![]() |
මාතෘකාව මේ ජාතියේ අයි.ඩී ගැන නොවේ.. |
ඔය පින්තූරෙ
දාල තියෙන අටමගල අමුතුවෙන් තෝරල දෙන්ඩ ඕනෙ නෑනෙ මචන්ල.. හැඳුණුම්පත කියන පොෂ් කඩු
වචනෙන් හැඳින්වෙන, වෙන්ඩ පොෂ්
එවුන් අයිඩෙන්ටිය, අයිඩිං කාඩ්
එක කියල යන්තම් ජාමෙ බේර ගන්න, ඒ වුණාට නියම
හෙළ බාසාවෙන් කතා කොරද්දි අයි.ඩී කියල කියන ලැමිනේට් කොරපු කොළ කෑල්ල දැකල නැති
පුතයෙක් ඉන්නව නම් ඌ ලංකාවෙ නාසිගුරාන් කාපු එකෙක් වෙන්ඩ බෑනෙ බොලවු.. ඕක දෙන්නෙ
පුද්ගලයන් ලියාපදිංචි කිරීමෙ දෙපාර්තමේන්තුව කියන රාජ්‍ය හොර ගුහාවෙන්නෙ ළමයි..
කොල්ලෙක් නම් බෙල්ලෙ තියෙන ඇඩම්ගෙ ඇපල් ගෙඩිය යන්තම් කැඩීගෙන එනකොට ගිරාම සේවක
උන්නාන්සෙ ළඟට ගොහින් කොළ කෑල්ලක් පුරොවන්ඩ ඕනෙ.. උන්නාන්සෙ අර හොර ගුහාවට ගිහින්
ඒකෙ ඉන්න ඈයින්ට නොවඳිනා වැඳුම වැඳල (පගාව එහෙම නොදී හරිය?) ඉක්මන් කොරෝගත්තෙ
නැත්තං අවුරුද්දක් විතර බලං ඉඳල තමයො ඕන් ගන්ඩ වෙන්නෙ.. ඔයාකාර ලියාපදිංචි නැති
එකෙක් ඉන්නව නම් ආණ්ඩුව ගානෙ නොමිලේ මරල දෙනව මයෙ හිතේ.. හැබැයි ඉතින් ඔයාකාර කොළ
කෑලි අච්චු ගහන්නෙ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි අයිබොං.. සසිරිබර මෙසිරිලක තියෙන
හැටහුටහමාරක් කොම්පැනි, ඇන්ජීඕ,
20 විජ්ජාල වලිනුත් දෙනව
ඔය අයි.ඩී කොල කෑලි ඒවයෙ වහල් සේවෙට කැප කරපු උන්ගෙ බෙල්ලෙ එල්ලන් ඉන්ඩ.. හැබැයි
ආණ්ඩුවෙ ඒවයෙ වගේ නෙමෙයි ගොඩක් ප්‍රයිවේට් අයිඩී තහඩු වල අකුරු කොටල තියෙන්නෙ
සිංහලෙන්.. (ආණ්ඩුවෙ එකේ ඉතින් කඩ්ඩෙන්නෙ, ඕක කවුද නොදන්නෙ? ඒක නොවැ පිටරට වල උන් තඹේකට මායිම් කොරන්නෙ
නැත්තෙ ආණ්ඩුවෙ අයි.ඩී කාර්ඩ් එක.. පිටරටවල වැඩ හිංගලෙන්නෙ අයිබොං, අපිට මේ බම්බුවෙ කඩු
පික්ෂුවක් තිබ්බට ).. ඉතින් චෙක් පොයින්ට් පොජ්ජකදි අර කොම්පැනි අයිඩී එකක් එහෙම
මුලිච්චි කරොත් පොලිස් වීරයාණන්වහන්සෙලගෙන් අම්බානකට නොමිලේ අහ ගතහැකි..
හැබැයි ළමයි
මම කතා කොරන්ඩ යන්නෙ ඔය අයි.ඩී ගැන නම් නෙමෙයි.. මං කියන්ඩ යන අයි.ඩී එක කොළ
කෑල්ලකට වඩා පොඩි සීන් එකක් තියෙනව.. කොටින්ම ඒකෙන් කතා කොරන්නෙ ලෝකෙ ඉන්න
මිනිස්සු, සත්තු ගහකොළ
හැදිච්චි හැටි ගැන.. හැබැයි ඉතින් ඔය අයි.ඩී ජාති දෙකටම පොදු එක දෙයක් නම්
තියෙනව.. දෙකම ලොවෙත් ගොන් පාර්ට්.. එක අයි.ඩී ජාතියක් හදල තියෙන්නෙ මුනිෂි ගිහිං
ලොක්කන්ට බෝම්බ ගශයි කියල බයේ මුනිෂි අඳුරගන්ඩ.. නැත්තං කොම්පැනි වල වාල්කං කොරන
උන්ට ඒ වෙලාවට පොඩි ප්‍රොෆෙෂනල් ආතල් එකක් දෙන්ඩ.. අනික් ජාතිය හදල තියෙන්නෙ එකසිය
ගාණට දැන් බොරු වීගෙන යන ආගමික විස්වාසෙක විලිසංගෙ බේරගන්ඩ..

හරි.. ඔය
ඔරලෝසුව හදපු "සිරා ඩයල් එක" අපි හිතමු ස්විට්සර්ලන්තෙ ඉන්නෙ කියල..
පොරගෙ නම සිරිපාල කියමුකො.. එතකොට බට්ට ඔරලෝසුව හැදුවෙ ස්විට්සර්ලන්තෙ සිරිපාල..
එතකොට සිරිපාලව හැදුවෙ අහවල් පුතයෙක්ද?
ඔන්න ඔය සීන්
එක තමයි අයිබොං අයි.ඩී (බු.සැ ) වලිං ඇඩ්රස් කොරන්නෙ.. සිරිපාලයගෙ ඇඟ කපල
බැලුවොත් ඒක නං ලොවෙත් සංකීර්ණ භාණ්ඩයක් තමයි.. ඌ හදපු ඔර්ලෝසුව තියා දැං කාලෙ
තියෙන කොම්පීටරයක්වත් අහලකින්වත් තියන්ඩ බෑ.. ඉතින් සිරිපාලයගෙ විතරක් නෙමෙයි
සිරිපාලයගෙ බල්ලව කපල බැලුවත් ඔය සීන් එකම තමයි ළමයි.. ඕනෙම සතෙක්, ගහක් කොළක් කපල කොටල
ඒකෙ ව්යුහෙ බැලුවොත් පුදුමෙ වැඩිකොමට හාර්ට් ඇටෑක් හැදෙන තරම් සංකීර්ණයි.. ඉතිං
මෙච්චර සංකීර්ණ සත්තු හැදුනෙ කොහොමද?
දැන් ඉතින්
ඕගොල්ලො අහන්ඩ පුළුවන් "අපි කොහොමද ඇන්නෑවෙ සත්තු හැදිච්චි හැටි දන්නෙ?"
කියල.. ඒකත් හරි බලන්
යනකොට.. අපි කොහොමද ටක්කෙටම දන්නෙ? විද්‍යාව කියල එක බයිලෙකින් කියනව පරිණාමෙද මොකක්ද
කෙහෙම්මලක් ගැන.. ආගං වල මැවීමක් ගැන දොඩෝනව.. තවත් එකක ආභස්සර බ්‍රහ්මලෝකෙන්
තංගුස් ලණුවක් දිගේ සත්තු බැහැපු කතාවක් කියනව.. අයි.ඩී වල මුල් අදහස ආවෙ ඕක
පැහැදිළි කොරන්ඩ තමයි.. මුලින්ම ඕක ගෙනාවෙ විලියම් පේලි කියල එන්ගලත්තෙ පාස්ටර්
උන්නාන්සෙ කෙනෙක් එකදාස් අටසීයෙ විතර.. පොර ("පොර" කිව්වට තරහ ගන්ඩ කාරි
නෑ ඕන්) කිව්ව මෙහෙම කතාවක්..
![]() |
විලියම් පේලි |
දැන් හිතන්ඩ
කාන්තාරෙක ඇවිදින මිනිහෙක් ගැන.. මිනිහට පේනව වැලි කඳු, ගල් එහෙම.. මිනිහ ගලක් අරං කපල බැලුවයි
කියමුකො.. ලොකු ගල වගේම පොඩි ගලත් ඉතිං ගල්ම තමයි.. ගල හරිම සරලයි.. හැදිල
තියෙන්නෙත් මෙලෝ පිළිවෙලකට හැඩේකට නෙමෙයි.. ඉතිං එහෙම සිම්පල් දෙයක් ඉබේ හැදුන
වෙන්ඩ පුළුවන්.. ඒත් හිතන්ඩ පොරට අර කලින් කියපු සිරිපාලයගෙ ඔරලෝසුව විසික්ක කොරල
දාල තිබිල හම්බෙනව කියල.. ඒක කපල බැලුවොත් නම් ලොවෙත් සරල නෑ.. විශේෂ හැඩයක්
තියෙනව.. අකුරු / ඉලක්කං ලියල තියෙනව.. ඇතුළෙ අම්බානක් දැති රෝද, දුනු, යකඩ කෑලි පිළිවෙලකට
තියෙනව.. හරිම සංකීර්ණයි.. හිතන්ඩ අච්චර සරල ගල නම් ඉබේම හැදුණ වෙන්ඩ පුළුවන්..
ඒත් ඔරලෝසුව? ඒක සංකීර්න
වගේම ඒකට අරමුණකුත් තියෙනව (වෙලාව බලන එක ).. එහෙම භාණ්ඩයක් නම් ලොවෙත් නිකම්ම
හැදුන වෙන්ඩ බෑ.. හදපු මිනිහෙක් ඉන්ඩ ඕනෙ.. (අපි ඉතින් දන්නවනෙ ඒ ඔරලෝසුව නම්
හැදුවෙ සිරිපාලය කියල ).. ඒත් ඊටත් වඩා සංකීර්ණ සිරිපාලය? අනික් මිනිස්සු?
සත්තු? උන්ව හදපු කෙනෙක්
ඉන්නවද? හැදුවෙ කවුද?
හදපු කෙනෙක්
නැතුව ඉබේ ඇති වුණා වෙන්ඩ නම් බෑ කියල පේලි උන්නැහැ මුලිම්ම කිව්ව.. ඊට පස්සෙ
ඉතින් පොර කිව්වෙ දෙවියන්වහන්සෙ තමයි මිනිස්සු සත්තු හදල තියෙන්නෙ කියල.. අපි අමතක
කරන්ඩ හොඳ නෑ පොරට තිබ්බෙ උත්තර දෙකයි කියල.. එකක් තමයි සත්තුන්ව ගල්, වැලි වගේ සරල දේ වලින්
නිකම්ම හැදෙනව කියන එක.. අනික තමයි කවුරු හරි හෙන සිරාම සිරා ඩයල් එකක් ඉඳගෙන
සත්තු, මිනිස්සු
ඩිසයින් කරනව කියල.. ඩිසයින් කරන එකා තමයි දෙවියන්වහන්සෙ
.. ඔය දෙකෙන්
වැඩියෙන්ම ඉඩක් තියෙන්නෙ දෙවෙනි එක කියල පේලි උන්නැහෙ තීරණේ කොරනව.. ඕක තමඉ ළමයි
අයිඩී වල මූලික කතාව..
ඔන්න ඉතිං ඔය
කයිකතන්දරේ යුරෝපෙ ඉන්නෙ වංගොහන්සෙල ටික පිළි ගත්ත.. හදපු එකෙක් නැතුව එච්චර
සංකීර්ණ සත්තු හැදෙන්ඩ පුළුවන් කියල උන්ට ලොවෙත් මීටර් වුණේ නෑ.. උන්ට හිතුනෙම,
එක්කො ඒව එකපාරට
නිකම්ම හැදෙන්ඩ ඕනෙ, එහෙම නැත්තම්
කවුරු හරි එකෙක් හදන්ඩ ඕනෙ කියල.. එකපාට්ට නිකම්ම හැදෙන එක ලොවෙත් වෙන්ඩ බැරි
දෙයක්නෙ ලමයි.. ඒ හින්ද කවුරු හරි හැදුවම තමයි.. හදපු එකා දෙවියො..
හැබැයි ළමයි
උන් වංගොහන්සෙල කියන්ඩමත් බෑ.. මොකෑ උන් ඕක කිය කිය හදපු මිනිහට යාඥා කොර කොර
හිටියෙ නෑ.. එකදාස් අටසීය ගණන් වල තමයි උන්ගෙ කාර්මික විප්ලවේ උණේ.. යන්තර සූත්තර
හදල, පැක්ටේරි ඇරල,
එක රාමෙට වැඩ කොලා
යුරෝපෙ දියුණු කොරන්ඩ (අනික් රටවල් වලින් ලාබෙට ගත්තු දේවල් වලින් තමයි කොලේ,
ඒක අපි පැත්තකිං
තියමුකො ).. පැක්ටේරි වලට බඩු යවන්ඩ වරායවල් හැදුව.. තඩි පත නැවු බඩුත් එක්ක රට
ඇතුළට ගෙනියන්ඩ මහවැලි ගඟ සයිස් ඇළවල් කපන්ඩ ට්‍රයි කොරා.. ඒකටයි පැක්ටේරි දුවවන්ඩ
ගින්දරට දාන්ඩ ඇටකටු හොයන්ඩයි අඩි සිය ගණන් පොළව හාරන්ඩ උණා.. අම්මට උඩු.. මොනවද
පොළව හාරද්දි හම්බුණේ?
![]() |
භූවිද්‍යාත්මක ෆොසිල ස්ථරායනය |
මොනාද ඉතිං
ඇටෂකිලි තමයි.. හැබැයි අයියා, පොඩි
කොෂ්ෂකුත් තිබ්බ.. මුනිෂිගෙ ඇතකටු හම්බුණේ උඩිම්ම තිබ්බෙ පෂ් තට්ටු වල විතරයි..
යටට යන්ඩ යන්ඩ හම්බෙච්චි සත්තු ඩිංග ඩිංග වෙනස් වෙලා ගිහින් යටම හිටියෙ මහ අමුතුම
සත්තු.. අද කාලෙ ඒ ජාතියෙ සත්තු ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.. හැබැයි එක ලෙවල් එකක
හම්බෙච්චි සත්තු, ඊට කිට්ටු
ලෙවල් වල හම්බෙච්චි උන්ට සෑහෙන්ඩ සමානයි, ගොඩක් ඈතින් ඉන්න උන්ට වඩා (තේරුණා නේද
කියපු දේ?).. ඉතිං කාලයක්
යනකන් ඕක පහදගන්ඩ බැරුව කෂ්ටිය අඤ්ඤකොරොස් වෙලා හිටිය..
එක්කො එක එක
කාල වල හිටපු සත්තු එකෙක් නෑර මැරිල වෙනස්ම උන් සෙට් එකක් අහසිං පාත් වෙන්ඩ ඕනෙ..
නැත්තම් අර දෙයිය කියන පිස්සට නිකං ඉන්ඩ බැරුවට ඌ එක එක කාලෙට එක එක සත්තු මව මව,
ඉන්න එවුන් මර මර ඉන්ඩ
ඕනෙ.. එහෙමත් නැත්තං???
ඇයි ළමයි,
ඉන්න එවුන් ජුන්ඩ
ජුන්ඩ වෙනස් වෙවී අළුත් උන් හැදෙන්ඩ බැරි ද? අමතක කරන්ඩ එපා, ලෝකෙ අවුරුදු කෝටි ගානක් පරණයි.. ඕනෙ
මළදානයක් නිවීහැනහිල්ලෙ සිද්ද වෙන්ඩ ඕනෙ තරං කල් තියෙනව.. ඒ හින්ද ලොවෙත් හෙමිං ඒ
වගේ වෙනසක් වෙනව වෙන්ඩ පුළුවං.. අපිට ඒක පේන්නෑ මොකෑ අපිට හිතාගන්ඩ බැරි තරං හිමිං
තමයි වැඩේ වෙන්නෙ.. ඒත් එක එක කාල වල ඇටසැකිලි දැක්කාම හිතාගන්ඩ පුළුවං වෙලා තියෙන
විදිහ..
![]() |
චාර්ල්ස් ඩාර්වින් |
අහල තියෙනවෙයි
"පරිණාමවාදය" කියල එකක්? ඒක මහලොකු අමුතු බයිලයක් නෙමෙයි මං දැං උඩ කියපු
සංසිද්දියම තමයි.. කලිං ඉන්න සත්තු/ ගහකොළ ඩිංග ඩිංග වෙනස් වෙවී අළුත් සත්තු /
ගහකොළ හැදෙන්නෙ කොහොමෙයි කියන එක.. හැබැයි ළමයි ඕක වෙනව කියල බුදු ෂුවර් උනාට මොන
ඇන්නෑවක් හින්දද ඕක වෙන්නෙ කියල නම් මෙලෝ යකෙකුට හිතාගන්ඩ බැරුවයි හිටියෙ..
චාර්ලිස් ඩාවිං උන්නැහෙ තමයි ඒකට ලොවෙත් නැති තියරියක් ගෙනාවෙ.. පොර බේසිකලි
කිව්වෙ එක එක සත්තු අතරෙ වෙනස්කං තියෙනවය, වෙනස්කං වලට හේතුව නම් පොර දන්නෙ නැත ය,
ඒත් වෙනස්කං තියෙද්දි
පරිසරේ වෙනස් උණොත් ඉන්න සත්තු ටික අතරෙං පරිසරේට හොඳටම ෆිට් වෙන එකා අනික් උන්ට
වඩා ඉතුරු වෙනවය, ඒ හින්ද
කාලයක් යද්දි අනික් උන්ට වඩා අර ෆිට් බුවාල ටික ටික වැඩි වෙලා මුලු ගහනයම කලින්
තිබ්බෙ එකට වඩා වෙනස් එකක් වෙනවය කියන එක.. ඔයාකාර කොතෙකුත් වෙනස් වෙවී වෙනස් වෙවී
අවුරුදු කෝටි ගානක් යද්දි කලින් හිටියට වඩා ලොවෙත් වෙනස් උන් හැදෙන එක ආයි අහන්ඩ
දෙයක් යැ?
ඒ උණාට බුවාගෙ
තියරිය හරිද මං අහන්නෙ? ඩාවිං ගොයිය
දන්න දේට වඩා නොදන්න දේ වැඩියි කියලනෙ ලොවෙත් පේන්නෙ? දැන් හිතහං ඌ දන්නෙ නෑ සත්තු වෙනස් වෙන්නෙ
කොහොමද කියල.. අනික් එක බුවා හරියටම ලෝකෙ වයස දැනං හිටියෙත් නෑ..
හරි.. අනික්
විද්‍යාඥ ගොල්ලො ඉතිං ලංකාවෙ උං නලින් ද සිල්වව උඩ දාං දඟලනව වගේ "ඩාවිං
අයියා අපෙ අයියා" කිය කිය ඉන්නැතුව නැහීගෙන වැඩ කොරා, ඌ කියපු මගුල් ඇත්ත ද
බලන්ඩ.. ග්‍රෙගර් මෙන්ඩල් කියල හාදයෙක් ගස් වව වව ඉඳල හොයාගත්ත පරම්පරාවෙන්
පරම්පරාවට වෙනස්කං යන හැටි.. ජොහැන්ස් කියල ඩයල් එකක් හොයා ගත්ත ඔය සීන් එක වෙන්නෙ
සයිල වල තියෙන ජාන කියල ජාතියක් හින්ද කියල.. ඔය අස්සෙ විකිරණ පරික්ෂණ වලිං
ටක්කෙටම ලෝකෙ වයස කියන හැටි කට්ටිය ඉගෙන ගත්ත.. ඩාවිං කාරය කිව්වෙ උගෙ තියරිය ඇත්ත
වෙන්ඩ නං අඩුම ගානෙ කෝටි දහයක් වෙන්ඩ ඕනෙ කියලනෙ.. අම්මට උඩු.. ලෝකෙ වයස අවුරුදු
කෝටි හාරසිය පනහක්.. හොදි ඕන්නෑ නේද?
ඔය අස්සෙ තව
ගොඩක් දේවල් උනා.. කාබන්-14 කියල
රෙද්දකිං අර ගොඩගත්තු ඇටසැකිලි වල වයස කියන්ඩ පුළුවං උනා.. මුල්ම කාලෙ හිටියෙ මොන
වගේ උන් ද කියලත් ඩිංග ඩිංග මීටර් වෙන්ඩ ගත්ත.. මුල්ම කාලෙ අපි වගේ සංකීර්ණ
හාල්පාරුවො ඉඳල නෑ.. ඉඳල තියෙන්නෙ බැක්ටීරියා, ඇමීබාවො වගේ උන්.. ඊට පස්සෙ ලොකු ඇල්ගි,
දිලීර වාගෙ ඒව.. ඊටත්
පස්සෙ පණුවො වගේ සත්තු.. ඔහොම ඔහොම ගිහිං ටික ටික තමා සංකීර්ණ වෙලා තියෙන්නෙ.. ඒක
එහෙමයි කියන එක නිකං හිතළුවක් එහෙම නෙමෙයි ළමයි, සාක්ෂි තියෙනව මදි නොකියන්ඩ..
![]() |
ඩාර්වින් නිමවූ පරිණාමීය වෘක්ෂයක් |
කොටිංම ඩාවින්
හරි කියන එක ආයෙ දෙකක් නෑ..
ඊට පස්සෙ
වොට්සන් ක්‍රික් වෙළඳ දෙබෑයො ජාන අඩංගු වෙන ඩී.එන්.ඒ අණුවෙ ව්‍යුහය හොයාගත්ත..
රිචර්ඩ් ඩෝකින්ස් උන්නැහෙ වගේ අය පරිණාමයෙ ජාන තියරිය ඉදිරිපත් කරා.. ඩාවින්ගෙ
තියරිය කොච්චර රිලයබල් ද කියනවනං ළමයි, සත්තු විතරක් නෙමෙයි මැෂිනුත් පරිණාමය වෙනව කියල
පැක්ටේරිකාරයො එක එක රෙද්දවල් කරනව උන්ගෙ බිස්නස් සරු වෙන්ඩ.. මාක්ස්වාදියටයි,
ධනවාදියටයි, ජාතිවාදියටයි කොටින්ම
හැම පියදාසයට සිරිසේනයටම "ඩාවිනිසම්" පට්ට නොගහ බැරි වුණා..
දැන් අපි ආයෙ
ජුන්ඩක් අතට ගම්මුද මුලින්ම කියපු සිරිපාලයගෙ ඔර්ලෝසුව? දැන් හිතන්ඩ.. ඔර්ලෝසුව සිරිපාලය හැදුව වගේ
සිරිපාලයව හැදුවෙ දෙයියොම වෙන්ඩ ඕනෙද? ඩාවිං උන්නැහෙ කියන විදිහට අවුරුදු ගානක් තිස්සෙ ඩිංග
ඩිංග හැදුන වෙන්ඩ බැරිද? (එහෙම වෙච්චි
බවට සාක්සි හිටං තියෙනවනෙ අයිබොං).. අනික් අතට දෙයියො කියල බුවෙක් ඉන්න බවට හරි,
ඌ මොනම ලබ්බක් හරි
මවපු බවට කොයි සාක්සි? (පොත් වල තියෙන
කයිකතන්දර වෙනම කතාවක්.. එහෙනං ඉතිං 550 ජාතකේ තියෙනව කියල සත්තු කතා කොරා කියන්ඩ
බැරියැ?).. ඉතිං ඔය හින්ද
විද්‍යාවෙ පිළිගන්නෙ පරිණාමවාදෙ තමයි..
හැබැයි ළමයි
හිතන්ඩ එපා ඕක ඔහොමයි කියල සුද්දොයි ඇමෙරිකන්කාරයොයි ලොවෙත් පිළිඅරගෙන කාල බීල
සැපසේ උන්න කියල.. ක්‍රිස්තියානි දෙයියො දැන් ඉන්න විදියටම ලෝකෙ මැවුව කියන එක
ගොඩක් සුද්දොන්ගෙ ඔළු වලින් අයින් කොරන්ඩම බෑ (හරියට අපේ උන්නාන්සෙලගෙ ඔළු වලිං
පුනරුප්පත්තිය අයිං කොරනව වගේ).. ඒ හින්දම පරිණාමෙ කොච්චර ඇත්ත උණත් ඒක උගන්නන එකට
ඉස්සර ඉඳන්ම ගොඩක් අයට මළ පැනල තිබ්බෙ..
1925 දි ටෙනසි වල
හිටපු ජෝන් ඉස්කෝප්ස් කියල ඉස්කෝලෙ මහත්තයෙක් පරිණාමෙ ඉස්කෝල වල උගන්නන්ඩ හැදුව
කියල හිරේ අරින්ඩ හැදුව.. ඇමෙරිකාවෙ හැම ප්‍රාන්තෙකම පරිණාමෙ උගන්නන එක තහනං කොරන
නීති ගෙනාව.. ටෙනසි වල මයෙ හිතේ ඒ නීති 1964 වෙනක්ම්ම තිබ්බ.. ඔය අස්සෙ 1960 ගණං වල අළුතෙං හදපු
ඉස්කෝලෙ පොත් වලට පරිණාමය එන එක නවත්තන්ඩ බැරි උනා.. මොකද කලිං වගේ ආණ්ඩුවෙ
ඔල්මොරොන්දම් ඩයල් නෙමෙයි පොත් හදන්ඩ දැම්මෙ ඉස්කෝලෙ මහත්තුරු නෝනල මයි.. ඒ හින්ද
පරිණාමවාදෙ උගන්නන එක දැන් නම් කොච්චර දහිරිය දැම්මත් නවත්තන්ඩ බැරි බව මැවුම්වාදී
සෙට් එකට පේන්ඩ පටාන් ගත්ත.. ඉතිං මැවුම්වාදියො ටික මොකෑ කොළේ?
ඒ පාර උන්
කියන්ඩ ගනිපි, පරිණාමවාදෙ
විතරක් උගන්නන එක සාදාරන නෑ, උගන්නනව නම්
දෙකටම සමාන ටයිම් දීල උගන්නපියවු කියල.. කිය කිය හිටියෙ නෑ, එහෙම කොරන්ඩ නීතිත්
දැම්ම අයිබොං.. විද්‍යාව පාඩමට අමු බොරු උගන්නන්ඩ වෙලා ටීචර්ලට ආයි ෆුල් නස්පුක්..
ඒත් ඒ බයිලාවල් වැඩිකල් ගියෙ නෑ.. 1975 දි සිරා වැඩක් වුණා.. ඔන්න ඕක තමයි මං කියන්නෙ මොනව
උණත් ඇමෙරිකාව සිරා රටක්ය කියල.. ඒ රටේ ව්‍යවස්ථා කරදහියෙ තියෙනව මහ අමුතුම
බයිලයක්.. ආණ්ඩුව ලොවෙත් කිසිම ආගමකට උදවු කොරන්ඩ හරි කෙළ කොරන්ඩ හරි බෑ කියල..
ඉතිං මැවුම්වාදෙ කියන්නෙ ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙවු කයිකතන්දරයක්නෙ ළමයි.. ඒ හින්ද
ආණ්ඩුවෙ ඉස්කෝල වලයි 20විජ්ජාල වලයි
මැවුම්වාදෙ උගන්නන එක තහනම් කොරන්ඩයි කියල දෑහිතකාමී ටීචර්ල සෙට් එකක් දාපි
නඩුවක්.. හරියට හරි.. ඉස්කෝල වල මැවුම්වාදෙ තහනම් උණා එක රැයින්.. (ලංකාවෙ නම්
කොරයි!!)
![]() |
මයිකල් බීහි |
ඔන්න ඔය දවසෙ
තමයි ළමයි එකම එක මනුස්සයෙක් ටෙකීලා, බ්‍රැන්ඩි බිබී (මම වාගෙ ) රෑ නින්දක් නැතුව කම්පනා
කොරන්ඩ ගත්තෙ.. පොරගෙ නම මයිකල් බීහි.. විද්‍යාඥයෙක් තමයි.. හැබැයි හිත යටින් තද
ආගංකාරය.. පොරට ෆුල් අප්සෙට් නඩු තීන්දුව ගැන.. ඉතින් කන්නෙත් නැතුව බොන්නෙත්
නැතුව නාන්නෙත් නැතුව තනියම හිත හිතා ඉඳල බැරිම තැන පොර යාළු මැවුම්වාදියො එක්ක
සෙට් වෙලා දාහතේ කම්පනා කොරා මොන මගුලක් ද කොරන්නෙ මේකට කියල.. අම්මට උඩු..
"විලක් තියේ නම් ගෙම්බෙක් ද ඇත" කියන්නැහේ ආවෙ නැතැයි පොඩි අයිඩියා
පොජ්ජක්..
මොකෑ දන්නව ද
සෙට් එක කරේ? කලිං ඉස්කෝලෙ
මැවුම්වාදෙ උගන්නපු පොත් තිබ්බනෙ.. ගත්ත ඒ ටික.. කැපුව "දෙයියො" කියන
එකයි "මැවීම" කියන එකයි.. රිප්ලේස් කොරා "බුද්ධිමත් සැකැස්ම",
"සැකසුම්කරු"
කියන වචන වලිං.. හරි නෙ බොලේ.. "මැවීම" කිව්වොත් නෙ ආගමක් වෙන්නෙ..
කොහොමෙයි ටිකිරි මොළේ? ඔන්න ඔහොම
තමයි අයි.ඩී ආයෙත් හිස එසෙව්වෙ..
හැබැයි ළමයි
විද්‍යා පන්ති වල උගන්නන්ඩ නම් ඔහොම වචන වෙනස් කොරාටම බෑ.. අඩුම ගානෙ විද්‍යාව වගේ
පේන්ඩවත් තියෙන්ඩ ඕනෙ කියල කෂ්ටියට තේරුණා.. ඉතිං අයි.ඩී විද්යාත්මකයි කියන්ඩ
කෂ්ටිය ලොවෙත් නැති තියරි ගෙනාව..
එයිං එකක් තමයි
අර පේලි උන්නැහෙ මුලින්ම කියපු බයිල කතාව.. හැබැයි පේලි ඔර්ලෝසුව සතාට උපමා කොළාට
දැන් වැඩක් නෑ.. මොකද සරල සත්තු ඩිංග ඩිංග සංකීර්ණ වෙච්චි හැටි පරිණාමවාදෙං යස
අගේට පැහැදිළි කොරලයි තියෙන්නෙ.. ඒ හින්ද මුන් දැම්ම අළුත්ම ටැක්ටික් එකක්..
බීහිගෙ සබ්ජෙක්ට් එක තමයි ළමයි සයිල ජීව විද්‍යාව.. ඉතින් පොර කළේ සයිලයෙ තියෙන
ජුන්ඩි කොටස් අරගෙන "ඒව නම් ලොවෙත් සංකීර්ණයි, එක කෑල්ලක් හරි අයින් කරොත් මුළු සිස්ටම්
එකම වැඩ කරන්නෙ නෑ, ඒ හින්ද ඒක
පරිණාමය වෙලා ඩිංග ඩිංග සංකීර්ණ වුණා වෙන්ඩ බෑ, ඒ හින්ද පරිණාමෙ බොරු" කියන කතන්දරේට
ආපු එක.. කුරුල්ලගෙ පිහාට්ට, මිනිහගෙ ඇහැ
එහෙමත් ගත්ත උදාහරණ හැටියට.. පිහාටු බාගෙකින් හරි, ඇහැක බාගෙකින් හරි ඇති වැඩේ මොකක්ද කියල හෙන
පොර වගේ ඇහුව..
ඔය අතරෙ ළමයි
හෙන ෆේමස් නඩුවක් ගියෙ..

![]() |
බැක්ටීරියා ෆ්ලැජෙල්ලම |
දෙපැත්තෙම
ලොකු පොරවල් ෆේස් ටු ෆේස් ෆයිට් කරපු, දවස් ගණං විද්‍යාව ගැන වාද කරපු ඒ නඩුව ඇමෙරිකන් ඉතිහාසෙ
අමතක වෙන්නෙ නැති සීන් එකක්.. බීහි ගොයියට චාන්ස් එක දුන්න පරිණාමය වෙන්ඩ බැරි
තරම් සංකීර්ණයි කියල පොර කියන දේවල් පෙන්නන්ඩ කියල.. පොර ඉතිං පෙන්නුව, කෑලි පනහකින් හැදුනයි
කියන බැක්ටීරියා වල තියෙන කෙඳිත්තක් (ෆ්ලැජෙල්ලම් කියල කියන්නෙ, ඒකෙන් බැක්ටීරියාවට
එහෙ මෙහෙ යන්ඩ සප් එක දෙනව ).. අනික් පැත්තෙ හිටියෙ කෙනත් මිලර් උන්නැහෙ (එයා ගැන
මම වෙනම කතා කොරන්නම්කො ) පෙන්නුව, අහවල් එකේ කෑලි හතළිහක් අයින් කොළාට පශ්ශෙත් ඒක ප්‍රයෝජනවත්
වෙන හැටි.. ඊට පස්සෙ බීහි ගොයිය පෙන්නුව ලේ කැටි ගැහෙන සිස්ටම් එක, ප්‍රතිශක්ති පද්ධතිය
එහෙම (මේව නම් පුතෝ පරිණාමය වෙන්ඩ විදිහක් නෑ කියල ).. ඒව පරිණාමය වෙච්චි හැටි ගැන
කරල තියෙන පරීක්ෂණ දුසිම් ගනන් මිලර් උන්නැහෙ ගෙනැත් තිබුණ.. ඒව එක එක වෙන වෙනම
කියෙවුවත් බීහි නෙමෙයි පිළිගත්තෙ.. අන්තිමේ ජජාටම මල පැනල "තමුසෙ පිස්සෙක්නෙ ඕයි"
කියල වහාම තීන්දු කොළා අයි.ඩී කියන්නෙ පල් බොරුවක්, ආගමික ඉගැන්වීමක්, ඒ හින්ද ඉස්කෝල වල ඒක උගන්නන්ඩ තහනම් කියල
(සීන් එක කියන්නෙ, ඒ ජජා ක්‍රිස්තියානි
ජජෙක්).. එදා නම් ගොඩක් අයගෙ අයි.ඩී කුඩු..
ඔන්න ඔහොමයි
ළමයි අයි.ඩී කියන මළදානෙ ඇති වුණෙත්, ඒකට හොදි ඕන්නැති වෙන්ඩ කෙළ වුනෙත්.. (ඔය අයි.ඩී රෙද්ද
හින්ද තමයි ළමයි මගෙ ආගම බිහි උනෙත්.. මතකනෙ කලින් මම කියපු පැස්ටෆේරියන් ආගම..
ඇමෙරිකාව පුරාම විද්‍යාවට හිතැති -අපි වගේ- ඩයල් පාරට බැස්සෙ අයි.ඩී හරි මොන .ඩී
හරි කියල ක්‍රිස්තියානි මැවීම උගන්නනව නම් පියාඹන ස්ෆැගටි රාක්ෂයා ලෝකය මැවුවය
කියන එකටත් සමාන කාලයක් ඉස්කෝලෙ දෙන්ඩයි කියල.. ලංකාවෙ ඔහෙල ආගමික රෙද්දවල් විද්‍යාවට
ඉගැන්නුවොත් අපි මෙහෙත් පාරට බහිනව හරිය?)
හැබැයි ඉතිං
හිතන්ඩ එපා ඩෝවර් නඩුවෙන් පැරදිලා නස්තාර් වෙලා හිටියට අයි.ඩී මැරිල කියල.. ඩෝවර්
වලින් පස්සෙත් අයි.ඩී උගන්නන්ඩ "අවසර දෙන්ඩ" කිය කිය එක එක බයිල නටන්ඩ
හැදුව සමහර ප්‍රාන්ත ආණ්ඩු.. ඇමෙරිකාවෙ විතරක් කොටු නොවී ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙවු රටවල් හැම එකටම
වසංගතේ පැතිරිලා.. එක්කො පරිණාමෙ උගන්නන්ඩ එපා, නැත්තම් අයි.ඩී ත් උගන්නන්ඩ කියල කෑගහන ඩයල්
දැන් ලෝකෙ පුරාම.. එහෙම එක ෆේමස් බුවෙක් තමයි තුර්කියෙ ඉන්නෙ හරුන් යහියා.. පොර
අමුතු මගුලක් කියන්නෙ නෑ.. බීහි කියපු බයිලම පොඩ්ඩක් කුණු කූඩෙං ඇදල අරං වමාරනව
මිසක්කං.. එකම දේ පොර හෙන ගණන්, කලර්ඩ් පොත්
ගහල නොමිලේ බෙදනව.. කොටින්ම පොරගෙ මගුල් නිසා තුර්කියෙ පරිණාමෙ උගන්නපු එක
සම්පූර්ණෙන් නැවතිලා..
අන්තිමට
වශයෙන්, මේ කොහෙවත් යන
මළදානවල් ගැන ලියන්නෙ මොකටෙයි කියල පේක්ෂක ඔබ සැම අහන්ඩ පුළුවන් නෙ.. ඇත්තටම
ඇමෙරිකාවෙ හරි සමක ගිනියාවෙ හරි මොන තූත්තුකුඩියක හරි වැරැද්දක් වෙනව නම් ඒකට ෆුල්
ගේම ඉල්ලන්ඩ පොඩි උණක් නම් මට තියෙනව තමයි.. ඒත් කවද හරි ඔය මරාලෙ මෙහාට කඩං පාත්
වෙන්ඩ බැරි නැති හින්දයි වැඩියක්ම ලියන්ඩ හිතුවෙ.. විද්‍යාව "අපේ
නෙමෙයි" වාගෙ ගොන් පාර්ට් දැනටමත් තියෙනවනෙ ළමයි.. ඉතිං බැරි වෙලා හරි අයි.ඩී
ම නැතත් "අග්ගඥ්ඥවාදය", හරි "නාථ දේව විද්‍යාව" හරි පොඩි උන්ගෙ විද්‍යා
බත් පතට රිංගවන්ඩ හැදුවොත් එහෙම "අපිත් ඉන්නව" කියන එක මතක තියා ගැනීම
ලොවෙත් ප්‍රයෝජනවත් වෙයි මම හිතන්නෙ..
තාඹුවා. අදයි දැක්කේ යාලුවෙක් FB දාලා තිබිලා. නියම බ්ලොග්එකක් නෙ මචං. උඹ වැඩේ හොදට කරගෙන පලයං. ලියන ඉස්ටයිල් එකට අපි වගේ පජාතීන්ට හොදට වදිනවා. ඔය ක්‍රමේට විද්‍යාව ඉගැන්නුවනම් අපි අද සයන්ස් ෆැකල්ටිවල ඉන්නව යකෝ.
ReplyDeleteආයේ මෙව්වා තේරෙන කඩ්ඩෙන්ම ලියපු එක හොඳයි. මෙව්වා දිරවගන්න බැරිව ලියන උන් දාන මුල්ම කොමෙන්ට් ටික වෙන්නේ ඔන්න බලන්න තාඹු මුලධර්මවාදී, භෞතිකවාදී, අන්තවාදියෙක් කියල. එක ත් බැරි වෙනකොට එනවා "ජාතික සහ ආගමික සහනශීලී භාවයට මේ වගේ ලිපි බාධාවක්" ය කියල කොමෙන්ට්. කට්ටිය මෙව්වා ගැන ඇහැ අරන් ඉම්මු හොඳේ...
ReplyDeleteලිපිය ගැන කිව්වොත්, නියම කතාව.. ඉස්කෝප්ප නඩුව ගැන දැනගෙන හිටියේ නැහැ නෙව.. අම්මප එකත් හැබෑව.. උන්ට එපයි කියන රෙද්දවල් මෙහෙ පැලකරගෙන, පස්සේ ගලෝගන්න බැරිව නහින්න ඕනෙය? අනික මට ෂුවර් තව ටික කලකින් නං අග්ගඤ්ඤ වාදයක් ඉස්සරහට එනවා.. ඕනේ වාදයක් ආගම විෂයට උගන්න ගත්තට මොකෝ, විද්‍යාව කියල බයිලා උගන්නන්නේ නැතිව...
ලියන ස්ටයිල් එක සුපිරියි මිත්‍රයා...!
ReplyDeleteතාඹු ගේ සරල සුගම බස් වහරින් මේ දේවල් ගැන ලියන එක බොහොම අගෙයි. මට නම් බැරි වැඩෙත් ඕක තමා.
ReplyDeleteමිස් වුන දෙයක් තමා, බීහි කාරයා කිව්වනේ තාප ගති විද්‍යාවේ නියම අනුව සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය ඉබේ හැදෙන්නේ නැහැ කියලා. ජීවින් බොහොම සංකීර්ණ උනාට ඇතුලේ තියෙන්නේ බොහොම සරල දේවල්.
මෙතැනදී ඔහු බොහෝ දුරට හිතාමතාම මග හරිනවා ඉමර්ජන්ස් [ඉස්මතුවීම කියමුද?] කියන සංකල්පය. ඉමර්ජන්ස් කියන්නේ සරල දේවල් සමුහයකින් ඉබේ ම සංකීර්ණ ක්‍රියාවලියක් ඇති වෙන හැටි. විශාල කුරුළු රංචුවක් ගත්තොත් එහෙම නැතිනම් මාළු රංචුවක්, ඔවුන් ගේ සංචරනයේදී ඇතිවෙන පැටර්න්ස් උන් හිතලා හදා ගන්න ඒවා නොවේ. එක කුරුල්ලෙකුගේ ඉඳං අනික් එකා කරන්නේ නියමිත දුරකින් හා දිශාවකින් ඉන්න එක විතරයි. කවුරුත් මේක ප්ලෑන් කරලා නැහැ. ඒත් රංචුවක් විදිහට උන් සංකීර්ණ පියාසරනයක යෙදෙනවා.
පුංචි සමනල තටුවක් නිසා මහා සුළි කුණාටුවක් ඇතිවිය හැක කියන සමනල ආචරණය හෙවත් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එකත ඉමර්ජන්ස් වලට උදාහරණයක්.
ජීවය සරල භාවයේ සිට සංකීර්ණ භාවය කරා යන්නේ ඉමර්ජන්ස් නිසා. ජීවය කියන්නේ ට්‍රයල් එරර් ගොඩක අහඹු ක්‍රියාවලියක්. හැබැයි පරිසරයට වඩාත් උචිත ඒවා ඉතිරි වෙනවා.
මට පරිනාමවාදය ගැන ප්‍රශ්න තියෙනවා. එහි ඇතුලත යාන්ත්‍රනය අපි තවම හරියට හොයාගෙන නැහැ. ඩෝකින්ස් විසින් මතු කල මීම කියන සංකල්පය, එනම් ජාන වගේ භෞතික නොවන අද්‍රව්‍ය ගති සිරිත් මිනිස් වර්ගයා අතර පැතිරෙන කතාව, මිනිස් වර්ගයාට තවම අලුත් එකක්. ජාන වල ක්‍රියාකාරිත්වය පාලනය කරන, ගැඹුරු ඉතිහාසයක අත්දැකීම් වලින් ජාන වෙනස්කම් පාලනය කරන එපිජීන් [අපිජාන?] කියන සංකල්පය ඊටත් වඩා අලුත්. කොටින්ම මේ පරිනාමය කියන එක ගැන අපි තවම දන්නේ අබමල් රේනුවයි.
හැබැයි පරිනාමය කියන මූලික මූලධර්මය එනම් ඉතා කුඩා ජීවින් වෙනස් වී විශාල ජීවින් උන බව හුදු විශ්වාසයක්, ෆිලොසොෆියක් හෝ තවත් එක විද්‍යාවක් නොවේ. එය වැඩිමනක් ම නිරීක්ෂණයක්. පරීක්ෂණ වලිනුත් හසු වෙච්ච. ගලක් උඩ දැම්මම බිමට වැටෙන්නේ ඇයි කියා පැහැදිලි කරන නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය අපට චැලේන්ජ් කරන්න පුළුවන් මතයක් හැටියට. එහෙත් ගල උඩ දැම්මම බිම වැටෙනව කියන නිරීක්ෂණය ගැන වාදයක් නැහැනේ. අන්න ඒ වගේ පරිනාමය කියන සංකල්පය ස්ථිරයි. අපට තව හොයා ගන්න තියෙන්නේ එහි ක්‍රියාකාරී බලයන් සහ යාන්ත්‍රණයන්. දැනටමත් සෑහෙන හොයා ගෙන මිනිසුන්.
කොටින්ම දෙවියන් වහන්සේ හිටියත් උන් වහන්සේ විසින් පරිනාමය පාලනය කෙරේ කියා මිසක්, වෙන විදිහකට කියන්න බැරි තරමට පරිනාමයට සාධක තියෙනවා. මෙන්න මේකයි මේ ගොල්ලන්ට අයි ඩී කතාව ගේන්න අවශ්‍ය වන්නේ. අයි ඩී පරිනාමයට යටින් දෙවියන් ව හංගලා තියනවා.
අයි ඩී හරියට ඔප්පු වෙන සාධක ඇතිනම් ඒක විද්‍යාවක් උනාට කමක් නැහැ. අවුල තියෙන්නේ අයි ඩී බයිබලය මත පදනම කර ඉදිරිපත් කිරීම. "මෙය අපට තේරුම ගත නොහැක" කියන පලියට කෙනෙක්ට කියන්න බැහැනේ "එහෙනම් මේක දෙවියා මවන්න ඇති" කියා. අයි ඩී ට කෙල වෙන්නේ මෙතැනදී.
ඒ නිසා මෙතන ඉස්මතු වෙන ලොකුම සංවාදය තමයි නිවැරදි විද්‍යා ක්‍රමවේදය මොකද්ද කියන ඒක. නලින් ගේ ආසනික් කතාවේදීත් විද්වතුන් මතු කල පැනය වුනේ, හාල්වල [හො පසේ] ආසනික් ඇද්ද නැද්ද කියා නොවේ, නලින් මෙය ඉදිරිපත් කල ක්‍රමවේදය බාර ගන්න බැහැ කියලයි.
අවාසනාවකට ලුයිසියානාවේ ආණ්ඩුකාරයා පාර්ලිමේන්තු චන්දෙන් අයි ඩී විද්‍යා පොතට දැම්මා මේ ඔක්කොටම පස්සේ. බොබී ජින්ඩොල් කියන මේ නැ.ඉන්දීය කතෝලික ආණ්ඩුකාරයා දවසක ඇමරිකාවේ ජනාධිපති වෙන්න ඉඩ තියේලු. එදාට ගොඩ් බ්ලේස් ඇමරිකා ම තමා.
තවත් එකක්. අයි ඩී ආපු කාලේ ඇමරිකාව පාලනය කල දෙවැනි ජෝජ් බුෂ් කාරයා හිතුවේ/ප්‍රකාශ කලේ විද්‍යාවේ අරමුණ දෙවියන් ඔප්පු කිරීම බවයි. ඒවා මේවාට අනිවා බලපානවා.
නැවත වරක් තාඹුට සැලියුට් පාරක් මේ අදහස් මතු කලාට.
තවමත් විද්‍යාව තුල දෙවියන් හොල්මන් කරන හැටි
ReplyDeleteඔකේ කොමෙන්ට් අතරේ අපි පන කඩා ගෙන කියද්දීත් බලන්න සමහරු "නොදන්නා දෙය" = "දෙවියන්" කියා හිතා gaන්න දඟලන තරමක්.
මෙන්න උපුටා ගත් කොටසක්.
This creative process of emergence, Kauffman contends, “is so stunning, so overwhelming, so worthy of awe, gratitude and respect, that it is God enough for many of us. God, a fully natural God, is the very creativity in the universe.”
--------
මේ පෙරදිග සංවාදයක්.
බලන්න මේ අය පාසල් බ්ලොග් පිටුවකම මේ වගේ බයිලා ලියන හැටි.
මරු තාඹුවා
ReplyDeleteබොහොම ස්තුතියි මේ ගැන ලීවාට.
ReplyDeleteඩෝඩෝ ත් කාලයකට කලින් ලිව්වා මේ ගැන.
"කෙන් මිලර්, සුපිරි නිර්මාපකයා සහ ඩෝවර් පාසැල"
මීම ගැනත් ලිව්වා කාලෙකට ඉස්සර.
ReplyDelete"ගෝඩ් මීමය හෙවත් දෙවියන් වහන්සේ \ අල්ලාහ් විස්තර කිරීම"
මේවා නැවත නැවත මතු කරන එක හොඳයි.
නියමය තාඹු!
ReplyDeleteලිවිල්ල ගැන හැමදාම කියන්න ඕන නැතත් අන්තර්ගතේ උපරිමයටම දැණෙන්නෙ ලියන ඉට්ටයිල් එක නිසා... සාමාන්‍යයෙන් මිනිස්සු ඉගෙනගත්තුව මත හිතනව මිසක් එක විනාඩියක් තමන්ට ඇත්තට දැණෙන දේ ඔස්සෙ හිතන්නෙ නැති නිසා තමන්ට කොයි තරම් ඇත්ත වුණත් යමක් නොපිලිගෙන අර ඉගෙනගත්තු බයිල වලින් ඒව තේරුම්ගන්න යනව. අපි හැමෝටම යන්තමින් හරි තියෙන එකක්නෙ ඒක. ඒව කැඩිල බිඳිල යනව මේ වගේ සටහන් වලින්... සුජීවගෙ එකතුකිරීමත් එහෙමයි...
තව ලියන්න තියෙනවයි කියල කලින් කියපුවත් හෙමින් දාමු!
එල ලිපිය
ReplyDeleteඒත් මට මෙහෙම අදහසකුත් පහල වෙනවා.. මොකෝ වෙන්නේ ඔය දෙකම උගන්නල තමුන්ට කැමැති එක තමුන්ගේ නැන පමණින් තේරුම් ගන්න කියල කිවුව නම් මොකද ඇත්තක් හරි බොරුවක් හරි ඕක හංගගෙන හිටියම තමා කුතුහලේ
නියමයි ඩෝ නියමයි!
ReplyDeleteස්තුතියි කමෙන්ට් කරපු හැම දෙනාටම..
ReplyDeleteදමිත්ගෙ අදහස ගැන මට හිතෙන්නෙ මෙහෙමයි.. බටහිර පෙරදිග කතන්දරෙන් කම්ප්ලිකේට් වෙච්චි එක අහක් කරල (ප්‍රායෝගික භාවිතාවෙදි එහෙම අහක් කරන්ඩ හේතු තියෙනව ), ඕනෙම සමාජෙක දැනුම් පද්ධති වල ව්‍යාප්තිය ගත්තොත් අපිට මූලිකව එන්ඩ පුළුවන් නිගමනයක් තියෙනව නේද? සමාජෙක තියෙන (ඉන්හෙරන්ට් හරි ඉම්පෝර්ටඩ් හරි බාගෙට ඉම්පෝර්ටඩ් හරි කියන එක අදාල නෑ) දැනුම් පද්ධති මූලික ආකාර දෙකක් තියෙනව නේද? එකක් සාක්ෂි, තර්කය සහ අනුභූතිය මත පදනම් වෙච්චි දැනුම්.. අනික අනික විශ්වාස, ඇදහිලි, පාරම්පරික ඉගැන්වීම් මත පදනම් වෙච්චි දැනුම්.. (මේ දෙක ඕවර්ලැප් වෙන බව ඇත්ත.. ඒත් ප්‍රායෝගික භාවිතාවෙදි ඒක එතරම් සැලකිය යුතුයි කියල මට හිතෙන්නෙ නෑ).. සමාජයීයව බලද්දි ඔයෙ දෙයාකාර දැනුම් අතර තියෙන ගැටුම බටහිර, පෙරදිග කියල ලොකුවට වෙනස් වෙන්නෙ නෑ නේද? බටහිරදි ජීවී සම්භවය පිළිබඳ විද්‍යාත්මක ඉගැන්වීම සහ ආගමික ඉගැන්වීම අතර ගැටීම ගමුකො.. ලංකාව වාගෙ පෙරදිග සමාජෙක ආගමික මතිමතාන්තර අරිට වඩා ගොඩක් වෙනස් බව ඇත්ත උණත්, කලින් කියපු ගැටීම වගේ එකක් මෙහෙ ඇති වුණොත් සමාජයීයව ඒක අර බටහිර වෙච්චි දෙයින් ලොකුවට වෙනස් වෙන්නෙ නෑ නේද? අග්ගඤ්ඤවාදය කියල එකක් දැනට නැතත් (තිබ්බත් විද්යාත්මකයි කියාගෙන ඉස්කෝල වලට හොම්බ දාන්ඩ ට්‍රයි කොරන්නෙ නෑනෙ ), එහෙම එකක් ඇති වුණොත්, "විද්‍යා අධ්‍යාපනේට වෙන බලපෑම අතින්" ඒක අයි.ඩී වලින් ලොකුවට වෙනස් වෙන එකක් නෑ නේද? (වෙනස් වෙයි කරුණු කාරණා අතින්.. නිදසුනක් ලෙස ලෝකෙ අවුරුදු 4500000000ට අඩු බව නෙවි, වැඩි බව කියන්ඩ උත්සහ කරයි.. මිනිස් වර්ගයා අවුරුදු ලක්ෂ ගාණක් නෙවි, කෝටි ගාණක් වයසයි කියන්ඩ ට්‍රයි කරයි "කල්ප" කියන එක පැහැදිළි කරගන්ඩ ඕනොවට..) ඒත් සමාජයීය බලපෑම බොහෝ විට එක විදිහෙ වෙයි කියල මට හිතෙන්නෙ.. ඒ නිසා බටහිරදි විද්‍යාවට අයි.ඩී වලින් ආපු අභියෝගය සහ ඒකට මුහුණදුන් හැටි අපි දැනගෙන ඉන්න එක වැදගත් කියල මට හිතෙනව..
ඔය එක්කම ඉසුරුගෙ ප්‍රශ්නෙට පුළුවන් විදිහට උත්තරයක් දෙන්ඩ බලන්නම්කො.. මෙහෙමයි ඉසුරු.. ඇත්තටම මම අර කලින් කියපු "සාක්ෂි මත පදනම්" සහ "විශ්වාසය මත පදනම්" දැනුම කියන දෙකට ඕක දාන්ඩ වෙනව.. විද්‍යාව කියන්නෙ සාක්ෂි මත පදනම් දැනුමක්.. විශ්වාස මත පදනම් දැනුමක් ඇත්ත වුණත් නැතත් විද්‍යාව තුළ ඒකට ඉඩක් නැහැ මූලික වශයෙන්ම.. ඒක නිසාම තමයි අයි.ඩී ගෙනාපු කට්ටියට ඒක විද්යාත්මකයි කියල පෙන්නන්ඩ උත්සහ කරන්ඩ සිද්ධ වුණේ.. ඒත් ඔවුන්ගේ කරුණු දැක්වීම් සාක්ෂි මත පදනම් නොවීම (සහ සාක්ෂි සමග පරස්පර වීම ), නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම ආදී හේතු නිසා විද්‍යාත්මක ආකෘතියක් බව පිළිගන්ඩ බැරි තත්වෙක තමයි තියෙන්නෙ.. (සුජීව නලින්ගෙ ආසනික් පරීක්ෂණ ගැන කියල තිබ්බෙත් ඒකමයි ).. ඉතින් ආකෘතිය විද්‍යාත්මක නැත්නම්, විශ්වාසයන් මත පදනම් එකක් නම්, ඒක විද්‍යා විෂයයට උගන්නන එකේ ගැටළුවක් තියෙනව නේද? එකිනෙකට පරස්පර "විද්‍යාත්මක" අදහස් යම් දෙයක් ගැන තියෙන්ඩ පුළුවන්.. එහෙම උණොත් ඒ දෙකම සමත්වයෙන් සලකල, එක එකක් සඳහා සහ විරුද්ධව තියෙන කරුණු දක්වමින් උගන්නන එක තමයි හරි විදිහ.. ඒත් අයි.ඩී විද්‍යාත්මක නැති නම්, ආගමික සංකල්පයක් නම්, එහෙම කරන්ඩ බෑ නේද? මොකද එතැන ඇති මත ගැටුම විද්‍යාත්මක එකක් නෙවි.. විද්‍යාව සහ ආගම අතර එකක්.. (මෙතන මම කතා කරේ අයි.ඩී හරි වෙනත් අදහසක් හරි "ආගමික අදහසක්" ලෙස උගන්නන එක ගැන නෙමෙයි.. ඒක ගැන මට වෙනම විග්‍රහයක් තියෙනව.. ඒත් මූලික ගැටළුව විද්‍යාව කියල විද්‍යාව නොවන දෙයක් ඉගැන්වීමයි.. අරක දර්ශනය හෝ වෙනත් විෂයයකට විවෘත මනසකින් යුතුව උගන්නනල ඒ ගැන කල්පනා කරන්ඩ සලස්වන එක ගැන මගෙ විරුද්ධත්වයක් නෑ..
සුජීව.. ඔබ ඉතාම වටිනා අදහස් කිහිපයක් මතු කළා.. බීහිගෙ තාප ගතික පැහැදිළි කිරීම නම් මට සම්පුර්ණයෙන් මිස් උණා.. ඒක විතරක්ම නෙමෙයි නේද, තව ගොඩක් ඒව මිස් වෙලා තියෙනව හරියට බැලුවොත් නම්.. අර අපිව හැදිල තියෙන්නෙ අහඹු සිදුවීම් සමූහයක ප්‍රතිඵලයක් හින්ද ඒ ඔක්කොගේම එකට සම්භාවිතාව ගණන් කරල ඒක ට්‍රිලියන ගානකින් එකයි කියල ඒ හින්ද පරිණාමය වුණා වෙන්ඩ බෑ කිව්වෙ බීහි නෙමෙයි නේද? ඩෙම්බ්ස්කි මට මතක හැටියට.. දාදු කැටේ පනස් පාරක් උඩ දාල ආපස්සට බලන එක විද්‍යාත්මක නෑ කියල එහෙම ඒවට උත්තර හම්බුනේ නැත්තෙ නෑනෙ.. සම්භාවිතාව හින්ද උනාට මොකද වඩා හොඳ තත්වෙකට ආවහම සම්භාවිතාව ලොක් වෙන හැටි එහෙම ඩෝකින්ස් උන්නැහේ "බ්ලයින්ඩ් වොච්මේකර්" එකේ අර සේප්පුව කඩන්ඩ ගොහිං ලස්සනට පෙන්නනවනෙ.. ඕව පුළුවන් උණොත් ආයෙ විස්තරාත්මකව ලියන්ඩ ට්‍රයි එකක් දෙන්නම්.. පරිණාමය වෙන යන්ත්‍රණය ගැන නම් ගැටළු නැති පුතයෙක් ඉන්ඩ විදිහක් නෑ මගෙ හිතේ.. ඒත් එකම දේ ඔයා කිව්ව වගේම පරිණාමය වෙච්චි බව බුදු ෂුවර්.. ඩෝකින්ස්ගෙ ජාන තියරියයි මීම තියරියයි ගැන නම් ඉස්සරහට ලියන්ඩ බලාපොරොත්තු වෙනව ලොවෙත්.. ඩෝකින්ස්ගෙ සෙල්ෆිෂ් ජීන් නම් ලොවෙත් නෑ.. ක්ලාක් උන්නැහෙගෙ විද්‍යා ප්‍රබන්ධ පරාදයි මගෙ හිතේ.. ජාන සහ මීම තියරිත් අපි මීම හැටියට ගත්තොත් ෆට්ට සයිකොලොජිකල් ඇපීල් එකක් තියෙනව මගෙ හිතේ.. හරි හරි, ඕව ගැන ඊළඟ පාර ලියන්නම්කො තේරෙනෙ කඩ්ඩෙන්.. අර "නොදන්නා දේ දෙවියන්" කියන කතන්දරේ නම් සහතික ඇත්හ්ට.. මෙහෙ තියෙන්නෙ "නොදන්නා දේ පෙර භවයේ අකුසල්", "නොදන්නා දේ ඇස්වහ / දේවතා එළි" ආදී වශයෙන්.. රිච්මන්ඩ් විද්‍යාලෙ ලිපියට ලිංක් එක දුන්නට නම් ගොඩක් ස්තුතියි.. (මේ පෙරදිග සංවාදයක්. ලිංක් එක.).. අනික් පාඨකයනුත් ඒ ලින්ක් එක ෆලෝ කරල වෙලාව තියෙන විදිහට ඒ (ගොං ) ලිපිය සහ සුජීව, රිටිගල ඇතුළු තවත් අය ඒක ලියපු මිනිහටයි කියවන අයටයි ප්‍රඥාවබෝධය දෙන්ඩ අප්රතිහතව දීපු ගේම බලල අගය කරයි කියල මම විශ්වාස කරනව..
ReplyDeleteඩෝකින්ස් ඩෝඩෝ.. ඔබේ බ්ලොග් එක කිහිප විටක්ම කියෙව්වා.. ඇත්තටම මේව ගැන ලියන්ඩ උනන්දු වෙන්ඩ එක හේතුවක් තමයි ඔබතුමාගෙ බ්ලොග් එක.. රිචර්ඩ් ඩෝකින්ස්ගෙ නම තියෙන ලංකාවෙ සිංහල බ්ලොග් එකක් තියෙනව කියල දැක්කහම නම් ඇති වුණේ ලොකු සතුටක්.. පොඩි ටැගලුවකට තියෙන්නෙ මාත් ඊළඟට ලියන්ඩ ඉන්නෙ කෙනත් මිලර් ගැනයි, ඩෝකින්ස් උන්නැහෙගෙ ජාන / මීම තියරි ගැනයි වීම තමයි.. ඩෝවර් ට්‍රයල් ගැන නම් ආයෙ ඒතරම් ලියවෙන එකක් නැති වෙයි.. ඒත් මිලර්ගෙ "ෆයින්ඩින්ග් ඩාර්වින්'ස් ගොඩ්" කියන පොතේ තියෙන වැදගත් වගේම ආන්දෝලනාත්මක කරුණු ගැන පොඩ්ඩක් ලියන්ඩ ට්‍රයි එකක් දෙනව.. ඩෝකින්ස් කියන්නෙ නම් බුවෙක්.. ආයි ඒකෙ දෙකක් නෑ.. ෆ්‍රෑන්ක්ලි කියනව නම් මම කියෝපු සිරාම පොත තමයි "සෙල්ෆිෂ් ජීන්".. ඔබ වගේ මේ විෂයය ගැනම විශේෂිත වූ කෙනෙක් මෙසේ කමෙන්ට් කිරීම ලොකු දෙයක්.. දැනුත්, ඉස්සරහටත් කාරණාත්මක වැරැද්දක් තිබ්බොත් පෙන්නල දෙන්ඩ.. නැවතත් ස්තුතියි..
(ප්‍රශ්නයක් අහන්ඩ අවසර දෙනවාද? ලෝක මට්ටමේ ඒතීස්ට් ගෲප් දෙකක ඇහුවට සුද්දොන්ට තේරුණා මදි වගේ සීන් එක.. මිලර් උන්නැහෙ ඩාර්වින්වාදයයි දෙවියන්වහන්සෙයි එකතු කරං මුක්කු ගහන්ඩ යන එක ගැන ෆ්‍රෑන්ක්ලි හිතෙන්නෙ මොනවද?)
මුචලින්ද, සුධීර, හෙයාර් සහ ඇනෝ.. ස්තුතියි කමෙන්ට් වලට.. කලින් කිව්ව වගේ ඩෝකින්ස්ගෙ ජාන සහ මීම තියරි, මිලර්ගෙ මුක්කුව ගැන එහෙම ලියන්ඩ බලාපොරොත්තු වෙනව.. ස්තුතියි..
ko ban umba deviyan mul karagatta aagamika theory walata atti halenna dunnata buddhagame kisima tharkayak bindala nahane... hooooooo..
ReplyDeleteඇනෝ.. බුද්ධාගමේ හරි වෙන ආගමක හරි තර්ක බිඳහෙළන එක මගෙ අරමුණ නෙමෙයි.. සමාජයෙ තියෙන විවිධ විශ්වාසයන්, ඒවායෙ සමාජමය බලපෑම් නිසා ඇතිවෙච්චි විශේෂ සිදුවීම් ගැන සිංහල විතරක් කියවනව කියල හිතෙන පාඨකයින්ට විස්තර කරල දීල ඒ ගැන මම ඉන්න තැනත් පැහැදිළි කරන එකයි ඔය කරල තියෙන්නෙ.. මම මොකක් හරි "ආගමකට ඇට්ටි හැලෙන්ඩ ගහයි" කියල බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඔබව ඩිස්-ඇපොයින්ට් කරන්ඩ වෙනව.. "බුද්ධාගම" ගැන විතරක් නම් කමෙන්ට් කරන එකක් නැති වෙයි.. නමුත් "බුද්ධාගම" යනුවෙන් හැඳින්වෙන කිසියම් ප්රපංචයක් හින්ද සමාජ බලපෑමක් වෙන තැන් වලට නම් "ඇට්ටි හැලෙන්ඩ හම්බ වෙයි" පෙළක් විඩේට
ReplyDeleteනෑ උඹ කිසිම ආගමකට ගැහුවා නැතා අපට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ මේකයි බුදු දහම පැත්තකින් තියල උඹ අනිත් ආගම් වලට නෙලනවා. මට උඹේ ලිපි කියවනකොට හිතෙන්නෙම උඹ නලින්ද සිල්වාගේ අයියගේ පුතෙක් කියල. :P
ReplyDeleteමේ අර උඩ හිටපු ඇනෝම වෙන්ඩ ඇති කියල හිතනවා.. කලිනුත් කිව්ව වගේ මම නෙලන්නෙ මොකක් හරි මගුලක් පැහැදිළි කරන්ඩ විතරයි.. හුදෙක් නෙලීමේ අරමුණින් නෙලන්නෙ නෑ.. නෙලන එක පැහැදිළි කිරීමෙම කොටහක් හැටියට මිසක්.. අරත් බුදු දහම හරි "බුද්ධාගමම" හරි ගත්තත් ඒබ්‍රහමික ආගම් වල තියෙන සීන් නෑනෙ.. වෙනස් විදිහක සීන් ගොඩක් තියෙනව, තාම හරියට ආවෙ නෑ ඒ ට්‍රැක් එකට.. නලින් ද සිල්වගේ අයියගෙ පුතාල කෙසේ වෙතත් නලින් ද සිල්වගේම පුතාලත් උන්නහැහෙට නැතිකොට ඔයා කියපු එක කම්ප්ලිමෙන්ට් එකක් කියල සලකන්ඩ අමාරුයි..
ReplyDeleteහොදි ඕන්නෑ... :)
ReplyDeleteෆර්දර් රිෆරන්ස් වලට තෝරාගත් ලින්ක් ටිකක් එහෙමත් යටින් එල්ලුවානම් වටිනවා... ගූගල් කරන්න කම්මැලිකමට අහනවා නෙවෙයි, වඩා දන්න කෙනෙක්ගෙන් ෆිල්ටර් වෙලා එද්දි හොඳ නිසයි...
ස්තුතියි.. මේ සටහනට පාදක වෙච්චි ප්‍රධාන සෝස් (ටොමාටෝ ) කිහිපයක් තියෙනව.. (ෆෝර්මල් ලින්ක්ස් ඕනෙ නෑනෙ?).. එකක් තමයි ඩෝකින්ස් උන්නැහෙගෙ "බ්ලයින්ඩ් වොච්මේකර්" පොත.. ඊට අමතරව ඇමෙරිකාවෙ "ජාතික විද්‍යාව ඉගැන්වීමේ කේන්ද්‍රය" කියන එකේ දීපු ලෙක්චර්ස්.. විශේෂෙන්ම ඉයුජීනී ස්කොට් අම්මන්ඩිගෙ ලෙක්චර්ස් ටික.. යූටියුබ් එකේ ඔය ලට්ට ලොට්ට ඔක්කොම තියෙනව මගෙ හිතේ.. ඊට අමතරව අයි.ඩී ගැන කෙනත් මිලර්ගෙ විග්රහයන් මිලර් උන්නැහෙගෙ "ෆයින්ඩින් ඩාවින්'ස් ගොඩ්" පොතේ (ඒ පොත ගැන වෙනම ලියන්නම්), සහ උන්නැහේ අයි.ඩී ගැන දීපු ලෙක්චර්ස් ඇසුරෙන්.. ඩෝවර් නඩු තීන්දුවෙ සංස්ෂිප්තය අන්තර්ජංජාලෙ මදි නොකියන්ඩ තියෙනවා.. ඩෝවර් ට්‍රයල් වල විකි පිටුව උනත් හොඳටම විස්තර තියෙන එකක්.. පොත් හැටියට ගත්තොත් නම් මම කියෝන අටමගල් ඔක්කොම මගෙ ගූගල් ප්‍රොෆයිලේ "ෆේවරිට් බුක්ස්" කියල දාන්ඩ අදහස් කරන් ඉන්නවා..
ReplyDeleteමේ තියෙන්නෙ "ජාතික විද්‍යාව ඉගැන්වීමෙ කේන්දරේ" යූටියුබ් චැනල් එක http://www.youtube.com/user/NatCen4ScienceEd
මේ තියෙන්නෙ මිලර් උන්නැහෙ අයි.ඩී ගැන දීපු ලෙක්චර් එක http://www.youtube.com/watch?v=JVRsWAjvQSg (ඕක තමා හැම තැනම පොර කිය කිය ඇවිදින්නෙ )..
තව ඉතිං මේ උන්දලෙගෙ ෆේක්බුක් පේජ් එහෙම ගමකට තියෙනව.. සර්ච් පාරක් දීල බලන්ඩකො..
This comment has been removed by a blog administrator.
ReplyDeletethanks Malan.. got the msg..
ReplyDeleteඔන්න අද කියෙව්වේ මහත්තයා...හොඳ කතාව...යම් මට්ටමක දැනුමක් තිබ්බත් සම්පූර්ණ කියෙව්වේ අද....
ReplyDeleteගොඩක් ස්තුතියි සුකුමාල්.. යෝජනා, චෝදනා, අදහස්, ගැටළු ඕනෙ දෙයක් සතුටින් බාර ගනිමි..
ReplyDelete@dawkinssdodo said...
ReplyDelete"කෙන් මිලර්, සුපිරි නිර්මාපකයා සහ ඩෝවර් පාසැල"
"සුපිරි නි ර් මා පකයා" කියන වචනෙම තියෙනවා කවුද ඩයල් එක හැදින්විය හැකි තවත් නමක්.
Thambu, ඔබ වැනි වටිනා මිනිසුන් මේ ලෝකයට අත්‍යවශ්‍යයි.
ReplyDeleteමම ඔබේ අදහස් වලට එකඟ නොවුනත් ඔබේ ඉදිරිපත්වීම නිර්භීතභාවය හා තර්කානුකූල බව අගය කරමි.ඔබ වැනි වටිනා මිනිසුන් මේ ලෝකයට අත්‍යවශ්‍යයි.බ්ලොග් අවකාශයේ නිදහස් අදහස් වලට ඉඩ ඇත.එය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල මෙන් මාෆියාවක් නැත.ඔබේ මතය ඉදිරිපත්කිරීමට වෙනුවෙන් ඔබට ඇති අයිතිය මුලු සමාජය විසින්ම රැකදිය යුත්තකි
ReplyDeleteමේ රටේ එක්තරා පිරිසකට මිස කතා කිරීමේ නිදහසක් නැත.ඔබේ පමනක් නොවේ අපේ අදහස් වත් ප්‍රකාශ කරගන්නට මෙය හැර ක්‍රමයක් නැත
ඔබට ජය