සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Sunday, December 18, 2011

මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)


          හෆොයි, තාඹුවට බ්ලොගක් ලියන වගේ වගක් නැතුව ගියා නොවැ.. බ්ලොග විතරක් නම් මදෑ.. පහුගියෙ දොහේ පොරට අන්තර්ජංජාලෙ කියල රෙද්දක් තියෙන බව වත් නිච්චියක් වුණේ නෑ ආයුබෝං.. රෑ දාවල් නැතුව පොලක් කඩන්ඩ ගොහිං අන්තිමේ කොල්ලට පොල් ගාන්ඩ තමයි ඉෂ්ට සිද්ද උනේ.. ඉතිං ඕන් කාලෙකට පස්සෙ ලඟදි එක්සෑම් කොරපු ජුන්නෙකුට පොල පංගාත්තු කොරල ගෙදර ඇවිදිං බවුද්ද සඟිස්කුරුතෙ විනාස කොරන ඇන්ජිඕ එහෙකිං තෑගි හම්බෙච්චි ලැපත් දාගෙන පොර ලෑස්ති වුණේ නැතෑ "මිලර් උන්නැහෙගෙ මුක්කුව" ගහන්ඩ.. අම්මට උඩු.. චින්තන පර්සදේ, ආරස්සක අමාත්‍යංසෙ, සිංහල රාවය.. වැස්සකටවත් සෙට් වෙන්නැති පෘථග්ජනයො ටික සෙට් වෙලා හෙන ගේමකට.. වෙන මොකටවත් නෙමෙයි, වොයිස්-ඔෆ් -තාඹු සයිලන්සර් කොරන්ඩ.. 

"අඩ්ඩොහ්, ටෝ අෆේ ඇමටිල ගැන හේම මොකුට් ඩාන්නෑ අලි??"

"අනවසර බ්ලොගයක් පවත්වාගෙන යන නිවසක් වැටලීම සඳහා සිංහලරාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් සැරසෙයි.. වොයිස් ඔෆ් තාඹු නම් මෙම බ්ලොග් අඩවිය බුදු දහමටත් බෞද්ධ ජනතාවටත්..."

"බීකේතාඹුගල නම් අනුකාරක ඇංකරයෙක් ඩෝකින්ස්, හිචන්ස් ආදී ඊනියා අදේවවාදීන් යයි කියාගන්නා යුදෙවු ග්‍රීක ක්‍රිස්තියානි මෝර්මන් පැස්ටෆේරියන් අඟුටුමිටි පඬියන්ගේ ප්‍රවාද වල දහවෙනි කාබන් කොපි කැඩිච්චි ඉංග්‍රීසියෙන් පරිශීලනය කර අපටත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියටත්..."
 
          කිරි අෆ්ෆට මහසෝන ගහෆි කිව්වලු.. මගෙ දුප්පත් බ්ලොගට ෆුල් බ්ලඩඩ් කවුන්ටර් ඇටෑක් එකක්.. තාඹුවත් ඉතිං අත ඇරියෙ නෑ.. කෝකටත් කියල කැස්පර්ස්කියයි මන්නෙයි අතට අරං මුවාත බලද්දිම..
"පුතේ, මේක බීල හිටියනං".. අම්ම කෝපි කෝප්පෙකුත් දික් කරං.. එතකොටයි මීටර් වුණේ කොල්ල මෙච්චර වෙලා දැක්කෙ උණ විකාරෙට පේන හීනයක් කියල.. පොලට ආපු එකෙක්ට තිබ්බැයි මෙච්චර තදේට උණ?? 

          ඔයාකාර හීන දැක්කාම ආයුබෝං මුනිෂි බය වෙන්නෑ.. උංගෙ හිත් තවත් තද වෙනව, ගල් වගේ.. කොහොමෙං කොහොමෙං හරි අන්තිමේ තාඹුව සතෙං සතේ, රුපියලෙං රුපියල එකතු කරල හෙන ගේමක් දීල ගත්තු උගෙ ඇත්ත ලැපත් දාගෙන සෙට් උණා, මුක්කුව ගහන්ඩ.. 
    
          මිනිසුන් මුක්කු ගහන්නෙ මොකටද? මුක්කු කියල කඩ්ඩෙං කිව්වට ළමයි උඹලට ඕක ඔච්චර මීටර් වෙන්නෑ.. හරි අපි හිංගලෙං අහමුකො "ජැක්" ගහන්නෙ මොකටද කියල.. ආආආආආං දැං මතක් වුණාද?? කෙල්ලො එහෙම පිරිච්චි බස්සෙහෙක කට ගාවට පුරෝල යනකොට හිතහං බලන්ඩ................................................................. ....... ........ ............  ........................................................................................................... ............................................................................................................... එක පාරට රෝදෙක හුලං ගියා.. කොන්ද බැහැල ඇවිල්ල ගහන්නැතැයි ජැක් එක?? හරි, එතකොට ඌ ජැක් එක ගහල බස්සෙකේ ඒ පැත්ත උස්සනව, රෝදෙ ගැලෙව්වාම පාත් වෙන්ඩ දෙන්නැතුව..
එතකොට ළමයි, මේ මුක්කුව හෙවත් ජැක් එකෙං කොරන්නෙ මොකක් හරි අටමගලක් පාත් වෙන්ඩ, කඩං වැටෙන්ඩ දෙන්නතුව උස්සල තියං ඉන්න එකනෙ.. එක එක මුක්කු වලිං හැබැයි උස්සන්නෙ එක එක මගුල්.. වාහන වල මුක්කුවෙං වාහනේ.. මැසිං වල තියෙන යෙක යෙක මුක්කු වලිං ඒ මැසිං වල කෑලි උස්සං තියං ඉන්නව.. බිල්ඩිමක් ගහද්දි බිල්ඩිමේ අච්චුව වැටෙන්නැතුව අල්ලං ඉන්නව.. හැබැයි ළමයි ඔය කොයි මුක්කුවත් හරියට ෆිට් වෙන්ඩ නං පොළව හොඳ හයියට තියෙන්ඩ ඕනෙ.. බුරුල් පොළවක මුක්කුවක් ගැහුවොහ් ඉතිං කෙළිය තාප්පෙටම..

          ඉතිං ඇන්නෑවෙ අපි මේ තාඹුවගෙ ඉලවු බ්ලොගක් බලාන්ඩ ගත්තෙ වඩු කරුමාන්තෙ කොරන්ඩ ය?? තෙපරබාන්නැතුව කියහංකො කියන්ඩ තියෙන දෙයක්.. කවුද මේ මිලර් කියන අපතය?? මොකක් ද උගෙ මුක්කුව?? මොන මළදානයක්ද ඌ ඒකෙං සපෝට් කරන්ඩ යන්නෙ?  

  
          වෙන මොකක්වත් නෙමෙයි ළමයි ඌ සපොර්ට් කොරන්ඩ යන්නෙ.. කඩං වැටෙන්ඩ ඉතා ආසන්න තත්වෙ තියෙන බිත්තියක්.. ඒ තමයි උගෙ ආගම .. මුක්කුව ගහල තියෙන ෆිට් පොළොව තමයි මචන්ලා විද්‍යාව කියන්නෙ (ඕං දර්ශන අංශ වල ඈයො ඇවිත් මෙතන "විද්‍යාව" නිර්වචනෙ කොරන්ඩ කියල ඉල්ලනව එහෙම නෙමෙයි, ලොවේ තියෙන 20කෝස ඔක්කොම උන් තියාන හිට, අෆි වගේ ඩුෆ්ෆට් එවුං ඕනෙ විද්‍යාව නිර්වචනෙ කොරන්ඩ, අබුද්දස්ස ).. හැබැයි ළමයි මේ මුක්කුව නං ලොවෙත් නෑ.. අර නලිනයගෙ චතුර්කෝටිකේ කැලේ.. මොකෑ මේ මුක්කුවත්, අරූගෙ හතරකෝටිකේ වාගේ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.. උගෙ ආගම ඒකෙන් සපෝර්ට් කරන්නෙත් නෑ නොකරන්නෙත් නෑ.. අනේ මන්ද.. ලොවෙත් නෑ, ලොවෙත් නැත්තෙත් නෑ.. හැබැයි එකක් තියෙන්නෙ ළමයි, ඌ කියපු එක මෙලෝ පුතයෙකුට නෑ කියන්ඩ නම් බෑ..    

කෙනත් මිලර්
          අලි අලි.. වැඩේ ලතින් වේගෙන එන්ඩ කලිං බලමුකො මොකද්ද මේ සීන් එක කියල තේරෙන කඩ්ඩෙං.. මිලර් බාස් කියන්නෙ ළමයි යැංකිද්වීපෙ ගම්පහ මේරිලන්ඩ් වත්තෙ ඉපදිලා හෙන ගේමක් දීල ඉගෙනගෙන හාර්වර්ඩ් 20විජ්ජාලෙට රිංගගත්තු හාදයෙක්.. ඉඳල හිටල ඔහොම මුක්කුවක් ගහන හින්ද "බාස්" කීවට පොරගෙ නියම ක්ෂේත්‍රෙ නං ළමයි Gව විජ්ජාව.. කොටිම්ම ළමයි කලිං චැප්ටර් එකේ අපි දොඩෝපු ඩෝකින්ස් ගොයියගෙ වගේම පරිණාමික Gව විජ්ජාව.. හැබැයි ළමයි කේස් එක තියෙන්නෙ මූ ඩෝකින්ස් වගේ කොස්සාගමිකයෙක් නෙමෙයි.. ඇත්ත ආගමක් දහමක් තියෙන එකෙක්.. මේරිලන්ඩ්වත්තෙ ඉපදිච්ච ගොඩක් එවුං වගේ මූත් රෝමන් කතෝලිකයෙක්.. (හැබැයි ළමයි මේරිලන්ඩ්වත්තෙ අනික් උං වගේ මූ කසිප්පු පෙරුවෙ එහෙම නෑ හරිය?? පෙරුව නං ඉතිං ගම්පහ උසාවියට නොවැ ගේන්නෙ, අපි දන්නැතෑ??).. 

          ඉතිං ආයුබෝං මේ බ්ලොග් පඩංගුවෙ කලිං චැප්ටර් දෙක තුන කියෝපු හාදයෙකුට (හාදියකට ) නං මේ වෙද්දි තේරිලා තියෙන්ඩ ඕනෙ පරිණාමෙ හින්ද ආගං වලට කෙළ වෙන කෙළ විල්ල.. ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිං ආගංවල තියෙන විදියට නං අර දෙයියො කියන ගොං බූරුවට තියෙන කැහිල්ලට ලෝකෙ මවල ඒකෙ ඉන්න සත්තු ටිකත් ඒ විදිහටම මවලනෙ තියෙන්නෙ.. අනාගත වංස දේසනාවෙ තියෙන විදිහට නං ආභස්සර බ්‍රහමලෝකෙං තංගුස් නූලක් දිගේ බැහැලයි තියෙන්නෙ.. නැත්තං මහ බ්‍රහ්මය කියන එකාගෙ කටිං, ඔළුවෙං, __කෙං, කකුලෙ ඇඟිලකරු අස්සෙං තමා සත්තු විසික්ක වෙලා තියෙන්නෙ.. ඔය අති පරසිද්ද පට්ටන්දර ටික ඔක්කොම ළමයි පරිණාමවාදෙත් එක්ක තොලොංචි වෙලාම යන හැටි (මෝඩයිංගෙ ඔළු වලිං ඇර ) කලිං ලියුං වලදි අපි දැක්ක නොවැ.. 



          හැබැයි මචන්ල, අපි ඒ එක්කම දැක්ක සුද්දොංගෙ ඔළු වලිං මැවුම්වාදෙ අයිංකරගන්ඩ බැරුව නඩු දාගෙන නටන තොයිලෙ.. ඕං ඔය තොයිලෙදි තමුං පල්ලි යන ක්‍රිස්තියානිකාරයෙක් උණත් විද්‍යාව පැත්තට කතා කොරපු සිරා ඩයල් වලිං එකෙක් තමයි අපේ මේ මිලර් බාස්.. ඒ බවත් අපි කෙටියෙං හරි කලින් දැක්ක නොවැ.. අද ළමයි අපි බලංඩ යන්නෙ මූ විද්‍යාවෙ ඉඳං ආගමට ගහන මුක්කුව ගැන..

          දැං ළමයි පරිණාමෙ ඇත්ත.. ඒක වෙච්චි බවට අම්බානවල් හතලිස් නමේකට සාක්කි තියෙනව.. ඕකෙං හැම ආගමකම කියන මැවීම කතාවට බඩු පැකට් වෙන බවත් බුදු ෂුවර්.. ඩෝකින්ස්, හිචන්ස් වගේ ආගමක් දහමක් නැති කොෂ්ෂාගමිකයො (මාත් එහෙම ඩයල් එකක් තමයි ආයුබෝං) කියනව පරිණාමෙ හින්ද මැවීමට විතරක් නෙමෙයි ආගං වල තියෙන හැම ලබ්බටම නස්තාර් වෙන්ඩ වැදිල තියෙන්නෙ කියල.. කොටිංම ඩෝකින්ස් ගොයිය කියන්නෙ පරිණාමෙ හින්ද ක්‍රිස්තියානි ආගමේ ඉන්න දෙයියො කියන එකා බොරුවක්ය කියල පේනව, ඒක හිංදමයි ඌ කොස්සාගමිකයෙක් උනේ කියල.. යැංකිද්වීපෙ ඉන්න ඈන් කූල්ටර් නෝන කියනව ඩෝකින්ස් අපායෙ විඳෝන හැටි හිතෙන කොට ඒකිට ෆුල් ආතල් කියල.. හිතල බලහංකො "දෙයියො බොරුයි" කියන එකට ආගංකාරයින්ගෙ පරතිචාරෙ තරම!!.. (පුනරුප්පත්තිය බොරුයි කිව්වත් ඔච්චර තමා.. සසිරිබල මෙසිරිලක නං පිහියක් අතේ නැතුව කියන්ඩම බැරි කතාවක් ඒක!!!)

          ෂරි ෂරි.. ඕං ඔතෙන්දි තමයි ළමයි "ගහ ගන්ඩ එපෝ" කියාන උගෙ මුක්කුවත් උස්සගෙන මිලර් ගොයිය දුවං එන්නෙ.. දුවං ඇවිත් ඌ කියනව ලොවි ගහෙත් නැති අමුතු කතාවක්.. ඒකටම ඌ පොතක් ලියල තියෙන්නෙ ආයුබෝං.. ඒ තමා "ෆයින්ඩින්ග් ඩාර්වින්'ස් ඩෝග්".. කඩ්ඩෙං කිව්වොත් "ඩාවිංගේ බල්ලා සෙවීම"..

          මුලිම්ම ළමයි මිලර් කාරය උගෙ පොතෙං පරිණාමෙ ගැන සිරා විස්තරයක් දෙනව.. කොටිම්ම කිව්වොත් මං හරියකට ඔය අටමගල තේරුං ගත්තෙත් උගෙ පොතෙං තමයි ආයුබොං.. ඊට පෂ්ෂෙ පරිණාමෙට විරුද්ද "තියරි" වලට ඇට්ටි හැලෙන්ඩ ගහනව.. 

          මුලිම්ම ළමයි ඌ අල්ලගන්නෙ අර ලෝකෙ වයස අවුරුදු 6000යි කියන අපතයො ටික.. විකිරණසීලි මූලද්‍රව්‍ය පරමාණු කැඩෙන එකෙං ලෝකෙ වයස ටක්කෙටම කීයන්ඩ පුළුවං කියල ඌ කියනව.. මූලද්‍රව්‍ය ජාති එකක් නෙමෙයි, විස්සක් විසිපහක් අරං ඒවෑ මුල් ලෙවල් එකයි දැං ලෙවල් එකයි කම්පෙයා කොළාම ඒ හැම එකෙම්ම ලෝකෙ වයස අවුරුදු කෝටි 450යි කියල ලෂ්ෂනට එනව.. සත්තුංගෙ ඇටසැකිලි අවුරුදු මිලියන ගණං පරණයි කියන එක ලොවෙත් ඔප්පු වෙනව.. ආයි ඒකෙ දෙකක් නෑ.. ඊට පස්සෙ ඌ හෙන්රි මොරිස් කියන එකාගෙ හද්දම ගොං කතාවට උත්තර දෙනව.. මොරිසය අහල තිබ්බ ලෝකෙ ඔච්චර පරණයි කියල අපි ලව්ව හිතොවන්ඩම දෙයියො හැම ලබ්බම අටෝල තිබ්බ වෙන්ඩ බැරිද කියල.. මිලර් අහනව උඹ අදහන දෙයියො එච්චර කපටි අලුගුත්තේරුවෙක්ද කියල.. ඒකෙං පස්සෙ මොරිසයට විජ්ජාඥයොත් නෑ.. ක්‍රිස්තියානි උනුත් නෑ.. සොරිඩොට්කොම් තමයි.. 

පෘෂ්ටවංශී සත්ව ඇසේ පරිණාමය
          අන්තිමේ අපි කලිං ලියුං වල ෆ්ලැට් වෙන්ඩ කතා කොරපු මයිකල් බීහි කියන අයි.ඩී කාරයව අල්ලං පට්ට ගහනව.. බීහිය කියන්නෙ මොකක් හරි සිස්ටම් එකක එක කෑල්ලක් අයින් කොළාම ඒක වැඩකොරන්නෙ නැත්තං ඒ සිස්ටම් එක පරිණාමෙ වෙන්ඩ බෑ කියල.. පොරගෙ උදාහරණ අතරෙ තියෙන දේවල් තමයි ඇඟ ඇතුළෙ ලේ කැටි ගැහෙන රසායනික කෙමිකල් සෙට් එක.. බැක්ටීරියා වල තියෙන ෆ්ලැජෙල්ලම් කියන කෙඳි කෑල්ල (බැක්ටීරියා වලට ඇවිදින්ඩ සප් එක දෙන්නෙ ඒකෙං).. මිනිහගෙ ඇහැ.. ඔය කයිකතන්දර වලට මිලර් හොදි එපා වෙන්ඩ ආන්සර් දෙනව බීහියට.. ෆ්ලැජෙල්ලම් එකේ කෑලි බර ගාණක් අයිං කොළාට පස්සෙත් යස අගේට වැඩ කොරන හැටි මිලර් ගොයිය පෙන්නල දෙනව.. ඇහේ කාචෙ ෆුල් අයිං කොළාට පස්සෙත් ඇහැ පේනව.. මිනිහගෙ ලේ කැටි ගැහෙන රසායනික කෙමිකල් දොළහම සත්තුංගෙ නෑ.. සමහර සත්තුංගෙ තුන හතරක් අඩුයි.. ඒත් උන්ගෙ ලේ ලොවෙත් කැටි ගැහෙනව, අපේ වගේම.. අනික සිස්ටම් එකේ කෑලි වෙන වෙනම පරිණාමෙ වෙන්නෙ ලබ්බට ද? සිස්ටම් එකම එකට පරිණාමෙ වෙන්ඩ පුළුවන්කම තියෙද්දි? බීහියයි උගෙ අයිඩී එකයි ෆ්ලැටේ ෆ්ලැට්..

          ඔය පට්ටන්දර ටික දිගඇරියට පස්සෙ තමයි ළමයි මිලර් උන්නැහෙ මුක්කුව ගහන්ඩ පටාං ගන්නෙ..
    
විශ්වයේ පරිණාමය
          මුලිම්ම ළමයි, පොර ලොවෙත් පිළිගන්නව පරිණාමෙ ඇත්ත කියල.. පරිණාමෙ ඉතරක් නෙමෙයි විස්වෙ හැදිච්චි හැටි ගැන විද්යාවෙං උගන්නන කතාව.. ඒ කියන්නෙ ළමයි අවුරුදු 13710365410යි මාස 4යි දවස් 28යි විනාඩි 560 කට කලිං බිග් බෑං බෝම්බෙ පුපුරල විස්වෙ හැදුණයි කියන කතාවනෙ.. ඊට පෂ්ෂෙ ඩිංග ඩිංග පදාර්තෙ තැං තැං වල සෙට් වෙලා අලි පත තරු හදල ඒ තරු ඇතුළෙ පොඩි මූලද්‍රව්‍ය වලිං ලොකු මූලද්‍රව්‍ය උයල, කාලාන්තරයක් තිස්සෙ සෙට් වෙච්චි දූවිලි වළාවල් හයි වෙලා තරු, ග්‍රහලෝක මන්දාකිනි, මිනිස්සු, මහින්දයගෙ හෝදන්නැති කුරහං සාටකේ, හැම මගුලම හැදුනයි කියන එකනෙ බොලවු.. 

තහනම් ගසෙන් කෑම
          හැබැයි ඊට පස්සෙ මිලර් බාස් කියපි, ඕක ඔහොමෙයි කියල දෙයියො නෑ කියන්ඩ බෑ කියල.. ඕක අහල තාඹුවට ෆුල් නස්ෆුක්.. ඇයි හත්දෙයියනේ පරිණාමෙ වෙලා නං සත්තුයි ගහකොළයි හැදුනෙ, ලෝකෙයි විස්වෙයි අවුරුදු බිලියන ගානක් පරන නං, බයිබලේ මැවීම කතාව ෆට්ට බොරුවක් වෙන්ඩ එපායැ.. ඒකෙ තියෙන්නෙ දෙයියො කියන එකා මුල ඉඳලම හිටියය, ඌ අවුරුදු 6000කට කලිං ලෝකෙ මවල ඇඩම් ඊව් කියල කපල් එකක් මවල උන් ලවු කර කර ඉන්දැද්දි ඇමෙරිකන් ඇපල් වලට ටැක්ස් ගහන්ඩ ගිහිං ගම කාගත්තු සීන් එකක් නෙ.. (දෙයියො කියල පොර කියන්නෙ ක්‍රිස්තියානි දෙයියන්ට, හරි ය?).. ඉතිං ළමයි ඕකයි, අර විද්යාවෙං කියන බම්බුවයි දෙකම ඇත්ත වෙන්ඩ බෑනෙ.. 

          ඩිංගක් මිලර් කාරය ඇක්ස්ප්ලේන් කොරං යද්දි තමයි ආයුබෝං තේරුණේ මොකාටද මූ එන්ඩ හදන්නෙ කියල.. මූ කියන්නෙ ළමයි හරිම සිම්පල් කතාවක්, කැපිටල් කොරගත්තෙ නැත්තං.. මූ කියනව, හරි, ඔය හැම මගුලම වුණේ විජ්ජාවෙ කියන විදිහට තමයි, ආයි ඒකෙ දෙකක් නෑබයිබලේ කියන කතාව ලියල තියෙන වචන වලිං   ගත්තොත් නං අමු බොරුවක් කියල.. ඊට පස්සෙ පොර කියනව, හැබැයි ළමයි අර විජ්ජාවෙං කියන විදිහට ලෝකෙ හදන්ඩ මුලිම්ම ප්ලෑන් කොළේ දෙයියොය කියල.. බිග් බෑං එකෙං විසිවෙච්චි කෑලි ගුරුත්වෙ හින්ද ආපහු ඇවිත් සෙට් උනා නං දැන් තියෙන විස්වෙ හැදෙන්නෙ නෑනෙ ළමයි.. ඒ ටික පුපුරපු පාරට විසික්ක වෙලා මඳ සුළගේ ඈතට ඈතට පාවී ගියා නං මේ විස්වෙ හැදෙන්නෙත් නෑ.. පොර කියන්නෙ ඔය දෙකම නොවී ඒ කෑලි ටික තැං තැං වල සෙට් වෙලා තරු, ග්‍රහලෝක හදිල සමහර ඒවෑ (පොලොවෙ ඉතරක් නෙමෙයි ) සත්තු හැදුනෙ ගුරුත්වාකර්සනේ එක ලෙවල් එකක තිබිච්චි හින්ද කියල.. පොර කියන්නෙ එහෙම කොළේ දෙයියො කියල.. ඊළඟට හයිඩ්‍රජං වගේ ජුන්ඩි පරමානු තව ජුන්ඩක් බර උනානං, නැත්තං සැහැල්ලු වුණා නං ඒව සෙට් වෙලා රසායනික කෙමිකල් හදන්නැතුව නිකං ඉන්නව, එහෙම උනානං අපි හැදෙන්නෙත් නෑ.. ඔය විදිහට ළමයි, පිසික්ස් වල ගනං හදනකොට දාන "නියත" කියන ජාතියෙ ඉලක්කං ජුන්ඩක් එහෙ මෙහෙ වුණා නං අපිත් නෑ, අපි ගහෙත් නෑ.. මිලර් කාරය කියන්නෙ, විස්වෙ හැදිල අපි හැදෙන්ඩ, ඒ ටික කරල දුන්නෙ දෙයියො කියල.. 

          අපි මුලිම්ම කිව්ව වගේ ළමයි, මූ මේ කොරන්නෙ විජ්ජාවෙ ඉඳං ක්‍රිස්තියානි ආගමට මුක්කුවක් ගහන එක.. මුක්කුවෙං වෙන දෙයියෙක්ව උස්සගෙන ඉඳල වැඩක් නෑනෙ ළමයි, ක්‍රිස්තියානි දෙයියො මිසක්කං.. ඉතිං ළමයි, ක්‍රිස්තියානි දෙයියො ලෝකෙ මවල අහක් වෙලා අත පය වකුටු කොරං ඉන්න ගොතයෙක් නෙමෙයිළු.. පොර හැමදාම ඉරිදට පල්ලියෙ වහලෙ උඩට ගිහිං කාරිය, යාඥා කොරන එවුංගෙ යාඥාවල් අහං ඉඳල පොරට කැමති යාඥාවල් වලට උත්තර දීල අනික්වට නිකං ඉඳපියවු කියල යන්ඩ යන ඩයල් එකක්ළු (මම නෙමේ, මිලර් කියන්නෙ ).. ඊළඟට පොරට පොඩි ආතල් එකක් ගියහම නැවු පෙරළල, ඇක්සිඩන්ට් කොරෝල හෙන සීනුත් කොරනවළු.. හැබැයි එහෙමයි කියල හැම මගුලටම අත දාන්නෙත් නැතිළු.. 

          කොහොම හරි ළමයි ඊළඟට පොර සිරා කතාවක් කියනව.. දෙයියො තේරුං ගන්ඩ නං විද්යාවෙ නීතිවලිං බැහැරව බලල බෑ, ඒව ඇතුළෙම බලන්ඩ ඕනෙ කියන එක.. දෙයියො වැඩ කොරන්නෙ ඒ නීති කඩල නෙමෙයි.. ඒ නීති එක්කමයි.. ගොඩක් උන් දෙයියො හොයන්නෙ වැරදි තැං වල කියලයි මිලර් කියන්නෙ.. ඒ කියන්නෙ විද්යාවෙං ඇක්ස්ප්ලේන් කොරන්ඩ බැරි තැං වල.. දැං හිතහං පාස්ටර් කෙනෙක් කියනව "මොන ලබ්බ කරලවත් මලක් පිපෙන එක විද්‍යාවට ඇක්ස්ප්ලේන් කොරන්ඩ බෑනෙ" කියල.. ඒක හද්ද ගොං කතාවක්.. එක්කො ඒවගේ දේවල් විද්යාවෙං දැනටමත් ඇක්ස්ප්ලේං කොරන්ඩ පුළුවං.. නැත්තං ඉස්සරහදි පුළුවං වෙනව.. එතකොට අර කතාව හුදෙක් ගොං කතාවක් බවට පත් වෙනව.. පරිණාම තියරියෙ හිල් අස්සෙං දෙයියො බලන්ඩ යන එකත් ඒවගේම ගොං පාර්ට් එකක් තමයි..


          එතකොට ළමයි විස්වෙ නීති කඩ කඩ ලංකාවෙ දේසපාලුවො වාගෙ හැම රෙද්දටම අත දානෙත් නැති ඩයල් එකක් නම් මේ දෙයියො, පොරව පැහැදිළි කොරන්නෙ කොහොමද? සිම්පල්.. අද කාලෙ හැම අපතයම වාගෙ පොරත් රිසෝට් වෙන්නෙ කොන්ඩම් විජ්ජාවට.. කොන්ඩම් විජ්ජාවෙං ළමයි කලිං විජ්ජාවෙ තිබිච්චි කයිකතන්දර ගොඩක් උඩුකුරුඥ්ඥං ගහලයි තියෙන්නෙ (වැඩි විස්තර වලට ඕන්නං අර නලිං ද සිල්ව උන්නැහේ ගැන මේ බ්ලොගේ තියෙන හෑල්ල කියෝපල්ලකො ).. විජ්ජාවෙ තියරි මුලිම්ම හැදිච්චි කාලෙ හිටපු කොපර්නිකස්, ගැලීලියො, නිවුටන් වගේ ඩයල් හිතුවෙ උන්ගෙ නීති වලිං හැම ලබ්බම ඇක්ස්ප්ලේං වෙනව කියල.. කොටිම්ම ඒව හැම මගුලටම ඇප්ලයි කරොතිං විස්වෙ වෙන හැම මගුලක්ම වෙන්ඩ කලියෙං දැනගන්ඩ පුළුවං වගේ සීන් එකක් තමයි තිබ්බෙ.. අඩුම ගානෙ ඉස්සරහට එහෙම පුළුවං වෙයි කියල උන් හිතන්ඩ ඇති.. හැබැයි ඒ බලාපොරොත්තු වලට ෆුල් කෙල වුණා කොන්ඩම් විජ්ජාවෙං..

          මොකෑ කියනවනං ළමයි, කොන්ඩම් විජ්ජාවෙං අන්තිමේ කියනව හැම මගුලම කලිං ප්‍රෙඩික්ට් කරන්ඩ බැරිය කියල.. දැං හිතහං කණ්නාඩියක්.. ඒකට ටෝච් එකක් ගැහුවොත් ඒ ආලෝකෙං සීයට අසූවක් පරාවර්තනේ වෙනව, සීයට විස්සක් උරා ගන්නව කියල.. ආයි පාරක් ඒ ටෝච් එක ඒ විදිහට ගැහුවාමත් එච්චරම තමයි.. හැබැයි ළමයි, කොන්ඩම් විජ්ජාවෙ හැටියට ආලෝකෙ පොඩි අන්සු හැටියට තියෙන්නෙ.. කන්නාඩියට වැටෙන අන්සු සීයකිං අසූවක් බම්ප් වෙලා එළියට යනව.. ඉතුරු විස්ස ඇතුළට යනව.. හැබැයි ළමයි සීන් එක කියන්නෙ එක අන්සුවක් ගත්තොත් ලොවෙත් කියන්ඩ බෑ, ඒක බම්ප් වෙයිද ඇතුලට යයිද කියල.. I mean, මෙලෝ පුතයෙක්ට කියන්ඩ බෑ.. ඉතිං ළමයි පොඩි පරමානු, ඉලෙක්ට්‍රෝන වාගෙ පොඩි අංසු ඔක්කොම වැඩ කොරන්නෙ ඔය විදිහට.. අන්ප්‍රෙඩික්ටබල්.. ඒව ඊළඟ තප්පරේදි මොන බුලක් කෙලියිද කියල අපි දන්නෑ.. ඕං ඔය කාරණේ හින්දම ළමයි, ඉස්සර හිටපු විජ්ජාඥගොල්ලො හිතපු විදිහට විස්වෙ වෙන හැම මගුලම කලිං ඉඳල කියන්ඩ බෑ.. ඕනෙම මගුලක් වෙනස් වෙන්ඩ පුළුවං අවිනිශ්චිතයි .. මිලර් ගොයිය අන්තිමේ කියන්නෙ, ඕං ඕවයිං සමහර ජුන්ඩි වෙනස්කං දෙයියො උට ඕනෙ විදිහට කොරනව කියල.. 

          ඉතිං බං ඒක ෆික්සු ෆීකුදු කතාවක් නොවැ.. ඔය කියන විදිහට දෙයියො ඉලෙක්ට්‍රෝන, ආලෝක අංශු එක්ක ජිල්බෝල ගහනවයි කියමුකො.. ඉතිං කොහොමෙයි ඒවයින් ඌ ලොකු වැඩ කොරන්නෙ? කැන්සර් හොඳ කොරන්නෙ? කැන්සර් හදවන්නෙ? බස් හප්පවන්නෙ? නැව් ගිල්ලවන්නෙ? ගිලෙන්ඩ යන උං බේරගන්නෙ?? පරිණාමෙං මිනිස්සුංව හැදෙව්වෙ.. මෙහෙමයි මචං.. ජුන්ඩි අංසු වලිං අලි පත වෙනසක් වෙන්ඩ පුළුවන් විදිහවල් ගමකට තියෙනව.. හිතහං කැන්සර් එකක්.. ඒක බෝවෙන්ඩ කලිං එක සයිලෙකට ලෙඩේ හැදිල ඉන්ඩ ඕනෙ.. එක සයිලෙකට හැදෙන්ඩ නං ඒකෙ ඩී.එන්.ඒ වල විකුර්තියක් වෙන්ඩ ඕනෙ.. හිතහං ඒක උනේ ඇක්ස්‍රේ එකක් ගනිද්දි ගියෙ විකිරන හින්ද කියල.. ටෝච් එළිය වාගෙ ඇක්ස්‍රේ විකිරණත් හැදිල තියෙන්නෙ කොන්ඩම් අංශු (පැකට්) වලිං.. ඉතිං හිතහං එයිං එක පැකට් එකක් ඩී.එන්.ඒ වල එක තැනක වැදිල විකුර්තිය උනේ කියල.. ඒ පැකට් එක වෙන තැනකිං ගියා නං ඒක නොවී කැන්සර් නොහැදි ඉන්ඩ තිබ්බ.. ඒක වෙන තැනකිං නොගිහිං ටක්කෙටම එතනිං ගියෙ තනිකරම අහම්බෙං.. කොටිම්ම කැන්සර් එක හැදුනෙ අහම්බෙං.. මිලර් අහන්නෙ ඒක ඒ විදිහට උනේ දෙයියො හින්ද වෙන්ඩ බැරි ද කියල.. පරිණාමෙ ගත්තත් ළමයි, ඒක තනිකරම අහම්බෙං වෙච්චි නැති දෙයක් බව ඇත්ත.. ඒත් ඒකෙ වෙච්චි පොඩි පොඩි විකුර්ති එහෙම වුණේ ලොවෙත් අහම්බෙං.. ඉතිං පරිණාමෙං අපිව හැදෙන තැනට ආවෙ දෙයියොත් පොඩි සප් එකක් දුන්නෙ හින්ද නෙමෙයි කියල අපිට කියන්ඩ පුළුවන්ද?? 

විකිරණ නිසා පිළිකා ඇති වීම

          ඕං ළමයි මිලර්ගෙ මුක්කුව.. දැං කෂ්ටියට පුරස්නයක් ඇතිනෙ, කොසු දහම අදහන තාඹුව ඕකට මොකෑ කියන්නෙ කියල.. වැරි ප්‍රොබ්ලම් නෝ සිම්පල්.. තාඹුවට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි.. මිලර් කියන විදිහෙ දෙයියෙක් නෑ කියල තාඹුවට ලොවෙත් කියන්ඩ බෑ.. තාඹුව එහෙම කියන්ඩ යන්නෙත් නෑ.. හැබැයි පුතෝ ඔහොම දෙයියෙක් ඉන්නව කියන්ඩ සාක්සි එකක්වත් මිලරය ගේන්නෙත් නෑ.. කොටිම්ම එහෙම එකෙක් ඉන්නව කියන්ඩ ඌටත් බෑ.. ඒක ඌත් පිළිගන්නව.. ඌ කියන්නෙත් "ඕක විස්සාස කොරන්ඩ සාක්කි වලිං බෑ බක්තිය ඕනෙ" කියල.. තාඹුව තේරෙන හිංගලෙං කිව්ව ඌට බක්තිය පන්සීයකුත් තැපැල් කොරල එවහං කියල ඊළඟ ඊබේ ඕඩරෙත් එක්ක.. ම්ම් හ්ම්ම්.. ඒව එක කඩේකවත් නැහැළු.. ඒ හිංද තාඹුව ඕක විස්සාස කොරන්නෙත් නෑ.. එහෙමෙයි කියල විස්සාස කොරන එවුං එක්ක ආරෝවකුත් නෑ.. උං ගොන්නු නෙමෙයි.. තාඹුව දැකලවත් නැති බක්තිය කියන අටමගල කොහෙං හරි හොයාගත්තෙ එවුං..   
       
          හැබැයි ළමයි ජුන්ඩි කොෂ්ෂකුට් නැට්ටෙ නෑ.. දැන් හිතහං කොහොමෙං කොහොමෙං හරි ඔය දෙයියො එක සැරේ මළදානවල් කීපයක් කොරන්ඩ ඕනෙ.. එච්චර ගටක් තියෙන්ඩ නං ඌ ෆට්ට කම්ප්ලෙක්ස් බුවෙක් වෙන්ඩ ඕනෙනෙ.. කාටද කියන්ඩ පුළුවං නූඩ්ල්ස් අත් ප්‍රකෝටි ගණනක් තියෙන පියාඹන ස්ෆැගටි රාක්ෂය නෙමෙයි කියල ඔය දෙයියො?? ඒක පැත්තකිං තියමුකො ආයුබෝං.. එච්චර සංකීර්ණ සිරා බලයක් තියෙන දෙයියෙක් ඉන්නව නං ඌව ඇක්ස්ප්ලේං කොරන්ඩ එපා ද? ඕව ඔක්කොටෝම "දෙයියො තමයි ආරම්භය, ඊට කලිං දෙයක් නෑ ඒක විස්සාස කොරන්ඩ නං බක්තිය ඕනෙ" කියන උත්තරේ නේද දෙන්ඩ වෙන්නෙ?? ඉතිං මචන්ස්, අරූ මට බක්තිය ඩී.එච්.එල් කොරේ නෑනෙ, කොරන්ඩ කිවුවට.. ඈස් අ රිසල්ට්, මම විස්සාස කොරන්නෙ නෑ..

          ඔය කුඩුකේඩුකං පැත්තකිං තියමුකො ආයුබෝං.. මිලරයගෙ තියරිය මං විස්සාස කොළේ නැතුවට ළමයි ඒ තියරියෙං මිලර් සිරා පොට් එහෙකට ඇවිත් ඉන්නව.. විජ්ජාව හින්ද ආගං වලට කෙල වේගෙන කෙළ වේගෙන යනව.. ආගං වල උගන්නපු කතන්දර වලට ෂොට් එක දිදී විද්‍යාව ඉස්සරහට යනව.. ෂොට් එක හම්බේගන හම්බේගන ආගම පෂ්ෂෙං පෂ්ෂට යනව.. හැබැයි මචෝ, කොන්ඩම් විජ්ජාවට පිං (හරි පවු හරි ) සිද්ද වෙන්ඩ එක තැනක් තියෙනව විජාවට එතනිං එහාට යන්ඩ බෑ.. ආගම එතනිං එහාට පැනල ගිහිං ෂෆාන් එකේ ඉන්නව.. හැබැයි පුතෝ ආයි මේ පැත්තට ඒම් බොරු.. මොන මලදානයක් හිංද ඔහොම වෙලා හරි දෙගොල්ලො කටිංවත් ෆයිට් කොරගන්නෙ නැති ලෙවල් එකකට එන එකත් එක අතකට ෂේප්නෙ බොලවු.. අඩුම ගානෙ විජ්ජාව බොරුයි කියල ආගංකාරයො දාන ගොං පාර්ට් හරි නවතියි නොවැ.. 

    

47 comments:

  1. අනේ! දුක හිතෙන කතාවක්නෙ! :( :( :(

    ReplyDelete
  2. ඔන්න මම join උනා කතාවනම් තාම කියෙව්වෙ නෑ දැන් ටිකක් බිසී දවල්ට බලලා ආයෙත් කොමෙන්ට් කරන්නම්

    ReplyDelete
  3. දං මෙහෙම සීන් එකක් තියනව, කියන විදියට අපි හිතමුකො මොනාහරි වෙලා විශ්වය පටංගනිද්දි තියන එකක් වෙනස් උනා කියල.

    for eg, ම්... H2O රේඛීය අනුවක් උනා කියමුකො. එතකොට සත්තුංට ජීවත් වෙන්න පුලුවං උශ්ණත්වය වෙන ඉලක්කමක් වෙන්න පුලුවන්නෙ.....?

    ReplyDelete
    Replies
    1. Ow.. pahadiliwama... Thinking that water and carbon are the only sufficient and necessary conditions for life is an absurdity...

      Delete
  4. හප්පොච්චියේ අයියණ්ඩි මේ මොනවැයි මේ කියන්නේ? දෙයියෝ කෝප කරගන්ට තමයි ඔය හදන්න්නේ! :D
    අපි දන්නෑ ඕන්න දෙයියෝ අනී හිල් වෙන්න ටොක්කක් ඈ ;)

    ReplyDelete
  5. හෙන සිරා කථාවක්. මට නම් ලොවෙත් නැති බ්ලොග් එකක්. පට්ට ආතල්. නියමයි.
    මිලර් කෙසේ කීවත් මම නම් මැවුම්කාර දෙවියන් කියලා සුපිරි ඩයල් විශ්වාස කරන්නේ නැහැ. බුදු දහම එහෙම මැවුම්කාර දෙවියෙක් විශ්වාස කොරන්නේත් නැහැ නේද?
    අපි කතරගම දෙවියන් කියන්නේ දැනට වසර හත් අට දහකට උඩදි රජකල මහසෙන් රජතුමා කියා මා තදින්ම විශ්වාස කරනව. ඒ ගැන මගේ භක්තියකුත් තිබෙනවා. නමුත් මැවුම්කාර දෙවියෙක් මා විශ්වාස කොරන්නේ නැහැ.
    ව්ශ්ව නිර්මාණය ගැන බුදු දහම පෙන්වා දෙන කරුණුත් බොහෝ දුරට බිග්බෑන් තියරඉයට සමානයි. මම ඒ ගැන ඉදිරියේදී ලියන්නම්.
    බ්ලොග් වලින් මෙවැනි දේ මෙහෙම සරලව කථා කරනවා නම් ඉතා වටිනවා. ඔබට ප්‍රණාමය. දිගටම මෙවැනි ලිපි ලියන්න.

    ReplyDelete
    Replies
    1. Mahasen rajjuruwo... aurudu hath ata dahakata kalin da hitiye?

      Delete
  6. මිලර්ගෙ පොත දැක්ක නම් පැත්තවත් නොබල යන අය, මේ පෝස්ට් එක මුල සිට අගට එක හුස්මට ( විටින් විට හිනා පනින මුවින් යුතුව) කියවූ බවට නම් සැකයක් නැහැ.
    මිලර් ගැන වගේම ඒ ආශ්‍රිත දැනුම සරල සහ හාස්‍ය මුසුව කියවන්නට ලැබීමත්, ඒ පිළිබදව ලියන්නට ඇති හැකියාවත් අගේ කරනවා...

    තාබු..හැබෑටම මේ ලෝකෙ දෙයියො නැති ද .... හෙහේ...

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. තාඹු බෙහෙවින් ස්තුතියි වැඩිය දන්නේ නැති [නම විතරක් අහලා තිබ්බ] මිලරයා ගැන මෙහෙම පැහැදිලි කර දුන්නට. මිලර් පමණක් නොවේ සියලුම දේවාගම් අදහන විද්‍යාඥයින් ඔයාකාරෙන් තම විසංවාදය ගලපා ගන්නවා.

    මෙන්න තව කතාවක්. සයන්ටිෆික් ඇමරිකන් කියන සයිට් එකේ තිබ්බා Sacred Science: Using Faith to Explain Anomalies in Physics [Can emergence break the spell of reductionism and put spirituality back into nature?] කියා ලිපියක්.

    මේ ලිපියේ කියවෙන්නේ විද්‍යාවේ තියෙන ඇතැම් සංකල්ප එනම් ඉමර්ජන්ස්, කෙයෝස්‌ තියරි වගේ එව්වා ඒ විදිහට කරන අප නොදකින බලවේගයක් ඇති බවත් එ දෙවියන් බවත්. Stuart Kauffman කියන මහා විද්‍යාඥයාගේ නිර්මාණයක්. ඔය පෝස්ට් එකේ කොමෙන්ට් වල මම තුමා ඇතුළු කිහිපදෙනෙක් කාරනා පහදන්න කොච්චර දැන්ගලුවත් හරි යන්නෙම නැහැ. කොච්චරවත් විද්‍යාවේ නොපෙනෙන පුංචි මාජිං එකට දෙයියන්ව ගෙනෙන අය ඉන්නවා.

    වැඩේ කියන්නේ මේකයි. දැන් ඔන්න ඉස්සර මේ ගොල්ලෝ කිව්වා එක්තරා දෙවියෙක් ගැන. ඒ දෙවියා විසින් මැව්වා කියා අපිට පෙන්නුවේ දැවැන්ත කොන්ටෙනර් සයිස් පෙට්ටි ගොඩක්. විද්‍යාව කලේ මේ කොන්ටෙනර් සයිස් පෙට්ටි අධ්‍යනය කරලා පෙන්නුවා, මේ කොන්ටෙනර් සයිස් පෙට්ටි වල ඇතුලේ තියන්නේ පකිස්පෙට්ටි සයිස් පෙට්ටි ගොඩක් මිස කොන්ටෙනර් සයිස් එකක් කවුරුත් මවා නැහැ කියා. විද්‍යාත්මකව පෙන්නා දුන්නා කොහමද පකිස් පෙට්ටි වලින් කොන්ටෙනර් පෙට්ටි හැදෙන්නේ කියා. එතකොට මේ දෙවියන් ගැන මොළ සේදුනු මිනිසුන් කියාපි, "හා එහෙනම් පකිස් පෙට්ටි මැව්වේ දෙයියෝ" කියා. විද්‍යාව දිගින් දිගටම මේ පෙට්ටි අධ්‍යනය කර ගේන යනවා. ඒ තුල ඔවුන් දිගින් දිගට දකිනවා මවුම්කරුවෙක් නැතිව හැදෙන හැටි. දකින හැම වෙලේම පුංචි පෙට්ටියක් ඉතිරිවෙනවා. එතකොට දේව භක්තිකයින් දෙවියන් අර පුංචි පෙට්ටියට දා ගන්නවා. මේක ඉවර වෙන සෙල්ක්ලමක් නොවේ.

    හැබැයි ආතල් එක තමා ගණිතමය විදිහට කිව්වොත් god -> 0 බව [එනම් දෙවියන් ටික ටික ශුන්‍යය කරා යන බව]

    අර ඉහත සංවාදේ කොමෙන්ටු දෙකක් ලියන්නම් මොකද ඒවා මෙතනටත් ගැලපෙනවා. එකක් මං ලිව්වේ අනික ලිව්වේ එතන උන්නු "සැහෙන්න භාවනා කල" බෞද්ධයෙක්. ඉංගිරිසියෙන් ලියන්නේ මිනිසුන්ට තේරෙන පාරිභාෂික වචන සිංහලයේ නැති නිසා.

    - Man's misfortune is trying to understand the infinite and continuous universe with the finite and discrete thinking capacity of his. So there will always be a gap wide enough to fit God in.

    - Einstein said "God does not play Dice" but I'd say that "It is the dice that plays the role of God" [God is a mythical presence which helps those who cannot understand randomness of this universe]

    මේ දේවල් මේ තරම් සරලව ලියන්න තාම්බුට ඇති හැකියාව ගැන මට ඉරිසියයි. මාත් තව බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නේ [රිටිගලට පොරෝන්දුත් උනා ඒක කරන බවට] ඒත් මං වැඩිපුර ඉංග්‍රීසියෙන් ලියයි. මට අති සම්භාව්‍ය සිංහලෙන් ලියන එකේ පලක් තේරෙන්නේ නැහැ. ඒත් ගොඩක් දේවලට ගැලපෙන සරල සිංහල වචන නැහැ. "අන්‍යොන්‍ය වශයෙන් බහිශ්කාරයි" කියනවාට වඩා "mutually exclusive" කිව්වම තේරෙනවා. ඉතින් එහෙව් බරසාර කතා මේ තරම් හොඳට ලියන තාම්බුවා අමර පොරක්.

    ReplyDelete
  9. සොබාදහම් මෑණියෝ... විශ්ව ශක්තිය... මිහිකත දඩුවම් දෙනවා...

    මේ වගේ දේ වලින් කියන්නෙත් ඔය මිලර් කියන දේමද මන්දා..???

    @සුජීව

    /// මාත් තව බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නේ [රිටිගලට පොරෝන්දුත් උනා ඒක කරන බවට] ///

    සුජීවත් සුසන්තිකා වගේ එයාපෝට් එකේ ඉඳන්ම කියවනවා... හැබැයි වැඩේ කෙරෙනකල් අපිට සුවර් නෑ... :P

    මම මේ මාස දෙකක විතර ඉඳන් දත කට මැදගෙන ඉන්නේ[සිරාවටම] මීට කලින් තැන් දෙක තුනකම කියලා තියෙන ඔය බ්ලොගිය පටන් ගන්නකල්...

    ReplyDelete
  10. ඉතාම අනගි පෝස්ට් එකක්!
    ශෛලිය නම් විශිෂ්ඨයි. දිගටම ලියන්න.

    මේක අඹ ගහේ සින්ඩිකේට් වෙන්නැත්ද?

    ReplyDelete
  11. ස්තුතියි හැමෝටම,

    තනි අලිය කියන දේ ඇත්ත වෙන්ඩ පුළුවං.. විශ්වයෙ නියත හරි පරමාණු සයිස් හරි පොඩ්ඩක් වෙනස් වුණා නම් H2O රේඛීය වෙන්ඩ ඉඩ තිබුණා.. එහෙම වුණත් H2O ද්‍රව තත්ත්වයේ පැවතීම වෙනත් උෂ්ණත්වයක සිදු වෙලා (වෙන කොහෙ හරි ) ඒ මත ජීවය ඇති වෙන්ඩ තිබුණා.. නැති නම් ජීවය ඇති වෙන්ඩ H2Oම ඕනෙ කියල අපි හිතන එක තරමක් නයීව් අදහසක් කියලයි මට හිතෙන්නෙ.. පොළවෙදි H2O කරන කාර්යය සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයා මත ද්‍රව මෙතේන් හා ඊතේන් වලින් කරන බව අපි දන්නවා.. කොහොම හරි මිලර් අදහස් කරල තියෙන්නෙ ඒක නෙමෙයි මගෙ හිතේ.. පරමාණු වල ගුණ ඊටත් වඩා වෙනස් වුණා නම් විශ්වයෙ කිසිම පරමාණුවක් එකතු වෙලා අණු හදන්නෙ නැතුවම ඉන්ඩ ඉඩ තිබුණ කියන එක.. ඒක උණත් ඉතිං එක අදහසක් විතරයි, තහවුරු කරපු විද්‍යාත්මක කරුණක් නෙමෙයි.. "පරමාණුක අරය" "ගුරුත්වාකර්ෂණ නියතය" වැනි දේවල් මක් කරලාවත් වෙනත් අගයයන් ගන්ඩ බැහැයි කියල තර්ක කරන විද්‍යාඥයොත් ඉන්නවනෙ.. තව ඕකට විරුද්ධව ගෙනාපු තියරියක් තමයි "මල්ටිවර්ස්" කතාව.. ඒ කියන්නෙ මේ විශ්වය විශ්ව ගොඩකිං එකක් විතරයි, මේ ලෝකෙ වගේම මේ විශ්වයෙත් ජීවීන් ඉන්න එක අහම්බෙන් වෙච්චි දෙයක් කියල.. කළු කුහර හරහා විශ්ව පැටවු ගහන කතාවකුත් මම අහගෙන.. කොහොම හරි මිලර්ගෙ තියරි වගේම අරවත් ඔප්පු කරපු දේවල් නෙමෙයි.. ඒ නිසා මිලර් "හරි වෙන්ඩත් පුළුවං වැරදි වෙන්ඩත් පුළුවන්" මම හිතන්නෙ..

    වෙදනා වගේම මාත් "ඕල්මයිටි ගෝඩ්" සංකල්පෙ විස්වාස කරන්නෙ නෑ.. ඒත් ඒ බුදු දහම එසේ විශ්වාස නොකරන නිසා නෙමෙයි.. මැවුම්කාර දෙවියන්වහන්සෙ වගේම සංසාරයත් මට ගෝචර වෙන දේවල් නෙමෙයි.. (ගෝචර වෙනව සහ ඉංද්‍රියයන්ට දැනෙනව කියන්නෙ දෙකක්.. ඉන්ද්‍රියයන්ට නොදැණුනාට පරිණාමය පිටුපස තියෙන කතාව උදාහරණයක් විදිහට ගත්තොත් ඒක මට ගෝචර වෙනව ).. ඉතිං බුදු දහම, කිතු දහම ආදියෙ කියන දේවලින් ස්වායත්තව තමයි මගේ විශ්වාසයන් පවතින්නෙ.. ඒ ඒ දහම් වල ඉගැන්වෙන මට ගෝචර නොවන දේ විශ්වාස කරන්ඩ ඒ ඒ දහම් ගැන බක්තියක් මට නෑ..

    බීටල්, ඔබ හරියටම හරි.. ඔබ කියපු "විශ්ව ශක්තිය" ආදී යෙදුම් ඇති වෙලා තියෙන්නෙ සොබා දහමට කිසියම් අරමුණක් තිබේය කියන අදහස නිසයි.. සර්වබලධාරී දේව සංකල්පය ඇතිවෙන්න සහ මුල්බැසගන්න හේතුවත් එයයි.. ඒත් මේ වෙනකොට ඔෆ්‍රා වින්ෆ්‍රී වගේ සර්වාගමික අධ්‍යාත්මවාදීන් (මාර්කට් කරන අය තමයි ) දෙවියො වෙනුවට "ඒබ්‍රහමික නොවන" අයටත් "අරමුණ" මාර්කට් කරන්ඩ හදන වචන ඕව කියලයි මට නම් හිතෙන්නෙ..

    ReplyDelete
  12. ස්තුතියි ඩෝඩෝ.. ඔබ ලබාදෙන ප්‍රචාරය මගෙ දුප්පත් බ්ලොගට මහඟු උපකාරයක් වුණා.. අඹගහේ සින්ඩිකේට් වෙනව මම හිතන්නෙ.. ඒකෙ ලිංක්ස් වලින් විසිටර්ස්ල බ්ලොගට එන බව පෙන්නුම් කෙරෙනවා..

    සොඳුරු හිත, ස්තුතියි.. ඇත්තටම මිස්, මම දන්නෙ නෑ දෙයියො ඉන්නවද නැද්ද කියල.. හැබැයි ඉතිං ඒ විදිහටම මම දන්නෙ නෑ නත්තල් සීය ඉන්නවද නැද්ද කියලත්.. ඔබතුමිය හිතන්නෙ මොකක් ද?

    පූසා.. බය වෙන්න එපා.. මේ ලෝකෙ මම දවස් 10000ක් විතර ජීවත් වෙලා තියෙනව.. ඒත් දෙයියො කියන මිනිහ එක දවසක් හරි ඇවිත් තමුන් ඉන්න බව මට පෙන්නුම් කරල නෑ.. ඉතිං එහෙම කෙනෙක් "හිල් වෙන්ඩ ටොක්කක් අනියි" කියල බයේ ඉන්නෙ ඇයි?? අයි මීන්, ඇත්ත ලෝකෙ ඉන්න මිනිස්සු එහෙම අනියි කියලවත් බය නැති කොට!!!

    සුජීව, ඔබේ සිමියුලේෂන් එක පර්ෆෙක්ට්.. ඒක තමයි මම කිව්වෙ විද්‍යාවට ඉඩ දීල ආගම පස්සෙන් පස්සට යන බව.. හැබැයි කොන්ටම් තියරියෙ තියෙන අනිශ්චීය මූලධර්මෙන් පස්සෙ "විද්‍යාත්මක නීති වලිං සියල්ල ප්‍රෙඩික්ට් කළ නොහැකිය" කියන ලෙවල් එකට ආවහම ඒ තුළ ආගම සර්වවිව් කරගන්ඩ තමයි මිලර් කාරය ට්‍රයි කරන්නෙ මගෙ හිතේ.. විද්‍යාවේ සොයා නොගත් දේ තුළ ආගම ලඝු කිරීමට ෆන්ඩමෙන්ටලි මෙය වෙනස් නොවුනත්, මෙය ඊට වඩා තරමක් කල් අල්ලයි කියලයි මට හිතෙන්නෙ.. කොටිම්ම කිව්වොත් අනික් දේවධර්මවාදී තියරි වලට වඩා පොඩි යුනීක් ගතියක් තියෙන හින්ද තමයි මේ ගැන ආටිකල් එකක් ලියන්ඩ හරි හිතුවෙ..

    ReplyDelete
  13. තනි අලියාDecember 20, 2011 at 10:45 PM

    ඉතිං මෙහෙම දෙයක් තියනව. දැං මිලර් ඔය ගැන කතා කරන්නෙ ජීවය හරි මොකක් හරි දැනට තියන ප්‍රතිපලේ හෙන සිරා එකක් කියල හිතාගෙනනෙ

    ඉතිං කෙනෙක්ට කියන්න පුලවනි... ඔය කියන විදියෙ වෙනස්කමක් අැති උනානං,. පරමාණු සංයෝජනය නොවී තියෙයි, 'ඉතිං මොකද' කියල?
    සරලවම කිව්වනං කිසිදෙයක් අරමුණක් අැතුව වෙනව නෙවෙයි කියල??????

    උඩිංම කිව්ව වගේ සයන්ස් කාරයෙක් ඔහොම කතාවක් කිව්වම ටිකක් දුකයි

    ReplyDelete
  14. wade kathai aa.. umba mage kament eka delte kara neda.. bayai neda aluth adahas walata.

    ReplyDelete
  15. තනි අලියා.. හොඳ පොයින්ට් එකක්.. ඩෝකින්ස් ඇතුළු බොහෝ ස්වභාවිකවාදීන් ඔය කතාව කියල තියෙනව මම හිතන්නෙ.. අද කාලෙ තියෙන ලට්ටලොට්ට වලට අපි පුරුදු වෙලා ඉන්න හින්ද අපිට ඒව හොඳයි කියල හිතෙනව.. (අපේ ගොනා අපිට හොඳයි කියල අර එකෙක්ව තියන් ඉන්නව වගේ ).. ඊට පස්සෙ "අඩෝ, මෙහෙම සිරා එකක් තියෙන්ඩ නම් මවන්ඩම ඕනෙ" කියල හිතෙනව.. හැබැයි ඉතිං මිලර් කාරයට ඕකෙ විලෝමයෙන් තර්කයක් දාන්ඩත් පුළුවන් නේද? "සිරා කියල අපිට හිතෙන එක සබ්ජෙක්ටිව් වෙච්චි පළියට සිරා නැත්තෙ නෑ නේද?" කියල.. හරියටම මිනිහම අර "දේව විශ්වාසය පරිණාමිකව ආපු දෙයක් වෙච්චි එකෙන් දේව විශ්වාසය බැහැර කරන්ඩ බෑ නේද?" කියල ඇහුව වගේ.. මම ඕක කියන්නෙ මිනිහගෙ ස්ථාවරේ හරියි කියන්ඩ නෙමෙයි.. ඒත් ඒකට උත්තර දීල පිරිමහන්ඩ අමාරුයි කියන්ඩයි :).. සයන්ස් කාරයෙක් ඔහොම හිතනෙ එකේ අවුලක් නැත්තෙමත් නෑ.. ඒත් ඉතිං මොනව උනත් මිනිහ සාක්ෂි සහිත විද්‍යාත්මක ඉගැන්වීම් පිළිගන්න ඩයල් එකක්නෙ..

    ඇනෝ.. උණ විකාරෙන් ද? කාලෙකින් බ්ලොගට ආවෙත් අදයි.. සාමාන්‍යෙන් කමෙන්ට් මකන්නෙ නැතත් බ්ලොගේ මුලම පෝස්ට් එකේ කරුණාවෙන් ඉල්ලල තියෙනව කමෙන්ට් මැකුව කියල චරු චුරු ගාන්ඩ එපා කියල..

    ReplyDelete
  16. http://www.youtube.com/watch?v=HKFZw-fOAvo


    දෙවියෝ තමයි මිනිස්සුන්ව මැව්වේ.හැබැයි දෙවියෝ කියන්නේ පිටසක්වල ජීවියෝ.මේ වීඩියෝ එකේ ඔක්කොම තියෙනවා. මේක තමයි මගේ කමෙන්ට් එක උඹ මකපු.

    ReplyDelete
  17. මේක නිවිහැනහිල්ලෙ කියවන්න ඕන නිසා ටිකක් පමා වුණා මේ පැත්තෙ එන්න. ඒත් පමා වෙලා හරි වහින්ඩ එපැයි.

    කියවගෙන එද්දි මට මතක් වුණේ මට උන්නු නිදහසේ වැටක් උඩ හිටපු මිත්‍රයෙක් වෙන සමන් එක්ක ඇතිවුණ සංවාදයක්. ඔය කරුමෙ සහ බක්තිය ගැන. මම කියනව කරුමෙ කියන්නෙ අපේ හිත කූල් කරවන්න සහ මූඩ් එකේ පවත්වගන්න ආගමෙන් දීපු දෙයක් කියල. නැතුව ඒක ඇත්තට තියෙන එකක් වෙන්න ඉඩක් නෑ කියල. පොර කියන්නෙ ඒක තියෙනවමයි කියල. ඔය කල කල දේ පල පලදේ කියන එකයි දිට්ඨධම්මවේදනීය කියන මේ ආත්මෙදිම පල දෙන කර්මයයි ගැන මිනිහ කියවන්න ගත්තා. එහෙම බැලුවම මිනිස්සු කරන තරමක් කරන වැරදි කවදාවත් මේ ලෝකෙදි පල දෙනව වෙන්න බෑ. ඉඳල හිටල එකෙක් දෙන්නෙක් හිරේට ගියාට ඕන තරම් වැරදිකාරයො ලොවෙත් නැති සැප ගන්නේ...

    නමුත් කරුමෙ කියන එක ගැන පැහැදිලි තැනකට එන්න බැරි වුණා අපට. මෙන්න මෙහෙම දෙබසක් හිතාගන්නකෝ...

    සමන් - ඇයි උඹ මිනිහෙක් වෙලා ඉපදිල ඉන්නේ?

    මම - මම හැදුනෙ ගෑණියෙකුයි මිනිහෙකුය් ප්‍රජනනය කරල හින්දා.

    ස - ඒ වුණාට උඹ බල්ලෙක් පූසෙක් වගේ සතෙක් නොවී ඇයි මිනිහෙක්ම වුණේ? ඒ උඹේ කරුමය හින්දා... උඹ ගිය ආත්මෙ පිං කරපු හින්දා.

    ම - බංබුව තමයි... මම මං විධියට ඉන්න හින්දනෙ උඹ මේ කතාව කරන්නෙ. බැරි වෙලාවත් මම අර අතන ලැගල ඉන්න බල්ල නම් උඹ මාව ගණන් ගන්නෙවත් නෑ. අනික සමහර විට මම නොවෙන වෙන එකෙක් එක්ක උඹ මේ කතාව මේ විධියටම කරයි.

    ස - එහෙනම් උඹ කියන්නෙ උඹට කලින් ආත්මයක් නෑ කියලද?

    ම - මම ඒක දන්නෙ නෑ මචං. මට ඒකෙන් කිසි වැඩක් නෑ. මම දැන් මෙතන ඉන්නෙ සිද්ධ වුන අහඹු සිද්ධි ටිකක් නිසා... මගේ අම්මයි තාත්තයි සක්‍රීයව ලිංගිකව එකතුවෙලා නියම විධියට යුක්තානුවක් බිහි වෙලා ඒක ඩිවෙලොප් වෙලා මම ඉපදිලා ඊට පස්සෙ අවුරුදු ගාණක් තිස්සෙ වුණ සිදුවීම් ටිකක් මාවයි උඹවයි මෙතනට ගෙනත් තියෙනවා.

    ස - හරි එහෙනම් ඒ යුක්තානුව ඩිවෙලොප් වුණේ මොකක් හින්දද? ඒක එහෙම නොවී නරක් වෙන්න තිබුණනේ... එහෙම නොවී ඒක උඹ විධියට හැදුණෙ ඇයි..?

    ම - ඒක එහෙම නොවුණ නම් වෙන විධියකට වෙයි. මම කියල දැන් ඉන්න මනුස්සය හැදුණෙ එතනදි නෙවෙයි මචං. ඉපදුනාට පස්සෙ මම ඉගෙනගත්තුව, ඇසුරු කරපු දේවල්, යාළුවො, කියවපු දේවල් වගේ සේරම තමයි මාව හදල තියෙන්නෙ. බැයි වෙලාවත් අපේ තාත්තල වෙන කොහේ හරි නගරෙක හිටියනම් මම වෙනස්ම එකෙක් වෙලා ඉඳියි.

    ස - ඒ වුණාට උඹ ගෙනාපු දේවල් ටිකක් තියෙනව නේද? උඹේ තියෙන උපන් දක්ෂතා ටිකක්? ඒව ආවෙ කොයින්ද?

    ම - ඒව ඉතිං මගේ සීය කෙනෙක් හදාගත්තුව වෙන්න පුළුවන් ජාන වලින් ඒව මගෙ අම්ම තාත්ත හරහා මට ලැබිල තියෙනව..

    ස - හරි... ඒව උඹට ලැබුණෙ උඹේ කරුමෙ ශක්තිය නිසා කියල උඹට තේරෙන්නෙ නැද්ද?

    ම - මොන හු....ද යකෝ මේක? ඔය විධියට උඹට ඕනම තැනකට කරුමෙ ගාවගන්න පුළුවන්නේ... ම‍ම උඹට ඩී.එන්.ඒ. වලින් පැහැදිලි කරන්න ගියත් උඹ කියයි ඩී.එන්.ඒ. අනුවෙ කෑලි ඒ විධියට මූට්ටු වුණේ කරුමෙ ශක්තිය නිසා කියල.



    ඔන්න ඕකයි තාඹුවො පුල්මුඩේ තත්ත්වෙ.. ඔය වගේම තමයි ඔය ගහල තියෙන මුක්කුව. කොකා අයිය කිව්ව වගේ විද්‍යාවෙන් හොයාගන්න ක්ෂුද්‍රම දේටත් දෙවියන්ව හෝ කරුමෙ වගේ අටමගලයක් ජොයින්ට් කරන්න ඔය උන්දලාට පුළුවන්. ඒ සිස්ටම් හැදිල තියෙන්නෙ එහෙම කරන්න පුළුවන් විධියට.

    ReplyDelete
    Replies
    1. // ඒව ඉතිං මගේ සීය කෙනෙක් හදාගත්තුව වෙන්න පුළුවන් ජාන වලින් ඒව මගෙ අම්ම තාත්ත හරහා මට ලැබිල තියෙනව..//
      You should know that this is not possible at any rate. :) Acquired characteristics are not transmitted through genes.

      However, this is the story we all come through when we talk about kamma or punabbawa... what I think of karma is to be is simply a model of determinism, but nothing much to be taken seriously... :D not out of the context at least. :D

      Delete
  18. තනි අලියාJanuary 2, 2012 at 9:54 PM

    අනේ මන්ද අප්ප. හැබැයි ඔය ඔක්කොම කතා හරියන්න නං විශ්වයට ටාගට් එකක් තියනව කියල උපකල්පකනය කරන්න වෙනවනෙ! මටනං විශ්වයට ටාගට් එකක් තියනව කියල හිතෙන්නෙ නෑ!

    want 2 b a fan
    හොඳ දොස්තර කෙනෙක්ගෙන් බේත් ටිකක් ගනිං!

    ReplyDelete
  19. මොකද තැම්බූ උඹ කියන්නේ ඒලියන් ගෝඩ් කන්සෙප්ට් එක ගැන?

    ReplyDelete
  20. හෙයාර්/ හරේ.. හොඳ පොයින්ට් එකක්.. "ආගමික විශ්වාස" කියන්නෙ අහඹු බව කියන එකට අර්ථකථනයක් නැතුවට හදාගත්තු එකක් කියන එක ෂුවර්.. ඉතිං මේ නිකම්ම "අහඹු බව" හෙවත් "බ්ලයින්ඩ් චාන්ස්" එකට අනුව වෙන දේවල් වෙන්නෙ ඇයි කියල මිනිස්සු අහන්නෙ ඇයි?? අහඹු බව කියල නිකම්ම ගන්ඩ බැරි ඇයි?? මම හිතන්නෙ එතන තියෙන්නෙත් ඩෝකින්ස් උන්නැහෙ කියනව වගේ පරිණාමික "මිස්ෆයරිං" එකක්.. මිනිස්සුන්ගෙ මොළේ ක්‍රමක්‍රමයෙන් හැදුණෙ හැම දේම ප්‍රශ්න කරන්ඩ.. ඒ ප්‍රශ්න කිරීම කිසිසේත් නොතිබිච්චි මිනිස්සුන්ට වඩා ටිකක් වැඩිපුර තිබිච්චි අය ස්වභාවික වරණෙං තෝරගන්ඩ ඇති.. මොකද යම් යම් ප්‍රශ්න ඇසීම පැවැත්මට ඉවහල් වෙච්චි නිසා.. හිතන්ඩ බලන්ඩ "ගස් හැදෙන්නෙ කොහොමද?" කියන ප්‍රශ්නෙ අහල "ගෙඩි කාල ඇට විසි කළාම ගස් හැදෙනව" කියන නිරීක්ෂනේ කරන්ඩ පුළුවං අය එහෙම බැරි අයට වඩා වැඩිපුර ඉතුරු වෙන්ඩ ඇති, මොකද ඒ අය පළතුරු හොයාගෙන කලින් ඇට පැළ කරපු තැනට එනව.. (අඩුම ගානෙ ක්‍රිස්තුපූර්ව 100000 විතර අප්‍රිකාවෙ ඇතිවූ විශාල නියං සමයෙන් පස්සෙ මානව බුද්ධිය විශාල ලෙස වැඩිච්චි බව පේනව.. පෙළක් විඩේට අර වගේ නිරික්ෂණ කිරීමෙ/ ප්‍රශ්න ඇහීමෙ හැකියාව ඒකෙන් ඉහළ යන්ඩ ඇතී..

    දැන් හිතල බලන්ඩ "ගස් හැදෙන්නෙ කොහොමද" කියන ප්‍රශ්නෙ අහන මිනිහම "ළමයි හම්බෙන්නෙ කොහොමද?" "මගෙ ළමයව කිඹුල කාල මල්ලිගෙ ළමයව කෑවෙ නැත්තෙ ඇයි?" වගේ ප්‍රශ්නත් අහනවනෙ?? ඒව "ගස් හැදෙන්නෙ කොහොමද?" වගේ ජෙනුවින් උත්තර තියෙන ජෙනුවින් ප්‍රශ්න නෙමෙයි.. ඒත් කුතුහලයෙන් යුක්ත මිනිහට ඒ දෙක වෙන් කරගන්ඩ හැකියාවක් නෑ.. ඒ හින්ද අරවගේ ලොවෙත් නැති ප්‍රශ්න අහල ඒකට "කර්මය" "දෛවය" "හඳේ හාව තමා ඕක කොරන්නෙ" වගේ වල්බූත උත්තර දුන්න.. ශිෂ්ටාචාර වර්ධනය වෙනකොට මළවිකාරම උත්තර ටික ටික අඩු වෙලා යන්ඩ ඇති (මොකද විශාල ශිෂ්ටාචාර වල විශාල ජනගහනයක් සහ දැනුමේ ආධිපත්‍යයක් තිබිච්චි නිසා ).. නමුත් කර්මය, මැවුම්කාර දෙවියන් වගේ ඒව ඉතුරු වෙන්ඩ ඇති..

    ReplyDelete
  21. තනි අලියා.. විශ්වෙට අරමුණක් තියෙනව කියල මම හිතන්නෙත් නෑ.. මම දන්න තරමින් එහෙම හිතන්ඩ විද්‍යාත්මක පදනමකුත් නෑ.. (මිලර් එහෙම එකක් කියන්නෙත් නෑනෙ ).. මිනිහ එහෙම අරමුණක් තියෙනව කියල විශ්වාස කරනව.. (අනික් අය වගේ නෙමෙයි මෙයා කියන්නෙ 'ග්‍රෑන්ඩ් ඩිසයින් එකේ' එහෙම තියෙන්නෙ කියල ).. මිනිහම කියනව එහෙම විශ්වාස කරන්ඩ සාක්ෂි හෝ විද්‍යාත්මක පදනමක් නැති අතර මිනිහ විශ්වාස කරන්නෙ තනිකර්ම භක්තිය හින්ද කියල.. (ඒක තමයි මම කිව්වෙ මිලර්ගෙ අදහස "විද්‍යාත්මකව විශ්වසනීය" අදහසක් නෙමෙයි කියල.. මිනිහමත් ඒක පිළිගන්නව නෙ.. එකම වෙනස ගොඩක් ආගමික අදහසක් වගේ මේක විද්‍යාවෙං පල් කෙප්පයක් කියල පෙන්නන්ඩත් පුළුවං අදහසකුත් නෙමෙයි -බොහොම කපටි ලෙස ගහපු මුක්කුවක් ).. ඉතිං භක්තිය එක්ක අපිට තර්ක කරන්ඩ බෑනෙ.. ඕකම තමයි හරේගෙ "කර්මය" පෝස්ට් එකෙං කියන්නෙත්.. හරේගෙ එකේ ඉන්න "සමන්" කියන කර්මයයි මිලර්ගෙ "දෙවියො සහ විශ්වයේ අරමුණ" සාක්ශි මත විතරක් පිළිගන්ඩ හෝ බැහැර කරන්ඩ බෑ.. සාක්ෂි මත විතරක් හිතන මම වගේ ඩයල් වලට තියෙන එකම ක්‍රෙඩිබල් ඔප්ෂන් එක ඒ ගැන අඥාත (ඇග්නොස්ටික්) වෙන එක..

    ඇනෝ.. පිට සක්වල දෙයියන්ට මාව හම්බෙන්ඩ කියන්ඩකො නිමාඩු පාඩු වෙලාවක.. (වීක් එන්ඩ් එකක නම් වඩාත් ලේසියි )

    ReplyDelete
  22. @btthambugala
    උඹ එකම අදහසක එල්ලිලා ඉන්න ගොබ්බයෙක් බොල.උඹ ඔය ගිරවා වගේ කියවන්නේ කව්රු හරි කියපු උඹට aathal දෙයක් මිස උඹේ දැනුමෙන් කිරල මනාල ගත්ත දෙයක් නෙවෙයි. එකයි උඹට ඔය විශ්වාසේ අර අනිත් දේවල් දිය balanna කැමැත්තක් නැත්තේ. අවරුදු දහස් ගානකට ගුහාවල indapu මිනිස්සු අද කලේ මිනිස්සු කරන විෂම කාර්ම වැඩ කරේ කොහොමද kiyana එක කියපන් පුලුවන්නම්.

    ReplyDelete
  23. උඩ අැනෝ

    දැං දෙයිය පිටසක්*ලියෙක් කියමුකො. එතකොට උෟව හදුනෙ කොහොමද කියල සීන් එකක් තියනවනෙ බං! කොටිම්ම කියනවනං අපට අදාල ඔක්කොම එ් එ්ලියන්ටත් අදාලයිනෙ! :D

    ReplyDelete
  24. උඩ ඇනෝට නම් මම මුකුත් කියන්නෙ නෑ.. ජෙනරලි, පහුගියෙ අවුරුදු 10000 තුළ පිරමීඩ, ටෙම්පල් ඔෆ් ටිකාල්, ලංකාවෙ චෛත්‍ය, වේලි, කොලොසියම් වගේ දැක්කහම ටිකක් මඤ්ඤං ගහන නිර්මාණ හදල තියෙනව තමයි.. ඒත් ඒවයෙ අපිට තේරුම් ගන්ඩ බැරි මැජික් බලයක් නම් හම්බෙලා නෑ.. පිසික්ස් වල සිම්පල් තියරි වලිං එව්ව ඇක්ස්ප්ලේං කොළහැකි.. පිසික්ස් වල තියරි හොයාගන්ඩ කලින් පිසික්ස් වල අයිඩියා මිනිස්සුන්ට මීටර් වෙච්චි එක පුදුමයක් වෙන්ඩ බෑනෙ.. ඕකට ආයි පිටසක්*ලියෙක් ඕන යැ??

    ReplyDelete
  25. මන් හිතන්නේ මුන්නහේ වලිගෙ පාගාගෙන වගේ. මන් කිසිම තැනක කියල නැහැ විශ්වයේ සියල්ල මැව්වේ එලියන්සලා කියල. මන් කිව්වේ මිනිස්සුන්ව මැවුවේ එලියන්සලා කියල විතරයි. තමුන්නහෙත් අන්තිමට දාපු කමෙන්ට් එක අනුව තාම්බුවත් මන් දීපු ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බලන්නේ නැතුවයි කමෙන්ට් කරලා තියෙන්නේ.කොහොම උනත් මන් වීඩියෝ එකේ ප්‍රදාන කරුණක් කියන්නම්.පහල තියෙන්නේ පුමපුන්කු කියන රුයින්ස් ගැන ආර්ටිකල් එකකින් ගත්තු කොටසක්.
    What Makes The Ruins Unique?
    It is highly unlikely that any of the stones in Puma Punku were cut using ancient stone cutting techniques, at least not those that we are aware of.

    The stones in Puma Punku are made up of granite, and diorite, and the only stone that is harder that those two, is the diamond. If the people who built this place cut these stones using stone cutting techniques, then they would had to have used diamond tools.

    If they didn't use diamonds to cut these stones, then what did they use?

    Not only were these stones really hard to cut, but they are also extremely heavy. One of these stone ruins weighs in at about 800 tons! These are big stones, and they are really heavy. The nearest quarry is at least 10 miles away from the site of the ruins. How in the world did these people move these blocks that weighed many tons, and how were they able to form a structure with them?

    With the technology that we currently have today, it would be extremely difficult to recreate the site of these ruins, if possible at all. If we can't do it, then how did these ancient people accomplish this task? This could have taken place anywhere from 500 b.c. all the way back to the Ice Age.

    These ancient people had to have been very sophisticated, knowing astronomy, geomancy, and mathematics. However, there are no records of this work. To build a place like Puma Punku, there must have been significant planning, and writing involved, but there is no record of any of this.



    ප්‍රදානම එක තමයි Gobekli Tepe මේක 11,000 years ඕල්ඩ්. ඒ කියන්නේ මිනිස්සු සත්තු මරාගෙන කන කලේ. මිනිස්සු එතකොට මැටි වලින් බැඳ හදන්නවත් උපකරණ හොයාගෙන නැහැ. ස්ටෝනේ henge

    හදන්නත් අවරුදු 6000 කට කලින්.

    ReplyDelete
  26. උඩ Anonymous said "මන් කිසිම තැනක කියල නැහැ විශ්වයේ සියල්ල මැව්වේ එලියන්සලා කියල. මන් කිව්වේ මිනිස්සුන්ව මැවුවේ එලියන්සලා කියල විතරයි."

    මමත් ඔය ancient astronaut theory ගැන සෑහෙන ඉන්ටරෙස්ට් එකක් තියන එකෙක්. ඒ උනාට මම විස්වාස කරන්නෙ නෑ පිටසක්වල ජීවීන් මිනිස්සුන්ව මවන්ඩ ඇති කියලා කියන කෑල්ල(කොහොමද බං මවන්නෙ?).
    එකේ කියන්නේ මිනිහා නොදියුනු කාලේ (ඒ කිව්වෙ ලොවෙත් ඉස්සර ) පිටසක්වල එවුන් එන්ඩ ඇති. උන් ඇවිල්ලා ටෙක්නොලොජිය දෙන්ඩ ඇති දීල යන්ඩ/යන්ඩවෙන්ඩ ඇති. ඒකයි ගොඩක් දියුනු වෙච්ච ශිෂ්ථාචාර වලට වෙච්ච දෙයක් නැති උනේ කියලා. අනික තමා ඒකේ කියනවා මිනිස්සු නොදියුනු කාලේ උන් එන්ඩ ඇති පියාඹන පීරිසි වලින් හරි (දඬුමොනර වලින් හරි )කියලා. ඊට පස්සෙ පෘථිවියේ හිටපු මැටි රැල උන්ව දෙයියෝ කියලා අදහන්න ගත්තා කියලා.
    මොනව උනත් history channel එකේ ancient aliens කියල පට්ට(මට අනුව) සීරිස් එකක් තිබ්බා (තාම තියනවද දන්නෙ නෑ).බඩු යූ ටියුබ් එකේ තියනවා. මම සීසන් 3ක් විතර බැලුවා. එකේ එහෙම ඔය pumapunku සීන් ගැන කියනවා.
    මම කොහොමත් ඔය දෙයියො ගැන විසවාස කරන එකා නෙවේ. මොකද දෙයියෙක් හරි දෙයි සෙට් එකක් ඉන්නවනම්. උන් මගෙ ජීවිතේ යන්ඩ ඕන විදිය ඩිසයිඩ් කලානම් / කොරනවනම් මට උන්(දෙයියෝ) එක්ක තියනවා ඇරියස් ගොඩක් පිරිමහගන්ඩ.

    ReplyDelete
  27. ඇත්තටම මම කරුණු උපුටා ගත්තේ ඔය කියපු ටිවී සීරීස් එකෙන් තමයි. එකේ කියන හැටියට(මට මතක හැටියට ) ඩාවින්ගේ තියරිය යම් ප්‍රමාණයකට හරි උනත් අද ඉන්න වගේ මිනිස්සු බිහිවෙන්න පුළුවන් කමක් තිබිල නැහැ.
    අද ඉන්න මිනිස්සු බිහි කරන්න බයලොජිකලි ඉන්ෆ්ලුවන්ස් කරලා තියෙනවා එලියන්සලා. මිසින් ලින්ක් කියන්නේ අර බයලොගිකලි වෙනස් කරපු එකයි එට කලින් හිටපු එකයි අතර මැද. උ මිසින් වෙලා තියෙන්නේ එහෙම එකෙක් හිටපු නැති නිසා.

    ReplyDelete
  28. ඒලියන්තවාදී මහත්වරුණි/ මහත්මීණි, ඔය තියරිය බැහැර කරන්ඩ මට කිසිම හැකියාවක් නෑ.. කොහොම නමුත් "ක්‍රිස්තු පූර්ව 9000 තරම් ඈතකදි එතරම් දෘඩ පාෂාණ කැපුවේ කෙසේදැයි මට සිතාගත නොහැකිය" කියන එක ඒලියන් තියරියකට දිය හැකි දුර්වලම තර්කයක් මගෙ හිතේ.. පළමුකොටම ක්‍රි.පූ 9000 කියන්නෙ සත්තු මරාගෙන කන කාලයක් කියන එක නිශ්චිත අදහසක් නෙමෙයි.. අපි දන්න දේ තමයි ක්‍රි.පූ 10000 අවට කාලයෙදි ලෝකෙ මුල් ශිෂ්ටාචාර ඇති වුණා කියන එක.. එතෙන්දි සමහර ශිෂ්ටාචාර අනික්වට වඩා කලින් හෝ පසුව ඇතිවීම කියන ලයින්ස් ඔස්සෙ අපිට සැලකිය යුතු අලවන්ස් එකක් දෙන්ඩ වෙනව.. ඒ වගේම ශිෂ්ටාචාර බිහිවෙන්නෙ එකපාරටම අතිවිශාල දැනුමක් එක් රැස් වෙලා නෙමෙයි.. වසර 200000ක සිය ඉතිහාසය පුරාම සේපියන්ස් මිනිසා දැනුම, අත්දැකීම් ලබමින් තමයි ඉඳල තියෙන්නෙ.. ඉතිං ක්‍රි.පු 9000 ඇන්ටෝලියානු දඩයක්කරුවො කියන්නෙ නියන්ඩර්තාල් මානවයා වාගෙ මනසින් නොදියුණු කොටසක් කියල හිතන එක සාධාරණ නෑ.. ඊට අමතරව ගල් කුළු වල බර, පාෂාණ කැපීම, සමස්ථ ක්‍රියාවලිය සංවිධානය කිරීම වාගෙ දේවල්.. ඒ දේවල් හරියටම වෙච්චි හැටි අපිට හිතාගන්ඩ බැරි එක ඇත්ත.. නමුත් පිටසක්වල බලපෑමකින් තොරව එහෙම දෙයක් කළහැකි ආකාර අනන්තවත් තියෙනව කියන එක නම් ශුවර්.. නිදසුනල් ලෙස ටොන් 750ක් බර ගල්කුළක් (ඒක ඇත්ත නම්) වුණත් ශක්තිමත් මිනිස්සු 3000ක් 4000ක් විතර එකතු වෙලා ඇද්දොත් චලනය කරවන්ඩ පුළුවං.. ඊජිප්තුවෙ පිරමීඩ ටොන් ලක්ෂ ගණන් බරයි.. ඒත් ප්‍රමාණවත් මිනිසුන් සංඛ්‍යාවක්, ප්‍රමාණවත් කාලයක් සහ අවශ්‍ය සංවිධානාත්මක ශක්තියක් තිබුණ නම් ඒක කරන්ඩ බැරි දෙයක් කියල හිතන එක කිසිසේත් සාධාරණ නෑ.. ඒක පුදුම සහගත වුණත් "සිදුවිය නොහැක්කක්" නොවෙයි..

    එතකොට ගැටළුවක් එන්ඩ පුළුවං, ඇයි ඒලියන්ස්ල අවධානය යොමු නොකරම බැහැර කරන්නෙ කියල.. පළමුකොට ම ඒලියන්ස්ල ආපු බවට කිසිම සාක්ෂියක් නෑ.. (ඒ චිත්‍ර වල හමු වෙන්නෙ මේ ලෝකෙ හිටපු සතුන්ගෙ රූප.. ඒක හැදුවෙ මිනිස් දඩයක්කාරයො කියන එක හිතන්ඩ ඒක ප්‍රබල සාක්ෂියක් ).. සාක්ෂි තිබුණ වුණත් ඒලියන් තියරිය ඉතුරු කරන හිදැස් ප්‍රමාණය අති විශාලයි.. ක්‍රි.පූ 9000 කාලෙ ඒලියන්ස්ල ඇවිත් ඔහොම කරල දුන්න නම් ප්‍රශ්නයක් තියෙනව ඇයි ඊට කලිං ඇවිත් තමංගෙ බලය පෙන්නුවෙ නැත්තෙ කියල.. විශ්වය අවුරුදු බිලියන ගානක් පැවතුණා.. ඒ බිලියන ගාණට සාපේක්ෂව මිනිස් වර්ගයා පොළව මත හිටපු අවුරුදු 200000 කාලය ඉතා සුළු මොහොතක් පමණයි.. නමුත් ඒ කාල පරාසයේ වෙනත් කාල වල ඒලියන්ල බලපෑම් කරා කියන්ඩ එක පැත්තකින් සාක්ශි නැහැ.. අනික් අතට පරිණාමයෙන් මිනිසා යම් මට්ටමකට එනකම් ඉඳල තාක්ෂණේ දෙනකම් ඒලියන්ස්ල හිටිය කියල හිතුවොත්, එහෙනම් ඇයි කලින් නාවෙ කියල ප්‍රශ්නයක් එනව.. ක්‍රි.පූ. 100000 පමණ හිටපු සේපියන්ස් මිනිසා පවා බුද්ධිය, පරිකල්පන ඥානය අතින් අපිට ගොඩක් සමානයි.. කොටින්ම ඒ කාලෙ හිටිහෙත් අපි වගේ මිනිස්සු.. ඒලියන්ස්ලට ඕනෙ නම් ඇවිත් ඔය තාක්ෂණය දීල යන්න තිබුණා.. ඒත් එහෙම බවට සාක්ෂි හම්බෙන්නෙම නෑ..

    තව කතාවක් කියල තියෙනව පරිණාමය ඇත්ත වුණාට ඒකෙන් මිනිස්සු හැදෙන්ඩ බෑ කියල.. මහත්මයාණෙනි, ටීවී සීරීස් ගැන ෂුවර් කරන්ඩ බෑ.. මැවුම්වාදී ඇම්බැට්ටයින්ගෙ ඉඳල වෛවාරන විකාරකාරයො තමුන්ගෙ මතය ප්‍රචාරය කරන්ඩ ටී.වී සීරීස් හදනව.. දැනට හම්බෙලා තියෙන ෆොසිල වලට අනුව ඔස්ට්‍රෙලෝපිතකස් සිට හෝමෝ සේපියන්ස් දක්වා මිනිසා පරිණාමය වෙච්චි හැටි ඩාර්වින්වාදයෙන් සෑහෙන විශ්වසනීය විදිහට විස්තර කරනව (ඒලියන්ස්ල යොදා නොගෙන ).. (එයින් අදහස් වෙන්නෙ නෑ ඒලියන්ස්ල නැති බව හරි පොළොවට ඇවිල්ල නැති බව හරි.. මම නම් හිතන්නෙ ඒලියන්ස්ල අනිවාර්ය සේවා ඉන්නව.. ඒත් ඔවුන් විශ්වයෙ ඉන්නව ඇත්තෙ හෙන ඈත පැහ්ටිරිලා.. තරු 100 000 000 000ක් තිබෙන අපේ ගැලැක්සියෙ තියෙන එකම දියුණු ශිෂ්ටාචාරය අපි විතරක් වෙන්ඩ ඕනෙ තරම් ඉඩ තියෙනව.. විශ්වයෙ එබඳු ගැලැක්සිත් 100 000 000 000 ක් පමණ තියෙනව මම හිතන්නෙ.. ඒත් අපේම ගැලැක්සියෙ වුණත් එක කොනක ඉඳල තවත් කොනකට යන්ඩ ආලෝකය ගමන් කරන වේගයෙන් ගියත් වසර 100000ක් ගත වෙනව.. ඒ නිසා පිට සක්වල ජීවීන් මෙහි එනව නම් වසර ලක්ෂ ගාණක් මිඩංගු කරල ඉතා දියුණු තාක්ෂණයන් පාවිච්චි කරල එන්ඩ ඕනෙ.. (ඔවුන් තියා එබඳු ජීවීන් එවන රේඩියෝ සංඥාවක් පවා තවම හොයාගෙන නෑ ).. ඒ නිසා පිටසක්වල ජීවීන් පොළවෙ මිනිසුන්ට තාක්ෂණය දුන්න කියන එක බැහැර කරන්ඩ බැරි වුණත් ඒක ඇත්ත වෙන්ඩ තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි..

    ReplyDelete
  29. පලවෙනි කාරණාව මම ඒලියන්වාදියෙක් නෙවේ. මට ඒ මතය කොහෙත්ම ඩිෆෙන්ඩ් කරන්න ඕන නැ සහ බෑ. මමත් පිලිගන්නවා ඔය වගේ පැහැදිලිකිරීම් කරගන්න බැරි තැනකට ඒලියන් කෙනෙක් ඔබ්බවන එක පට්ට ටොයිස් වැඩක් කියලා. මොකද ඌත් දෙයියා වගේ තමා. උට දෙයියො වගේ පවර්ස් නැති උනාට හෙනම සොෆිස්ටිකටෙඩ් ටෙක්නොලොජියක් තියන ඈත අතීතයේ ඉඳන් හිටපු එකෙක් එකෙක් නෙව.
    මම දන්නෑ තාඹුගල මාව ඒලියන්වාදී ගොඩට දැම්මද කියලා. එහෙමනම් නිවැරදි කරගන්න මම එහෙම නෙවේ කියලා.මොකක් හරි කාරනාවක් ගැන ඉන්ටරෙස්ට් කියන්නෙ මම ඒ කාරනාවෙ ෆලොවර් කෙනෙක් නෙවේ කියලා තේරුම් ගන්න.

    ReplyDelete
  30. ආගම
    ඇදහිල්ල
    ශුද්ධ වූ ලියවිල්ල

    යටපත් ව
    ජරපත් ව
    විචක්ෂණ බුද්ධියට
    වෙනස් වන දැනුමකට
    මිනිසාට ලැබුණු විට
    සිතීමේ නිදහසත්
    විශ්වීය අදහසත්

    තාක්ෂනය ද පැමිණ
    අළු ගසා ජීවිතය
    යාන වාහන නගර
    ජාල විකිපීඩියා
    යූ ටියුබ්

    පන ඇදපු ආගමේ
    නෂ්ටයක හිර වෙච්ච
    ළදරු සිත්
    අහුලා ගෙන කෑ ගසති

    යූ ටියුබ් මිත්‍යාව
    කොහේ හෝ අගු පිලක
    තවත් ගොබිලෙකු විසින්
    හිතට ආ පමණකින්
    ලියා පල කරන ලද
    සත්‍යයේ පත් ඉරුව
    ජාලගත මහ බොරුව

    ශුද්ධ වූ ඇදහිල්ල
    අලුත් වූ කියවිල්ල

    ක්‍රොමසෝම මෙහෙයවන දෙවියන් ද කර්මය ද
    මහා පිපිරුම ඔවුන් වහන්සේ මවන ලද
    මිනිසාගේ පෙකනිවැල කපන ලද
    සක්වලින් පැමිණි මිඩ්වයිෆ් ලා

    ඔහොම යන්

    ඩබ්ඩබ්ඩබ්.ආමෙන්.කොම්

    ReplyDelete
  31. තාඹු දිව හපාගෙන ලිව්ව එකම සුජීව දීලා කවියෙන් නිකන් ඉස්ම වගේ... :)

    ReplyDelete
  32. @sujewa kokawala උඹ වගේ මෝඩ මුසලයෙක් යකෝ.

    ඉන්දල්ල බලපල්ලා උඹල අහල තියෙන දේවල් සහ ඇත්ත අතර තියෙන වෙනස. උඹලගේ ගූ ඉන්ටෙර්නෙට් වලින් බලන්න බැරිනම් 6:30 ඉඳන් 7:20 වෙනකන් තියෙන ටික වත් බලපල්ලා..

    ReplyDelete
  33. උඩ ඇනෝ මොනව ගැනද මේ කියන්නෙ??

    අනිවා බීටල්.. තාඹු දිව හපාගෙන කියපු දේ සුජීව කවියකින් සිරාවට කියල තියෙනව.. තාඹුව වගේම සුජීවත් "අමර පොරක්" :)

    ReplyDelete
  34. ado thambuw umba mage link eka delete kara neda. baluwada karanna epa do..

    http://youtu.be/6oGqPc6poS4

    ReplyDelete
  35. http://comphilkitchsink.blogspot.com/ check this out.. :) this is my blog. :)

    ReplyDelete
  36. මේ ඔබතුමා යහතිංද බොස්????????????????

    ReplyDelete
  37. මචන් එල සයිට් එක. උඹට ජය.... (මමත් මෙහෙට පාත් උනේ ඩොඩො හරහා...)

    ReplyDelete
  38. අදයි මුලින්ම ආවේ..ආයෙත් එන්නම්කෝ.

    ReplyDelete
  39. පරිණාමය මහ බොරුවක් අදටත්පිළිගන්න බැරි කාරණයක් මොකද වදුරගෙන් මිනිසා සැදුනානම් මිනිසාගෙන් පස්සසේ තව එකෙක් හැදුනේ නැත්තේ ඇයි ?…….. අනික මතක තියා ගන්න අපිව මැවුවේ දෙවියන්වහන්සේ....

    ReplyDelete
    Replies
    1. The God bless you my son.Don't believe this Buddhika Tambugala.
      He would be sentenced to punished inside the Guwanthalamo camp.
      That's the punishment of disobeying your God.

      Delete
  40. Let me clear this for everybody.
    The only God in this universe is the official president of United States government.
    And I'm his local administrator who is reporting under him.
    follow your local administrator of the your God son.
    This is Democratic Capitalistic United States of Sri Lanka.
    God bless United States of Sri Lanka !

    ReplyDelete
  41. අහම්බෙන් මෙතනට සපත් උනෙමි ...
    චිරාත් කාලයක් තුල ජිවිතයේ අරුත සහ එහි පැවැත්ම පිහිටීම ගැන සෙවීම අහඹු ක්‍රියාවක් ලෙස සිතමි .. නමුදු ස්වබාවික කුතුහලය ඒ ගැන සිතීමට සහ සෙවීමට තිත නොතියය්...බහුතරයක් දෙවියන් තමන් මැවූ බව පිළිගනීතත් , දෙවියන් ඔවුන්ව මැවුවේ ඇයිදයී යනු ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවේ.
    ඩාවින්ගේ පරිණාමය, පැවැත්ම සහබන්දිත කරුණු විශ්ලේෂණය කලත්, එය ., ඔබ මා මෙලෙස සිතන්නේ ඇයිදැයි හෝ අපි මෙතෙන සිටින්නේ ඇයිදැයි ප්‍රශ්න නොකිරීම හේතු සාදක ප්‍රශ්නයකි. කරුණු කෙසේවෙතත් මේ කරුණු ගැන ඔබසමගේ අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.https://www.peacequarters.com/scientists-found-soul-doesnt-die-goes-back-universe/

    ReplyDelete
  42. ඉතින් ආදම් සහ ඊවා ඔහේ ඉන්නකොට සාගතයක් ආවලු. කන්න දෙයක් ඇත්තෙම නැහැලු. ආදම් ගේ සහ ඊවාගේ අරක වහගේනේ ඉන්න කොලෙන් මැල්ලුම් හදල කෑවලු.

    ReplyDelete