වෙන ජීනෙක්ව.. උන්දැ හිටියෙ වෙන කොහෙවත් නෙමෙයි, අපේ ගමේ.. හැත්තෑපස් වසරක් දැහැමෙන් සෙමෙන් රජ කොරල දැන් දෙතුන් මාසෙකට කලින් මිය පරලොව යද්දි උන්දැ පාගපු නැති බෙල්ලක් මිරිකපු නැති අතක් පයක් මාතලාන ගමේ තිබ්බනං ඒ ඉතිං බෝනික්කෙක්ගෙ අතපය තමයි.. උන්දැ නිවුන්නෙක් කියල තමයි අයිබොං කවුරුත් කියන්නෙ, හැබැයි ඒ නිවුන් නැන්දව නං මේ ලෝකෙ නෙස්කැෆේ එකකට දැකල නෑ ඕන්.. කොහොමෙං හරි, ටවුංවලම ඉපදිලා ක්ලෝරීං වතුර නාපු සිංහල බවුද්ද "වෙන්ඩ දේශප්‍රේමියො" සෙට් එක දැන් ෆුල් මඤ්ඤං ගහල ඇති මොකද්ද මේ බම්බුවෙ "බෙලි පෑගිල්ල" කියල.. ඕං එහෙනං දැනගන්ට හොඳයි කකුලක්, බෙල්ලක් ඇමැට්ටි උණාම නිවුන්නෙක්ට කියල පාගෝගෙන මසාජ් කොරගන්න එක ගංවල තියෙන සිරිතක් කියල.. අනික් උන්ට වඩා නිවුන්නුන්ට ඕක හොඳට කොරන්ඩ පුළුවන් අහවල් කෙංගෙඩියක් හින්දද කියල මම නං දන්නෙ නෑ අයිබොං.. මොකක් වුණත් ජීන් ආච්චි පාගපු බෙල්ලක ආයි ඩයික්ලොෆිනැක් ක්‍රීම් ගාන්ඩ නං ඉෂ්ට සිද්ධ වෙලා නෑ මේ කපේට..

          හරි, එතකොට ජීන කියන්නෙ මාතලානෙ ජීන් නැන්දට.. මීම කියන්නෙ ඉතිං උන්දැගෙ මීමටනෙ.. අර උගෙ පොටෝ පොජ්ජකුත් දාල තියෙන්නෙ උඩිංම.. ඉතිං හත් දෙයියනේ කොහෙවත් යන ගොඩේ ගෑනියෙකුයි උන්දැගෙ හරක් රංචුවකුයි ගැන බම්බුවට ය බ්ලොග් පෝස්ට් දාන්නෙ? දාහංකො කොහෙ හරි රටක ඉන්න පර සුද්දෙක්ට කෙළ වෙච්චි සීන් එකක්.. එක්කො දාහං රාවණ මළේ නෑ, කෙළිම්ම දිව්‍යලෝකෙට එයාර්-ලිෆ්ට් කොලා කිය.. නැත්තං තියෙන පොලක් කොරගෙන සිංහල බෞද්ද සඟිස්කුරුතියත් රැකගෙන ඉඳින්කො මනුස්සයෙක් වාගෙ, නැද්ද මං අහන්නෙ?

රිචර්ඩ් ඩෝකින්ස්
               නෑ ළමයි.. අපේ මේ ජීනයි මීමයි අපේ ගංරටවල උන්ට අගේ නැතුවට මොකද අයිබොං අපි ලොවෙත් හිතන්නැති ඩයල් එකකට උන්ව අගේළු.. කොච්චර අගේද කියාන්වනම් මචන්ල, පොර උන් ගැන පොතකුත් ලියල තියෙනව.. පොර තමයි ළමයි රිචඩ් ඩෝකිංස් කියන්නෙ.. පොර ඉන්නෙ මේ මාතලානෙ එහෙම නෙමෙයි.. එංගලන්තෙ ඔක්ස්පෝර්ඩ් 20 විජ්ජාලෙ මිසක.. දැන් තේරුණානෙ ළමයි සීන් එක.. අපි බලාන්ඩ යන්නෙ වෙන මොකක්වත් නෙමෙයි, මොනවද මේ ඩෝකින්ස් උන්නැහෙ අපේ ජීන ගැනයි, උන්දැගෙ මීම ගැනයි කියන්නෙ කියල මිසක..

          ඔතෙන්ට එන්ඩ ඉස්සරවෙලා ළමයි අපි බලමු ඇයි ඩෝකිංස් ගොයියට මුන් දෙන්නව සෙට් උණේ කොහොමද කියල.... ඩෝකින්ස් කියන්නෙ ළමයි Gව විද්‍යාඥයෙක්.. සත්තු, ගහකොළ තමයි පොරගෙ සුපුරුදු නිවහන.. එයිනුත් සත්තු ගහකොළ හැදුණෙ කොහොමද  කියන එක ගැන තමයි පොරගෙ ෆුල් ඉන්ටරස්ට් එක.. ළමයින්ට මතකයි නේද අපි කලිං පෝස්ට් එකෙත් දෙඩෙව්වෙ ඔයවාගෙ බයිලාවක් ගැන කියල?

          ඒ මහා පතරංගෙ කියොවන්ඩ කම්මැලි නං මම දෙමළෙන් කෙටියෙන් කියන්නංකො සීන් එක..

ඔරලෝසුව ඇතුළත
          එකදාස් අටසීයෙදි විතර සත්තු, ගහකොළ හැදිච්චි හැටි ගැන ලොවෙත් නැති තියරියක් ගෙනාව විලියම් පේලි කියන පාස්ටර් උන්නාන්සෙ.. උන්නැහෙ උදාහරණෙට ගත්තෙ ඔරලෝසුවක්.. ඔරලෝසුව ෆට්ට සංකීර්ණයි.. දැති රෝද, දුණු, යකඩ කෑලි හැටහුටහමාරක් නූලට සෙට් වෙන්ඩ පුරුද්දල තමා ඒක හදල තියෙන්නෙ.. ඉතිං එච්චර සංකීර්ණ අටමගලක් නිකං අහම්බෙං ඇති වුණා වෙන්ඩ බෑනෙ ළමයි.. මොකෙක් හරි ඒක හදන්ඩ ඇති කියන එක ඊට වඩා හිතන්ඩ පුළුවං.. හිතන්ඩ ළමයි ඒ ඔරලෝසුව හදල තියෙන්නෙ ස්විස්ටර්ලන්තෙ ඉන්න සිරිපාල කියන හාදය කියල.. හරි අපි දැං (නිකමට මේ කියන්නෙ හරිය??) සිරිපාලයව කපල බලමු.. නැත්තං උගෙ බල්ලව.. මිනිස්සුන්ගෙ, සත්තුන්ගෙ ඇඟවල් ෆට්ටම සංකීර්ණයි, අර බම්බුවෙ ඔරලෝසුව නෙමෙයි මිනිස්සු අද කාලෙ හදල තියෙන සිරාම මැෂිමක්වත් අහලකින් තියන්ඩ බෑ.. ඉතිං ඔරලෝසුව අහම්බෙන් හැදෙන්ඩ බැරි නං, මිනිස්සු සත්තු ලොවෙත් අහංබෙන් හැදෙන්ඩ බෑනෙ ළමයි.. හදපු කෙනෙක් ඉන්ඩ ඕනෙ.. ඒකට පේලි උන්නැහේ කියනව "හරි එහෙනම්.. සිරිපාලය ඔරලෝසුව හැදුව වාගෙ, මේ ලෝකෙ ඇති තරමක් සත්තු, ගහකොළ හැදුවෙ දෙයියො තමයි"..

          සත්තු ගහකොළ, දෙයියො මැවුව නෙමෙයිය (මැවුවත් එක සැරේ මැවුව නම් නෙමෙයිය ) සරල අවස්තාවෙ ඉඳං කාලයක් තිස්සෙ ජුන්ඩ ජුන්ඩ සංකීර්ණ වුණාය කියන එක සාක්ෂි බර ගානක් ඇතුව ඩාවිං උන්නැහෙ පෙන්නල දීපු හැටි අපි කලිං පෝස්ට් එකේ කිව්වනෙ ළමයි.. ලෝකෙ පුරා විද්‍යාඥ ගොල්ලො පිළිගන්නෙ ඕක තමයි.. ඒත් මචංල, ආගමික හරි වෙන ඇන්නෑවෙ හේතු හින්ද ඕක දිරවගන්ඩ බැරි උන්නාන්සෙල ටික කොහෙං හරි කොනක් අල්ලගෙන ඕක නැහැයි කියන්ඩ ලොවෙත් නැති තියරි දානව.. එකක් තමයි අර "අහම්බෙං හැදෙන" කතාව.. උං ඉතිං ලොවෙත් නැති ගණං හදල පෙන්නනව හැම ස්ටෙප් එකම අහම්බෙං උණා නම් පරිණාමෙ වෙන්ඩ ලෝකෙ වයස වාගෙ සිය දාස් ගුණයක් කල් යනව, ඒ හින්ද පරිණාමෙ සිද්ද උණත් නැතත්, ඒක අහම්බෙන් උණා නම් වෙන්ඩ බෑ, දෙයියො කියන එකා මැද ඉඳගෙන පරිණාමය කෙරෙව්ව මිසක්කං කියල.. ඇත්තටම කිව්වොත් යැංකිද්වීපෙ පරිණාමෙ විශ්වාස කරන උන් ගොඩක් ගාණක් විස්වාස කොරන්නෙ ඔය වර්ෂන් එක තමයි..

          කොහොමෙං හරි ඉතිං අපේ ඩෝකින්ස් උන්නැහේ දෙයියන්ගෙ "දෙ"යන්නවත් විස්සාස කරනෙ නැති සිරා ඩයල් එකක් ඕන්.. දෙයියො ඉන්නවද නැද්ද කියන කයිකතන්දරේ අපි දැනට ඉතුරුකොරගමුකො අයිබොං.. දෙයියො ඉන්නවමයි කියන්ඩ ගිහින් කෂ්ටිය අම්බානක් කෙළෝගන්න හැටි "දේවවාදින්ගේ ඉල්ලං කෑම සහ නෑම" කියන එකේ මම කිවුවනෙ.. එහෙව් එකේ මොකටෙයි ඕව ගැන වැඩිපුර දොඩවන්ඩ ගොහින් නිකම් බ්ලාස්ෆෙමි චාර්ජස් දාගන්නෙ?? ඩෝකින්ස් උන්නැහේ දෙයියො ගැන හිතන දේ උන්දැගෙ "ගොඩ් ඩිලූෂන්" පොතෙං බලාගතහැකි අයිබොං..

          අඩෝහ්.. ආයිත් අපි අලයි ගෝවයි ජුන්ඩක් ටපලෝගෙන වගෙයි.. ඩෝකින්ස් කාරය දෙයියො ගැන කියන බයිලාව නෙමෙයි අයිබොං මම පරස්තූතෙ කොරගන්ඩ හිතුවෙ.. අයි.ඩී කාරයින්ටයි පරිණාමෙ අස්සට දෙයියො රිංගවන්ඩ ට්‍රයි කොරපු ගොතයො ටිකටයි පොර දීපු උත්තර මිසක්කං.. 

          ඉතිං ළමයි, අර පේලි ගොයියගෙ ගොන් තියරිය කුඩුපට්ටම් කොරන්ඩයි අළුතින් හතු පිපෙන්නැහෙ බෝවෙන අයි.ඩී කාරයින්ට උත්තර බඳින්ඩයි හිතාන ඩෝකින්ස් ලිව්වෙ නැතෑ පොතක්?? පොතේ නම "බ්ලයින්ඩ් වොච්මේකර්".. කඩ්ඩෙන් කිව්වොත් "ඇස්පේන්නැති සිරිපාලයා"..

          තඹුව ඒ පොත අකුරක් නෑර නං කියෝල නෑ බොෂ්, ආයි බොරු කියන්නෙ මොටද?.. ආයි ක්‍රෙඩිට් එක අප්ඩේට් උනාම ඊබේ වලිං ඕර්ඩර් කොරාන්ඩ තමා ඉන්නෙ.. කොහොමෙං හරි ඔය පොතේ ඩෝකින්ස් බේසිකලි ඩීල් කොරන්නෙ අර "අහම්බෙන් වෙන්ඩ බෑ" කියපු බයිලාව.. ඩෝකින්ස් මෙහෙම කියනවා..

          අච්චර සංකීර්ණ ඇඟක් කෑලි බෑලි අහම්බෙන් සෙට් වෙලා දඩාං ගාල හැදෙන්ඩ බැරි බව නං ඇත්ත.. ඒත් ඒකට උත්තරේ දෙයියො මැවුව කියන එක නෙමෙයි.. මොකෑ දෙයියො මැවුවය කියනව නං එක අතකට දෙයියො කියන්නෙ කවුද, මොනවගේ ඩයල් එකක් ද කියල විස්තර කරන්ඩ වෙනව.. දෙයියො සිරිපාලයව මැවුවෙ කොහොමද, මොනවයින්ද, කියල හොයන්ඩත් වෙනව.. ඒ හැම එකටම "දන්නැහ්හ්" කියල ශේප් වෙලා, ඒ කොයිහැටි වෙතත් මැවුවමයි කියන එක ළමයි විද්‍යාව නෙමෙයි.. ඒක ආගම හරි වෙන මොකක් හරි වෙන්ඩ ඇති..
අනික් අතට දේවවාදියොයි අයි.ඩී සෙට් එකයි පරිණාමෙ ගැන දොඩවන්නෙ ඇත්තටම ඒ ගැන දන්න මගුලක් නැතුව.. පරිණාමෙ කාලයක් තිස්සෙ ඩිංග ඩිංග වෙන බව ඇත්ත ළමයි.. ඒත් මුළු සීන් එකම වෙන්නෙ අහම්බෙන්ය කියල උන් කියන එක පල් බොරුවක්.. පරිණාමෙ වෙන මෙකනිසම් එක ටක්කෙටම දන්නැතුවට තේරෙන බාසාවෙන් කිව්වොත් වෙන්නෙ මෙච්චරයි.. ජාන වල විකුර්ති ඇති වෙනව.. ඒ වෙන්නෙ නං ලොවෙත් අහම්බෙං තමයි.. ඊළඟට කොයි ජානෙ කොයි විකුර්තිය ඇති වෙයිද කියල මෙලෝ පුතයෙකුට වර්ක් අවුට් කරගන්ඩ බෑ.. ඒවගේම තමයි ළමයි, ජානෙක "හොඳ විකුර්තියක්" ඇති වෙන එක ලොවෙත් කලාතුරකිං තමා වෙන්නෙ.. ඒ වගේම ඒක වෙන්නෙ ෆට්ටම අහම්බෙන්.. (එක හොඳ විකුර්තියක් ඇති වෙද්දි මිලියන ගනන් චා විකුර්ති ඇති වෙලා සත්තුන්ට තාප්පෙටම කෙල වෙලා යනව.. ගොඩක් එහ්ම උන් ඉපදෙනකල්වත් ඉන්නෙ නැති හින්ද උන්ව අපිට පේන්නෙ ලොවෙත් අඩුවෙන්).. හැබැයි පුතෝ, හොඳ විකුර්තිය බැරි වෙලාවත් ඇතිවුණොත්, ඇතිවෙච්චි එකා අනික් උන්ට වඩා පරිසරේ ඉතුරු වෙනව.. උගෙ පරපුර අනික් උන්ට වඩා බෝ වෙනව.. ඒ හින්ඳ "හොඳ විකුර්තිය" ආවට පස්සෙ ආයි ආපහු ඒම් බොරු.. ඉතිං ළමයි, අවුරුදු ප්‍රකෝටි ගාණක් තිස්සෙ "හොඳ විකුර්ති" ඩිංග ඩිංග එකතු වෙන එකෙන් සත්තු ඩිංන්ග ඩිංග කලින්ට වඩා සංකිර්ණ වෙන එක අහන්ඩ දෙයක් ද? ඉතිං ළමයි දැන් තේරෙනවනෙ, පරිණාමෙ "හොඳ පැත්තට" සිද්ද වෙන්නෙ අහම්බෙන් නෙමෙයි.. "හොඳ" එවුන් වැඩිපුර ඉතුරු වෙන හින්ද.. ඕකට ආයි දෙයියෙක් හරි උගෙ මැජික් අරිෂ්ටෙ හරි ඕන යැ??

          ඕක පෙන්නන්ඩ ඩෝකින්ස් ගොයිය ජොලි වැඩක් කොරනව.. පොර යනව බැංකුවක සේප්පුවක් කඩන්ඩ (කියෝන උන් ගොහින් රෑ ජාමෙ බැංකු ඇතුළෙ ඉඳල මාට්ටු උනොත් එහෙම වගකියන්නෑ හරිය? ).. හිතන්ඩ ඉලක්ක්කං අටක් තියෙන සේප්පුවක්.. ඕනෙ හරකෙකුට (අයි.ඩී කාරයෙක් උනත් නැතත් ), ගණං හදල කිවුවැහැකි ඇතුලෙ තියෙන පවුම් කෝටියට විදින්ඩ නං ඩෝකින්ස් ඉලක්කං අටම හරියට දාන්ඩ ඕනෙ.. ඌ දන්නැත්තං හරි ඉලක්කං, උට සේප්පුව ඇරගන්ඩ චාන්ස් එක කෝටි දහයෙං එකයි.. ඒත් ඩෝකින්ස් කියනව ළමයි, පරිණාමෙ ඔහොම සේප්පුවක් නෙමෙයිය කියල.. දැං හිතන්ඩ ළමයි ඩෝකින්ස් පළවෙනි ඉලක්කම හරියට දැම්මොත් පවුං කෝටියම නැතත් සේප්පුව යංතං ඇරිල එක පවුමක් එළියට එනව කියල.. පොර ඊට පස්සෙ පළවෙනි හරි ඉලක්කම දන්නව.. ඇන්නෑවටෙයි ආයි ඒක වැරදි එකට ටියුන් කොරගන්නෙ?? පොර ඊට පස්සෙ කොරන්නෙ ඒක එහෙම්මම තියාන දෙවෙනි ඉලක්කම කරකෝන එක.. හිතහං ඒක හරියට ආවොත් සේප්පුව ආයි ටිකක් ඇරිල පවුං දහයක් විසික්ක වෙනව කියල..  දැං ඌ දෙවෙනි හරි ඉලක්කමත් දන්නව.. ඔහොම ගියොත් ළමයි, වැඩිකල් නොගිහින්ම ඩෝකින්ස් පවුං කෝටියට තට්ටු කොරනව.. දහකෝටි පාරක් ඉලක්කම් ඔබ ඔබ තටමන්ඩ ඕන්නෑ.. හොඳ විකුර්ති ඉතුරු වෙවී ස්වභාවික වරණෙ වෙන්නෙත් ඔන්න ඔහොමයි කියල කියද්දිම මැනේජර් ඇවිත් ඩෝකින්ස්ව බැංකුවෙන් එළියට දානව අයිබොං..

          ෂරි ෂරි.. ඉතිං ඕන් අපි බැලුව ඩෝකින්ස් කොහොමෙයි අයි.ඩී කාරයින්ගෙ තං ගොර්ක බිඳ හෙළල ස්වභාවික වරණෙං පරිණාමෙ වෙන්ඩ පුළුවං කියන එක පෙන්නුවෙ කියල.. හැබැයි බොෂ් ජුන්න්ඬි පුරස්නෙකුත් නැතුව නෙමෙයි.. පුරස්නයක් කිවුවට මචං ඒක ඇත්තටම බැලුවොත් වචන වල පුරස්නයක් තමයි.. ඒත් පරිණාමික ජීව විද්යාවෙ පොඩ්ඩක් දුරට යද්දි දැවෙන පුරස්නයක් වෙන සීන් එකක්..

          ස්වභාවික වරණෙන් වඩා ගැලපෙන දේ තෝරගන්නව කියල අපි දන්නව.. ඒත් එහෙම තෝරගන්නෙ කාවද? කොයි ලෙවල් එකේද? දැන් හිතහං බලන්ඩ, එක පළාතක මුවොයි ගෝන්නුයි ඉන්නව කියල..මුවන්ට වඩා ගෝන්නු හයියෙං දුවනව කියල.. කාලයක් යද්දි මුවන්ට වඩා ගෝන්නු වැඩි වෙන එක අහන්ඩ දෙයක් නෙමෙයි, මොකද හයියෙන් දුවන හින්ද සිංහයින්ට ගෝන්නුංව කන්ඩ අමාරුයි.. එතන වෙන්නෙ මුව විශේෂෙට වඩා ගෝන විශේෂෙ සුදුසු හින්ද සොබාවිකව ඒක තෝරගන්න එක.. දැන් හිතන්ඩ ඒ මුවෝ සෙට් එක ගැන.. එච්චර හයියෙං දුවන්නැති හින්ද උං එකසිය ගාණට දඩයං වෙනව.. ඒ මුවන්ගෙ සමහර උන්ට වඩා අනික් උන්ගෙ කකුල් දිගයි.. ආයි අමුතුවෙං කියන්ඩ ඕනැන්නෙ නෑ කකුල් දිග උන් හයියෙන් දුවන හින්ද කකුල් කොට උන් තරං උන් දඩයං වෙන්නෙ නෑ, ඒ හින්ද කකුල් දිග උන් ඉතුරු වෙනව කියන එක..

          එතකොට ළමයි ඔය සීන් එකේදි සොබාවික වරනෙ වෙන්නෙ එක් එක් සතාට.. ෆිට් සතා තමා ඉතුරු වෙන්නෙ.. ෆිට් නැති එකා කම්බස් වෙනව..

          ඉතිං මචංල, ඔන්න ඔහොම පරිණාමෙ පිළිගත්තට සොබාවික වරනෙ දිහා කොයි ලෙවල් එකෙන්ද බලන්ඩ ඕනෙ කියන එක අතර විද්යාඥඥගොල්ලො අතරෙ පොඩි ඩිබේට් එකක් තියෙනව අයිබොං.. එක සිද්දියකට නං ලොකු අවුලක් නෑ ළමයි, ඒත් අවුල තියෙන්නෙ අවුරුදු මිලියන ගානක් තිස්සෙ ඉස්සරහට යන්ඩ සොලිඩ් බේසිස් එකක් තියෙන්ඩ ඕනෙ කියන එක.. සමහරු කියනව ලොකු කණ්ඩායම් අතරින් සිරාම කණ්ඩායම හෝල්සේල් තෝරගෙන තමයි පරිණාමෙ ඉස්සරහට යන්නෙ කියල.. සමහරු කියනව ඒක වෙන්ඩ බෑ එක එක සතාව තමයි තෝරගන්නෙ කියල..

          ඔය ඩිබේට් එක ඔහොම පත්තු වීගෙන යද්දි තමයි ඩෝකින්ස් ගොයිය ලොවෙත් නැති තියරියක් ගෙනාවෙ.. ඒකට පොර පාවිච්චි කොලේ අපි කියපු ජීනව තමයි..

          ජීන කියන්නෙ ළමයි කඩ්ඩෙන් "ජානය කියන එකටනෙ".. සොබාවික වරණෙ වෙන්නෙ කණ්ඩායමටත් නෙමෙයි සතාටත් නෙමෙයි ජීනට කියල තමයි උන්නැහේ කිවුවෙ..
ඕක පෙන්නන්ඩ උන්නැහේ ලියපු පොත තමයි ළමයි "සෙල්ෆිෂ් ජීන්" කියල කියන්නෙ..

          ජීනව සොබාවික වරණෙං තේරෙනව කිව්වහම ටිකක් මඤ්ඤං වගේ නේද? කාරි නෑ.. අපි හුද්ද හිංගලෙන් පැහැදිළි කොරගමුකො මේන් මෙහෙම..

          මිනිස්සුංගෙ, සත්තුංගෙ ගහකොළ වල ඇඟේ මේ "ජාන" කියන ජාතිය තියෙනව ළමයි.. ඕව තියෙන්නෙ හැම සයිලෙකම මැද තියෙන න්‍යෂ්ටිය කියන අටමගලෙනෙ.. ඔවුව තියෙන්නෙ ළමයි, ෆට්ට දිග නූල් හැටියට, එහෙම නූල් අර සයිලෙ ඇතුළෙ එතිල එතිල තියෙනව.. ඒ දිග නූල් වලට තමා අයිබොං ඩී.එන්.ඒ කියන්නෙ.. අහල ඇතිනෙ, කොල්ල තාත්තගෙ ද කියල ෂුවර් නැතුවහම අර අම්මට හොරෙං කොල්ලව එක්ක ගිහිං චැක් කොර ගන්නෙ.. ආං ඒ ඩී.එන්.ඒ තමා ඉතිං.. මනුස්සයෙක්ගෙ එක සයිලෙක තියෙන ඩි.එන්.ඒ නූල් ටිකේ විතරක් දිග මීටර් දෙකයිළු.. එහෙම සයිලත් ඇඟේ නැතෑ ප්‍රකෝටි ගාණක්.. අම්මට උඩු.. එකෙක්ගෙ විතරක් ඩී.එන්.ඒ ඇති මං හිතන්නෙ ප්ලූටෝ වලට යනකං තංගුස් නූලක් ඔතන්ඩ..
න්‍යෂ්ටිය(Nucleus) වර්ණදේහය(Chromosome) ඩී.එන්.ඒ අණුව සහ ජානය(Gene)

          හරි හරි.. දැන් හිතහංකො ඔය ෆට්ට දිග නූල් කෑලි වල ජුන්ඩි ජුන්ඩි ඒරියා වෙං වෙලා තියෙනව එක එක වැඩේට.. ඒ ජුන්ඩි කෑල්ලකට තමයි ළමයි ජානෙ කියන්නෙ.. ජානෙං කොරන්නෙ ප්‍රෝටීන් හදන එක.. එක ජානෙකිං එක ප්‍රෝටීං එකක් හදනව කියල ගමුකො.. ඒ ප්‍රෝටීං හින්ද තමයි ඇඟේ තියෙන හැම මගුලක්ම වෙනස් වෙන්නෙ.. බුවා උස ද මිටි ද, හම මොන පාට ද, කොණ්ඩෙ මොන පාට ද, හැම ලබ්බම..

          දැන් හිතන්ඩ, මෙහෙම සීන් එකක් වෙනව.. මං කිව්වන්නෙ ජාන කියන්නෙ අර ඩී.එන්.ඒ කියපු ලොකු නූලෙ කෑලි කියල.. සත්තුංගෙ, ගහකොළ වල එක සයිලෙයක් ගත්තොත් ඕකෙ එක වගේ නූල් එකක් නෙමෙයි අයිබොං, දෙකක් තියෙනව (ඔය එක නූලකට තමා මචං වර්ණදේහෙ කියන්නෙ ).. එහෙම නූල් දෙකේ සෙට් ඕනෙම ගානක් සයිලෙ අතුලෙ තිබ්බැහැකිනෙ.. මිනිහගෙ නං තියෙන්නෙ සෙට් විසිතුනයි.. නූල් 46යි.. ඉතිං ළමයි අර එක වගේ නූල් දෙකක් ගත්තොත් ඒ දෙකේ එකම ඒරියා වල තියෙන්නෙ එකම ජාන.. හිතහං එක නූලක මැද ඉඳං යංකිසි දුරක තියෙනව කියල හම කළු කොරන ප්‍රෝටීං එකක් හදන ජානයක්.. ඒ වගේම අනික් නූලෙ තියෙන ජානෙං කොරන්නෙ හම එක්කො සුදු කොරන එක හරි මොකක් හරි..

ස්වභාවික වරණය දුඹුරු කුරුමිණියන් තෝරා ගනියි
          දැං ළමයි, ලොවෙත් සිම්පල් සීන් එකක් තමයි වෙන්නෙ.. අපි අර මුවංගෙ සීන් එකම ගමුකො ආයෙත්.. කකුල් කොට මුවන්ගෙ එහෙම වෙලා තියෙන්නෙ එක ජානෙකිං, දිග උංගෙ දිග වෙලා තියෙන්නෙ ඊට විරුද්ද ජානෙං කියමුකො ලේසියට.. දැං සිංහය මුවොංව මරන්ඩ පනිනව... කකුල් දිග එවුන් හයියෙං දුවල බේරෙනේව.. කොට එවුන්ට සිංහයගෙ බඩ ඇතුළෙ නිමාඩුවක් හම්බෙනව.. ඊට පෂ්ෂෙ මොකෑ වෙන්නෙ.. පැටවු ගහන්නෙ ළමයි ඉතුරු වෙච්චි උං නෙ.. ඉතුරු වෙච්චි උංගෙ තිබ්බෙ කකුල් දිග කොරන ජානෙ උන්ගෙ පැටවුන්ටත් යනව.. කකුල් දිග උන් ඉතුරු වෙච්චි හින්ද ඊළංග පරම්පරාවෙත් කකුල් දිග උන් වැඩියි.. (ඒ කියන්නෙ කකුල් දිග කොරන ජානෙත් වැඩියි ).. කොට උන් මැරිච්චි හින්ද ඊළඟ පරම්පරාවෙ කොට උන් අඩුයි.. ඒ කියන්නෙ ළමයි, සොබාවික වරණෙං තෙඔරල තියෙන්නෙ වෙන කාවවත් නෙමෙයි.. කකුල් දිග කොරන ජානෙ.. අයිං කොරල තියෙන්නෙ කකුල් කොට කොරන ජානෙ.. තමුංගෙ අයිතිකාරයව ඉතුරු කොරගන්ඩ පුළුවං ජාන ටික බේරිලා ඊළඟ පරම්පරාවට යනව.. තමුන්ගෙ අයිතිකාරයට කෙළ කරන ජාන වලට තාප්පෙටම කෙළ වෙනව..

          ඉතිං ළමයි ඔහොම කාලාන්තරයක් තිස්සෙ යද්දි හොඳ ජාන එකතු වෙලා, නරක ජාන වලට කෙල වෙලා, කලිං හිටියට වඩා ලොවෙත් සංකීර්ණ සත්තු හැදෙන්ඩ බැරි ද?   


          ෂරි.. ඒත් මචං ඩෝකින්ස් උන්නැහේ ඔතනිං නවතින්නෙ නෑ.. ඊට පස්සෙ පොර ගේන තියරිය නං ලොවෙත් නෑ.. පොර කියනව, අපි හැදිල ඉන්නෙ වෙන අහවල් කෙංගෙඩියක් හින්ද නෙමෙයි, අපේ ජාන වලට ඕනෙ හින්ද කියල.. කොටිංම අපි නිකං මැශින් ටිකක් විතරයි කියල.. අපිව හදල තියෙන්නෙ අපේ ජාන.. වෙන මොකටවත් නෙමෙයි උංවම බෝ කොරන්ඩ.. හරිනෙ ළමයි.. අපෙයි සත්තුංගෙයි හැමෝගෙම ඇඟවල් හැදිල තියෙන්නෙ, උං වැඩ කොරන්නෙ, තමුංගෙ ඇතුළෙ තියෙන ජාන ටික බෝ කොරගන්ඩනෙ අයිබොං.. කුරුල්ල උගෙ පැටවුන්ට කෑම කවන්නෙ වෙන මගුලක් හින්ද නෙමෙයි.. කුරුල්ලගෙ ඇඟේ තියෙන ජාන වලිං ඌව ඩිසයින් කොරල තියෙන්නෙ තමන්ට නැතත් පැටියන්ට කෑම කවොවන්ඩ.. මොකෑ එහෙම කැවුවෙ නැත්තං පැටවු ටික මැලෙනව.. පැටවුන්ටත් ගොඩක් දුරට තියෙන්නෙ අරූගෙ ජානම නෙ අයිබොං.. 


ඉතිං කුරුල්ලව තමුංගෙ පැටවුන්ට කවොවන්න්නැතුව ඉන්ඩ පොළඹෝන ජාන ටික වඳ වෙලා යනව, මොකද ඒ ජාන තියෙන කුරුල්ලංගෙ පැටවු මැරෙන හින්ද.. කවොවන්ඩ ජාන තියෙන කුරුල්ලන්ගෙ පැටවු ඉතුරු වෙන හින්ද කවෝන ජානෙත් ඉතුරු වෙනව.. එහෙම වෙලා වෙලා ඇවිත් තමයි දැං ඉන්න හැම කුරුල්ලම වාගෙ පැටියන්ට කවොවන්නෙ.. ඔය විදිහට පැටියන්ට කවෝන එකේ ඉඳල අනික් උන්ගෙ කූඩු වල බිත්තර දාන, රැහේ එකෙක් වතුරෙ ගිලෙන්ඩ ගියහම බේර ගන්න යන එක, සමහර වෙලාවට තමුංගෙම පැටියව කාල හරි මරල හරි දාන එක වගේ සත්තු කොරන හැම ලට්ට ලොට්ටයක්ම පොරගෙ "ජීන් තියරි"යෙන් ඇක්ස්ප්ලේන් කොරන්ට පුළුවං කියලයි ඩෝකින්ස් ගොයිය කියන්නෙ.. ළමයි බමයි හැදුවට පෂ්ෂෙ වයසට ගොහිං මැරෙන එක හිටං.. ලොවි ගහෙත් නෑ නේද?

          ඔන්න ඔහොම තමයි ළමයි ජාන වලට සොබාවික වරණෙ වෙන්නෙ.. සොබාවික වරණෙ වෙන්නෙ කාලාන්තරයක් පවතින, තමංවම බෝකොරගන්ඩ පුළුවං මගුල් වලට විතරයි.. (ජාන කියන ජාතියත් කාලාන්තරයක් තියෙනව අයිබොං, මොකෑ ජානෙ තියෙන සතා මළාට, ඌ පැටවුන්ට ජානෙ කොපියක් දීලනෙ මැරෙන්නෙ.. අපේ ඇඟේ තියෙන ජාන හද්ද පරණයි ).. තමුංවම බෝ කොරගන්ඩ පුළුවන් රසායනික කෙමිකල්ස් මුලිම්ම ලෝකෙ හැදිල ඒකෙන් ජීවින් හැදුනෙ කොහොමද කියන එකත් පොර කියනව.. හරි.. එච්චර දුරට යන්ට ඕනැන්නෙ නෑ..    

          හරි.. අපි දැං ඔය කතා කොළේ ලමයි, මාතලානෙ ජීන් නැන්දා නොහොත් ජානය ගැනනෙ.. එතකොට උන්දැගෙ මීම කොහොමද සීන් එකට එන්ටර් වෙන්නෙ?

          මෙන්න මෙහෙමයි.. "හොඳ" ජාන ඩිංග ඩිංග එකතු වෙවී සංකීර්ණ වෙලානෙ මිනිහ හැදෙන්ඩ ඇත්තෙ.... හැබැයි එකක් තියෙන්නෙ මිනිහගෙ (අබ ඇටයක් සයිස් ) ඔළු ගෙඩිය ආවට පස්සෙ, ඒ ගෙඩිය ඇතුළෙ වෙනම සීන් එකක් වෙන්ඩ ගත්ත.. මිනිස්සු මොළේ පාවිච්චි කොරල එක එක ලබ්බවල් කොළා විතරක් නෙමෙයි, ඒව කොරන හැටි අනික් අයටත් පෙන්නන්ඩ ගත්ත.. නැත්තං කතා කොරල, හරි පස්සෙ කාලෙ ලියල හරි, කොම්පීතරේට දාල හරි, තමං දන්න අටමගල අනික් උන්ගෙ ඔළුවලටත් යවන්ඩ ට්‍රයි කොරා.. අපි හැම එකෙක්ම අයිබොං කොරන්නෙ අනික් උන් කියල දෙන ලබ්බවල් වලිං ඔළුව පුරෝගන්න එක නොවැ.. එහෙම පුරෝගත්තු ඒව අපිත් ජුන්ඩක් වෙනස් කොරල වෙන එවුන්ගෙ ඔළු වලට ෆිල් කොරන්ඩ යනව.. ඕකනෙ සීන් එක.. එක මිනිහෙක්ගෙ එක වෙලාවක ඔළුවෙ තියෙන ලට්ට ලොට්ට ටික ඔක්කොම එකතු කොළාම ඒකට තමයි ඒ මිනිහගෙ සඟිස්කුරුතෙ කියල කියන්නෙ..

කලා කෘති, ග්‍රන්ථ, ආගම්, විශ්වාස,
කුසලතා ආදිය මීම ලෙස සැලකිය හැකිය
          ඉතිං "මීම" එන්නෙ කොතෙන්ටද? ඉතිං අපි හැමෝම අනුන්ගෙ ලට්ටලොට්ට ඔළුවල වගා කොරගෙන අනික් උන්ටත් බෙදනව නං ඒ ලට්ටලොට්ටත් ළමයි ජාන වගේම තමංවම කොපි කර කර යන සෙට් එකක් කියන්ඩ පුළුවන් නෙ.. ආං එව්වට තමයි ළමයි ඩෝකින්ස් උන්නැහී "මීමයක්" කියල කිවුවෙ.. දැං හිතහං, ඩ්‍රයිවිං කියන්නෙ එක මීමයක්.. ඒක ඉගෙනගන්ඩ පුළුවං, අනික් උන්ට කියල දෙන්ඩත් පුළුවං.. මැහුම්ගෙතුම් කොරන එකත් එක "මීමයක්" කියල ගන්ඩ පුළුවං.. ආගම කියන්නෙත් ළමයි බෝ වෙන ලෙඩක්නෙ ඔය වගේ.. ඒ හින්ද හැම ආගමකම ඕන්නම් "මීම" කියල ගන්ඩ පුළුවං.. (හැම ආගමේම හරක් ඉන්නෙ කියල එහෙම කිව්වෙ නෑ ඕං.. නඩු දානව එහෙම නෙමෙයි )..
හරි.. කලිං උදාහරණෙං අපි බැලුව හැම ජානෙම ඉතුරු වෙන්නෑ කියල.. ඉතුරු වෙන්ඩ නං ඒ ජානෙ පරිසරේට ගැලපෙන්ඩ ඕනෙ.. සිංහයො කරක්ගහන කැලේක මුවන්ගෙ කකුල් කොට කොරන ජානෙ වඳ වෙලා යාන්ව.. අනික් එක තමයි ළමයි ජාන එක එකට ගැලපෙන්ඩත් ඕනෙ.. දැං හිතහං මුවාගෙ කෑම දිරවන්ඩ ජාන ජාති දෙකක් තියෙනව කියල.. එකකිං කොළ ජාති දිරෝනව.. අනිකෙං මස් ජාති දිරොවන්නෙ.. මුවාගෙ අනික් ජාන මුවාව හදන්නෙ කොළ කන්ඩනෙ ළමයි.. මස් කන්ඩ නෙමෙයිනෙ.. ඉතිං එතකොට කොළ කන මුවාගෙ මස් දිරෝන ජානෙ තිබ්බොත් කෙළිය තාප්පෙටම.. ඒ මුවා මැරෙනව.. ජානෙත් වඳ වෙලා යනව.. ඒ කියන්නෙ ළමයි ජානයක් ඉතුරු වෙන්ඩ නං ඒ ජානෙ, සතාට ෆුල් සප් එකක් දෙන්ඩ ඕනෙ.. ඒ වගේම උගෙ ඇඟේ තියෙන අනික් ජාන වලට ගැපලෙන්ඩත් ඕනෙ..

          ඉතිං ළමයි, ඔය සීන් එක මීම වලටත් අදාලයි.. ඔළුවට දාගත්තු එකාට වැඩක් කොරල දෙන්නෙ නැති මීමෙ ඌ එක්කම වඳ වෙලා යනව.. හිතන්ඩ එක මීමයක් තියෙනව කියල හෙන ශෝක සින්දුවක්, ඇහුවහම මූඩ් ගහල ඉන්න එකක්.. එක්කො මූඩ් ගහපු එවුන් සුවිසයිඩ් කොරගෙන හරි, ෆුල් ෆන් එකේ ඉන්න බුවාල ටික ඒ සින්දුවට අකමැති වෙලා හරි ඒ සින්දුව (මීමය ) වඳ වෙලා යනව.. ඩ්‍රයිවින්, ටයිපින් වගේ මීම කල් අල්ලල තියෙන්නෙ ඒව ඔළුවට දාගත්තු එකාට යූස්ෆුල් හින්ද..
 
          මං කලිනුත් කිව්ව නේද ළමයි ඩෝකින්ස්ගෙ ආගම ගැන.. පොර ඉතිං කොසු ආගමිකයෙක් නොවැ, මේ මං වගේ.. පොරට ආගම කියන්නෙ නිකං හරියට ජලභීතිකාව හැදිච්චි බල්ලට මිදුලෙ ටැප් එක වගේ.. ඉතිං පොර කම්පනා කොරල කොරල අන්තිමේ වර්ක් අවුට් කොර ගත්ත ආගම කියන මීමෙ කොහොමද ලොවෙත් වැඩක් නැති බම්බුවක් වෙලත් ඔච්චර ඉතුරු වෙවී ලක්ෂ ගනන් කොපි වෙවී අළුත් උන්ගෙ ඔළු වලට යන්නෙ කියල.. මෙච්චරයි ළමයි සීන් එක.. මැරෙන්ඩ තියෙන බය.. ඕනෙ බය නැති පාතාලෙ චණ්ඩියෙක් හරි ෆේක්බුකියෙන් හැමෝගෙම්ම ගේම ඉල්ලන සිංහලරාවය කාරයෙක් හරි ගත්තත් ඔළු කට්ට ඇතුළෙ වරිං වර හොල්මක් කොරන හිතිවිල්ලක් අයින් කොරන්ඩ බෑනෙ අයිබොං.. ඉස්සෙල්ලම හිතෙනව "අඩොහ්, මං කවදහරි කූරිය ගහනව නේද?" කියල.. ඊට පෂ්ෂෙන් පහු හිතෙනව "අඩ්ඩොහ්, මලාට පෂ්ෂෙ ඔක්කෝම යිවරායි මොක්කද තමා කොරනවා?" කියල.. ඒක කම්පනා වෙලා බය හිතෙනව.. ගිල ගිල ඉන්න නාසිගුරාං උස්මුරුත්තෙට එනව.. "විලක් කොහේද ගෙම්බෙක් එතන" කිව්වැහෙ බය වෙච්චි එකාව බේරගන්ඩ එන්නෙ ආගම.. ආගම ඇවිල්ල ලවක් දෙවක් නැති බොරු දෙසාබානවා.. අහවල් එක හින්ද අහවල් එක වෙනව, අහවල් එකා අහවල් එකාගෙ සීය, හරි මොකක් හරි බයිලයක්.. 


හැබැයි ඔ කොයි බයිලෙ කිවුවත් අන්තිමට කිනව "අපි කියන විදිහට හිටහන් එතකොට මළාට පෂ්ෂෙ අපේ බොෂ් ඇවිත් උඹව බේර ගනියි" නැත්තම් "කර්මෙ කියන කොම්පීතරේ උඹ කොරන මගුල් ඔක්කොම අප්ඩේට් වෙනව, ලකුණු දාගන්න ඒව වැඩිය කොරොත් දිව්ය ලෝකෙ තමයි" කියල.. ඉතිං ආගම් මීමෙ ඔළුවට දාගත්තු මිනිහත් මොකෑ කොරන්නෙ? මැරෙනව කියන අයිඩියා එක ඔළුවට ආපු හැටියෙ "ආහ්, කමක් නෑ, ආයෙ ඉපදෙනව නැතෑ, මීමත් එහෙම කියනවනොවැ" කියල අධ්‍යාත්මික ආතල් එකක් ගන්නව.. ඉතිං ළමයි, ඒවගේ මීමෙක් ඉතුරුවෙන්නැතුව හිටියොත් තමයි පුදුමෙ..  





46 comments:

  1. අවුරුදු ගානකින් කියෝපු හොදම කථාව. ටැබූටත් වඩා ඉහලයි. ප්‍රශ්ණ ගොඩක් විසදුනා..

    ReplyDelete
  2. මේ කොටස රිපීට් වෙලා.........

    ෂරි ෂරි.. ඉතිං ඕන් අපි බැලුව ඩෝකින්ස් කොහොමෙයි අයි.ඩී කාරයින්ගෙ තං ගොර්ක බිඳ හෙළල ස්වභාවික වරණෙං පරිණාමෙ වෙන්ඩ පුළුවං කියන එක පෙන්නුවෙ කියල.. හැබැයි බොෂ් ජුන්න්ඬි පුරස්නෙකුත් නැතුව නෙමෙයි.. පුරස්නයක් කිවුවට මචං ඒක ඇත්තටම බැලුවොත් වචන වල පුරස්නයක් තමයි.. ඒත් පරිණාමික ජීව විද්යාවෙ පොඩ්ඩක් දුරට යද්දි දැවෙන පුරස්නයක් වෙන සීන් එකක්..
    ස්වභාවික වරණෙන් වඩා ගැලපෙන දේ තෝරගන්නව කියල අපි දන්නව.. ඒත් එහෙම තෝරගන්නෙ කාවද? කොයි ලෙවල් එකේද? දැන් හිතහං බලන්ඩ, එක පළාතක මුවොයි ගෝන්නුයි ඉන්නව කියල..මුවන්ට වඩා ගෝන්නු හයියෙං දුවනව කියල.. කාලයක් යද්දි මුවන්ට වඩා ගෝන්නු වැඩි වෙන එක අහන්ඩ දෙයක් නෙමෙයි, මොකද හයියෙන් දුවන හින්ද සිංහයින්ට ගෝන්නුංව කන්ඩ අමාරුයි.. එතන වෙන්නෙ මුව විශේෂෙට වඩා ගෝන විශේෂෙ සුදුසු හින්ද සොබාවිකව ඒක තෝරගන්න එක.. දැන් හිතන්ඩ ඒ මුවෝ සෙට් එක ගැන.. එච්චර හයියෙං දුවන්නැති හින්ද උං එකසිය ගාණට දඩයං වෙනව.. ඒ මුවන්ගෙ සමහර උන්ට වඩා අනික් උන්ගෙ කකුල් දිගයි.. ආයි අමුතුවෙං කියන්ඩ ඕනැන්නෙ නෑ කකුල් දිග උන් හයියෙන් දුවන හින්ද කකුල් කොට උන් තරං උන් දඩයං වෙන්නෙ නෑ, ඒ හින්ද කකුල් දිග උන් ඉතුරු වෙනව කියන එක..

    ReplyDelete
  3. නිවැරදි කළා.. ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  4. ඇයි බන් උඹ මේ අපට අදාල නැති ලබ්බවල් ගැන පත සයිස් ලිපි ලියන්නේ? උඹ මෙව්වත් දන්නවා උඹ තමයි පොර කියල පෙන්නන්නද? මේවා ක්‍රිස්තියානි ඉස්ලාමිය රටවලට වැදගත් ඇති. අපට වැඩක් නෑ. කලින් ලියපුවා වගේ අපට අදාළ වැදගත් දෙයක් ලියපන්.

    ReplyDelete
    Replies
    1. මොකෝ අපිට වැදගත් නැත්තෙ.......

      Delete
    2. මොකෝ අපිට වැදගත් නැත්තෙ.......

      Delete
  5. උඹට කමෙන්ටුවක් දාන්න හිතෙන් නැති තරමට උඹ කියන එව්වයින් සංතෘප්ත වෙලා යනව නෙව...

    මුවන්ගෙ කකුල් දිග වීමත් එක්ක සිංහයන්ට උන්ව අල්ල ගන්න බැරි වෙනව නම් ඒකත් අවුල්. ඒ නිසා සිංහයන්ගෙ තියෙන ජාන වල විකෘති ඇතිවෙන්නෙ සිංහයන්ටත් වඩා වේගෙන් දුවන්න පුළුවන් හැකියාව ලබා දීලා. ඒ කියන්නෙ ආයෙත් මුවන්ගෙ ජාන වලට ගැලවිල්ලක් නෑ. සිංහයන්ගෙන් බේරෙන්න තවත් වතාවක් විකෘති ඇති වෙනව. මේ විධියට මේ විකෘති වල ඉවරයක් නැති වීම හින්දම ක්‍රමයෙන් ඉදිරියට යන සත්ත්වයා සංකීර්ණ වෙනව.

    මේ කතාව කිව්වට පස්සෙ අර ඔළුගෙඩියෙ ඉන්න මීමන්ගෙන් ගැලවිලා ඒ ගැන හිතුවොත් තේරුම්ගන්න අමාරු නෑ.

    එහෙම හිතන්න බැරි උන් තාම අර ආගම් වගේ මීමන්ව ඔළුව උඩ තියාගෙන ඉන්නව. ඒ වගේ මීමන්ට සලකන්නෙ සිද්ධ වෙන දේ තමන්ට විසඳගන්න බැරි අය තමයි. සමහර විට මීම වැඩ කරන්නෙත් ජීනා වගේම නිසා ඒවත් පුළුවන් තරම් පවතින්න ට්‍රයි කරනව ඇති. හැබැයි එකිනෙකා එක්ක සහජීවනයෙන් ඉන්න තත්ත්වයක් තියෙන සමාජය කියන මගුල හැදෙන්න ඔය මීමො ගොඩක් හේතු වෙලා තියෙනව නේද?

    අර තමුංවම බෝ කරගන්න පුළුවන් කෙමිකල් ගැනත් පස්සෙ දවසක ලියමු :D

    ReplyDelete
  6. ජීනා මැඩම්ලා සොබාවික වරණෙන් කාලයත් එක්ක වෙනස් වෙනවා වගේ මීමන්ටත් සොබාවික වරණයක් තියෙනවද...? එහෙම නැත්තම් මීමෝ සොබාවික වරණයෙන් වෙනස් වෙන්නේ නැති තරමටමද වටිනාකම වැඩි..?

    වෝන්ටු බී අ ෆෑන් මොනා කිව්වත් මේවම ලියපන් හරිද..? මේවම ලියපන්... :D

    ReplyDelete
  7. Want to be a fan

    අඩෝ ‍ගොන් තඩියා. උඹේ ලබ්බට අදාල ඒව ලියන එකක් බලාගෙන හිටපන්. තාඹු ලියන ඒව කිව්වත් වගේ ‍ටැඹු ගේ ලෙවල් එ‍කේ එවා.

    ReplyDelete
  8. ටැබූ නම් මොකෙක්ද? පොර කලේ ගේ සීන් එක අල්ලගෙන කට්ටිය අල්ලගත්ත එක. පස්සෙ පොර මොනව ලිව්වත් එල වුණා.

    ReplyDelete
  9. මේක මරු. තොගේ ඒවා කියෙව්වම කමෙන්ට් එකක් විදියට ලියන්න දෙයක් ඉතුරු වෙන්නෙම නෑ. මරු බං!

    ReplyDelete
  10. මැවීම කියපු ගමන් සිංහල බවුද්දයො හිතන්නෙ තමන්ට වැඩක් නෑ කියල. ඒ වුණාට ඔළුවට දාල තියෙන මීම අනුව කොයි ආගමත් එකයි. වැඩේ කියන්නෙ ඔය ගැන කල්පනා කොරපු චින්තකයො ගොඩක් මැවුම්වාදී පරිසර වල හිටපු අය වීම. මොකද ලංකාවෙ, ඉන්දියාවෙ උන් මේව ගැන අළුතෙන් හිතන අය නෙවෙයිනේ... හිතුවත් එයාලගෙ අදහස් වලට ලෝක මට්ටමේදි ලැබෙන තැන ගැන හිතන්නකෝ.

    අනික පරිණාමය කියන සාධකයට විරුද්ධ ප්‍රධාන තර්කයත් මැවුම්වාදය.

    ReplyDelete
  11. ස්තුතියි කමෙන්ට් වලට..

    හෙයාර් කියන දේ ඇත්තක් තියෙනව.. මුවොන්ගෙ ජාන වලට වෙන සංගෙඩියම සිංහයොංගෙ ජාන වලටත් වෙනව.. හයියෙං දුවන්ඩ පුළුවන් කරන ජානයක් සිංහයොන්ගෙ තිබ්බොත් ඒක ප්‍රමුඛ වෙනව, මොකද මුවෝ වැඩිපුර වේගෙන් දුවන්ඩ පුරුදු වෙනකොට හයියෙං දුවන්ඩ පුළුවං සිංහයොන්ට විතරයි මුවෙක් අල්ලගන්ඩ වෙන්නෙ.. ඒ කතාව සහතික ඇත්ත.. විශේෂ දෙකක් එකට පරිණාමය වෙන්නෙ ඒ විදිහට තමයි.. ඇත්තටම මට එතන පෙන්නන්ඩ ඕනෙ වුණේ එක මොහොතක් උදාහරණෙට අරං, කොහොමද තමුන්ගෙ අයිතිකාර සතාව තියෙන පරිසරේට හුරු කරවන ජාන ඉතුරු වෙන්නෙ කියල.. එතෙන්දි මුවාගෙ ජාන වලට සාපේක්ෂව සිංහය කියන්නෙ පරිසරයේ කොටසක්.. ජාන වලට පරිණාමීය පීඩනයක් එල්ල කරන පාරිසරික හේතුව අචේතනික එකක් (සීතල දේශගුණය වගේ ) වුණත් තවත් ජීවියෙක් වුණත්, එක මොහොතකදි අපි කතා කරන සතාට සහ ඔහුගෙ ජාන වලට වෙන බලපෑමෙ වෙනසක් නෑ නේද? කොහොම හරි ඔයා පෙන්නල දුන්නෙ වැදගත් දෙයක්..

    බීට්ල්.. මීමොන්ටත් ස්වභාවික වරණයක් තියෙනව, ජීන්නුන්ට වගේ.. කලිං කියල තියෙනව වගේ ජාන ඉතුරු වෙන්ඩ නං සතාව පරිසරේට වඩාත් සුදුසු කරන්ඩ ඕනෙ.. අනික් අතට සතාගෙ තියෙන අනික් ජාන එක්ක ඉහගහන්ඩ පුළුවං වෙන්ඩත් ඕනෙ.. මීම ගැනත් කියන්නෙ ඒවාගෙ කතාවක් තමයි.. පරිසරේට නොගැලපෙන මීම ඉතුරු වෙන්නෑ.. සවුදි අරාබිය කියන පරිසරයේ "මොබ් ඩාන්ස්" කියන මීමය ඉතුරු වෙන්නෙ නෑ.. මොකද "මොබ් ඩාන්ස්" මීමය ඒකෙ අයිතිකාරයව පාරෙ නටන්ඩ පොළඹෝල කස පහර දෙන්ඩ සලස්සන නිසා.. ඒත් කුරාණය ලස්සන තාලෙකට කියෝන මීමෙක් ඉතුරු වෙලා බෝ වෙයි.. තේරුණා නේද? හැබැයි ඒ වගේම තමයි සවුදි වල දැඩි ආගමික භක්තිය තියාගෙන හැදිච්චි කෙනෙක් කැලිෆෝර්නියා ගියත් ඒ මිනිහ (හරි ගෑනි හරි ) මොබ් ඩාන්ස් පුරුදු වෙන්ඩ තියෙන චාන්ස් එක අඩුයි.. සතාට ඒකෙන් කස පාර හම්බෙන්නැති වුණත් සතාගෙ මීම ඔක්කොම එකතු වෙළා ඔළුගෙඩිය ඇතුලෙ සඟිස්කුරුතෙ කියල එකක් හැදිල තියෙනව.. ඒකෙ තියෙන අනික් මීම එක්ක කම්පැටිබල් නැති මීමොන්ටත් වැඩි කල් ඔළුව ඇතුළෙ ඉන්ඩ බෑ..

    (මං හිතන්නෙ මීමොන්ට "මීමො" නොකිය ඔය සීන් එක පැහැදිළි කරන ඩයල් එකක් තම්යි නලින් ද සිල්වා.. පෙරදිග සංස්කෘතික වටපිටාවක වියුක්තව සිතීම සහ විද්‍යාවේ මීම ඇති වුණේ සහ ප්‍රමුඛ වුණේ නැත්තෙ ඇයි කියන එක පොරගෙ "මගේ ලෝකයේ" නොකියා කියනව.. ඇත්තටම පොර ඒ කාලෙ "පොරක්".. දැන් නම් නෝ කමෙන්ට්ස්)

    ReplyDelete
  12. මුචලින්ද සහ ඇනෝවරු, ස්තුතියි.. අන්තිම ඇනෝ එක්ක ගොඩක් දුරට එකඟයි.. පෙරදිග සහ බටහිර දර්ශනයන්හි මූලික වෙනස්කම් තියෙනව.. ඒත් විශ්වාසයන්ට එනකොට "මීම" වල හැසිරීමෙ ලොකු වෙනසකුත් නෑ, කවුරු මොනව කිව්වත් "බටහිර" විද්‍යාවට "පෙරදිග විකල්පයක්" ඇත්තෙත් නෑ.. හැදුවත් බටහිර මිනිස්සුන්ගෙ ඔළුවල "උන් සහ අපි" සීන් එක තියෙන්නෙ අපිට වඩා අඩුවෙන් හින්ද උන් ඒක අවශේෂනය කර ගනියි.. හැබැයි පරිණාමයට විරුද්ධ අදහස මැවීම ම නෙමෙයි.. අනන්ත (හෝ අසංඛ්‍ය ) කාලයක් විශ්වය සහ එහි සංඝටක (ජීවීන් ඇතුළුව ) එලෙසම පවතිනව කියන අදහසත් එවැනි එකක් තමයි.. එවැනි අදහස් පෙරදිග මුල් අල්ලල තිබ්බෙ බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නැහැනෙ.. "පෙරදිග දැනුම" මතම පෙරදිග "ශාස්ත්‍ර ප්‍රබෝධයක්" ඇති වුණොත් අපිට බලාගන්ඩ පුළුවං ඕකෙන් පරිණාමෙට එන චැලේන්ජ් එක (විද්‍යාත්මක පදනමක නෙමෙයි, සමාජීයව, බටහිර මැවීමෙන් එන බලපෑම වාගෙ..).. ඒකට මුහුණ දෙන්ඩ නම් බටහිර විද්‍යාකාමින්ගෙන් අපිට ගොඩක් දේ ඉගෙන ගන්ඩ වෙන්ඩ ඉඩ තියෙනව.. අපේම ක්‍රම හොයා ගන්ඩත් වෙන්ඩ ඉඩ තියෙනව..

    ඩෝකින්ස් ඩෝ ඩෝ.. ස්තුතියි ගොඩක්.. නැවතත් ඔබතුමාගෙ උපදෙස් හා නිවැරදි කිරීම් බලාපොරොත්තු වෙනව..

    ළමයි, පොදුවේ යමක් කියන්ඩ තියෙනව.. ටැබූසබ්ජෙක්ට්ස් කියන්නෙ මහා බ්ලොග්කරුවෙක්.. එතුමා කියපු දේවල් එක්ක කෙනෙකුට මත ගැටීම් තියෙන්ඩ පුළුවන්.. මාත් එතුමාගෙ අදහස් 100%ක් පිළිගන්නෙ නෑ.. ඒ නිසා ටැබූ සහ තාඹු (වන ළඟදි බ්ලොග් ලියන්ඩ ගත්තු මම ) කම්පෙයාර් කරන්ඩ පුළුවං කියල මම හිතන්නෙ නෑ.. මම මෙසේ යම් විෂයක් ගැන මම දන්න පොඩ්ඩ රස කරල ලිවුවට ටැබූට ගොඩක් තමුන්ගෙම අදහස් තිබුණ කියල මම හිතනව.. අනික එතුමා ගොඩක් ඩීල් කළේ සමාජෙ වෙන එක එක සිද්ධි අරගෙන කෙළින්ම.. ඒ මට්ටමේ අප්ඩේට් වෙන බ්ලොග් එකක් කරන්ඩ පෞද්ගලිකව එච්චර කැමැත්තක් නෑ, මොකද සමාජෙ එදිනෙදා වෙන දේ ගැන (ඉස්සර වගේ නෙමෙයි ) දැන් හැමෝම වගේ ලියන නිසා.. අනික එක කණ්ඩායමකට හරි, එක පක්ෂෙකට හරි කඩේ යන්ඩවත් දෙහි කපන්ඩවත් මම උත්සාහ කරන්නෙ නෑ.. සමාජෙ ඉන්න අහවලා නරකයි කියන එක එච්චරම ක්‍රෙඩිබල් කතාවක් නෙමෙයිනෙ ළමයි..

    කොහොම හරි මේ බ්ලොග් එක අපි ටැබූ (හරි වෙනත් බ්ලොග් කරුවෙකුට හෝ වෙනත් කෙනෙකුට ) පුද්ගලිකව බණින්ඩ තැනක් කර නොගම්මු කියල ගෞරවයෙන් ඉල්ලා සිටිනව..

    ReplyDelete
  13. @ano
    "අඩෝ ‍ගොන් තඩියා. උඹේ ලබ්බට අදාල ඒව ලියන එකක් බලාගෙන හිටපන්. තාඹු ලියන ඒව කිව්වත් වගේ ‍ටැඹු ගේ ලෙවල් එ‍කේ එවා."

    බොලට තමයි හුත්තෝ අනුගාමිකයෝ කියන්නේ. බොලට තමන්ගේම කියල දෙයක් හිතාගන්න බැහැ.ටැබූල වගේ පොරවල් ලියන ඒවා කියවල හරි චෝයි කියල චුන් වෙන වේසිගෙ පුතාල. තාඹුවාම කිව්වා වගේ ඌට ටැබුට ලන්වෙන්නවත් බැහැ. මම ටැබූ ලියුව කෙනා කව්ද කියල දන්නවා.බ්ලොග් අවකාශේ බොහෝ අය මේ වෙනකොට දන්නවා ටැබූ කියන්නේ කව්ද කියල. තාම්බුවට ලන්වෙන්නවත් බැරි රියල් පොරක් තමයි හුත්තෝ ටැබූ.
    බලපන් මේ මැවුම් වාදයක් අල්ලාගෙන තාඹුවා නටන නාඩගම. මෙලෝ සතෙකුට මෙලෝ වැඩක් තියෙනවද මේකෙන්. බුද්ධාගමේ තියෙන දේවල් ගැන මු වචනයක් කියනවද? නෑනේ. කරොත් අර වලපයයි ගොඩපයයි ඉන්න අහිංසක නලියට නෙලනවා. ටැබූ කෙලින්ම නැතත් වටෙන් හරි ඇවිත් බුදුදහම ගැන කතා කරා. මන් ඕන තැනක බෙට් කරනවා තාඹුවා නම් වචනයක් ඔය ගැන කතා කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි වෝන්ට් ටු බී අ ෆෑන් මචන්. ලංකාව තියෙන්නෙ ලෝකෙ ඇතුලේ මිසක් ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ නෙවෙයි. :D

      Delete
  14. @want to be a fan
    ඉතිං කොහෙ කසනවටද තමුසෙ මේ වැඩක් නැති දේවල් බලන්නෙ?? පාඩුවේ ඉන්නවකො! තොට ඕන ඒව ඌ ලියන්න ඕන කියල කියන්න උඹ මොකෙක්ද?

    ReplyDelete
  15. @ අන්තිම ඇනෝ... මේකයි මචෝ... මේකෙ මාතෘකාව දැක්ක ගමන් වෝන්ටුබීඅෆෑන්ට මේක කියවන්න හිතෙනව. කියවගෙන යනකොට මේකෙ තියෙන්නෙ බටහිර ආගමික පසුබිමක කතාවක්. ඒක පොරට දිරවන්නෙ නෑ. එහෙම නැත්තං ඒ ගැන දන්නෙ නැති නිසා පොරට කියන්න දෙයකුත් නැති වෙනව. නිකං බවුද්ද කතාවක් ඇදල අරන් තිබුණ නං පොරටයි පොරගෙ සෙට් එකටයි මේකෙ තොවිලයක් නටන්න පුළුවන්නේ. ෆෑන්ට වෙලා තියෙන්නෙ බටහිර මීමයි, පෙරදිග මීමයි, බවුද්ද මීමයි අරකයි මේකයි එක උඩ එක අතිපිහිතවීමක්.

    අනික ෆෑන් කවුද කියලත් හිතාගන්න පුළුවන්නේ.

    ReplyDelete
  16. @ Ano above me:

    LMAO :D

    @ Thabu:

    Well done machan. Keep them coming!

    ReplyDelete
  17. "අපි කියන විදිහට හිටහන් එතකොට මළාට පෂ්ෂෙ අපේ බොෂ් ඇවිත් උඹව බේර ගනියි"

    ඇත්තෙනම් විවිද මීම (අපි හිතමු ආගම් කියල) අදහන අය මැරුණයින් පස්සේ යන්නෙ එක එක අහා. ඒකත් සෑහෙන ගැටළුවක්.

    සුදුසු කෙනා ඉතිරි වෙනව කියල හිතුවට , සුදුසු පරිසරෙයේ ඉන්න කෙනා ඉතිරි වෙනව වෙන්න බැරිද? දක්ෂතමයි වරණය වෙනව කීවට , දක්ෂකම ලැබුනෙ අදාල පරිසරය නිසා වෙන්න බැරිද ? ඒ කියන්නේ පරිසරයෙන් අදාල කෙනාව තෝර ගන්නව මිසක් හොඳම කෙනා ඉතිරි වෙනව නෙමෙයි .

    හොඳ විද්‍යා පාඩමක් සමඟම ගොඩක් දේ...ස්තූතියි.

    ReplyDelete
  18. ළමයි පොඩ්ඩක් දෙල් වෙලා වාගෙ නේද වැඩේ??

    වනබීයෆෑන් : මචං උඹේ අදහස් අගය කරනවා.. කොහොම වුණත් "අපිට අදාළ දේවල්" කියල වෙනස් කරල ගන්ඩ පුළුවන් "දේවල්" ජාතියක් නම් මට පේන්නෙ නෑ.. ඔය කොයි බයිලෙත් අපිට අදාළයි.. භෞතිකව ලංකාවෙ හිටිය කියල ලංකාවෙ උං කියන කරන මළදානම ෆෝකස් කරන්ඩ කියල එකක් නෑ.. මට ඕන්නෑ මැවුම්වාදෙට "කෙළ කරන්ඩ".. ඒත් ඩෝකින්ස් කියපු මගෙ විශ්වාසෙ දිනාගත්තු සම්භවය ගැන ඒ තියරිය විස්තර කරන්ඩයි මට ඕනෙ.. ඒකට අගේන්ස්ට් එකට ආව නම් ආවෙ මැවුම්වාදය හින්ද ඒක කම්පෙයාර් නොකර කතාව කියල වැඩක් නෑ.. ඕකෙන් මැවුම්වාදෙට විතරක් නෙමෙයි ඒක අනික් පැත්තට (සන්තත අවස්ථා වාදෙට -බෞද්ධ කල්ප කතන්දරෙත් ඒවාගෙ එකක්-) වදින හැටිත් මට ලාවට පේනව.. ඒක ලාවට විතරක් පේන්නෙ ඒකෙන් එච්චර රෙසිස්ටන්ස් එකක් ආපු නැති හින්ද විතරයි.. ඔය සීන් එක ගැන කම්පැරටිව් විදිහට ඊළන්ග පෝස්ට් එකෙන් කතා වෙයි.. අර අන්තිම ඇනෝ කියපු "තොවිලෙ"ත් උඹට එතකොට නටාගන්ඩ පුළුවන් වෙයි.. :ඪ්.. බෞද්ධ මාෆියාවෙ ඈයො රට කන එක වෙනම සීන් එකක්.. බුද්දාගමේ අයිඩියොලොජි එකයි විද්‍යාවයි අතර සීන් එක තවත් එකක්.. පළවෙනි එක ගැන (මමත් ඇතුළුව ) ගොඩක් අය ගොඩක් තැන් වල කියන හින්ද ඒකට මේ බ්ලොග් එක වෙං කරන්ඩ ඕනෙ නැති වෙයි.. දෙවෙනි එක ගැන ඊළඟ පෝස්ට් එකෙන් සෑහෙන දුරට කියවෙයි.. වදින තැනකට වැදිච්චි දෙන්..

    ReplyDelete
  19. ස්තුතියි මාලන්..

    සොඳුරු සිත, හොඳ ප්‍රශ්නයක්.. විවිධ මීම වලට වඩා මම නම් ඕක විස්තර කරන්ඩ කැමති විවිධ සඟිස්කුරුති කියලයි.. (නලින් උන්නැහෙත් මාත් එක්ක එකඟ වෙයි ).. එසේ පැවතීම ඉතාම සිත්-ඇදගන්නා සුළු සිද්දියක් තමයි, ඒත් ඒක "පුදුමයක්" කියල නම් මට හිතෙන්නෙම නෑ.. ඔය විවිධ සංස්කෘති කම්පෙයාර් කරල බලන්ඩකො "විවිධ ජාන කිටු" එක්ක.. කොටියගෙ ජානයි මුවාගෙ ජානයි සෑහෙන දුරට (95%ට වඩා ) සමානයි.. ඒත් වෙනස් වෙන ඉතාම සුළු ජාන ප්‍රතිශතය මගින් (අපිට පේන විදිහට ) එකිනෙකට බොහෝ වෙනස් විදිහට ක්‍රියා කරන සත්තු දෙන්නෙක්ව හදනව.. හැබැයි මොකක් හරි නිශ්චිත දෙයක් ගත්තොත් (උදා :- හිමොග්ලොබින් අණු නිපදවීම ) ඒකට තියෙන ජානය නම් සමාන වෙන්ඩ සෑහෙන ඉඩක් තියෙනව.. නමුත් ආහාර ජීර්ණය, දත් වල ස්වභාවය වාගෙ යම් ලක්ෂණ කිහිපයක් ඒ ඒ සතාට ආවේණික වෙනව.. ආගම් ගැනත් තත්ත්වය ඕකම නෙමෙයිද? ඒබ්‍රහමික ආගම් සකස් වුණේ යුදෙවු, ක්‍රිස්තියානි , ඉස්ලාම් සංස්කෘතීන් අනුව.. ඒ වගේම ඒ සංස්කෘතීනුත් ඒ ආගම් වලින් හැඩගැස්සුවා.. (ආගම කියන්නෙ සංස්කෘතියක නිකම්ම නිකම් මීමයක් නෙමෙයි, සෑහෙන බලපුළුවන්කාරකමක් පෙන්වන, අනික් මීම හසුරුවන්ඩ පුළුවන් මීමයක්.. පෙළක් විඩේට මුළු සංස්කෘතියම උනත් ඒකෙන් හසුරවනවා).. ඒ ආගම් වල ඉගැන්වෙන්නෙ මරණින් මතු සදාකාලික සැපත හෝ නිරය.. ඒත් ඊට වෙනස් පසුබිමක හටගත් පෙරදිග ආගම් වල කතන්දරය වෙනස්.. ආරම්භයක් හෝ අවසානයක් කිව නොහැකි සංතත අවස්තා ප්‍රවාද මත තමයි පෙරදිග සංස්කෘතින් ගොඩනැගිල තියෙන්නෙ.. ඊට සමගාමීව බුදු දහම සහ හින්දු දහමෙ "මරණින් මතු" සංකල්පෙත් වෙනස්.. "ආගම" වගේම "මරණින් මතු ඉගැන්වීම" කියන එකත් වෙනම මීමයක් කියල ගන්ඩකො.. එතකොට තේරෙයි "සදාකාලික සුරපුර" මීමය පෙරදිග අනෙකුත් ආගමික, සංස්කෘතික (මීම වලින් සෑදුණු ) මානසික පරිසරය තුළ ප්‍රමුඛ වෙන්නෙ නැති බව.. පුනර්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීමට බටහිර සංස්කෘතියෙදි වෙන්නෙත් ඒ සංගෙඩිය තමයි..

    ඔබේ අනික් ප්‍රශ්නෙත් වැදගත් එකක් තමයි.. මෙහෙමයි මිස්.. "සුදුසුකම" "දක්ෂතාවය" වගේ දේවල් අතිශයින්ම සාපේක්ෂ කරුණු.. දැන් අපි හිතුවොත් ඔක්සිජන් ප්‍රවාහනයට එතරම් හොඳ නැති හිමොග්ලොබින් අණුවක් සහ ඊට වඩා කාර්යක්ෂම අණුවක් අතර තරඟයක් තිය්නව කියල.. (තරඝෙ ඇත්තටම තියෙන්නෙ ඒ දෙක හදන ජාන අතර ).. හරි.. මොන පරිසරයක වුණත් වැඩියෙන් කාර්යක්ෂම ජානය ඉතුරු වෙන්ඩ බොහෝ ඉඩක් තියෙනව.. ඒත්, "සුදුසුයි" කියන එක නම් ඊට වඩා ගොඩක් සාපේක්ෂයි.. හිතන්ඩ හිම වළසෙක්.. ඌට කලින් හිටපු ආදිතමයින් ඒ පරිසර වෙනසට මුහුණ දෙන්ඩ නැතෑ.. එතෙන්දි ඔවුන් තුළ ක්‍රම ක්‍රමයෙන් තමුන්ග ධාරකයව සීතල දේශගුනයකට හුරු කරවන ජාන ඉතුරු වෙලා ප්‍රමුඛ වෙලා තියෙනව.. එතෙන්දි "සීතලට හුරු කරවිම" සැලකෙන්නෙ "සුදුසුකමක්" හැටියට.. නමුත් හිතන්ඩ පරිසරය කෙටි කාලයක් ඇතුළත උණුසුම් වුණා කියල.. කලින් "සුදුසුකමක්" ලෙස අපි සලකපු ගුණාංගයම දැන් "නුසුදුසුකමක්" කියල අපිට සලකන්ඩ සිද්ධ වෙනව, මොකද තාපය රැක ගැනීමේ ජාන වල ක්‍රියාව නිසා සතා උෂ්ණය වැඩි වෙලා මැරෙන්ඩ පුළුවන් නිසා.. ඔය අපි කිව්වෙ පරිසරයට සාපේක්ෂව.. ඒ වගේම අමතක කරන්ඩ එපා සතාගෙ "ජාන කිටුව"ට සාපේක්ෂවත්, සුදුසුකම්, නුසුදුසුකම් වෙනස් වෙන බව.. මස් ඉරා ගැනීම සඳහා වන උල් දත් ඇති කරන ජානයක් තිබ්බොත් ඒක කොටියගෙ ජාන කිටුව තුළ "සුදුසු" ජානයක් වෙලා ප්‍රමුඛ වෙනව, මොකද සතාගෙ මුළු ජාන කිටුවම හැදිල තියෙන්නෙ මස් කන විදියට.. ඒත් ඒ ජානෙම තිබ්බොත් මුවෙකුට ඒක "නුසුදුසු" ජානයක් එකක් වෙනව.. ඉතිං "සුදුසු" "නුසුදුසු" වශයෙන් නිරපේක්ෂව වෙන් කර ගන්ඩ පුළුවන් ජාන (හෝ මීම ) ඇතියි කියල මම හිතන්නෙ නෑ..

    ReplyDelete
  20. "අපි කියන විදිහට හිටහන් එතකොට මළාට පෂ්ෂෙ අපේ බොෂ් ඇවිත් උඹව බේර ගනියි"
    මේක තමා සිරාම කථාව.. හිනා කාලා මැරෙනවා.. එත් ඇත්තම තමයි නේද හැම ආගම් මීමෙක්ම බැලුවාම.

    බෞද්ධ දර්ශණේ ගැනත් තාඹගේ අදහස දැනගන්න කැමතියි. එත‍කොට රෙද්ද උස්සං එන කට්ටියක් ඉන්නවා ඒකට. එත් උන් විතරක් නෙවෙයිනේ මේ ර‍ටේ ඉන්න ඕනේ.

    ReplyDelete
  21. ඇනෝ.. ස්තුතියි කමෙන්ටුවට.. හොඳ ප්‍රශ්නයක්.. බෞද්ද දර්ශනේ ගැන නම් ඇහුවෙ ආයි මං වගේ අපතයෙකුට කියන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ.. සිරාම දර්ශනයක්.. ලොවෙත් නෑ.. මිනිස් මනසෙ ක්‍රියාකාරිත්වය ගැන මිනිසාගෙ දුක් කරදර ඇති වෙන හැටි ගැන ඒව ටැකල් කරන හැටි ගැන එච්චර සිරා විග්‍රහයක් මම තවත් දැකල නෑ.. හැබැයි ඒ දර්ශනේ ගන්ඩ වෙලා තියෙන්නෙ (බුද්ධ කාලෙම හරි පස්සෙ කාලෙ හරි ) එකතු වෙච්චි, එකතු කරපු හැටහුටහමාරක් තාර බර ඇරල.. (ලිටරලි ගත් ) කර්මය සහ පුනර්භවය ඒ "තාර බරට" අයිතියි කියල තමයි මට හිතෙන්නෙ.. කොහොම උණත් එතෙන්දි මම වැරදි වෙන්ඩ සෑහෙන සම්භාවිතාවකුත් තියෙනව.. ඔය කතාව හැබැයි ඔයිට වඩා සෑහෙන සංකීර්ණ එකක්.. ඒ වගේම "තාර බර ඇරපු" බෞද්ධ දර්ශනේ කියල මම හිතන එක ගැනත් මගෙ එකඟ නොවීම්, විවේචන නැත්තෙ නෑ.. ඒත් ඒව "ගෞතම වැරදියි, බුද්ධික හරි" කියන ඇරගන්ට් ස්ථාවරේට එන්ඩ පුළුවන් විවේචන නෙමෙයි.. ගෞතම ශ්‍රේෂ්ට දාර්ශනිකයෙක් කියන එකේ ආයි දෙකක් නෑ.. තාඹුව වගේ ගොතයෙකුට "විවේචන" ඉදිරිපත් කරන්ඩ පුළුවන් අහළකින්වත් ඉන්න කෙනෙක් නෙමෙයි.. ඒත් යම් කරුණක් ගැන එතුමාගෙ ඉන්ටර්ප්‍රිටේෂන් එක තාඹුවගෙ ඉන්ටර්ප්‍රිටේෂන් එක නොවෙන්ඩ ඉඩ තියෙනව.. ඒ ගැන ඉඩක් ලැබුණොත් මම විස්තර කරන්නම්කො එහෙම වෙන තැන් කිහිපයක් ගැන.. එතන තියෙන්නෙ ළමයි හැබැයි "මේක හරි, අරක වැරදියි" වගේ විග්‍රහයක් නම් නෙමෙයි..

    "බෞද්ද දර්ශනේ" ආරක්සා කොරන්ඩ "රෙදි උස්සගෙන" එන කෂ්ටිය බෞද්ද දර්ශනේ දන්නව වෙන්ඩ බෑනෙ ළමයි.. එයාල ගැන කරන කතාවකට බෞද්ද දර්ශනේ ගාවගන්න එකත් අර ශ්‍රේෂ්ට මනුස්සයට කරන අපහාසයක්.. උන් ආරස්සා කොරන්ඩ තනන්නෙ වෙන සීන් එකක්.. උන්ව විවේචනේ කොරන්ඩ ගත්තොත් ලියල ඉවරයක් කරන්ඩ බැරි වෙන එකයි නිකං ඇඟේ ඇඩ්‍රිනලින් පිච්චෙන එකයි මිසක් වෙන පොරෝජනයක් නැති හින්ද මේ බ්ලොගේ උන් ගැන කුරුටු ගාන්ඩ එච්චරම බලාපොරොත්තුවක් නැතුවා.. වෙන තැන් වල අවස්ථෝචිතව උන් ගැන කියන්ඩ ඕනෙ දේ මම කියනවා..

    කොහොම හරි තව සෙට් එකක් ඉන්නව අපේ අවදානෙ දිනා ගන්ඩ උවමනා.. ඒ තමයි බුද්දාගම විද්‍යාත්මකයි කියල "ඔප්පු කරන්ඩ" ට්‍රයි කොරන සෙට් එක.. ඒ උත්සාහෙට සහය දෙනවද කොක්ක දානවද කියලවත් තාඹුවට තාම හරි විග්‍රහයක් නෑ.. කොහොමෙන් හරි ඊළඟ බ්ලොග් පෝස්ට් එකේ ඒවගේ කතන්දරයක් ටිකක් දුරට යයි.. ක්‍රිස්තියානි ආගමයි විද්‍යාවයි ගලපන්ඩ කෙනත් මිලර් උන්නැහෙ දෙන ගේමයි බුද්දාගංකාරයින්ට ඕකෙ ඉම්ප්ලිකේෂන්සුයි ගැන තමා "කෙටියෙන්" මම කියන්ඩ යන්නෙ.. කොහොමෙන් හරි විද්යාවෙං බුද්දාගම ඔප්පු කොරල ඒ බුද්දාගමෙම්ම විද්යාව බොරු කොරන්ඩ යන සෙට් එකකුත් ඉන්න හින්ද විද්යාවයි බුද්දාගමයි කම්පැටිබල් ද නැද්ද කියන එක මට අදාල නැති උනාට, ඒ දෙක සාමකාමීව සෙට් කරන්ඩ යන අය එක්ක විචාරයේ, විමර්ශනය වෙනුවෙන් පොඩ්ඩක් සංධානගත වෙන්ඩ බැරි හේතුවකුත් මට නෑ.. උං කියන කතාව පිලිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්.. දැනට කියන්ඩ තියෙන්නෙ බවුද්ද සොයුරු සොයුරියන්ට, බුද්දාගම විද්යාත්මක නෑ කියල මූණ එල්ලගන්ට කාරියක් නෑ.. මම පිළිගන්න සදාචාර දර්ශනේ තමයි මානවවාදෙ.. ඒක විද්යාත්මකත් නෑ.. (නෑ කියල කියන්නෙ වෙන කෙනෙක් නෙමෙයි, අර උඩ පින්තූරෙ ඉන්න ඩෝකින්ස් මයි.. ඒ උනාට පොරත් මානවවාදියෙක්!!!)

    ReplyDelete
  22. අද තමයි සම්පූර්නයෙන්ම කියවල ඉවර කරන්න ඉඩ ලැබුනෙ.

    මම හිතන්නෙ මේක අපිට ලංකාවේ වීම නිසා අදාල නොවන දෙයක් නෙමෙයි. අසම්මත බ්ලොග් එක ලියන කෙනාට මම ෆෝවර්ඩ් කලා මට ආපු හෙන දිග චැට් පෙලක්, දේවවාදී කෙල්ලෙක් මාව මැවුම්වාදය ගැන අන්දවන්න හෙන ට්රයි එකක්.

    ඒක නිසා මම කියන්නෙ මේව අපිට අද්ෆාල නෑ කියල පැත්තකට දාන්න බෑ කොහොමටවත්. මීම vs මීම

    දේවවාදියෙකුට පරිනාමය පැහැදිලි කරන එක හරියට අර අශ්වයෙකුට කලනයද මොකද්ද උඟන්වනවටත් වඩා අමාරුයිලුනෙ.. ඉතින් මේකි කියන කෙස් පැලෙන තර්ක හින්ද පරිනාමය ගැන නොදැන හිටියනම් මමත් අල්සමහර විට ඒකි කියපු දේවල් විශ්වාස කරන්න ඉඩ තියෙන්න ඇති..

    මෙන්න ලිංක් එක: http://asammata.blogspot.com/2011/04/facebook-evangelical-muslim-chick.html

    ReplyDelete
  23. ඔබේ ලිපියේ සහ කොමෙන්ට් වල "විද්‍යාව", "විද්‍යාත්මක පදනම" යන වචන දුටුවෙමි. ඔබ මේවා ට ලබා දෙන නිර්වචන මොනවාද? ඔබගේ ලිපිය තේරුම් ගැනීමට නම් ඔබ මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතු බැවින් ඔබගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.


    --කපිල ("බෞද්ද දර්ශනේ" ආරක්සා කොරන්ඩ "රෙදි උස්සගෙන" එන කෙනෙක්)

    ReplyDelete
  24. විස් කන්, ස්තුතියි, කාලෙකින් අදයි බ්ලොග් එකට ආවෙ.. ඔන්න ඔය ඈයින්ටත් දැන් හරහට හිටල තියෙන්නෙ පරිණාමවාදෙ බව තමයි පේන්නෙ.. ඊළඟ පෝස්ට් එක දැමීමට මම අසාමාන්‍ය ලෙස පරක්කුයි.. ඒ ගැන සමා වෙන්ඩ.. පරිණාමවාදය ඒබ්‍රහමික ආගම් බිඳ හෙළනවද කියන ප්‍රශ්නෙයි, ඔය දෙක අමුණන්ඩ කෙනත් මිලර් විද්වතා ගත්තු ප්‍රශස්ත උත්සාහෙකුයි තමයි මම කියන්ඩ අදහස් කරන්නෙ.. විද්‍යාත්මක ඉගැන්වීම් සමග ටර්ම් එකකට එන එක මිසක් ඒක අමුවට (හෝ උයා ) බැහැර කිරීමෙන් ඒබ්‍රහමික හෝ ඒබ්‍රහමික නොවන මොනම ඇදහීමක් ඇති කෙනෙකුටවත් තමුන්ගෙ ආගමේ පැවැත්ම තහවුරු කරගන්ඩ බැරි වෙයි කියන ස්ථාවරේ තමයි මම ඉන්නෙ.. ඔබ පැවසූ තැනැත්තිය ගැන මම කමෙන්ට් නොකරන්නෙ පරිණාමය සහ වෙනත් විද්‍යාත්මක කරුණු ගැන ඇගේ "ටේක් එක" එම සංවාදෙන් එළි නොවෙන නිසා.. ඔබේ ස්ථාවරේ ගැනත් යම්කිසි ගැටළුවක් මට නැත්තෙම නෑ.. පරිණාමය පිළිගන්නා පමණින් යමෙක් අදේවවාදියෙක් විය යුතු වගේ කතාවක් ඩෝකින්ස් කියනව.. ඒකට මම මුළුමණින්ම එකඟයි කියල කියන්ඩ අමාරුයි.. මොකද ඔය දෙකම (විවිධ මට්ටම් වලින් අමුණගෙන ) පිළිගන්න මිනිස්සු ඉන්න නිසා.. කොහොම හරි දේව ඉගැන්වීම් හරි වෙන මොන මගුලක් හරි නිසා පරිණාමවාදය ඩවුන්‍රයිට් බැහැර කරනව නම් ඉතින් ඒක මෝඩකමක්..

    කපිල, අනේ මන්ද, මටත් ඕව ගැන තේරුමක් නෑ.. "විද්‍යාව" කියන එකට තේරුම් හැටහුටහමාරක් ඇති.. ඒත් මෙම බ්ලොගේ බොහෝ වෙලාවට "විද්‍යාව" කියල අදහස් වෙන්නෙ "සයන්ස්" කියල ඉංග්‍රීසියෙන් කියපු දේ.. දාර්ශනිකයෙක් නෙමෙයි හින්ද ඕකට මං දෙන නිර්වචනෙ හරියටම හරි යයි ද මන්ද.. අපි කියමුකො පරික්ෂා කර බැලිය හැකි නිරීක්ෂණ ආශ්‍රයෙන් විවිධ සිදුවීම් හා කාරණා වලට "ස්වභාවික පැහැදිළිකිරීම්" සහ ස්වභාවික පුරෝකථනයන් සපයන දැනුම් පද්ධතියක්ය කියල.. මූලික වශයෙන් කෙරෙන්නෙ විවිධ නිරීක්ෂණ කරනව.. එම නිරීක්ෂණ සෑහෙන විශ්වසනීයත්වයකින් යුතුව නැවතත් කළ හැකියි.. ඒ ඇසුරෙන් විවිධ දේවල් වලට, සිද්ධි වලට පැහැදිළි කිරීම් දෙනව.. ඒව "ස්වභාවික පැහැදිළි කිරීම්".. ඒ වගේම අර කියපු "නිරීක්ෂණ" ඇසුරෙන් අතීතය සහ අනාගතය ගැන විශ්වසනීය "පුරෝකථනයන්" දෙනව.. ඕක ඉතිං මට තේරෙන හැටි.. "විද්‍යාත්මක පදනම" කියන්නෙ මගෙ හිතේ ඔය දැනුම් පද්ධතිය මත පදනම් වුණා කියන එකනෙ.. (දැන් ඉතින්, "නිරීක්ෂණ", "ස්වභාවික", "විශ්වසනීය", ආදියත් නිර්වචනය කරන්ඩ කියල ඉල්ලන්ඩ එපා.. මොකද එක පැත්තකින් මම දාර්ශනිකයෙක් නෙමෙයි.. අනික් පැත්තෙන් අනන්තය දක්වා නිර්වචන ඉදිරිපත් කරන්ඩ පුළුවන් කියල හිතන එක විහිළුවක්.. එකම රෝදෙ වටේ කැරකෙමින් රෝදෙ හැම ස්ටෙප් එකක්ම ඊට කලින් ස්ටෙප් එක මගින් නිර්වචනෙ කරෝගන්න එක වෙනම කතාවක්.. )

    ඇත්තම කිවුවොත් කපිල, මම හුදී ජනයෙක්.. මේක ලියල තියෙන්නෙත් හුදී ජන ලෙවල් එකෙන්.. (එහෙම ලෙවල් එකක් ද තිබේ ).. ඒ අයට නම් ඒ ලෙවල් එකෙන් තේරුම් ගන්ඩ ලොකු ගැටළුවක් වෙලා නෑ මට ආරංචි හැටියට..

    ReplyDelete
  25. මහත්මය මට මෙහෙම හිතෙනව.........

    අාගම වගේ දේවල් ගහන වලිං අයිං නොවෙන්නෙ එ්නව කොච්චර ටොංපච උනත් එ්ව අැත්ත කියල පිලිගන්නාලෙස පෙර පරම්මරා වලික් කරන බලපෑම කියල මට හිතෙනව... මේ ගැන ඔබ මොකද හිතන්නෙ?

    ReplyDelete
  26. ඔබ තුමාගේ විද්‍යාව ගැන අර්ථ දැක්වීම ට සමාන දෙයක් කාලෝ ෆොන්සේකා කියන මනුස්සයත් කලින් කියලා තිබ්බා. හැබැයි, මම දන්නා විදිහට dan මිනිහා උනත් ඔය අර්ථ කථනය ප්‍රසිද්දියේ කියන්ඩ යන්නේ නෑ. සමහර විට මිනිහට වයසත් එක්ක තේරිලා ඇති, වෛද්‍ය විද්‍යාව වගේ හුදු තාක්ෂණික ශිල්පයක් ඉගෙන ගත්තට විද්‍යාව ගැන කතා කරන්ඩ බෑ කියලා. ඒ කෙසේ වෙතත්, ඔය වගේ අදහස් විද්‍යාවේ දර්ශනයෙන්ම ප්‍රතික්ෂේප වෙලා අවුරුදු 80 කට වැඩියි කියලා සහතිකේටම කියන්ඩ පුළුවන්. ඒ පොපර්ගේ අසත්‍යකරණයෙන් පස්සේ.

    -----කපිල ......

    "විශ්වාසනීය බව", "ස්වභාවිකත්වය" යන වචන වල නිර්වචන ඉල්ලන්ඩ එපා කියන එකෙන් ම පැහැදිලියි ඔබ තුමාගේ අර්ථ කථනයේ වැරදි ඔබ තුමාට ම තෙරෙනේවා කියලා. තේරෙන්නේ නැත්තං කියන්ඩ ඒ ගැන සංවාද කරන්ඩත් ලෑස්තියි.

    ඉතින් මිත්‍රයා, විද්‍යාව කියන වචනය ගැන හරි අවබෝධයක් නැතුවද "බුදු දහමේ විද්‍යාත්මක/අවිද්‍යාත්මක බව, පොඩි උන්ගේ විද්‍යා බත් පත ගැන, පෙරිදිගට විද්‍යාවක් තිබිය නොහැකි බව" වගේ කතා බ්ලොග් වල ලියන්නේ?

    මම නම් බුදු දහම ආරක්ෂා කරන්ඩ රෙදි උස්සං එන කෙනෙක් තමයි. හැබැයි මම බුදු දහම ගැන නම් දන්නවා. ඔබ තුමා තාර බර අතහැරලා බුදු දහම ගැන කියන්න යද්දී අපේ දැනුම balaa ගඳ පුළුවන් weyi. ඔබ තුමා කර්මය, පුනර්භවය අතහැරලා බුදු දහම පැහැදිලි කරද්දී සහතිකෙන් ම හොඳ විහිලු සපයාවි. අන්තිමට එකක් නම් පැහැදිලියි උනා. විද්‍යාව වෙනුවෙන් රෙදි ගලවාගෙන යන මිනිස්සුන්ට, විද්‍යාව ගැනවත් පැහැදිලි අවබෝධයක් නැහැනේ, ළමයි.

    ReplyDelete
  27. උඩ ඇනෝ

    ඔබතුමා විද්‍යාව කියල හිතාගෙන ඉන්නේ වෛද්‍ය විද්‍යාව වැනි ප්‍රයෝජනවත් දේ නොව කවුරුහරි නාකි බංකොලොත් මහාචාරියෙක් ආගම විද්‍යාව දර්ශනේ ඔක්කොම කපලා කොටලා ශැලඩ් එකක් හදාගත්තු එකට බව පෙනේ.

    ඔබට බුදුදහම වෙනුවෙන් රෙද්ද උස්සගෙන එන්නට ඇති අයිතියට ගරුකරමි. නමුත් එසේ කරන්නේ ඇද යන්න ගැටලුවකි. මන්ද බුදුදහම යනු අවිහිංසාවාදී යයි සම්මත දහමක් වන අතර එහි පහර දෙන්න එන ඇතාව මෙල්ල කරන්නේත් මෛත්‍රියෙනි. තවද එය කල් නොයවා විපාක දෙනවා යයි කියන දහමකි. මේ අනුව ඉබේම ආරක්ෂා වී ඇති එවැන්නක් ආරක්ෂා කරන්න කරදර වන්නේ මක්කටදැයි නොතේරේ

    කර්මය පුනර්භවය අතහැරලා බුදුදහම පහැදිලි කිරීම විහිලුවක් විය හැක. එහෙනම් විද්‍යාව නිර්ධය ලෙස විවේචනය කරන්නට විද්‍යාවෙන්ම සොයාගත් දේ පාව්ච්චි කිරීම විහිලුවක් නොවන්නේ කෙසේදැයි සිතාගත නොහැක.

    මේ තැනැත්තා බුදු දහම දන්නවානම් මේ වන විට එය අනුගමනය කර ධ්‍යාන මාර්ගඵල එහෙම උපදවාගෙන නැත්තේ මන්ද යන්නත් ගැටලුවකි.

    විද්‍යාව වෙනුවෙන් කතාකරන අප එය ඉගෙනගෙන තිබෙන්නේ විදුසර වැනි බංකොලොත් පත්තර වලින් හෝ ෆේස්බුකියේ විවිධ දේශමාමක යයි කියන අයගෙන් නොවන බව දන්වමු.

    විද්‍යාව නිර්ධය ලෙස විවේචනය කිරීමට එහිම ප්‍රතිඵල භාවිතා කරන බංකොලොත් බ්ලොග්කරුවන් සිටීම ලජ්ජාවට කරුණකි!

    ReplyDelete
  28. උඩ ඇනොනිමස්,

    කරුණාකර කමෙන්ටුවක් දැමීමට පෙර අනන්‍යතාවය තහවුරු කිරීමට නමක් භාවිතා කරන්න. ඔබේ කොමෙන්ටුවේ ජේද එකින් එකට මම දැන් උත්තර දෙන්නම්.

    1. මගේ කොමෙන්ටුවේ විද්‍යාව ගැන මගේ අදහස කොතැනක වත් කියලා නෑ. (ඔබ තුමා ඔය කියන්න නාකි බංකොලොත් මහාචාරියා කවුද කියලා නම් මම දන්නේ නෑ. මොකද එහෙම නාකි බංකොලොත් මහාචර්යාවර්ය් ගොඩක් ඉන්නවා) හැබැයි, මම කිව්වේ, කාලෝ ෆොන්සේකා ඉස්සර කියපු දේවලුයි මේ බ්ලොග් එකේ අයිති කාරයා කියන දේවලුත් එක වගේ කියලා විතරයි. වැඩේ කියන්නේ ඒ අදහස් කොච්චර බංකොලොත් ද කියනවා නම්, විද්‍යාවේ දර්ශනයෙන් ඒවා පන්නලා, අවුරුදු 80 කටත් වැඩියි. තව කාරණයක් මම කියන්ඩ කැමතියි. වෛද්‍ය විද්‍යාව නම් "විද්‍යාවක්" විදිහට මම නම් එතරම් සලකන්නේ නෑ. එක භෞතික විද්‍යාව පිටිපස්සේ යන ජීව විද්‍යාව පාවිච්චි කරලා ගොඩ නඟා ගත්තු ශිල්පයක් පමණයි.

    2. මේ රටේ බුදු දහම ආරක්ෂා කර ගැනීමේ ඉතිහාසය ගැන අපි හොඳට දන්නවා. මහායාන අදහස් වලට විරුද්ධව, ථේරවාදය ආරක්ෂා කරගන්ඩ මහා විහාරේ හාමුදුරුවරු කටයුතු කලේ කොහොමද කියන එක අපට පරමාදර්ශයක්. මෑත ඉතිහාසය ගත්තොත්, පංච මහා වාද කරපු හාමුදුරුවරුත් අපට පරමාදර්ශයක්. බුදු දහම ඉබේම ආරක්ෂා වෙනවා නම් තාමත් ඉන්දියාවේ බුදු දහම තියෙන්න ඕනෑ. (නිකං බාල බොළඳ කතා නම් කියන්ඩ එපා) මේ මොහොතේ, බොරු විද්‍යා කෑලි ටිකක් කට පුරා ගා ගත්තු යට විරුද්ධව අපි නම් රෙදි උස්සගෙනම එනවා. (ඒ කියන්නේ සහෝදරයා මතවාදීමය විදිහට ඇට්ටි හැලෙන්ඩ ගහනවා කියන එක විතරයි, හරිය.එක හරිම අවිහිංසාවාදී වැඩක්)

    3. මගේ කලින් කොමෙන්ටුවේ මම විද්‍යාව නිර්ධය ලෙස විවේචනය කිරීමක් කර නොමැත. මා නොකී දේවල් වලට උත්තර ලිවීම අනවශ්‍ය යැ යි සිතමි.

    4. මා ධ්‍යාන, මාර්ග පල වලට පැමිණ නැත යන නිගමනය ට ඔබ එළඹී විදි ක්‍රමය පහදන්න.

    5. මේ බ්ලොග් එකේ අයිති කාරයා විදුසරෙන් වත් විද්‍යාව ඉගෙන ගත්ත නම් විද්‍යාව සම්බන්දව මෙවැනි අවිද්‍යාත්මක කතා අන්තර්ජාලයේ කුරුටු නො ගානු ඇත. ඔබ තුමාගේ විද්‍යා දැනුම ගැන නම් මම නො දනිමි.

    6. මට බ්ලොග් එකක් නැත. එම නිසා,මම බ්ලොග් කරුවෙක් නොවෙමි. මම මගේ පෙර කොමෙන්ටුවේ විද්‍යාව නිර්ධය ලෙස විවේචනය කර ද නැත. ඒ නිසා ඔබගේ අවසන් ප්‍රකාශය ම හැර වෙනත් කෙනෙකුට ලියපු එකක් ද?


    සැ. යු.: ඊළඟ පාරවත් කොමෙන්ටුවක් දාද්දී කල්පනාවෙන් කියවලා උත්තර ලියන්න, මිත්‍රයා.


    ---කපිල......

    ReplyDelete
  29. තනි අලියා.. ස්තුතියි.. ඔබේ අදහස නිවැරදියි කියල හිතනවා.. "ආගම" යනුවෙන් ප්‍රපංචයක් මිනිසා තුළ පැවතීමත් එහි එන කතන්දර වලට ප්‍රතිවිරුද්ධ සාක්ෂි සහ විශ්වසනීය දැනුම කප්පරක් වැඩෙද්දි පවා මිනිසුන් එම විශ්වාස අත නොහැර සිටින බව පෙනෙන්ට තියෙන දෙයක්.. ඒක පැහැදිළි කරන්ඩ ඉදිරිපත් වුණු එක් වටිනා අදහසක් තමයි ඩෝකින්ස්ගෙ "මීම" තියරිය.. එය ඒ සම්බන්ධව එකම පැහැදිළි කිරීම නොවෙනව වගේ ම එමගින් එය මුළුමණින්ම පැහැදිළි වන්නෙත් නෑ.. පරම්පරාවෙන් එන බලපෑම කියන එක පැහැදිළි කරුණක්.. නමුත් එතන තියෙන්නෙ "මීම" තියරියම සරල විදිහට ඉදිරිපත් කිරීමක් නේද? ශ්‍රී ලාංකික සිංහල පුද්ගලයෙකුගෙ ඔළුගෙඩියෙ ඉස්ලාම් මීම වෙනුවට බෞද්ධ මීම තියෙන්නෙ අනිවාර්යයෙන්ම පරම්පරාවෙ බලපෑම නිසා.. හරියට හම අඳුරු පැහැ ගන්වන ජාන යුරෝපියයන්ට වඩා ලාංකිකයන්ගෙ තිබෙනව වගේ.. නමුත් ජාන වගේ මීම කෙළින්ම ප්‍රවේණිගත නොවෙන දෙයක් නිසා එහි පාරිසරික හේතු නිසා වෙනස් වීම් (උදා : මුදල් ගෙන ඉස්ලාම් භක්තිකයෙක් වීම ) දකින්නට පුළුවන්.. නමුත් අපගේ "මීම" බහුතරයක් උරුම වෙන්නෙ අපට කලින් හිටපු පරපුරේ බලපෑමෙන් කියන එක අනිවාර්යෙන් ඇත්ත..

    ReplyDelete
  30. කපිල, මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. විද්‍යාව කියල මම ලියල තියෙන්නෙ සාමාන්‍ය ව්‍යවහාරෙදි "විද්‍යාව" කියල හැඳින්වෙන දේට.. ඒක හරියකට නිර්වචනය කරගන්ඩ තරම් මට දැනුමක් නෑ.. ඒ හින්ද මගෙ නිර්වචනෙ අවුල් වෙන්ඩ පුළුවන්.. ඒවගේම අඩුම ගානෙ දාර්ශනික මට්ටමේදිවත් පැරණි නිර්වචන අර්බුදයට ලක්වෙලා තියෙනව කියන එක මම බැහැර කරන්නෙ නෑ.. (ඒක වුණේ කොහොමද කියන එක ගැන මගෙ දැනුම නිරවුල් නැතත් ඒක එහෙම වෙලා තිබෙන බව මම ඉගෙනගත්තෙත් ඔබේ ගුරුතුමාගෙන්ම තමයි ).. නිර්වචනෙ කොහොම වුණත් "විද්‍යාව" යනුවෙන් පොදුවේ හැඳින්වෙන දෙය සහ ඒ ආශ්‍රිත දැනුම අතිශයින්ම ප්‍රයෝජනවත් කියන එක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ.. ඒ අහවල් එක වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඉන්නෙ ඒ හේතුව නිසා මිසක් වෙන එකක් නිසා නෙමෙයි.. විද්‍යාව ගැන කතාකරන්ඩ විද්‍යාව නිර්වචනය කරල ඉන්ඩ කියන එක ඔක්සිමෝරෝන් එකක්.. හරියට වැස්ස ගැන කතාකරන්ඩ පුළුවන් කාලගුණ විද්‍යාඥයින්ට විතරයි කිව්වැහෙ.. (මොකද අනික් උන් කොහොමද වැස්ස නිර්වචනය කරන්නෙ? ).. ජීව විද්‍යාඥයින්, ගොවියන්, මස්කඩ අයිතිකරුවන්, බෞද්ධ ගවඝාතක විරෝධින් සියළු දෙනාම "හරකා" ගැන කතා කරනව.. ඒ කාටවත් "හරකා" නිර්වචනය කරන්ඩ හැකියාවක්, වුවමනාවක් හෝ උණක් නෑ.. ඒත් "හරකා" යම් යම් විදිහෙන් ඒ අයට ප්‍රයෝජනවත් වෙනව.. කවුරු හරි දාර්ශනිකයෙක් මැද්දට පැනල අහන්නෙ නෑනෙ නිර්වචන ඉදිරිපත් කරන්ඩ.. යමක් අහවල් එකය කියල පොදුවෙ පිළිගන්නව නම් ඒ ගැන ඒ අය එක්ක කතා කරද්දි ඒක විෂයමූලික ලෙස අර්ථ දක්වන්ඩ ඕනෙ කියන එක විහිළුවක්.. (සමහර බැරෑරුම් වඩ වලදි ඕනෙ වෙන්ඩ පුළුවන්, ඒත් මේ වගේ සිම්පල් බ්ලොගක් ලියන එක ඒතරම් බැරෑරුම් කියල මට හිතෙන්නෙ නෑ ).. "ස්වභාවික" "විශ්වසනීය" වගේ පද නිර්වචනය කරන්ඩ මම දන්නෙ නෑ කියලයි කිව්වෙ.. පුළුවන් අය සමහර විට ඇති.. ඒත් ඕක ප්‍රශ්න කර කර අල කරන්ඩ ඕනෙ මිනිහව එතනින් සෑහීමකට පත්කරන්ඩ බෑනෙ.. හිතන්ඩ "විශ්වසනීය" කියන එක "නිර්වචනය" කරන්ඩ මම "යටාරිම්" කියන වචනෙ (උදාහරණෙකට විතරයි හරිය?) යොදාගත්ත කියල.. ඊට පස්සෙ අනිවාර්ය සේවා මට "යටාරිම්" විස්තර කරන්ඩත් වෙනව.. ඔය බයිලාව අනන්තය කරා යන්ඩ කලින් මම මැරෙනව, ඒකෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ.. ඊට මීට වඩා හොඳයි දන්න ටික, පුළුවන් විදිහට කියල දාන එක.. (ඔය අර්බුදය විසඳන්ඩ ඊනියා "චක්‍රීය චින්තනයක්" හදා ගන්න එක තරම් වංචාවක් තවත් නැහැ.. අපිට අනන්තය දක්වා නිර්වචනය කර කර ඉන්ඩ කියල ඔයාල අන්තිමේ රිසෝර්ට් වෙන්නෙ එතෙන්ට කියලත් මට යන්තමට තේරෙනව.. මොකද ඒ දෙක ඇර මනුස්සයෙකුට වෙන විකල්පයක් නැති නිසා )..

    විද්‍යාව කියල විද්‍යාව නොවන දෙයක් උගන්වන එක නවත්තන්ඩ නම් විද්‍යාව නිර්වචනය කරන්ඩ ඕනෙ.. ඇත්ත.. විෂයමාලා සැකසීම වගේ බැරෑරුම් කාරියකදි ඒක කරන්ඩ ඒ ගැන විශේෂ දැනුමක් තිබෙන පුද්ගලයින් අවශ්‍ය වෙන්ඩත් පුළුවන්.. "විද්‍යාව" කියල උගන්වන එක ඇතුළෙම තියෙන විවිධ මත ගැටුම්, හැල හැප්පිලි වලටත් ඒක පොදුයි.. ඒත් "විද්‍යාව" කියල බ්‍රහ්ම ලෝක ගැන දොඩෝනකොට ඕක නම් පුතෝ විද්‍යාව නෙමෙයි කියල ඔබතුමාට නැතත් ඕනෙම (මම වගේ) ගොඩේ බයියෙකුට තේරෙනව (ඕනෙ නම් අහල බලන්ඩ).. ඒ "තේරීම" නිවැරදි වුණත් නොවුණත් ඒ ගැන කතාකරන්ඩ ඒ මිනිහට අයිතියක් තියෙනව.. මම කරන්නෙ හරියටම ඒක..

    ReplyDelete
  31. [උඩ ඇනොනිමස්,

    කරුණාකර කමෙන්ටුවක් දැමීමට පෙර අනන්‍යතාවය තහවුරු කිරීමට නමක් භාවිතා කරන්න. ඔබේ කොමෙන්ටුවේ ජේද එකින් එකට මම දැන් උත්තර දෙන්නම්.
    ]

    1. කියලා නැතු උනාට මොළයක් තියන කෙනෙක්ට බැලුවම තේරේ (අන්තර්ජාලයෙන් රට ජාතිය ගැන ඉගෙනගන්න ගිහින් හොඳටම ඇඳගෙන ඉන්න බව)

    2. වෛද්‍ය විද්‍යාවත් විද්‍යාවක් නෙවෙයිනං මේ තැනැත්තාට විද්‍යාව කියන්නේ කොහෙන් හෝ අහුලාගත් කාගෙ හරි පිස්සු දාර්ශණික අදහස් ටිකකට බව කිවහැක. තමුන්නාන්සේ දන්නා විද්‍යාවේ නිර්වචනය මොකද්ද කියා කියනවානං පහසුය.

    අර බුදු දහම අාරක්ෂා කරන එක සම්බන්ධව.
    බුදු දහම වෙනත් දර්ශණ වලින් ආරක්ෂා කරගැනීම ප්‍රශංසනීයය. නමුත් අවිහිංසාවාදී ය කියන, වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව කියන දහමක් අදහන රට ජාතිය ආගම වෙනුවෙන් අය යුද වැදී තිබීම ගැටලුවකි. මේ ගැන කලින් කමෙන්ටුවේ තිබෙන කොටස සම්පූර්ණයෙන්ම ඔබේඅවධානයෙන් ගිලිහී තිබේ. වාද කිරීම් මගින් බුදු දහම ආරක්ෂා කරගැනීම සාධාරණය. එසේ කරනවානම් ජයවේවා කියා ද පතමි.

    3. 1 බලන්න

    4. ඔබ බුදුදහම රකින්න එන්නේ ඔය ගැන පැහැදිලි අවබෝධයක් සහිතව බව කියා තිබේ. එසේ නම් ඔබ එය අනුගමනය කර තිබිය යතු මෙන්ම ප්‍රතිඵල ද ලබා තිබිය යුතුය.
    කොටින්ම ඔබ කියන විදියට ගෙය ආරක්ෂා කරන්නේ ඔබ එතුල ඉඳිමින් ය. එසේ නම් ඔබ වැස්සට නොතෙමිය යුතුය.

    5. මා දන්නා විද්‍යාවට අනුව බ්ලොග් කරු ගේ එතරම් වැරැද්දක් නොපෙනේ. ඔබ නම් විද්‍යාව කියා සිතා සිටින්නේ අප විද්‍යාව කියන දේට නොව වෙන යමකට බව පෙනේ.

    6. මෙම කොටස ඔබට පමණක් එල්ල කර අැති එකක් නොවේ.

    ඔබතුමා ගේ වෘත්තිය දැනගතහැකිනම් අගනේය. නම ගම අනවශ්‍යයි.

    ReplyDelete
  32. උඩ ඇනොනිමස්,

    මෙම කොමෙන්ටුව දැම්මේ ඊට පෙර ඇනොනිමස් නමින් කොනේන්ටුව දැමු පුද්ගලයා ම යැ යි සිතමි. ඔබට නමක් භාවිත කරන ලෙස ඉල්ලා සිටියේ එම පටලැවිල්ල මගහරවා ගැනීමට ය. (හරියට මම "කපිල" කියන නම භාවිත කරනවා වගේ.)

    ඔබ තුමා එක එක පැති ගැන කතා කර ඇත (විශාල පූර්ව නිගමන ද සහිතව. ඒ ගොඩක් දේවල් මට අදාලත් නෑ) මම මේ සංවාදයට සම්බන්ධ වෙන්නේ මෙම බ්ලොග් කරුගේ විද්‍යාව (Western Natural Science) ගැන තියන සාවද්‍ය මතයට පිළිතුරු දෙන්ඩ.

    මම කැමතියි මේ මොහොතේ විද්‍යාව ගැන පමණක් ඔබ සමග සංවාද කරන්ඩ. ඔබ සංවාදයට පැමිණෙන්නේ නම් විද්‍යාව ගැන මගේ නිර්වචන මම එම සංවාදයේදී පැවසීමට කැමැත්තෙමි.

    ඔබ පවසනවා, බ්ලොග් කරුගේ විද්‍යාව සම්බන්ධ අදහසෙහි එතරම් වැරද්දක් නොදකින බව. පහත උපුටා දක්වා ඇත්තේ බ්ලොග් කරු විද්‍යාව සම්බන්ධව දක්වූ අදහසයි.

    ".........අපි කියමුකො පරික්ෂා කර බැලිය හැකි නිරීක්ෂණ ආශ්‍රයෙන් විවිධ සිදුවීම් හා කාරණා වලට "ස්වභාවික පැහැදිළිකිරීම්" සහ ස්වභාවික පුරෝකථනයන් සපයන දැනුම් පද්ධතියක්ය කියල.. මූලික වශයෙන් කෙරෙන්නෙ විවිධ නිරීක්ෂණ කරනව.. එම නිරීක්ෂණ සෑහෙන විශ්වසනීයත්වයකින් යුතුව නැවතත් කළ හැකියි.. ඒ ඇසුරෙන් විවිධ දේවල් වලට, සිද්ධි වලට පැහැදිළි කිරීම් දෙනව.. ඒව "ස්වභාවික පැහැදිළි කිරීම්".. ඒ වගේම අර කියපු "නිරීක්ෂණ" ඇසුරෙන් අතීතය සහ අනාගතය ගැන විශ්වසනීය "පුරෝකථනයන්" දෙනව.........."

    ඉහත ප්‍රකාශයේ, ප්‍රමුඛ කාරණා කිහිපයක් තිබෙනවා. එනම්,
    1. පරික්ෂා කර බැලිය හැකි නිරීක්ෂණ ආශ්‍රයෙන්
    2. ස්වභාවික පැහැදිළිකිරීම්
    3. ස්වභාවික පුරෝකථනයන් සපයන
    4. නිරීක්ෂණ සෑහෙන විශ්වසනීයත්වයකින් යුතුව නැවතත් කළ හැකියි
    5. "නිරීක්ෂණ" ඇසුරෙන් අතීතය සහ අනාගතය ගැන විශ්වසනීය "පුරෝකථනයන්"

    ඉතාම පැහැදිලිව දක්වන්න, ඉහතා කාරණා වලින් ඔබ එකඟ වන්නේ සහ නොවන්නේ කුමන කරුණු වලටද? (මෙහෙම අහන්නේ ඔබ "එතරම්" යන වචනය පාවිච්චි කල නිසා.)

    කරුණාකර අප දෙදෙනාගේ සංවාදය "දැනට" මෙම කාරණයට පමණක් සීමා කරන්න. බුද්ධාගම රැකීම, අවිහිංසාවාදය, බෞද්ධයා යුද්ධ කිරීම, වැනි කාරණා ගැන අපි ඊට පසුව "අනිවාර්යයෙන්" කතා කරමු.

    මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරමි.

    ---කපිල.....

    ReplyDelete
  33. bkthambugala,

    ඉස්සර වෙලාම මේ බ්ලොග් එක අයිති මහත්තයට කියන්ඩ ඔනෑ, විද්‍යාව සම්බන්ධ ඔබේ පැහැදිලි කිරීම ඇහුවේ ඔබව රේඛීය චින්තනයක හිරකරලා චක්‍රීය චින්තනයෙන් වැඩ දාන්ඩ නෙවෙයි.
    ඔබ විද්‍යාව කියන්නේ ඉංග්‍රීසියෙන් "සයන්ස්" කියන එකට බවයි කිව්වේ. නමුත් ඔබේ නිර්වචනය "පොලිටිකල්" හෝ "සෝෂල්" සයන්ස් වලට කොහෙත් ම අදාළ නැති බව කාටත් පැහැදිලියි නේ. ඒ අනුවේ ඔබ විද්‍යාව කියන්නේ ඉංග්‍රීසියෙන් "natural science" කියන දෙයට වෙන්න ඔනෑ කියලා මම ගන්නවා. මම හිතන්නේ මම නිවැරදියි.

    ඉහත අදහසත් හිතේ තියාගෙන මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්ඩ කැමතියි. "නාථ දේව විද්‍යාව" යනුවෙන් ඔබ අදහස් කලේ කුමක්ද?

    --කපිල

    ReplyDelete
  34. @කපිල

    හරි... පැටලෙනවනං මට සමනලය කියන්නකො

    ඕක මෙහෙමයි. ඔය දීල තියන කරුණු ස්වාභාවික විද්‍යාවට ගැලපෙනව තමා. හැබැයි මම නං දන්න විදියට විද්‍යාව කියන්නෙ "සංවිධානය හා පාලනය කරන ලද පොදු දැනුම" සමහර තැන් වල අහල තියනව "පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා සංවිධානය හා පාලනය කරන ලද පොදු දැනුම" කියලත්.

    හැබැයි මගෙ මොලේට තේරෙන හැටියටනම් බ්ලොග් කරු සඳහන් කරපු ලක්ශණ මේකට තියනවා. එකඟ නොවන්නෙ විශ්වාසනීය කියන කෑල්ලටයි. මොකද කිසිවක් 100%ක් විශ්වාස කරන්න බෑ.

    විද්‍යාවෙ දර්ශණේට අනුව තියන අර්ථදැක්වීම රිජෙක්ට් උනානං දැං වෙන එකක් තියෙන්නත් එපායැ.

    ඉහත කියා ඇති පරිදි නැචුරල් සයන්ස් වෙස්ටර්න් වන්නේ කොහොමද යන්නත් දැනගන්න කැමැත්තෙමි

    ReplyDelete
  35. ඉතින් ඩෝකින්ස් කියන මේ දේවලුත් අනාගතේ වෙන මිනිහෙක් වෙනස් කරන්න ඉඩ තියෙනව. විශ්වයේ රටාව තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ හා විචිත්‍ර වීම නිසා සමස්තයම ග්‍රහණය කරගන්න විද්‍යාවට පුඵවන් වෙයිද කියන එක සැක සහිතයි.
    කොහොම උනත් කම්මැලි හිතෙන මාතෘකාවකට අයිති දේවල් ඔබ ලියන රසවත් විදියට මම කැමැතියි.

    ReplyDelete
  36. සමනලයා,

    විද්‍යාව සම්බන්ධ ඔබේ අර්ථදැක්වීම ට එමු. ඔබ කියන පරිදි "පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා සංවිධානය හා පාලනය කරන ලද පොදු දැනුම" තමයි විද්‍යාව කියන්නේ. දැන් මේ අර්ථ දැක්වීමෙන් යමක් විද්‍යාවක් වන්නේ දැයි හඳුනා ගත හැකි දැයි බලමු.

    මුලින් ම ආර්ථික විද්‍යාව ගනිමු. එහිදී ආර්ථිකයේ සිදුවන වෙනස් වීම් නිරීක්ෂණය කිරීමක් සිදු කෙරෙනවා. ඒ වගේම එහි තිබෙනවා සංවිධානය වූ නියම, සමීකරණ ආදිය. ඒවා මගින් මෙම දැනුම පාලනයක් සිදුවෙනවා. විෂයක් විදිහටත් එය ඉගැන්වීමෙදීත් සංවිධානයක් දකින්න පුළුවන්. මේ අනුව අපිට "ආර්ථික විද්‍යාව" විද්‍යාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. "ආයුර්වේදය" හෝ "සිංහල වෙදකම" හෝ ගනිමු. එහිදී නාඩි ආදිය මගින් ලෙඩෙක් නිරීක්ෂණය කරනවා. යම් යම් නියම භාවිතයෙන් වෛද්‍යවරයා රෝගය හඳුනා ගන්නවා. තවත් නියම භාවිතා කොට රෝගයට ඖෂධ ලබා දෙනවා. මේ අනුව මෙම වෙද කමත් "පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්න සංවිධානය වූ හා පාලනය කරන ලද පොදු දැනුමක්". ඒ කියන්නේ විද්‍යාවක්.
    ඊළඟට "මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය" ගනිමු. එහිදී කට්ටඩියා විසින් රෝගියා (ආතුරයා) නිරීක්ෂණය කර ඔහුගේ තත්ත්වය හඳුනා ගන්නවා. මේ සඳහා ඔහුට උපකාර වන්නේ යක්ෂ, භූත, ප්‍රේත, කුම්බාන්ඩාදීන් ගැන සංවිධානය වූ හා පාලනය කරන ලද දැනුම. මේ අනුව "මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය" කියන්නෙත් විද්‍යාවක්.
    මා මේ කියූ දේවල් වලට ඔබ එකඟ වනවා ඇති.

    ඊළඟට ඔබ ඇහුවා, Natural Science, Western වෙන්නේ කොහොමද කියලා. මම එතැනදී Western කියලා පාවිච්චි කලේ ඒක ආරම්භ උනේ බටහිර නිසා. හරියට Western phylosophy, Western Music, Western Medicine වැනි දේවල් වගේ.

    ----කපිල

    ReplyDelete
  37. කලින් මේ පැත්තෙ ඇවිත් ඔක්කොම කියවල ගියාට වෙලාවක් හම්බවුනේ නෑ කොමෙන්ටුවක් දාන්ඩ. කියවන්ඩ ආසා හිතෙනවා. මේ වගේ දේවල් ගැන ලිපියක් කියවද්දි සාමාන්‍යයෙන් නොයෙන හිනා ගොඩක් කියවගෙන යද්දි මතුවෙනවා. දිගටම ලියන්න...

    ReplyDelete
  38. ගැටලු විසඳීමට භාවිතා කිරීමේදී නිරීක්ශණය කිරීමත් නිරීක්ශණය කල දේ වලින් දැනුම් පද්ධතියක් ගොඩ නගාගැනීමත් පටලවාගෙන ඇති බව පෙනේ.

    අනිත් අතට ආර්ථික විද්‍යාව හැර ඉහත දක්වපු දේවල් වලින් මොනාද පොදු?

    විශේෂයෙන් මන්තර ශාස්ත්‍රය වගේ එකක් ගත්තම කොහෙත්ම පොදු නෑ
    1. සමහරු මන්තර පොත් ගිනි තියනව වලලනව වෙන කෙනෙක් ඉගෙන ගන්නවට. වෙදකං කියන දේවලුත් පරම්පරා වලට කුල වලට සීමා වෙලා

    2. ඔය කියන පෙරේතයො කුම්බාන්ඩයංව කලාතුරකිං කෙනෙක්ට ග්‍රහණය කරගන්න පුලවන් උනාට(පුලුවන්ද බැරිද කියල මමනං දන්නෑ) වැඩිහරියක් දෙනාට ග්‍රහණය කරගන්න පුලවන්ද? එතන පොදුත් නෑ

    සිංහල වෙදකම ද ගොඩනැගී තිබෙන්නේ

    එක්කෝ තැත්වරද ක්‍රමයෙනි එවිට නිරීක්ශණයෙන් ලබාගත්තත් සංවිධානාත්මක නොවේ.

    නැත්තම් දේව භාශිතයක් හො ඍෂී භාශිතයක් ලෙස- එවිට නිරීක්ශණයෙන් ලබාගත් දැනුමක් නොවේ.

    නිරීක්ශණය කිරීමෙන් ලබා ගන්නා දැනුමෙන් විද්‍යාව ගොඩ නැගීමත්, ශිල්පයක් මගින් ගැටලුවක් විසඳාගැනීමේදී ගැටලුව නිරීක්ශණය කිරීමත් අතර වෙනස නොතේරෙන්නේ මන්දැයි සිතනවිට තනි ඇහැට ඇඬේ.

    ඕව ශිල්පශාස්ත්‍ර . විද්‍යාව නෙවෙයි.

    -සමනල

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. ඇත්තටම අයියේ මේ ලිපිය කියෙව්වහම මට හිතෙනවා පරිණාම වාදය කියන්නෙත් මීමයක් කියල. කොටිම්ම කියුවොත් අයියේ මෙහෙම බැලුවහම මීමයක්(මීම සංකල්පය) කියන්නෙත් මීමයක් නේද?

    ReplyDelete
  41. ඇත්තෙන්ම අමාලි.. "පරිණාමවාදය" යනුවෙන් මිනිසුන්ගෙ ඔළු වල, පොත් වල, විශ්වකෝෂ වල, යූටියුබ් වීඩියෝ වල තියෙන දත්ත සමූහය අනිවාර්යයෙන් "මීමයක්" හරි "මීම සමූහයක්" හරි කියල ගන්ඩ පුළුවන්.. "දෙවියො" මීමයක් වෙච්චි පලියට දෙවියො බැහැර කරන්ඩ බෑ නේද කියල (මම ඊළඟට දාපු පෝස්ට් එකේ ඉන්න ) කෙනත් මිලර් එක සැරයක් අහල තිබ්බ.. යමක සත්‍යතාව/ විශ්වසනීයත්වය මීමයක් වීම හෝ නොවීම අතරෙ සෘජු සරල සබඳතාවයක් තියෙනව කියල ගන්ඩ අමාරුයි මම හිතන්නෙ.. (පරිණාමවාදය "වඩා විශ්වසනීය මීම" හේතුවාදී විදිහට හිතන පතන අය අතරෙ බහුලව තියෙනව කියල අපි කියමුකො :))

    ReplyDelete
  42. පරම හතුරෙකුගෙ ගෙදර ගිහින් ආතල් ගන්නව වගෙ වැඩක් මේ.හැබැයි මටනම් ඉන්නෙ මතවාදී හතුරො විතරයි.ඒ අය එක්කත් තුන් හිතකවත් අමනාපයක් නෑ.මම බුද්ධිමය ආතල් එකක් ගන්නයි ආවෙ
    මෙතන මෙහෙම දෙයක් තියෙනවා.විද්‍යාව හැමදෙයක්ම හොයාගෙන ඉවර නෑ.නලින් ද සිල්වගෙ මතය නම් මමත් පිළිගන්නෙ නෑ.ඒත් මරණින් මතු ජීවිතයක් නෑ කියන්න බෑ.සමහරවිට විද්‍යාව ඒක පසුකාලීනව හොයා ගනීවි
    භූතාත්ම වල පැවැත්ම විශ්වාස කරන්න පුලුවන්.ඉස්සර මමත් හේතුවාදී සංගමයෙ හිටිය.දැන් මගෙ ඒ අදහස් වෙනස් වෙලා.
    ජ්‍යෝතිශය වගෙ දේවල්වලත් යම් සත්‍යතාවයක් තිබෙනවා.

    ReplyDelete