සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Sunday, October 2, 2011

දේවවාදින්ගේ ඉල්ලං කෑම සහ නෑම

යෙහෝවා සහ දේවදූතයෝ

ඔන්න ඉතින් කෂ්ටිය හිතන්ඩ ගත්තා මේකත් තාඹුව ලියන අනික් පෝස්ට වගේම තේරෙන්නැති කුණුහරුපයක් ගැන ලියපු හද්ද දිග මහා පතරංගයක් කියල.. එහෙම නෑ මචන්ලා, මේක සිම්පල්, ශෝර්ට් ඇන් ස්වීට් නයා වගේ කෙළින් සීන් එකක්.. 

හරි, අපි ඉතින් කෙළින්ම කතාවට බහිමුකො.. දෙයියො ඉන්නවද? නැද්ද

හරි, සමහරු කියයි දෙයියො ඉන්නව කියල, සමහරු කියයි නෑ කියල, සමහරු කියයි දන්නෑ කියල.. මට ටැගලුවක් නෑ.. දෙයියො ඉන්නව කිව්වහම මට චිකන් සොසේජස් හරි, දෙයියො නෑ කිව්වහම හැම් හරි, දන්නෑ කිව්වහම හරක් පීකුදු හරි හම්බෙන්නෙ නෑනෙ අයිබොං (මර්විය තහනම් කළේ කටින් විතරයි, නිට්ටඹුවෙ නිහාල් එකෙන් අදත් ගත්ත හරක් පීකුදු ).. හැබැයි දෙයියන්ට කොහොම උණත් කපුවොන්ට නම් හැමදාම නත්තල්..

හරි, මම කියන්නෙ මම නම් දන්නෑ දෙයියො ඉන්නවද කියල.. හැබැයි උන් ඉන්ඩ තියෙන චාන්ස් එක නම් ලොවෙත් අඩුයි.. හැබැයි ඉන්නව කියන (සමහර ) උන් ඇද බාන හද්දම ගොන් තර්කයක් තමයි "එහෙනම් නැත්තම් නෑ කියල ඔප්පු කොරහන්කො" කියන එක.. ඌ කියන එක  ඇත්ත කියල උට ඔප්පු කොරගන්ඩ බැරිනම් ඇන්නෑවටෙයි මම ගොහිං ඒක "බොරු කියල" කියල ඔප්පු කොරන්නෙ?

රසල්
ඕකට සිරා කතාවක් කිව්ව අපේ රසල් උන්නැහැ.. (නෑ නෑ, රසල් ආනල්ඩ් නෙමෙයි, එන්ගලන්තෙ හිටිය බර්ට්‍රන්ඩ් රසල් කියල ඩයල් එකක් ).. පොරටත් දේවවාදියෙක් එක සැරයක් කිවුව "දෙවියො නැත්තම් නෑ කියල ඔප්පු කොරහන්" කියල.. බුවා ගත් කටටම කියපි

"මචන් මිස්ටර් දේවවාදියා, උඹ පිළිගන්නවද අගහරුයි පොළවයි අතරෙ කක්ෂයක ඉදගෙන ඉර වටේ කැරකි කැරකි තියෙන තේ පෝච්චියක් තියෙනව කියල? මම නම් ලොවෙත් පිළිගන්නව.. හැබැයි මචෝ, ලෝකෙ තියෙන ලොකුම ටෙලස්කෝප් එකටවත් ඒක පේන්නෙ නම් නෑ"

ඒ පාර දේවවාදිය කියපි "අඩෝ රසලො.. බොට පික්ෂු නැත්තම් හැටි ද? බලා ගන්ඩත් බැරිනම්, වෙන විදිහකින් හොයා ගන්ඩත් බැරිනම් උඹ කොහොමද ඒක තියෙනව කියන්නෙ?"

"නෑ ඉතින්, උඹට හරි වෙන එකෙක්ට හරි ඔප්පු කරන්ඩ බෑනෙ තේ පෝච්චිය නෑ කියල.. හා පුළුවන්ද මං අහන්නෙ? මට උඹේ දෙවියො නෑ කියල ඔප්පු කොරන්ඩ බෑ වගේම උඹට මගේ තේ පෝච්චිය නෑ කියල ඔප්පු කොරන්ඩත් බෑනෙ.. ඒක හින්ද තේ පෝච්චිය තියෙනව.. උඹේ දෙවියොයි මගෙ තේ පෝච්චියයි එකයි.."

අනික් එකාට ෆුල් මඤ්ඤං.. ඌ වෙවුලනව තරහෙන්.. රසලගෙ වෙලාවට ජාතිද්‍රෝහිය, ආගම් ද්‍රෝහිය, එන්ජීඕ ඩොලර් කාක්ක, ක්‍රිස්තියානි කාරය (ආ නෑ නෑ, ක්‍රිස්තියානි විරෝධියා ), සිංහල කොටිය වගේ වචන ඒ කාලෙ හදල තිබ්බෙ නෑ.. නැත්තන් ඌ අහගන්නෙ ලුණු ඇඹුල් ඇතුව!!!

 ඔන්න ඔය විදිහට තමයි ළමයි, "රසල්ගේ තේ පෝච්චිය" සමාජගත වෙන්නෙ.. එදා මෙදා තුර දෙවියො වගේම වෙන මොනව හරි දෙයක් "තියෙනව" "නෑ" "දන්නෙ නෑ" වගේ සීන් වලට ආග්‍යු කරද්දි "රසල්ගෙ තේ පෝච්චියෙන්" තේ බිබී තමයි කෂ්ටිය වැඩේ කරන්නෙ!!!

රසල්ගේ තේ පෝච්චිය

 හරි, ඔය සීන් එකෙන් තේරෙන්නෙ රසල් දෙයියො විස්වාස කරන්නැති ඩයල් එකක් කියලනෙ.. ඔහොම උන්ට කියන්නෙ අදේවවාදියො (Atheists) කියල.. හැබැයි බොලවු හරියට බැලුවොත් පොරක් "අදේවවාදියෙක්" වෙන්ඩ නම් ඌ දෙයියො නෑ නෑ නෑමයි කියල ෆුල් ෂුවර් පිට ඉන්ඩ ඕනෙ.. ඉතින් දෙයියො විශ්වාස කොරන්නැති නිදහස් චින්තනයක් තියෙන රසල් වගේ ඩයල් කවදාවත් කිසිම දෙයක් ගැන "ෆුල් ෂුවර් පිට" ඉන්නෙ නෑනෙ ළමයි.. (එහෙම ඉන්නෙ ගොඩක් වෙලාවට අන්ධ භක්තියක් තියෙන මෝල් යක්කු.. කොයි කොයි ආගම් වල උන්ද කියල නම් කියන්නෙ නෑ.. බුදු අම්මෝ, රෑට කාල ඉන්නෙ, ආයෙ කන්ඩ බෑ )..

ඒ නිසාම මොකක් හරි තියෙනව/නෑ කියන දෙකටම නැති සෙට් එකකුත් ඉන්නව.. උන්ට කියාගන්නෙ අඥාතවාදියො (Agnostics) කියල.. රසල් කියන්නෙ ඌ අදේවවාදියෙක් නෙමෙයි අඥාතවාදියෙක් කියල.. මොකද දෙයියො විශ්වාස නොකළට "දෙයියො නෑ" කියල ෂුවර්ම වෙන්ඩත් බැරි නිසා.. (මාත් එහෙම එකෙක් කියල හිතා ගන්ඩකො ආයිබොං ).. ඒත් රසල් වගේම මාත් හිතනව ඔය යක්කු ඉන්ඩ තියෙන චාන්ස් එක නම් හෙන අඩුයි කියල.. ඒ හින්ද අපි දෙන්නම අදේවවාදෙට හෙණටම කිට්ටු අඥාතවාදියො (Almost Atheistic Agnostics).. (රසල් මම තරම් පොරක් නෙමෙයි, ඒක දන්නවනෙ!!!)
බ්‍රිතාන්‍ය "අදේවවාදී" දැන්වීමක්

ඇත්තම කියනවනං මට රසල් ගැන නෙමෙයි කියන්ඩ ඕනෙ වුණේ.. ඕගොල්ලො දන්නවනෙ ළමයි ලෝකෙ කොයි රටෙත් කොයෙ ආගමෙත් කොයි සංස්කෘතියෙත් දෙයියො කියන හාල්පාරුවො හිටිය.. දැනුත් ඉන්නව.. (මට නම් උං හිටියට කමන්නෑ වෙන දෙයක් කාල දෙන දෙයක් බලාගෙන සද්දෙ වහගෙන ඉන්නව නම්.. එහෙම නැති එක තමයි සෙකියුලර්වාදෙන් අපි කතා කොළේ, හරිය? ).. හැබැයි මචෝ එක එක රටවල ඉන්න දෙයියො ගාණ වෙනස්.. අපි ලංකාවෙන් පටාන් ගත්තොත්......

අම්මට උඩු, ලංකාවෙ දෙයියො මිලියන තුන්සිය තිහක්ම ඉන්නව (299 999 998ක්.. ඉතුරු දෙන්නව නලින් ද සිල්වට ඔත්තු දුන්නයි කියල පිටුවහල් කරල අයිබොං ).. ඉන්දියාවෙ එච්චර දෙයියො නෑ, හැබැයි ෆට්ට ගානක් ඉන්නව, මොකද ගහක් ගලක් ගානෙ ඉන්නව නෙව පැල් කොට අටෝගෙන.. ඊජිප්තුකාරයින්ගෙ ඉස්සර ආගම ගත්තොත් හැබැයි එච්චරත් නෑ.. වැඩිම උණොත් දෙයියො දුසිම් තුන හතරක් ඇති මයෙ හිතේ.. ග්‍රීක් කාරයින්ටත් ඒ වගේ.. මායාවරු, ඉන්දු නිම්න කාරයො එහෙම ගත්තොත් උන්ට ඉන්නෙ මම හිතන්නෙ දෙයියො දෙතුන් දෙනයි.. හැබැයි කොල්ලො, අද කාලෙ ලෝකෙ ගොඩක් දෙනෙක් අදහන ආගම් ගත්තොත් ඒවෑ ඉන්නෙ එක දෙවියයි.. පොරට යෙහෝවා / අල්ලාහ් වගේ එක එක නම් කියනව.. පොර හැම දේම දන්න, හැම මගුලම පුළුවන්, හැම මිනිහගෙම ගෑනිගෙම හැම බම්බුවක් අස්සෙම ඇගිලි ගහන ඩයල් එකක්.. කොටින්ම කිවුවොත් වන් මෑන් ෂෝ එකක්.. ලෝකෙ මවල අනික් හැම කෙහෙල්මලක්ම හදල තියෙන්නෙත් පොරම තමයි.. (පොර ව හැදුවෙ කජුකනත්තෙ බාබර් ගොයිය )

ආයෙත් අවුට් ඔෆ් ට්‍රැක් වගේ.. බ්ලාස්ෆෙමි චාර්ජස් දාගන්නෙ නැතුව ආයෙත් ට්‍රැක් එකට පනිමුකො.. මිනිස් ඉතිහාසෙ පුරාම දෙයියො හිටියනම් ළමයි දෙයියො නැතෙයි කියපු උනුයි ෂුවර් නැතෙයි කියපු උනුයිත් ඉන්ඩ එපායැ ඒ කාලෙ ඉදලම.. හිටිය.. පොඩි සීන් එකකට තියෙන්නෙ දැන් වගේ නිදහසක් තිබ්බෙ නෑ උන්ට.. එහෙම උන්ව ගල් දීල මරනව, වස ගහල මරනව, හිරේ දානව, කශයෙන් තලනව, හෙන සීන් නෙ අයිය.. වෙන එකක් ඕන්නෑ 1950දි ලෝකෙ සිරාම රටේ සිරාම ටවුන් එකේ විස්ස විජ්ජාලෙන් රසල්ගෙ රස්සාවට ගැහුවෙ පොර දෙයියන්ට පල් පාර්ට් දාන්ඩ ගිහින්නෙ.. 

සොක්‍රටීස්
දෙයියො නෑයි කියපු සිරා කොල්ලෙක් තමයි ළමයි සොක්‍රටීස්.. පොර හිටියෙ ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ ග්‍රීසියෙ.. ඉන්දියාවෙ ගෞතම හිටියට වඩා සියවසකට පස්සෙ.. පොර දෙයියො නෑයි කිව්වෙත් නෑ අත්තටම.. පොරගෙ තියෙන්නෙ අමුතු ටැක්ටික් එකක්.. කොටින්ම බබා පාර්ට් එකක්.. පොර කරන්නෙ දෙයියො ඉන්නවයි කියන, වතාවත් කරන උන් හොයාගෙන ගිහින් උන්ගෙන් ප්‍රශ්න අහන එක.. 
  
මිනිහ කියන්නෙ එක දෙයයි.. මිනිහ කිසි දෙයක් දන්නෙ නෑ.. මිනිහ දන්නෙ " මිනිහ කිසි දෙයක් නොදන්න බව" විතරයි.. ඉතින් පොර ගිහින් එක එක උන්ගෙන් "නොදන්න කමට, දැනගන්ඩ" කියල එක එක ඒව අහනව.. පොලිටික්කන්ගෙන්, මේසන් බාස්ලගෙන්, කවි ලියන එවුන්ගෙන්, දේවාල වල බස්නායක නිලමෙලගෙන් ආදී වශයෙන්.. උන් දෙන උත්තර අනුව තවත් ප්‍රශ්න අහල අන්තිමේ උන්ගෙ ගොන්කම උන්ටම පෙනෙන්ඩ ඇරල සොක්‍රටීස් යන්ඩ යනව.. (අනික් උන් ඉතින් අර එන්.ජී.ඕ ඩොලර් කාක්කා ප්‍රධාන වචන සෙට් එකෙන් සොක්‍රටීස්ට සංග්‍රහ කරන වෙලාවලුත් තියෙනව අයිබොං).. හැබැයි පොර පොරගෙ අදහසක් කිසිම තර්කෙකට දාන්නෙ නෑ.. අනික් උන්ට "ගොන්නු" කියල ගෞරව නාම දෙන්නෙත් නෑ.. පොර ඌරගෙ මාලු කපන්නෙ ඌරගෙ ඇගේම තියලයි.. හැබැයි පොරගෙ පොඩි ටියුෂන් කඩයක් තියෙනව.. පස්සෙ කාලෙක ප්ලේටෝ ඇතන්ස් 20-විජ්ජාලෙ බවට පත් කොරන්නෙ ඒ කඩේ තමයි..

ඉතින් අපි මේ කියන්ඩ යන සීන් එක වෙන්නෙ ඔය අතරෙදි.. පොරගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්ඩ බැරුව හොදටම නස්තාර් වෙලා ඉන්න පොලිටික්කො ටික එකතු වෙලා පොරට නඩු දානව.. (නඩුවෙදි පොරව වැරදිකාරය කරල වහ බොන්ඩ නියම කරනව..) හරි, ඒක අල්ලල දාමුකො.. මේ සීන් එක වෙන්නෙ ඒ නඩුව දවසෙ උසාවියෙදි..
පොරට උසාවියෙදි හම්බෙනව අයිබොං මේ "යුතිප්‍රෝ" කියන හාදයව.. සොක්‍රටීස් තරම්ම නාකි නැතත් යුතිප්‍රෝත් ඒ කාලෙ හිටපු වෙල් නෝන් බුවෙක්.. පොර තමයි ඇතන්ස් වල හිටපු වැඩියෙන්ම දෙයියො ගැන දන්නවයි කියල හිතං හිටපු එකා.. මූ සොක්‍රටීස්ගෙ යාළුවෙක් හැබැයි.. දැන් මචන් සොක්‍රටීස්ට නඩු දාල තියෙන්නෙ "දෙයියො නෑ" කියල උගන්නනව කියලනෙ.. ඒ නිසා සොක්‍රටීස් හිතුව උසාවියෙදිම දෙයියො ගැන ඩිබේට් එකක් ඇද ගන්ඩ.. ලැජ්ජ නැති කම නොවැ අයිබොo.. ඉතින් මෙන්න මෙහෙමයි ඩිබේට් එක ගියෙ..

යුතිප්‍රෝ : හලෝ මචන් සොක්‍රටීස්, උඹට මොටද අරුමැක්කෙ මේ උසාවිය පැත්තෙ එන්ඩ හිතුනෙ? මට වගේ නඩුවක සීන් එකක් ද? කියපන්, උඹට නේද නඩුව? උඹ ඉතින් කවදාවත් අනුන්ට නඩු දාන බුවෙක් නෙමෙයිනෙ

සොක්‍රටීස් : ඔවු බන්.. මෙලිටස් කියල ඩයල් එකක් මට නඩුවක් දාල.. මම බොරු උගන්නල පොඩි උන්ගෙ හිත් දූෂණය කරනව කියල.. සිරා පොරක් වගෙයි මේ මෙලිටස්.. මම දැකපු සිරාවටම පොලිටික්ස් කරන්නෙ පොර තමයි.. ඉස්සෙල්ල පොඩි උන්ව මං වගේ උන්ගෙන් බේරගෙන ඊට පස්සෙ ලොකු උන්ගෙ සුබසිද්දිය සලසනව..

යුතිප්‍රෝ : පික්සුද බන්? මට නම් පේන්නෙ උඹට නඩු දාල උන් ගහන්නෙ රටේ හදවතට කියලයි.. උන් හොඳ කෙළ කර ගැනීමක් කෙළ කර ගන්නව ළගදිම.. ඒක නෙමෙයි බන්, මම හිතන්නෙ උන් ඔය අංචිය අදින්නෙ උඹ දෙයියො ගැන කියන දේවල් වලට

සොක්‍රටීස් : ඒක තමයි බන් මාත් හිතුවෙ.. ඒත් මම මුකුත් කියන්නෑනෙ.. දෙයියො එක්ක කතා කරනව කියන උන්ගෙන් ගිහිං ප්‍රශ්න අහනව විතරයි, දැනගන්ඩ ඕනොවට.. මචන්ස්.. මම කියන්ඩද

යුතිප්‍රෝ : කියහන්ස්

සොක්‍රටීස් : මචන්, උඹනෙ ඇතන්ස් වල ඉන්න හොදම දේවධර්මවාදිය.. දෙයියො ගැන උඹ මට කියල දියන්.. උඹෙන් ඉගෙන ගත්තොත් බාගෙ වෙලාවට නඩුව දිනන්ඩත් පුළුවන්..

ප්ලේටෝගේ "යුතිප්‍රෝ" පොත
යුතිප්‍රෝ : ම්ම්.. මම නම් ඩිබේට් වලට කැමති නෑ මචන්.. ඒත් ඉතිං උඹ මගෙ යාළුවනෙ.. කරදරේ වැටිලනෙ ඉන්නෙ.. පොඩි හෙල්ප් එකක් දෙන්නම්.. අහපන් බලන්ඩ.. 

සොක්‍රටීස් : මචන්, උන්ගෙ එක ඇලිගේෂන් එකක් තමයි මම අධර්මිෂ්ටකම් උගන්නනව කියල පොඩි උන්ට.. දැහැමි දේවල්, නොදැහැමි දේවල් කියන එක පොඩ්ඩක් කියල දියන්කො බන්

යුතිප්‍රෝ : සිරා ප්‍රශ්නෙ මචන්.. දැන් බලපන් මගෙ නඩුව.. අපේ තාත්තගෙ වහලෙක් කසිප්පු බීල මිනියක් මැරුව.. තාත්ත කොරපු වැඩේ මිනීමරපු එකාව ගස් බැදල තිබ්බ.. ඌ ගැන කරන දේ අහගන්ඩ ඇතන්ස් වලට ෆැක්ස් එකක් යැවුව.. රිප්ලයි එක එනකන් අරූට කන්ඩ දුන්නෙ නෑ, ඌ මිනීමරුවෙක් කියල.. ඔහොම ඉදලම ඌ මළා.. ඉතින් මම තාත්ත තාත්ත කියල බලන්නැතුව නඩු දැම්ම, අරූව කන්ඩ නොදී මරපු එකට.. මගෙ නෑදෑයො ෆුල් නස්පුක් මාත් එක්ක, මේ සීන් එකටම.. ඔන්න මචන්, වැරැද්ද කළේ තාත්ත උණත්, වැරැද්ද වෙච්චි එකා මිනීමරු වහලෙක් උණත් තාත්තට විරුද්ධව වුණත් නඩු දාන එක දැහැමි බව.. එහෙම නොකර ඉන්න එක නොදැහැමි බව..

සොක්‍රටීස් : අම්මට උඩු.. මචන්, ඕකද උඹේ නඩුව? උඹ නඩු දාල තියෙන්නෙ තාත්තට විරුද්දව පිට එකෙක්ව මැරුව කියල ද? ඒ මදිවට මැරිච්චි එකා මිනීමරුවෙක්.. වාව්.. ලෝකෙ කොච්චර හිතා ගන්ඩ බැරි දේ වෙනවද? උඹට හොදටම ෂුවර් ද උඹ කරපු වැඩේ දැහැමියි කියල?

යුතිප්‍රෝ : අනිවා.. උඹ හිතනවද මම වැරදියි කියල?

සොක්‍රටීස් : හරි හරි.. වට්එවර්.. මචන්ස් මම ඇහුවෙ, එක දැහැමි වැඩක් කියන්ඩ කියල නෙමෙයි.. මොනව හරි වැඩ "දැහැමි වැඩ" කියල අදුරගන්නෙ කොහොමද? "දැහැමි වැඩ" කියන ඒව පොදුවෙ විග්‍රහ කරන්නෙ කොහොමද

යුතිප්‍රෝ : මෙහෙමයි මචන්.. දෙවියො කැමති දේවල් දැහැමි දේවල්.. දෙවියො අකමැති දේවල් නොදැහැමි දේවල්.. 

සොක්‍රටීස් : හ්ම්ම්.. හරි..

සොක්‍රටීස් : ඒක නෙමෙයි මචන්.. මම අහල තියෙනව දෙයියො අතරෙත් හෙන වලි සීන් තියෙනව කියල.. දැන බලපන්, ක්‍රෝනෝස් උරනෝස් වගේ දෙවිවරු සීයුස් මහ දෙයියොත් එක්ක තරහයි.. මන්ද, මම දන්නෙ නෑ, එහෙම සීන් එකක් තියෙනවනෙ කොහොම හරි

යුතිප්‍රෝ : මෙහෙමයි මචන්, ඔහොම කතන්දර නම් ගමකට තියෙනව.. ඒ ගැන ගොඩක් විස්තර මට උඹට කියල දෙන්ඩ පුළුවන් ඕනෙ නම්

සොක්‍රටීස් : නෝ තෑන්ක්ස් මචන්, ඒ සීන් වෙන වෙලාවක නිමාඩු පාඩුවෙ කියල දියන්කො.. මම ඇහුවෙ, දෙවියො අතරෙත් ඔය වගේ වලි, ගහ මරා ගැනීම් එහෙම තියෙනව කියල බේසිකලි පිළිගන්ඩ පුළුවන් ද කියලයි?

යුතිප්‍රෝ : උඹ හරි..

සොක්‍රටීස් : හ්ම්ම්.. මොනවටද මචන් උන් ඔච්චර රණ්ඩු වෙන්නෙ? දැන් හිතපන් ගානක උත්තරේ හරි, බිල්ඩිමක උස හරි, වහලෙට ඕනෙ උළු ගාන හරි වගේ සීන් එකක් ගමු.. ඒ වගේ දේක උඹට එන උත්තරේ නෙමෙයිනම් මට එන්නෙ අපි කරන්නෙ මොකක්ද? රණ්ඩු වෙන එකද ගාණ හදල විසද ගන්න එක ද?

යුතිප්‍රෝ : ගාන හදල විසද ගන්න එකනෙ සොක්‍රටීස්.. ගණන් වලට රණ්ඩු වෙන්ඩ අපි පිස්සො යැ

ග්‍රීක දෙවිවරුන්ගේ වලි

සොක්‍රටීස් : එළ.. එහෙම නම් දෙයියො රණ්ඩු වෙන්නෙත් ඔය වගේ ට්‍රිවියල් සීන් වලට වෙන්ඩ බෑ නේද? අපිට වඩා මොළේ තියෙන ඩයල් නෙ උන්.. එහෙම නම් උන් රණ්ඩු වෙනව ඇත්තෙ මොන වගේ දේට ද? හරි වැරැද්ද, හොද නරක වගේ සීන් වලට වෙන්ඩ ඇති නේද..

යුතිප්‍රෝ : ම්ම්ම්.. ඔවු, බේසිකලි එහෙම කියතැහැකි..

සොක්‍රටීස් : එහෙනම් මචන්, සමහර දෙවියො කැමති දේට සමහර දෙවියො කැමති නෑ.. සමහර උන් හොදයි කියන දේ සමහර උන් නරකයි කියනව.. එතකොට මචන් "දැහැමි බව" කිඅල එක දෙයක් කියන්ඩ බැරි වෙන්නෙ නැද්ද?

යුතිප්‍රෝ : ම්ම්ම්.. හරි මචන්.. ඒත් "දැහැමි බව" කියන එක ගැන හැම දෙයියොම හිතන්නෙ එක විදිහට.. උඹ හිතනවද මම තාත්තට නඩු දාපු එක වැරදියි කියන දෙයියෙක් ඉන්නව කියල?

සොක්‍රටීස් : සිරාවට? උඹ සිරා පොරක්නෙ බන්.. හරි, එහෙම බැලුවොත් "දැහැමි බව" කියන එකට අපිට අළුත් තේරුමක් දෙන්ඩ වෙනව.. දැහැමි බව කියන්නෙ එතකොට "හැම දෙවියොම ප්‍රිය කරන දේ".. මම හරිය?

යුතිප්‍රෝ : හ්ම්ම්.. එහෙම කියමුකො.. 

සොක්‍රටීස් : එල ද බ්‍රා මචන්.. හැබැයි මචන්, පොඩි කේස් එකක් තියෙනව.. "දැහැමි" දේට දෙයියො කැමති නිසාම ඒක "දැහැමි" වෙනවද? එහෙම නැත්තම් "දැහැමි" හින්ද දෙවියො කැමති ද

යුතිප්‍රෝ : ම්ම්, දැහැමි නිසා තමයි ඒවට දෙයියො කැමති..

සොක්‍රටීස් : ඒ කියන්නෙ ඒව දැහැමි වුණේ ඒවට දෙවියො කැමති වෙන්ඩ කලින්.. දෙවියො කැමති වුණේ දැහැමි හින්ද.. නැතුව දෙයියො කැමති වෙච්චි නිසා ඒව "දැහැමි" වුණා නෙමෙයි..

යුතිප්‍රෝ : ම්ම් එහෙම තමයි පෙනෙන්නෙ

සොක්‍රටීස් : එහෙනම් මචන් "දැහැමි" කියන එකේ තේරුම උඹ හරියටම කියල නෑ.. "දෙවියො කැමතියි" කියන්නෙ දැහැමි දේවල් වල එක ලක්ෂණයක් විතරයි.. එහෙම නේද

යුතිප්‍රෝ : අම්මප මචන් උඹ නම් ______...  හ්ම්ම් ඔවු.. ඇත්ත..

සොක්‍රටීස් : එහෙනම් මචන් තරහ නැතුව කියමුද දැහැමි බව කියන්නෙ මොකක්ද කියල? හරි හරි, මම උඹට උදවු කරන්නම්කො.. හිතහන් "සාධාරණ" දේවල් ගැන.. දැහැමි හැම දේම සාධාරණයි.. එහෙම නේද

යුතිප්‍රෝ : අනිවා

සොක්‍රටීස් : ඒ වුණාට සාධාරණ හැම දේමත් දැහැමි නෑ නේද? හිතහන් මිනිහෙක් ප්‍රයිවෙට් සෙක්‍රට්‍රි ට 15000 ක පඩියක් ගෙවන එක.. ඒක ෆට්ට ශේප්.. සාධාරණයි.. ඒත් "දැහැමියි" කියල කියන්ඩ පුළුවන්ද? බෑ නේද? හරියට ගාණට දෙනව වගේනෙ පඩිය..

යුතිප්‍රෝ : ඇත්ත

සොක්‍රටීස් : එළ.. එහෙනම් දැහැමි සැම දේම සාධාරණයි, ඒත් සාධාරණ හැම දේම දැහැමි නෑ.. එහෙම නම් කියහන් බලන්ඩ "දැහැමි" වෙන්නෙ "සාධාරණ" ඒවයින් කොයි කෑල්ලද කියල..

යුතිප්‍රෝ : හරි.. එහෙනම් මෙහෙම කියමුකො.. සාධාරණ දේ අතර "දෙවියන්ට උපස්ථානෙට හේතු වන දේවල්" දැහැමියි..

සොක්‍රටීස් : හ්ම්ම්.. උපස්ථානයක්.. දැන් ගොපල්ලො සත්තුන්ට උපස්ථාන කරනව.. ඒකෙන් සත්තුන්ට සෙතක් වෙනව.. ඩොකාල පේෂන්ට්ස්ලට උපස්ථාන කරනව, ඒකෙන් උන්ට ලෙඩ හොද වෙනව.. උඹ කියන්නෙ "දැහැමි බව" දෙවියන්ට කරන ඒ වගේ උපස්ථානයක් කියල ද?

යුතිප්‍රෝ : ම්ම් ඔවු.. එහෙම කියමුකො

සොක්‍රටීස් : හරි.. එහෙනම් ගොපල්ලොන්ගෙ උපස්ථානෙන් සත්තුන්ටයි, ඩොකාලගෙ උපස්ථානෙන් ලෙඩ්ඩුන්ටයි සෙත සැලසෙනව වගේ "දැහැමි" බවෙන් දෙවියන්ට හම්බෙන බෙනිෆිට් එක මොකක්ද?

යුතොප්‍රෝ : මචන්, ඒක මෙහෙම වචනෙන් දෙකෙන් උත්තර දෙන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි.. දෙවියන්ට පිළිගන්ඩ පුළුවන් දේවල් අපි කරොත් ඒකෙන් අපිට හොදක් වෙනව.. නැත්තම් අපිට කෙළ වෙනව, කොටින්ම කිවුවොත්..

සොක්‍රටීස් : මචන්, උඹට ඊට වඩා බොහොම කෙටියන් උත්තර දෙන්ඩ තිබ්බනෙ.. හරි අපි මෙහෙම බලමු.. අපි යාග හෝම කරනව.. බලි තොවිල් කරනව.. ඒව අපි දෙවියන්ට දෙන දේ.. යාඤා කරනව.. ඒක දෙවියන්ගෙන් ඉල්ලන දේ.. එහෙම නෙමෙයිද? මේක දෙවියොයි මුනිෂියි අතරෙ පොඩි බිශ්නස් එකක් නෙමෙයිද?

ඩිමීටර් සහ ඩියොනීසස් වෙනුවෙන් කෙරුණු ග්‍රීක පුද පූජා


යුතිප්‍රෝ : හ්ම්ම් උඹ ආස නම් ඒකට බිස්නස් එක කියා ගනින්.. බේසිකලි ඕක තමයි සින් එක.. දෙවියන්ට දීමයි දෙවියන්ගෙන් ගැනීමයි..


සොක්‍රටීස් : එළ.. දීමයි ගැනීමයි වෙනකොට දෙපැත්තටම ප්‍රයෝජං විදිහට වැඩේ වෙන්ඩ ඕනෙ.. එහෙම නෙමෙයිද

යුතිප්‍රෝ : අනිවා

සොක්‍රටීස් : හරි.. දෙවියොයි මුනිෂියි ගනුදෙනු කරද්දි දෙයියන්ගෙන් මුනිෂිට හම්බෙන දේ නම් පේනව.. බිස්නස් සරු වෙනව, නැවු ගිලෙන්නැතුව තියෙනව, යුද්දෙන් දිනනව.. ඒ ඔක්කොම දෙවියන්ගෙ ආශිර්වාද.. හරිය?

යුතිප්‍රෝ : අනිවා


සොක්‍රටීස් : එළ.. එතකොට දෙයියො අපිට දෙන දේ පැහැදිළියි.. අපි දෙයියන්ට යාග හෝම වගේ ඒව කරල දෙන දේ වලින් දෙයියන්ට මොකක්ද වෙන බෙනිෆිට් එක?

යුතිප්‍රෝ : මචන්, උඹ සිරාවට කියනවද අපි දෙන දේවල් වලින් දෙයියන්ට මෙලෝ වැඩක් තියෙනව කියල

සොක්‍රටීස් : එහෙනම් මොන මගුලකටද හලෝ ඒව අපි දෙන්නෙ?


යුතිප්‍රෝ : ඒවයින් දෙවියන් සතුටු වෙන එක විතරයි වෙන්නෙ

සොක්‍රටීස් : ඒ කියන්නෙ අපි යාගහෝම කරනවට දෙයියො කැමතියි.. එච්චරයි? දෙයියන්ට වෙන වැඩක් නෑ? එහෙමද?

යුතිප්‍රෝ : ඔවු

සොක්‍රටීස් : එහෙම නම් ඒ දෙවියො කැමති නිසා තමයි අපි යාගහෝම කරන්නෙ

යුතිප්‍රෝ : හ්ම්ම්.. ඔවු..

සොක්‍රටීස් : උඹ දැන් ටිකකට කලින් කිවුව දෙවියන්ට උපස්ථානය පිණිස තියෙන දේ තමයි "දැහැමි බව" කියල.. ඒ කියන්නෙ යාගහෝම වගේ දේවල් දැහමි බව.. අපි ඒව කරන්නෙ දෙවියො කැමති හින්ද.. නැතුව අපි ඒව කරන නිසා දෙවියො ඒවට කැමතියි නෙමෙයි

යුතිප්‍රෝ : උඹ හරි

සොක්‍රටීස් : එළ මචන්.. එහෙම නම් "දැහැමි දේ දැහැමි වෙන්නෙ දෙවියන්ට කැමති හින්ද" කියන තැනට අපි ආයෙත් ආව නේද

යුතිප්‍රෝ : හ්ම්ම්.. ආව නේන්නම්

සොක්‍රටීස් : ඒත් උඹම දැන් ටිකකට ඉස්සෙල්ල කිව්ව නේද දැහැමි දේවල් දැහැමි නිසා දෙවියො කැමති වෙනව මිසක්කං දෙවියො කැමති නිසා ඒ දේවල් "දැහැමි" වෙන්නෙ නෑ කියල

යුතිප්‍රෝ : අඩෝ.. එහෙම සීන් එකක් තමයි

සොක්‍රටීස් : එහෙනම් මචන්, "දැහැමි දේ" කියන එක උඹ තාමත් මට කියල දීල නෑ.. මුල ඉදන් පටන් ගම්මුද?

යුතිප්‍රෝ : මචෝ මම දැන් යන්ඩ ඕනෙ.. අන්න මුඩ්ලියර් කාරය මගෙ නඩුව අඩ ගහනව..

සොක්‍රටීස් : අයියෝ, මම ඉවරෝ.. මදැයි යුතිප්‍රෝගෙන් "දැහැමි බව" ඉගෙන ගෙන මම නොදැහැමි ඩයල් එකක් නෙමෙයි කියල ඔප්පු කරල මගෙ නඩුව දිනන්ඩ හිටිය.. දැන් ඉතින් වෂ බොන්ඩ තමයි වෙන්නෙ.. මම නැතෝ!!!


සොක්‍රටීස් වහ බොයි

12 comments:

  1. උපරිමයි මචං උපරිමයි. මෙහෙමම ලියහං! මම ඉන්නව කියවන්න. ජය වේවා!

    ReplyDelete
  2. "දැහැමි" දේට දෙයියො කැමති නිසාම ඒක "දැහැමි" වෙනවද? එහෙම නැත්තම් "දැහැමි" හින්ද දෙවියො කැමති ද? - දෙවියෝ ඇතත් නැතත් දැහැමියි යනුවෙන් හැඳින්වෙන "දෙයක්" තියේද කියලා නේ මේ අහන්නේ..?
    උපතින්ම අන්ධ මනුස්සයෙක්ට "රතුපාට" කියන එක කොහොම තේරුම් කරලා දෙන්නද? "සංස්කාර" කියන්නෙත් මෙහෙම සකස් කරලා හදලා කරලා ගන්න සංකල්ප වලටමද..?

    ReplyDelete
  3. siraama siraaa machoo .................

    ReplyDelete
  4. වහ බොන්න බැහැ. ආයෙත් මුලටම යමු “ දැහැමි දේ “ කියන්නේ මොකක් ද?

    ReplyDelete
  5. කියල වැඩක් නෑ... ඔය කටටිය අදත් ඇදගෙන දඟලන ගොඩක් එව්වට තියෙන්නෙ ඔහොම කැරකෙන ඉතිහාසයක් තමයි. හැමෝම කරන්නෙ ප්‍රශ්ණෙ අමතක කරල වටේ යන එක. මොකද ප්‍රශ්ණෙ කතාවට ඇදල ගත්තොත් රවුමෙ යන එක කෙලවරක් නෑ... හැබැයි ඕකට අර තර්ක ඥාණය කියන එකත් උවමනා දෙයක් නේද?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ස්තුතියි යෝජනා, චෝදනා එක් කළ සියල්ලන්ටම.. සමාවෙන්න ටිකක් වැඩ වැඩි වුණ නිසා බ්ලොග පැත්තෙ එන්ඩ බැරි වුණාට.. දෙවියන්ගේ සිටීම පිළිබඳ විශ්වාසනීයත්වය ප්‍රශ්නගත වෙන හැටි රසල් පෙන්නපු හැටිත් දැහැමි බව දෙවියන් (ආගම හෝ වෙනත් ඩොග්මාවන් ) ඇතුළට දාන්ඩ ගිහින් අර්බුදයට ලක් වෙන හැටි සොක්‍රටීස් පෙන්නල තියනෙ හැටිත් සිංහල බ්ලොග් කියවන්නන්ට මට පුළුවන් විදිහට ඉදිරිපත් කිරීමක් තමයි කළේ.. ගෙඩිය පිටින් බටහිරින් ආනයනය කලා වගේ චෝදනා වුණත් සතුටින් බාරගන්නම්.. සාමාන්‍ය බුද්ධිය ඩොග්මාවන් සමග ගැටී වෙන අර්බුදය පෙරදිගට හෝ බටහිරට සීමා වූවක් නෙමෙයි.. ලොව සෑම ශිෂ්ඨාචාරයකම පාලකයන් විසින් දැඩිව මර්දනය කරපු නිදහස් චින්තනය බටහිර නූතනත්වය තුළ හිස ඔසවන්ඩ අරං සියවස් එකහමාරක් ඇති වැඩිම වුණොත්, ඒකට විරුද්ධව පෙරට වඩා දුර්වල පදනමකින් නැග එන්නෙ කලින් පැවති මර්දනකාරී බලවේගයම නෙමෙයිද? ඒක බටහිරයි පෙරදිගයි කියල ලොකු වෙනසක් මට නම් පේන්නෙ නෑ.. ඒකෙන්ම අවධාරණය වෙනව ව්‍යවහාර ඥාණයයි පොදු මනුෂ්‍යත්වයයි පදනම්ව යන නව ගමනකට අවතීර්ණ වීමේ වැදගත්කම..

    ReplyDelete
  8. ABSOLUTELY I SAY UNTO YOU THAT,THERE IS GOD,AND THERE IS ONLY ONE GOD,WHO IS ALMIGHTY AND FULL OF GOODNESS!!

    ReplyDelete
  9. මම ආවෙ රසල්ගෙ තේ පෝච්චිය ගැන පැහැදිලිකරගන්න.බොහොම ස්තූතියි ✌️✌️

    ReplyDelete