සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Tuesday, October 11, 2011

"ගේ" උන්ට දෙන දඬුවම මොකක්ද?

දේදුනු වර්ණය සමරිසි බව පෙන්වන සංකේතයකි
"අඩෝ බලපං මචන්, අම්මද බොල මෙහෙමත් සීන් මේ රටේ තිබ්බෙ බවක් අපි දැනං හිටියෙ නෑනෙ, අඩෝ මුං අපේ ආගම සංස්කෘතිය, හැදියාව නැති කරල දානව නෙ, නොදකින් ______ බල්ලො බැල්ලියො ටික.., මුන්ට වෙඩි තියල දාන්ඩ ඕනෙ, ________ගෙ ________, තොපේ අ______ ________"

රෑ තිස්සෙ කැන්ටිමේ පොර හදල දීපු අමු තිත්ත කෝපි බිබී අල බාල* බාල, යන්තම් පොඩි ඇලර්ට් එකක් දාන්ඩ සෙට් වුණා විතරයි, උඩ ඇඳේ ඉන්න සිරා** හීනෙන් නැගිටලද මන්ද අමු තිත්ත විනිශ්චයක් අත අරිනව (පොර හැබැයි හැම පෝයටම පල්ලි යන නත්තල් දාත් සිල් ගන්න, තෛපොංගල් වලට උපවාස කරන ඩයල් එකක් ).. ඌට ලොවෙත් කියල තියෙනව රෑ තිස්සෙ ෆොක්ස් ක්‍රයිම් බලන්නෙ නැතුව නිවිහැනේ ඇවිත් පන්සිල් අරන් බුදියගනින් කියල කොහෙද ඉතින් අහනවැයි? ළගඳි ඉඳන් අර "පචවිර" ද මොකක්ද පත්තර කඩමල්ලකුත් බලනව අයිබොං, ඕකෙ තියෙන නස්පැත්තියක් අල්ලං වෙන්ඩැ එකත් එකටම දොඩවන්නෙ.. 

"අඩෝ සිරෝ, මොකද දොඩවන්නෙ ඈ, අපි නිදාගන්නෙ නැද්ද ඩෝ?"

"නෑ බන් තාඹුවො, බලපන් ඩෝ මේකෙ තියෙන සීන් එක.. මේ සමලිංගික වේ___ ____ල ටික එළි පිටම ගේම දෙනව අපේ සංස්කෘතියට, මේක ලියපු එකා උන්ගෙ පොට් එකකට ඒ එකෙක්ම වගේ ගිහින් තමයි ඔක්කොම මාට්ටු කරගෙන තියෙන්නෙ.. මොනව උණත් ලියපු එකා සිරා ඩයල් එකක්, එහෙම උන් තමයි මචෝ පත්තර කන්තෝරු වල ඉන්ඩ ඕනෙ" 

"සිරාවට? කවුද මචන් සෙට් එක? මොනවද බන් උන් කරන්නෙ?"


"නෑ බන් මේ එන්ජීඕ ඩොලර් කාක්කො ටිකක් තමයි.. බාගෙ විට උඹත් ඉතින් ඒවට හූමිටි තියෙනව ඇති, උඹත් ඉතින් ඇමෙරිකන් ගැත්තනෙ"


"යකෝ ඌරො, මට නිදිමතයි, මළ පන්නගන්නැතුව කියපන් මොකද වෙලා තියෙන්නෙ කියල සින්හලෙන්"..


"නෑ බන් අර 'ගේ' වේ__ බල්ලො ටිකක් නුවර බස් ස්ටෑන්ඩ් එක ළඟ කොන්ඩමුයි ජෙලුයි බෙදනවලු උන්ගෙ හැතිකරේට"
එක්සත් ජනපදයේ පොදු උද්‍යානයක කොන්ඩම් බෙදා දීමක්

"ඉතින් උන්ට ඒව ඕනෙ නේද?"


"යකෝ, 'ගේ' එවුන් ගේ කම ප්‍රමෝට් කරගත්තහම අපේ සංස්කෘතියට සදාචාරෙට වෙන දේ හිතපන්"



"කාගෙද? මගෙද? මගෙ සංස්කෘතියට සදාචාරෙට නම් අවුලක් නෑ අනික් උන් කරන දේ වලින්.. උන් කාටවත් කරදරයක් කරන්නෙ නෑනෙ.. උඹේ සංස්කෘතිය ගැන නම් මම දන්නෙ නෑ"


"යකෝ, ඌරො, මේක බෞද්ධ රටක්.. උඹට නම් අවුලක් නෑ උඹ ඉතින් සෙකියුලර් ආගමිකයෙක් නෙ"


"හරි හරි, බෞද්ධ සෙකියුලර් කතාව ඇදගන්ඩ ගිහින් උඹ පොරමොලාගෙ වෙඩින් එකේ නාගත්තු ටික ඇති නෙ.. ඒක පැත්තකින් තියමු.. ලංකාව බෞද්ධ රටක් කියමු.. නැතත් ඉතිං උඹ බෞද්ධයනෙ.. කියපං බලන්ඩ බුද්ධාගමේ කොහෙද සමලිංගික වෙන එක නරකයි කියල තියෙන්නෙ කියල?"


"ඇයි යකෝ තුන් වෙනි සිල් පදේ කියන්නෙ කාමේ සු මිච්ඡාචාරා කියල"


"ඒ කියන්නෙ? මම බෞද්ධය නෙමෙයිනෙ.. පොඩ්ඩක් එලැබොරේට් කොරපන්කො"


"ඒ කියන්නෙ කාමයෙහි වරදවා හැසිරෙනව කියන එක.. වැරදි විදිහට සෙක්ස් කරන එක සිංහලෙන් කිව්වොත්"


"හ්ම්ම්.. වැරදි විදිහට කිව්වෙ?.." 


"තමන් කසාද බැඳපු මිනිහ ඉන්නැද්දි වෙන මිනිස්සු එක්ක සම්බන්ධ වෙන එක.. තමන් කසාද බැඳපු ගෑනි ඉන්නැද්දි වෙන ගෑනු එක්ක යන එක"

"හ්ම්ම්.. එතකොට කසාද නොබැඳපු ගෑනියෙකුයි මිනිහෙකුයි එක් වෙන එක?.. දැන් ඉස්සර කාලෙ ගෑනුයි මිනිස්සුයි කසාද බැන්දෙ නෑනෙ නීතියෙ හැටියට"

"හරි යකෝ, උන් දෙන්න කොළ කෑල්ලක හැටියට බැන්දෙ නැතුවට කපල් එකක් විදිහට සමාජෙ ඉන්නව නම් අවුලක් නෑ.. දකින දකින මිනිහ එක්කයි ගෑනියි එක්කයි යන එකයි එපා කියල තියෙන්නෙ".. 


"ආහ්.. හරි හරි, තේරුණා.. හරි එතකොට මෙහෙම හිතපන්.. මිනිස්සු දෙන්නෙක් ඉන්නව කපල් එකක් විදිහට.. නැත්තම් ගෑනු දෙන්නෙක් ඉන්නව කපල් එකක් විදිහට.. දකින දකින මිනිහ හරි ගෑනි හරි එක්ක යන්නෙ නෑ.. එතකොට?"


"යකෝ මහ පවුකාර වැඩක්නෙ ඒක"


"පවුකාර වැඩක්? ඒ කොහොමද එහෙම වෙන්නෙ?"


"යකෝ ඕක තේරෙන්නෙ නැද්ද? බුදු දහමෙ කවදාවත් අනුමත කරල තියෙනවද ඔය වගේ වල් මගුල්?"


"හරි, එතකොට උඹ  මගෙ ලැපේ මටත් හොරෙන් රෑ තිස්සෙ එකසිය ගාණට වැ__ බලන්නෙ? මට අලයක්වත් බාගන්ඩ නොදී? ඒව බුදු දහමෙ අනුමත කරල තියෙනවද?"


"ඒකෙන් කාටවත් හානියක් නෑනෙ.. අනික ඒක බුදු හාමුදුරුවො එපා කියලත් නෑනෙ?" 


"ඉතින් ගේ, ලෙස්බියන් සීනුත් එහෙම තමයි.. උන් ඉන්න විදියෙන් කාටවත් කරදරයක් තියෙනවයැ? අනික බුදු දහමෙ කියන තුන් වෙනි සිල් පදෙත් උඹ කියන විදිහට අරන් බැලුවොත් ගේ, ලෙස්බියන් උන් ඒක කඩන්නෙ නෑ"


"එතකොට උඹ කියන විදිය මොකක්ද තුන් වෙනි සිල් පදේ?"


"මම කියන විදිහක් නෑ.. මම බෞද්ධයෙක් නෙමෙයි තුන් වෙනි සිල් පදේ තෝර තෝර ඉන්ඩ, උඹමයි කිව්වෙ උඹ බෞද්ධයෙක් කියල, උඹමයි ඔය කියපු සිල් පදේ තෝරල දුන්නෙ, උඹම තෝරපු විදිහට එක සහකාරයෙක් / සහකාරියක් ඉන්න ගේ, ලෙස්බියන් උන් ඒ සිල් පදේ කඩන්නෙ නෑ***.. හරි, උන් කඩනවමයි කියල කියමුකො.. ඒත් උන් ඔක්කොම බුද්ධාගමේ විදිහටම ඉන්ඩ ඕනෙ කියල කොහොමද උඹ කියන්නෙ? මට උන් එක්ක අවුලක් නෑ, උන් වෙන කාටවත් කරදරයක් නොකරනව නම්.. ඒක මේ බම්බුවෙ ආගමික හේතුවක් නෙමෙයි.."

"හා හා, එතකොට උඹ කියන්නෙ උන් කාටවත් වරදක් නැති පෝර්ටෙලොත් නිමල බොන අහිංසකයො? යකෝ, උන් තමයි ලංකාව කන්නෙ.. ඇති තරමක් පොඩි උන්ව දූෂණය කරන්නෙ.. ඇස් ඇරල බලපිය සංචාරක හෝටල් වලට එන සුද්දො, විශේෂෙන් ජර්මන් එවුන් හොයන්නෙම පොඩි කොල්ලන්ව"



"මචන්, උඹ හිතන්නෙ ලංකාවට එන සුද්දො ගොඩක් එවුන් ගේ එවුන් කියලද? පික්සුද යකෝ.. උන් කොල්ලන්ව හොයන්නෙ කෙල්ලො ෂෝර්ට් සප්ලයි හින්ද.. සමාජමය හේතුයි තවත් ගොඩක් හේතු නිසා දුප්පත් දෙමව්පියො තමන්ගෙ කොල්ලන්ව ඒ වගේ තැන් වලට යවනව.. ඒත් කෙල්ලෙක් යැවුවොත් පවුලට වෙන ඉම්පැක්ට් එක වැඩි නිසා කෙල්ලො යවන්නෙ නැහැ.. ඒ අපචාරෙට ලක් වෙන කොල්ලො පස්සෙ ගේ වෙන්ඩ නම් චාන්ස් එකක් තියෙනව කියල සමහර ස්ටඩීස් වලින් කියනව http://home60515.com/3.html .. ඒත් ඒකෙන් කියන්නෙ නෑ ගේ වෙන එවුන් ඔක්කොම අපචාරෙට ලක් වෙච්චි උන් හරි අපචාර කරන උන් හරි කියල.. අනික ගේ එවුන් අනික් උන්ට වඩා ළමා අපචාර කරනව කියන එක අමු බොරුවක්.. කිසිම ස්ටඩි එකකින් ගේ වීමයි ළමා අපචාරයි අතර සම්බන්ධයක් හොයාගෙන නෑ.. මචන්, ඔය වැ__ බැලිල්ල පත්තකට දාල මගෙ ලැප දියන් මෙහාට.. උඹට හොයල දෙන්ඩ ලින්ක් එකක් http://psychology.ucdavis.edu/rainbow/html/facts_molestation.html ඉඳා, මේක බලපන්” 


"හ්ම්ම්.. හරි, එහෙනම් මේකට උත්තර දියන්, උන් ඔච්චර අහිංසකයො නම් මොන මගුලට ද උන්ට විරුද්ධව නීති දාල තියෙන්නෙ? අර දණ්ඩ නීති සංග්‍රහයෙද මොකේද තියෙනව නේද උන්ව හිරේ අරින්ඩ පුළුවන් කතාවක්?"


"ඔවු, තියෙනව තමයි, සුද්දගෙ කාලෙ දාපු ගොං නීතියක්.. ක්‍රිස්තියානි ආගමේ හැටියට ගේ සීන් වැරදියි මම හිතන්නෙ, ඒක තමයි ඒ වගේ නීති දාල තිබ්බෙ බටහිර රටවල, ආගමික හේතුවක් හින්ද.. යුරෝපෙ අඳුරු යුගේදි නම් එහෙම උන්ව මැරුව.. ඒත් දහනමවෙනි සියවසේ උන් ලංකාවෙ ඒ නීති දාන කාලෙ වෙනකොට බටහිර රටවල තිබ්බෙ හිර දඬුවම් විතරයි.. ලංකාවෙත් උන් දැම්මෙ හිර දඬුවමක්.. 1950න් පස්සෙ ටික ටික තේරෙන්ඩ ගත්ත ගේ වෙන එක මහලොකු වරදක් නෙමෙයි, කොහොමත් සමාජෙ ඒ වගේ අය ඉන්නව කියල.. ඊට පස්සෙ ලෝකෙ පුරාම තිබ්බෙ ඒ වගේ නීති සූ ගාල අයින් වෙන්ඩ ගත්ත.. යුරෝපෙ සමහර රටවල්, ඇමෙරිකාවෙ සමහර ප්‍රාන්ත අද ගේ, ලෙස්බියන් උන්ට කසාද බඳින්ඩ හිටං අවසර දීල තියෙනව.. අපි ඉතින් සුද්දටත් වඩා සුද්දො වෙන්ඩ යන පිංගුත්තරයොනෙ.. අපි තාම අර පරණ නීති තියාගෙන ඉන්නව.. (හැබැයි මං දන්න තරමට දඬුවම් කරල නෑ කාටවත් 48න් පස්සෙ ).. 


ආහ්.. ගේ උන්ට විතරනෙ නීති තිබ්බෙ.. ලෙස්බියන් උන්ට මුකුත් අවුලක් තිබ්බෙ නෑනෙ.. 2008 හිටපු අධිකරණ ඇමති ලොක්ක "ලිංගික සාධාරණත්වෙ" කියල ලෙස්බියන් උන්ටත් අර නීතියම දැම්ම" 
විවිධ රට වල සමලිංගිකත්වය පිළිබඳ නීති


"හරි, දැන් උඹ කියන්නෙ ඕක කිසිම රටක දැන් තහනම් නෑ කියල ද?"


2007දී ඉරානයේ සමරිසි යුවළක් එල්ලීම
"මොකද නැත්තෙ? මැද පෙරදිග, අප්‍රිකාවෙ සමහර රටවල තාම මරණ දඬුවම දෙනව.. තව සමහර රටවල බරපතල වැඩ ඇතුව හිරේ යවනව (මෙහෙ වාගෙ නෙමෙයි, ඇත්තටම යවනව ).. ඔය දඬුවම් තියෙන රටවල් ගොඩක් එක්කො දැඩි මුස්ලිම් රටවල්, නැත්තම් අප්‍රිකාවෙ පරණ ක්‍රිස්තියානි රටවල්.. නොදියුණු සමාජ තියෙන බැක්වර්ඩ් විදිහට හිතන මිනිස්සු ඉන්න රටවල්.. මට දුක අපේ රටත් ඒ ගොඩට වැටෙන එක"


"දැන් උඹ කියන්නෙ ගේ, ලෙස්බියන් උන්ට කසාද බඳින්ඩ දෙන්ඩ ඕනෙ කියලද?"


"කවුද එහෙම කිව්වෙ? මම කියන්නෙ ඉස්සෙල්ල උන්ව හිරේට යවන්ඩ පුළුවන් නීති අයින් කරන් ඉන්ඩ කියල.. හිරේ යවන්ඩ තරම් වැරැද්දක් උන් කරන්නෙ නැහැනෙ.. ඊට පස්සෙ එහෙම උනුත් සමාජෙ ඉන්නව කියල පිළිගන්ඩ කියල, උන්ව කොන් කරන්නෙ නැතුව.. කසාද බඳින්ඩ ඉඩ දෙනවද නැද්ද කියන එක පස්සෙ තීරණය කළහැකි"    


"අනේ යකෝ උඹ නම්... මට උඹට කියන්ඩ හිතෙනව හොඳවැයින් දෙකක්, ඒත් කියන්ඩ ඕනෙ එක එන්නෙ නෑ ඔළුවට" 

සිරාට එකසිය ගාණට නැගල වගේ..

ඌට දැන ඔළුවට මොනම ලොජික් එකක් හරි නේන හින්ද සයිලන්ට් වෙලා හිටියට ගේ උන්ගෙන් ගේමම ඉල්ලන අභීත ඩයල් එකක් ඌ.. මොනව කොරන්ඩද අයිබොං? එක්කො ඌ උගෙ බම්බුවෙ පත්තරේ කියෝල කෑ නොගහ ඉන්ඩ ඕනෙ, අනික් උන්ට ඇලර්ට් එකක් දාන්ඩ ඉඩ දීල.. 

සිරාගෙ කන්කරච්චලේ අහලද මන්ද ඇන්තනිය බ්‍රෂ් එකකුත් කටේ ගහගෙන දොර කඩාගෙන ආව ඕන්.. ඌට මම කියල තියෙනව තුවා ඇඳගෙන එන්ඩ එපා, ටිකක් සිවිල් පිට වරෙන් කියල අපේ කාඹරේට එද්දි, පළවෙනි දවසෙ ඌ එහෙම ඇවිත් අපේ සිරා දවසම මනෝ ගගහ හිටිය අයිබොං, වැඩටත් නොගිහින්..

"මොකක්ද බන් උඹල හැමදාම උදේ මෙතන බෙරිහන් දෙන්නෙ? ඈ තාඹුවො, උඹට අල බාල ඕවර්ඩෝස් වෙලාද? "


"අල නෙමෙයි බන්, මේ මේකගෙ ගෝරනාඩුව ඕවර්ඩෝස් වෙලා, ඌ දවස තිස්සෙ මගෙ ඩොන්ගල් එකේ ලිමිට් එක පනිනකම් වැ__ බලනව.. රෑට කෙල්ලො හතර පහ එක්ක වාත වෙලා කටගොන්නක් බීගෙන ඇවිත් උදේට "පචවිර" බල බල දේශප්‍රේමී ටෝක්ස් දෙනව.. ඌ කරන මගුල් ඔක්කොම දේශප්‍රේමී සදාචාරවත් ලබ්බවල්.. ගේ උන්ට බෙදන කොන්ඩමේ තමයි උගෙ සංස්කෘතියට පරහට හිටියෙ"


"ගණන් ගන්ඩ එපා මචං, උගෙ හැටිනෙ.. හැබැයි මචං මට නම් ගේ එවුන්ග් එක්ක අවුලක් නෑ.. ඒත් ඕක ප්‍රමෝට් කරන එක ටිකක් අවුල් නේද?"

"ප්‍රමෝට් කිරිල්ලක් නෙමෙයිනෙ බන්, කොන්ඩමුයි ජෙලුයි බෙදන්නෙ උන්ට ඒව ලොවෙත් ඕනෙ වෙන හින්ද නෙ"


"දැන් කවුද ඕක කොරන්නෙ?"

ඒඩ්ස් හා ක්ෂයරෝගය පිළිබඳ ලෝක අරමුදල

සර්වෝදය
එච්.අයි.වී ඒඩ්ස් සංකේතය

විවිධත්ව හා සහයෝගිතා සංවිධානය
"මෙහෙමනෙ මචං, මම දන්න හැටියට නම් හෙල්ත් මිනිස්ට්‍රියෙන් තමයි ඕක කෝර්ඩිනේට් වෙන්නෙ.. ඒකෙ තියෙනව ඒඩ්ස් මර්දන වැඩපිළිවෙලක්.. උන් තමයි තවත් දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක එකතු වෙලා ෆන්ඩ්ස් සහ රිසෝසස් දෙන්නෙ.. ලෝක ඒඩ්ස් සහ ක්ෂය රෙඔග වැළැක්වීමෙ අරමුදලෙනුත් සල්ලි හම්බෙනව මගෙ හිතේ.. ඔය කොන්ඩම්, ජෙල්, ඕව බෙදන්නෙ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ස්වේච්ඡා සංවිධානයක්.. මට ඔය සීන් එක ගැන හරියටම මීටර් නැහැ.. ඒත් සෙක්ෂුවල් මෙඩිසින් සෙෂන්ස් වලදි කිව්ව ඔය ස්ට්‍රක්චර් එක ගැන ටිකක්.. ඕකෙ ගෝල් එක මචන් ඒඩ්ස් බෝ වෙන එක නවත්තන එක.."

ෆුල් නස්පුක් වෙලා ඉන්න සිරා ආයෙත් මැදට පැන්න..
"ඉතින් අහවල් බම්බුවටද ගේ උන්ට කොන්ඩම් බෙදන්නෙ? ඒඩ්ස් වළක්වන්ඩ?"


"මචන්, අනාරක්ෂකව ලිංගිකව එකතු උණාම තමයි ඒඩ්ස් වගේම තව ගොඩක් සමාජ රෝග බෝ වෙන්නෙ.. ඒකෙනුත් ගේ එවුන් කරන විදිහෙ එකතු වීමකින් ඒඩ්ස් බෝ වෙන්ඩ තියෙන චාන්ස් එක වැඩියි, සාමාන්‍ය ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකතු වෙන සාමාන්‍ය ක්‍රමේට වඩා.. ඉතින් ගේ උන්ට අනිවා කොන්ඩම් තියෙන්ඩ ඕනෙ"


"ඔය ගේ මලදාන වලින් ඒඩ්සුත් බෝ වෙනව නම් මොන මගුලටද යකෝ උන් ගේ වෙන්නෙ? උන්ට තිබ්බනෙ නෝමල් විදිහට කෙල්ලොත් එක්ක සෙට් වෙන්ඩ?"


"උඹ මගෙන් අහගන්ඩ එපා උඹේ නෝමල් කම ගැන මෙතන.. යකෝ ගේ හරි ලෙස්බියන් හරි වෙන එක ගොඩක් වෙලාවට එන්නෙ උපතින්මයි.. මිනිස්සුන්ට ලිංගික අවයව පිහිටල තිබ්බට විරුද්ධ ලිංගිකයො ගැන ආකර්ෂනයක් ඇති වෙන්ඩ මොලේ හෝර්මෝනත් බලපානව.. ඒ වගේම මොලේ එක එක කොටස්, ස්නායු පද්ධතිය සකස් වෙලා තියෙන හැටි.. ගේ, ලෙස්බියන් අයගෙ පැහැදිළිවම අනික් අයට වඩා ඒවගේ දේවල් වල උපතින් එන්ඩ පුළුවන් කියල හිතන වෙනස්කම් තියෙනව.. පොඩි කාලෙ ඉඳල ළමයින්ව හදන විදිහෙනුත් බලපෑම් ඇති වෙනව.. ගේ උන්ට ලෙස්බියන් උන්ට අනික් මිනිස්සු වගේ විරුද්ධ ලිංගිකයො කසාද බඳල ඉන්ඩ බැරි නෑ.. ඒත් එහෙම ඉන්දැද්දි ගොඩක් මානසික ගැටළු ඇති වෙනව.. ඒ හින්ද උන්ට උඹ හිතනව වගේ ගේ කම වෙනස් කරන්ඩ බෑ"


"අනික තමයි මතක තියා ගනින් ලෙස්බියන් අය අතරෙ ඒඩ්ස් බෝ වෙන්ඩ තීයෙන චාන්ස් එක සාමාන්‍ය කපල් එකකට වඩා හොඳටම අඩුයි කියන එකත්"


"ඒ කියන්නෙ ඕව උපතින් එන මානසික ලෙඩ? ඒකයි වෙනස් කරන්ඩ බැරි, එහෙමද? උඹ කිව්ව නේද අර මොලේ වෙනස් කියල උන්ගෙ? ඒ කියන්නෙ උන් මන්ද බුද්දිකයොද?"


"නෑ යකෝ.. අනික් උන්ට වඩා මානසික ප්‍රශ්න උන්ට තියෙනව තමයි.. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි.. සමාජෙන් උන්ව කොන් කරන එකයි අකමැත්තෙන් විරුද්ධ ලිංගික අය එක්ක ජීවත් වෙන්ඩ වෙන එකයි හින්ද.. උන් ගේ හරි ලෙස්බියන් හරි හින්ද මන්ද බුද්ධික නම්  උඹ වමතින් ලියන හින්දත් මන්ද බුද්ධික වෙන්ඩ ඕනෙ.. ඇයි උඹේ මොළේ වෙනස්නෙ"..  


"හරි, කොන්ඩම් දුන්න කියමුකො, මොන බම්බුවටද ජෙල් බෙදන්නෙ?.."

ජල ද්‍රාව්‍ය ලිහිස්සි ජෙල්
"මචන්, ගේ උන් එකතු වෙන විදිහෙදි සාමාන්‍ය විදිහට එකතු වෙනවට වඩා ඝර්ෂණය ගොඩක් වැඩියි.. උඹ ඒක දන්නව ඇතිනෙ.. කොන්ඩම් එකක් දාගෙන කරත් ප්‍රෙෂර් එකට කොන්ඩම් එක පුපුරන්ඩ පුළුවන්.. ඒ හින්ද තමයි ජෙල් එකක් ඕනෙ.. ඔය බෙදන ජෙල් ජාතිය වෙනුවට ඕනෙ නම් ගෙදර තියෙන පොල්තෙල්, ඔලිව් තෙල්, බේබි ඔයිල් එහෙම පාවිච්චි කළහැකි.. එහෙම තමයි මම හිතන්නෙ උන් කරල තියෙන්නෙ ඔය ජෙල් ජාතිය එන්ඩ කලින්.. ඒත් තෙල් ජාති වලින් රබර් කොන්ඩම් එකේ බිත්තිය ඉරෝඩ් වෙනවලු.. ඒ හින්දම ඒක පුපුරන්ඩ පුළුවන්ලු.. ඔය දැන් බෙදන එක වතුරෙ දිය වෙන ජෙල් එකක්.. ඒකෙ තෙල් නැහැ.. ඒ හින්ද කොන්ඩම් එක පුපුරල ඒඩ්ස් හැදෙන එක නවතිනව"


"ඔවු ඉතින් ඔය එන්ජීඕ මගුල් වලට හැම දේටම හේතුවක් තියෙනවනෙ.. උන් ඔය කරන්ඩ හදන්නෙ අපේ ජාතියෙ උන් බැඳල ළමයි හදන එක නවත්තල ජාතිය වඳ කරල දාන්ඩ මට පේන්නෙ"


"මචන්, මම කලිනුත් කිව්වනෙ.. ගේ, ලෙස්බියන් සීන් කොච්චර ප්‍රමෝට් කරත් නිකම් මිනිස්සු අළුතින් ගේ හරි ලෙස්බියන් හරි වෙන්නෙ නෑ කියල.. ඒක ගොඩක් වෙලාවට උපතින් හරි නැත්තම් ළමය වැඩෙන කාලෙදි තමයි තීරණය වෙන්නෙ.. යන්තම් හරි ගේ පැත්තට යන උන් සාමාන්‍යෙන් සමාජෙක ඉන්නෙ 10-12% විතර.. ඇත්තටම ගේ විදිහට ඉන්න උන් ඊට වඩා ගොඩක් අඩුයි.. ලෙස්බියන් උන් නම් ඉන්නෙ 2-3%ක් විතර.. ඒඩ්සුයි අනික් සමාජ රෝගයි පාලනය කරන්ඩ ඕනෙ නම් ගේ උන් නැහැයි කියල බොරුවට හිතාගෙන වැඩ කරල බෑනෙ.. උන් රටේ ඉන්න එක තමයි ඇත්ත තත්ත්වෙ.. ඒ හින්ද කරන මගුලක් උන්වත් සහභාගි කරවගන්ඩ වෙනව.. ගේ හරි ලෙස්බියන් හරි උනා කියල දරුවො නොහද ඉන්ඩ ඕනෙ නෑ.. කෘත්‍රිම ප්‍රජනන ක්‍රම ඕනෙ තරමට දියුණුයි දැන්.. එකම දේ සමාජෙ ඒව පිළිගන්ඩ අකමැති එක"


"හරි, එතකොට උඹ කියන්නෙ ගේ සීන් එක නෝමල් දෙයක් කියල.. එහෙනම් ඇයි ඉස්සර ඔහොම සීන් තිබ්බෙ නැත්තෙ? ඔය මගුල මිනිස්සුන්ගෙ ෆැන්ටසියක් නේද? සත්තු ඔය වගේ මළ විකාර කරන්නෙ නෑ නේද?"


"මචන් සිරා, උඹ එක්ක තරහක් නෑ.. ඒත් මචන්, මීට පස්සෙ මගෙ ලැපෙන් වැ__ බැලීම තහනම්.. මම අකමැතිම දෙයක් තමයි ඕක, අන්තිමේ කෙල්ලෙක් ලැප බලද්දි උඹ බලපුව ඔක්කොම කැචේ එකේ එනව.. උඹ අපතය වගේ ඒව වෝල්පේපර් එකටත් දානව.. උඹ නෙට් යනව නම් වැඩක් ඇති මගුලක් හොයපන්.. ගේ, ලෙස්බියන් සීන් ඉස්සර ඉඳන්ම තිබුන.. ග්‍රීසියෙ හිටපු මහා ඇලෙක්සැන්ඩර්, සොක්‍රටීස්, ඊජිප්තුවෙ සලදීන්, රෝමයෙ හිටපු හේඩ්‍රියන්, ජුලියස් සීසර්, ප්‍රසිද්ධ කලාකාරයෙක් වෙච්චි මයිකලැන්ජිලෝ, ස්වයංසිද්ද ජනනවාදය බොරු කරපු ෆ්‍රැන්සිස් බේකන්, එංගලන්තෙ ඈන් රැජින, ප්‍රශියාවෙ මහා ෆෙඩ්‍රික් රජ්ජුරුවො තව වාර්තා නොවෙච්චි කී කෝටියක් ඉන්ඩ ඇද්ද.. සමහරු එළි වෙයි කියල බයේ නොකිය ඉන්ඩ ඇති..


සත්ත්ව විශේෂ 300ක් සමලිංගික හැසිරීම් පෙන්නනව කියල හොයාගෙන තියෙනව.. ඇත්ත කතාව මිනිහත් සතෙක් තමයි, මහලොකු ඔලු ගෙඩියක් තිබ්බට.. එකම දේ උඹල වගේ උන් ඒ ඔළුවෙන් මහ විකාර දේවල් කල්පනා කරනව.. කරල රටේ නැති බහුභූත ඔළුවට දාගෙන ඒව අනුව අනික් උන්වත් මනින්ඩ යනව.. ගේ එවුන් දැක්කහම මළ පනින ඔය ලෙඩේට මචන් කියන්නෙ හෝමොෆෝබියා (Homophobia) කියල.. ඒක එන්නෙ ගේ හැඟීම් තියාගෙන ඒව යටපත් කරන් ඉන්න ඩයල් වලටත් අම්බානට එනව"

ඒ පාර නම් සිරාට ෆුල් මෝල් වගේ.. ලොවෙත් කියාගන්ඩ දෙයක් නැතුව ඥාව් වෙලා ඉන්නව.. කියපුව සැර වැඩිද මන්ද? මොනව උණත් ඌ හිත හොඳ එකා.. ඊයෙ රෑ ගත්තු ලාර්ජ් පීස එකට අද දිග ඇරල රුපියල් සීයක්ම දුන්න ශල්ලි ශල්ලි කියල නොබල.. 

"මචන්, ඊයෙ කාපු පීස එක තාම වැඩ වගේ.. ෆැබ් යන්ඩ ඕනෙ නෑ.. මම ඔෆිස් කැන්ටිමෙන් ශේප් වෙන්නම්.. හත හමාරයි.. මම යනව, පරක්කු උණා"

ඊට පස්සෙ බුවා "පචවිර"ක් ගෙනාපු කාලයක් මතක නෑ ආයුබොං

 *   පාඩම් කිරීමට යොදන කෙටි පදයකි
**  මෙහි එන සියළු පුද්ගල නාම මන: කල්පිත වේ
***මෙම සිල් පදය වෙන විදිහවල් වලට තෝරා ගන්න අය සිටිය හැකිය

40 comments:

  1. Interesting, although independent, we have had a quite similar conversation in an FB post. :D

    ReplyDelete
  2. Terribly sorry that I am compelled to type in English today.

    I read those articles in **vira, and felt more or less the way you felt about it. The writer obviously possesses a pre-judgement that this is a "western" and "bad" activity. Writer shows a great level of immaturity not only on gay issues, but also about SL culture and Buddhist teaching. Also he has to understand that some countries can have defunct laws.

    Whatever the law reads about, SL is relatively a fair country for Gay, although some formalities like Gay marriage is blocked. However the SL conscience still thinks Gay is taboo and a certain degree of humiliation may come out from general public remarks.

    SL has been tolerant to some almost certain gay politicians too [that neither got rejected on the basis of them being Gay]. So I don't see that **rira reflects SL conscience here.

    Nevertheless few of Gay actions and NGO behavior are suspicious and worth investigation. Some were stated in these articles, hence their validity is implicitly bound to the same.

    - The argument that Gay communities show signs of Mafia: punishing those who departed etc.

    - Gay commuities use unusual and unethical techniques to attract ppl.

    - Some NGOs, by stating the STD aversion of Gay community, provide support for them to continue THIS organized behavior.

    - The NGOs do defamation campaign that SL defence forces have a very high rate of gays

    Etc.

    Note that this article lead into that interesting Question by a friend of mine.

    "An alien, 3 out of his 17 dicks being gay, can we consider him a gay?"

    ReplyDelete
  3. මරු තාඹුවා.... මේ මහන්සියේ හැටියට මේක ෂෙයාර් උනේ නැද්ද මන්දා.....
    (Word verification මගුල අහක් කොලා නං පංකාදුයි)

    ReplyDelete
  4. මම දැකලා තියෙන විදිහට නම් මේවට වැඩියෙම කෑ ගහන්නේ හොරෙන් මේ දේවල් කරන උන් . .

    මොකද උන් හොරෙන් කරන දේ අනෙක් උන් එලිපිට කලාම හැමෝම ඒ හොර වැඩ වල ස්වභාවය බොහෝ දෙනා අඳුන ගන්න නිසා අනෙක් උන්ට තමන්ගේ හොරේත් අහුවෙයි කියන බයටම එලිපිට මාර චන්ඩියෝ වගේ කෑ ගහනවා . . .

    අනෙක තව ත් පැත්තක් තමයි තමන්ගේ ගෑනිගෙන් හරි ගෑනු ළමයගෙන් හරි සෑහිමකට පත් නොවී හොරෙන් හතර අතේ ගනිකාවෝ හොයාගන යන නෙට් එකේ හොරෙන් වැල මරන බුවාල තමයි මේ ලෝකට සදාචාරය උගන්වන්න හදන්නේ . .

    තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ අහේ තියෙන පොල් කෙන්ද ලොකුයිනේ මචං . .
    ඕවා නොකරන උන්ට අනෙක් උන් මොන මගුලක් කලත් තමන්ට හානියක් නැති නිසා උන්ට හොඳ නම් අපිට මොටෝ කියල ගනන් ගන්නේ නැතුව ඉන්නා . .

    ReplyDelete
  5. මම දැකලා තියෙන විදිහට නම් මේවට වැඩියෙම කෑ ගහන්නේ හොරෙන් මේ දේවල් කරන උන් . .

    මොකද උන් හොරෙන් කරන දේ අනෙක් උන් එලිපිට කලාම හැමෝම ඒ හොර වැඩ වල ස්වභාවය බොහෝ දෙනා අඳුන ගන්න නිසා අනෙක් උන්ට තමන්ගේ හොරේත් අහුවෙයි කියන බයටම එලිපිට මාර චන්ඩියෝ වගේ කෑ ගහනවා . . .

    අනෙක තව ත් පැත්තක් තමයි තමන්ගේ ගෑනිගෙන් හරි ගෑනු ළමයගෙන් හරි සෑහිමකට පත් නොවී හොරෙන් හතර අතේ ගනිකාවෝ හොයාගන යන නෙට් එකේ හොරෙන් වැල මරන බුවාල තමයි මේ ලෝකට සදාචාරය උගන්වන්න හදන්නේ . .

    ඕවා නොකරන උන්ට අනෙක් උන් මොන මගුලක් කලත් තමන්ට හානියක් නැති නිසා උන්ට හොඳ නම් අපිට මොටෝ කියල ගනන් ගන්නේ නැතුව ඉන්නවා . .

    තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ අහේ තියෙන පොල් කෙන්ද ලොකුයිනේ මචං . .

    ReplyDelete
  6. වෙනස් වෙන පරිසරයට හැඩගැසිඉමට නොහැකි සත්වයා වඳ වෙනවා රටක ජාතියක පැවැත්මට සංස්කෘතියක් අතවෂයි නමුත් එය පවා ලෝකය සමග ඉදිරියට යානොහැකිනම් අපිත් වඳ වෙන ජාතියක් වෙන එක ස්ථිරයි... සමලිගිකත්වය ගැන උනත් එච්චර තමයි ඒ පිළිබද ලෝකය ඔච්චර ඉදිරියට ගිහින් ඉද්දි අපි වැදී යුගේ මිනිස්සු වගේ කටයුතු කරන එක මෝඩ කමක් සමහර විට සමලිංගික විවාහ නිතිගත කරන්න අපි හදිස්සි විය යුතු නැ නමුත් ඒ ගැන සමාජය නිසි විදිහට දැනුවත් කිරම වගකිය යුත්තන්ගේ යුතුකමක්

    ReplyDelete
  7. ස්තුතියි හැමෝටම.. තවත් කමෙන්ට් කරන්ඩ.. ඔවු, හැමෝම එක්ක අඩු වැඩ වශයෙන් එකඟයි.. දැනට තියෙන තත්ත්වය අනුව සමලිංගික විවාහ නීතිගත කරන්ඩ ඕනෙ කියල මම හිතන්නෙත් නැහැ.. නමුත් ඔවුන්ට විරුද්ධව තිබෙන පදනම් විරහිත මර්දනකාරී නීති නම් අවලංගු විය යුතුමයි.. ඒ වගේම ඔවුනුත් අපි වගේම මිනිස්සු කියන හැඟීම මිනිස්සු අතර වර්ධනය කරන්ඩ ඕනෙ..

    සුජීව කියපු එක හරි ඇති.. අදාළ සංවිධාන ගැන එච්චර ගැඹුරු මට්ටමේ අවබෝධයක් මටත් නෑ.. ඔය කියපු කොන්ඩම් සහ ජෙල් බෙදාහැරීමේ ක්‍රියාවලියෙ නම් වැරැද්දක් මට පේන්නෙ නෑ, මොකද ඔවුනට ඒක අවශ්‍ය වෙනව වගේම ඒඩ්ස් සහ වෙනත් සමාජ රෝග මඩින්ඩ එහෙම කරන්ඩ වෙනව.. ඒත් ඒ ඇරුණහම ඔවුන් සදාචාර විරෝධී ලෙස වැඩ කරනව නම් ඒක වැරදියි.. ඒව ගැන පරීක්ෂණ පවත්වන්ඩ ඕනෙ එහෙම උණොත්.. සාමාන්‍යෙන් මේ විෂයෙදි ලංකාව එච්චරම නරක නැතුව ඇති සුජීව.. මැද පෙරදිග සහ අප්‍රිකාවට වඩා නම් ලොවෙත් හොඳයි.. ඒත් ළඟකදි ඉඳන් අන්තවාදී බලවේග තුළින් ඇති වෙමින් පවතින හෝමොෆෝබික් ටෙන්ඩන්සි එක අපිට නොසලකා හරින්ඩ බෑ..

    දමිත්, ඔවු.. මෙම ලිපිය ලියන්ඩ හිතන් හිටියෙ ඒ සංවාදෙට කලින් ඉඳලමයි.. ඒ සංවාදෙ නිසා මේ ලිපිය පරක්කු වුණා වගේම ලියන්ඩ තිබිච්චි වුවමනාවත් වැඩි වුණා වාගෙ දැනෙනව..

    දුකා, ඔබ හරියටම හරි.. වැඩිමනත් සදාචාරෙ ගැන බෙරිහන් දෙන්නෙ තමුන්ගෙ පෞද්ගලික ආශාවන් නිසා ෆ්‍රස්ට්‍රේට් වෙලා ඉන්න අය කියන එකේ එක්තරා ඇත්තක් තියෙනව.. "සිරා"ගෙ චරිතයෙන් ඒක පෙන්නන්ඩ මම ට්‍රයි කරා.. හරි ගියා ද මන්ද..

    ඔවු ඉසුරු.. සිරාවටම.. කළු ජාතිකයො තමුන් වගේම අය කියල සලකන්ඩ බටහිර ලෝකයට ශතවර්ෂ ගාණක් ගිය බව අමතක නොකරමු.. ඒත් එහෙම දේවල් එක්ස්කියුස් එකට අරන් ටැග් ගැහි ගැහි ඉන්ඩ බෑ අපිට.. සමානත්මතාවෙ උසස් සංකල්පයක් විදිහට ලෝකෙ පිළි අරන් ඉවරයි.. තාම අන්තවාදී රටවල් විතරයි පස්සෙන් ඉන්නෙ..

    ඔන්න චාර්මි දැන් ඇනොනිමස් අයටත් කමෙන්ට් කරන්ඩ පුළුවන්.. (මොනව එයිද නම් දන්නෙ නෑ.. අවුලක් නෑ, වැඩිය කචල් එකක් ගියොත් ආයෙ ඩිසේබල් කරනව..

    ReplyDelete
  8. නෑ නෑ සිරාගේ චරිතයෙන් ඒක හොඳට පිලිබිඹු වෙනවා . . .

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න ..
    ඒක තියෙද්දී කොමෙන්ට් කරන්න කම්මැලි හිතෙනවා

    ReplyDelete
  9. මේක ගේ නම් නෙමෙයි, එක පාරක් ගනිකා නිවාසයක් වටලපු වෙලාවක ඒකේ ඉඳලා රාජ්‍ය නොවන සංවිධානයක කෙනෙක් අහු වෙලා තිබ්බා ඒයා ඒකට ගිහින් තියෙන්නේ කොන්ඩම් බෙදන්න දැන් ඕක මාධ්‍ය වලට හොඳ නිව්ස් එකක්. රාජ්‍ය නොවන සංවිධාන ගනිකා වෘත්තිය ප්‍රචලිත කරන්න වැඩ කරනවා කියලා. ඒත් පස්සේ මන් දැක්කා රජයේ සමාජ රෝග මර්ධන ව්‍යාපාරයකින්ම තමා ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන පාවිච්චි කරනෙන මොකද ගනිකා වෘත්තිය මේ රටේ නීති විරෝධී නිසා රජයේ ආයතනයකට කෙලින්ම ඒ සඳහා මැදිහත් වෙන්න බැරි නිසා. සමහර විට මෙතනත් ඒ හේතුවම තියෙන්නේ ඇති. මාධ්‍ය කාරයෝ සමහර වෙලාවට ඔහේ දානවා මොකුත් හොයලා බලන්නේ නැතුව

    ReplyDelete
  10. මේකෙ මට වත් වෙන කෙනෙකුටවත් කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ..කම්ප්ලීට් ලෙසන් එකක් මරු...අඩේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කලොත් අපිට කමෙන්ට් කරන්න ලේසියි..

    ReplyDelete
  11. මහත්ම මහත්මීණි, ස්තුතියි ඔබට.. බ්ලොග් කලාවට අළුත් වෙමි.. ඇනොනිමස් කමෙන්ට්ස් එනේබල් කෙළෙමි.. වර්ඩ් වෙරිෆිකේෂන් එක ඉවත් කරන අයුරු සෙටින්ග්ස් වල හෙව්ව නමුත් හමු නොවීය.. කියා දෙන්නට කාරුණික වන්නේ නම් කෘතඥ වෙමි..

    ReplyDelete
  12. කාලීනයි !කියවන්න ලැබීම සතුටක්!

    ReplyDelete
  13. නියමයි තාඹු. ආයෙ කියන්න දෙයක් නැති වෙන්නම තියෙනවා. සොක්‍රටීස්ගෙ සිස්ටම් එකට ඌරගෙ ඇ‍ඟේම තියල දෙසන ක්‍රමේ සුපිරි.

    සමලිංගික අය තමන්ගෙ පාඩුවෙ උන්ගෙ වැඩක් කරගෙන ඉන්න එකටනෙ මේ කට්ටියට රුදාව. දුකා කිව්ව වගේ හොඳටම රිදෙන්නෙ ‍ඒ වර්ගයේ අයට වෙන්න පුළුවන්. American beauty චිත්‍රපටියෙ ඕක පෙන්නනවා සිරාවටම!

    http://www.imdb.com/title/tt0169547/

    Settings > Comments > Show word verification for comments? = no කලා නම් word verification අයින් වෙනවා.

    ReplyDelete
  14. ඔන්න අයින් කළා වෙරිෆිකේෂන්.. අළුත් ඉන්ටර්ෆේස් එකේ එහෙම සීන් එකක් තිබ්බෙ නෑ :0.. පරණ ඉන්ටර්ෆේස් එකට යන්ඩ ඕනෙ වැඩේට..

    ReplyDelete
  15. Good evening taboosubjects!

    ReplyDelete
  16. to Anonymous above (and all others).. I AM NOT taboosubjects..

    ReplyDelete
  17. සමලිංගිකත්වය හරිද වැරදිද යන්න මම තීරණය නොකරමි, එහෙත් සමලිංගිකත්වය උපතෙන් ඇතිවේ යයි හෝ ජිව විද්‍යාත්මක සාධක ආඳා ගැනීම අතිශය සාවද්‍යය.

    අංක 1
    සයිමන් ලෙවි විසින් සමලිඉන්ගිකයන්ගේ මොළයෙහි වෙනස්කම් ඇති බව සොයා ගත නමුත් සමලිංගිකත්වය උපතෙන් ඇතිවේ යයි නොපවසුවේය. ඔහු පර්යේෂණයට යොදා ගත්තේ ඒඩ්ස් රෝගයෙන් මියගිය සමලින්ගික්යන්ය. ඒඩ්ස් රෝගය ස්නායු පද්ධතිය අඩපණ කරන බැවින් මොළයෙහි වෙනස්කම් සිදුවුණි. අනෙක් කාරණය නම මිනිස් ලිංගික ක්‍රියාකාරකම් නිසා මොළයෙහි පද්ධතිමය වෙනස් කම්ද ඇතිවේ.

    අංක 2
    සමලිංගික ජානයක් කිසිවෙක් සොයාගෙන නොමැත. සමලිංගික ජනයක් තිබුණි නම මිනිස් පරිනාමයත් සමග සමලිංගිකත්වය තුරන් වී යා යුතුය. මන්ද යත් සමලිංගික යුවලක් හට මානව වර්ගය ප්‍රජනය කල නොහැකි බැවිනි.

    අංක 3
    සමලිංගිකත්වය සෑම විටම ඇතිවන්නේ පාරිසරිකමය සාධක නිසාය. පියාට වඩා ප්‍රබල මවක් සිටීමත් කුඩා කලදී සිදුවූ ළමා අපයෝජනයන් ඒ සඳහා බලපායි.

    අංක 4
    බුදු දහම සමලින්ගිකත්වයට එරෙහි නොවන නමුදු අද සමාජයේ සමලිංගිකයන් විසින් සිදුකරන බොහෝ ක්‍රියා අනුමත නොකරයි.

    අංක 5
    සමලිංගිකයන් කාටවත් කරදරයක් නොකලද තමන්ටම නොදැනුවත්වම අවැඩක් සිදු කර ගනී. දුම් පානය, මත් ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසා ගැනීම, හා අනෙකුත් මානසික දුර්වලත සමලිංගිකයන අතර බහුල බව පිළිගත් බොහෝ පර්යේෂණ සනාත කරයි. නෙදර්ලන්තය වැනි සමනිගිකයන්ට නිදහස ලබා දී ඇති රටවලද තත්වය එසේමය.

    අංක 6
    සත්වයන්ගේ තීරණ ගැනීමේ හැකියාව ස්පර්ශය, ආග්‍රහණය, රසය
    මත තීරණය වේ. පිරිමි සත්වයෙක් ගැහැණු සත්වයෙක් හා සම්බන්ධ වූ විට ගැහැණි සත්වයගේ තරල වල සුවඳ ප්‍රිමි සත්වයාගේ අවයවයන්හි රැඳෙ. වෙනත් පිරිමි සත්වයෙක් ඉන් මුලාවට පත්වේ. සත්වයන් අතර cannibalism වැනි තත්වයන්ද දක්නට ලැබෙන නමුදු මිනිසුන් එසේ සිදු නොකරයි.

    අංක 6
    සමලිංගික ක්‍රියාකාරී සංවිධාන හා පුද්ගලයන් විසින් සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් හා සමලින්ගිකතාවය උපදේශන මගින් වෙනස් නොකළ හැකිය යන්න යන්න ප්‍රචාරය කිරීමෙන් සමලිංගිකත්වය ප්‍රචාරය වේ. තමන්ගේ ලිංගික හැඟීම් ගැන අපහසුතාවයට පත්වන පුගලයෙක් උපදේශනය තොර නොගනිමින් සමලිංගිකතාවය තොර ගැනීමට එමනිසා පෙලම්බවේ. සමලින්ගිකතාවය තොර ගත නොහැකි දෙයක් වුවද උපදේශනය පැතීමට හා සමලිංගික ක්‍රියා වලින් වැලැක්වී සිටීමට මිනිසාට අයිතියක් ඇත.

    ______________________________________________
    සසියලු සමලින්ගිකයෝ ළමා අපචාරනොකරයි. බොහෝ සමලින්ගිකයෝ ළමා අපචාර කල අවස්ථා ඇති වබ වාර්තා වේ. සෞක්‍ය අමාත්යංශය, ඒඩ්ස් අරමුදල හා සර්වෝදය යන ආයතනයන්හි අරමුණ වන්නේ ඒඩ්ස් වැලක් වීමට දායකත්වය සපයන්නේ ඒඩ්ස් හා සමලිංගිකත්වය අතර ඇති වක්‍රාකාර නමුත් ප්‍රබල සමන්බන්ධය ගැන මන අවබෝධයක් ඇති බැවිනි.

    http://quitbeinggay.blogspot.com/

    ReplyDelete
    Replies
    1. oya nam mokuthma danna paatak naha. samalingikathwaya parisara saadhaka walin witharai ethiwenne kiyala pattapal boru kiyanne ei? reference site karanna oya wage keppa ada baaddi.

      Delete
  18. Sorry that I am posting here in English, but I have some things to say regarding the long comment posted by "You can Quit being Gay" above this.

    1.
    The human brain is such a complex organ. Our knowledge of its structure and function. So I will not comment on that.

    2.
    There is no such thing as a diabetic gene or a hypertension(high blood pressure) gene, but these conditions are genetically pre determined. Therefore, the fact that a particular gene is not recognized for a condition does not mean that it is not genetically influenced. The current understanding is of a multigenetic, multifactorial origin for all these conditions.
    Furthermore, regarding what you say about those with conditions making them unable to reproduce will become extinct shows you don't have even the basic understanding of genetics or evolution. For example, Kartagener Syndrome (http://emedicine.medscape.com/article/299299-clinical), a genetically determined disease leads to male sterility. But you see enough and more people with this condition in the current society.

    3.
    Please cite an accepted research article from an accredited journal to support this "fact" as you say it. As far as I know, in medical science, there is no such thing as "always" as any natural system is highly variable.

    4.
    Buddhism does not disagree with heterosexuality but does not accept many things done by them also(rape, child abuse, prostitution etc) So tell me how this is different for homosexuals, as both groups perform many activities not accepted by religion?

    5.
    Again I ask you to cite a reputed reference for this. As far as I know, the psychological issues of homosexuals are caused either by society forcing them to conform into something that they are not, or by being rejected, outcasted and discriminated by their families, "friends" and society. So the psychological outcomes are not direct consequences of their sexuality, rather of the social response to them.

    6.
    Cannibalism is seen in humans
    http://en.wikipedia.org/wiki/Cannibalism
    This point is another of your blatant lies

    6 repeat.
    Some people need counselling regardless of their sexual orientation. If a person feels that he needs help, they should get it regardless of their sexual orientation. No one should stop them from getting it, and likewise, no one should force someone to get help that he/she does not need. It should be the individual's choice.
    Furthermore, it is ridiculous to say that someone can "promote" being gay. It will be the same as saying that a person with Down syndrome and societies made for their welfare will promote other people to get Down syndrome as well.

    Finally, all heterosexuals are not pedophiles. But there are many reports of heterosexuals who are pedophiles.
    And yes, finally I agree with you on one fact. AIDS and homosexuality is connected. But it is not the only way AIDS can spread.

    ReplyDelete
  19. to anonymous whose comment was deleted.. actually i'm working on many new posts.. just didnt have enough time these days.. new ones would come soon, please do bear with me.. thanks..

    ReplyDelete
  20. ඇත්තටම හොද පෝස්ට් එකක්,ප්‍රශ්නය පිලිඹදව හොද අද්යනයකින් පසුව කරන ලද සාර්තකලිපියක් කියලා මහිතනවා.
    සමල්ංගිකයන්ට දඩුවම් පනවන එක ගෑනනම් මත් විරුද්දයි,මොකද ඒ අයත් මිනිස්සු,අනිත් අය වගේම හෑගීම් දෑනීම් තියන අය,ඉතින් කාටවත් කරදරයක් නෑතුව ඒ අය ගන්න වින්දනය ගෑන අනික් අයට ඇති රුදාව් මොද්ද කියලා තමයි මටනම් ඇතිවෙන ප්‍රශ්නය...

    ReplyDelete
  21. A good article.
    Actually homosexuality is normal and it is determined at birth or in very early life.it is not a choice.
    In medicine or psychiatry it is not considered as a disease or abnormality anymore.Thatz the way they are.It is same as being left handed among many right handed people.

    http://www.youtube.com/watch?v=NarI0URhWg0

    ReplyDelete
  22. මේ ලිපියට මම විරුද්ධයි,කොන්ද පණ නැති පිරිමින් බිහි කිරීමට යුරෝපීයයන් තනන මේ වෑයම අපේ බහුශ්‍රැත උගත් අයියලාට පේන්නේ නෑ වගේ.මේක ලෙඩක්වත් කාගෙවත් ආසවක්වත් නෙමෙයි මේක අනිවාර්යෙන්ම පුරුද්දක්.මෙතන තියෙන එකම අවුල මේවායෙන් නොමග යන්නේ අපේම අනාගත පරපුර.

    අන්තිමට මට අහන්න තියෙන්නේ සුදදන්ගේ පස්සේ වැටිලා උන් ගේ හැම රෙද්දක්ම සෝදන ඔබතුමන්ලාටත් පිරිමි කසාදය අනිවාර්ය කලොත් ආසාවෙන් ජීවත් වෙනවා?ද??

    ගැහැනියකගේ උණුසුම පිරිමියෙකුගෙන් ගත හැකිනම් ඉබ්බාගෙන් පිහාටුද ගත හැක.විකෘති ලිංගික ආසාවන්ට උඩ ගෙඩි දෙන ඔබලාට අහිංසක තරුණ ජීවිත අනාගතයේ කරන ශාප එලෙසින්ම වැදියන්.හැකි තරම් හෙනද වැදියන්.

    ලොවට ජීවය දෙන්නේ හිරුගේ කිරණත් මවගේ කිරිත් නම් adopted ලමයින්ට පොවන්නේ අශ්ප කිරිද??මව් කිරි නොලද්දවුන් මවට ගරු කරනු දැක තිබේද??

    නවීන චින්තනය ලිංගික නිදහස වැනි ගොන්බූරු සංස්කෘතියක් ඇතිකරගෙන සිංහල කෙල්ලන් පිටරට බඩුකාරයන්ට දී කොල්ලන් සමග හනිමුන් යන්නට බලා සිටින ඔබ වැන්නවුන්ට මේ ජාතිය විනාස කිරීමේ කිරුළ ඉක්මනින්ම පැළදීමට හැකි වනු ඇත.

    මම දැක්කා උඩ එක P කොල්ලෙක් ලියලා තියෙනවා අක්කා සමලිංගික කියලා.අම්මලා පෝයට සිල්ගන්න බවකුත්.මෙය ගොතන කථාවක් විනා සත්‍යයක් විය නොහැ.ක

    මෙය මානසික ලෙඩක් විනා ජෛව සංසිද්ධියක්වත් ජාන හැඩගැසීමක් නොවේ.හැකිනම් මෙය පළ කරන්න සංවාදයට

    ReplyDelete
  23. තව දෙයක් මතක් වුණෘ වික්ටෝරියානු නීතිය එන්න කලින් කොලේක ලියලා නොබැන්දට කරකාර බදිනවා කියලා දෙයක් තිබුණා මේ මහත්තුරු අහලා නැතිව ඇති.අදාළ ගැහැණු ළමයා තම පැල්පතට කැන්දන් යද්දි කහ නූලක් කරේ බැදීම කරේ අනික් අය උස්සන් යයි කියලා වෙන්නැති.සිංහල පිරිමින්ටයි සිංහල කමටයි වින කටින මෙවන් ව්‍යාපාර වහා0ම නැවැත්විය යුතුයි.මෙවන් සමලිංගිකයන්ද මිනිසුන් නිසා මොවුන්ව මරාදමා මේ ප්‍රශ්නය විසදන්න බෑ.නමුත් මොවුන්ව පුනරුත්තාපනය කර මනස නිරවුල් කිරීම අත්‍යාවශ්‍යයි

    ReplyDelete
  24. සමනලයා.. ස්තුතියි ඔබේ "උගත්" කමෙන්ටුවට.. මේ ලිපිය ලිව්වෙ ඔහෙ වගේම මනසක් තියෙන පත්තර කන්තෝරුවක ඉන්න බූරුවෙක් කරපු හදියක් නිසා මළ පැනල.. සංස්කෘතිය හරි වෙන අහවල් බම්බුවක් හරි විනාශ කරන්ඩ නෙමෙයි.. ලංකාවෙ ජනගහනයෙන් 6%ක් නොසලකා හරින, ඔවුන් කාටවත් හානියක් නොකළත් ඔවුන් අපරාධකරුවන් ලෙස හංවඩු ගහන එක නම් සංස්කෘතියෙ හැටි, ඒක වඳ වෙලාම ගියාවෙ.. සමලිංගිකයන් ගැන තමුන්ගෙ පෞද්ගලික එදිරිවාදිකම් මිසක් නිරපේක්ෂ කරුණු මත පිහිටල කරපු ප්‍රකාශයක් නොවන නිසා සීරියස්ලි උත්තර දෙන්ඩ ඕනෙ නැති වෙයි මගෙ හිතේ.. සමලිංගිකත්වය තමුන්ට අසාමාන්‍ය දෙයක් වුණාට ඒක එහෙම නොවන අය සමාජෙ ඉන්නව කියන එක තේරුම් ගන්ඩ.. ඒ අය "අසාමාන්‍ය" වෙන්නෙ ඔහෙටයි ඔහෙගෙ ගෝත්‍රික සංස්කෘතික ඇබ්බැහිකම් වලටයි මිසක් මනෝවිද්‍යාත්මක සහ ශාරීරික කරුණු වලට සාපේක්ෂව නෙමෙයි.. "බටහිර" මනෝචිකිත්සාවට අනුව සමලිංගිකත්වය රෝගයක් නෙමෙයි.. ඔහෙගෙ ගෝත්‍රික ඉගැන්වීම් මොනව කිවුවත් ඒක වෙනස් වෙන්නෙ නෑ.. "බටහිර" නිසා මනෝචිකිත්සාව සහ මනෝචිකිත්සකයින්ගෙ මත පිළිගන්නෙ නැත්නම් ඔහෙට පිස්සු හැදුනොත් බෙහෙත් ගන්ඩ යන්ඩ එපා.. තොවිල් නටන්ඩ.. සුද්ද කියපු දේවල් දිහා අවධානෙ යොමු කරන්ඩ ඕනෙ සුද්දට බම්බුවෙ තියෙන ගැතිකමක් නිසා නෙමෙයි, ඒවයෙ යංකිසි ප්‍රයෝජනයක් තියෙන හින්ද.. ඒ හින්ද සමලිංගිකයින්ව "පුනරුත්ථාපනය" කරන්ඩ නම් කරන්ඩ වෙන්නෙ පන්සල්, පල්ලි, කෝවිල් වල තමයි (ඒවයෙ කෙරෙන පුනරුත්ථාපනේ ගැන අපි දන්නව, මොකද ඊට පස්සෙ මෝල් ගහල එන්නෙ අපේ යුනිට් වලට නිසා)..

    සමලිංගිකත්වය හෙළා දකින සංස්කෘතිය නිසා වෙලා තියෙන හානිය පේන්ඩ පොඩ්ඩක් ඇහැ ඇරල බලන්ඩ ඕනෙ.. එච්.අයි.වී මර්දනයට නිසි පියවර ගන්ඩ බැරි වීම එයින් එකක් විතරයි.. කොන්ඩම් සහ ජෙල් බෙදද්දි සංස්කෘතිය උඩ දදා කෑගහන උන්දැල ඒඩ්ස් හැදිල මැරෙන අයට වගකියනවද?

    සුද්දගෙ විවාහ ක්‍රමේමයි විවාහ ක්‍රමේ කියල මේකෙ කොහෙ හරි කියල තියෙනවද? කියල තියෙන්නෙ ඔය මලඉලවු වික්ටෝරියානු නීතිය එන්ඩ කලින් අඩුම ගානෙ සමලිංගිකයින්ට දඬුවම් කළේ නෑ කියල.. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙත් ඔය වික්ටෝරියන් බම්බුව එන්ඩ කලින් සමලිංගිකත්වය තිබුණෙ එච්චර රහසෙ නෙමෙයි.. ඒක තේරුම් ගන්ඩ ලෝකයෙ (සහ ලංකාවෙ ) ඉතිහාසෙ පොඩ්ඩක් බලන්ඩ ඕනෙ.. හරියටම ෂුවර් නැති නිසා නොකිවුව වුණාට නිකමට හිතල බලන්ඩ කාලිදාසගෙ මරණෙට කුමාරදාස රජ්ජුරුවො සුවිසයිඩ් කරගත්තෙ ඇයි කියල..

    ReplyDelete
    Replies
    1. සොයුර ඔබ මතය සමග සම්පුර්ණයෙන් එකඟ වෙමි

      Delete
  25. Men who have had sex with men have an HIV prevalence 60 times higher than the general population. - US Department of Health

    සමලින්ගිකයන්ගෙන් වැඩි වශයෙන් පැතිරෙන ඒඩ්ස් රෝගය මැඩලීම සඳහා ඩොලර් බිලියන ගණන් මුදල් වැයවේ. මිනිසුන් මියයයි. සමලිංගිකයන් අතර මත් කුඩු, alcohol භාවිතය වැඩි බව සනාත වෙලා තියෙනවා.

    බටහිර මනෝ විද්‍යාව සමලිංගිකත්වය අනුමත කලේ දේශපාලන සහ මානුෂිය හේතුන් මත මිසක් විද්‍යාත්මක කරුණු නිසා නෙවෙයි. සමලින්ගිකවය තමන්ටම වදයක් වූ පුද්ගලයින් ego-dystonic ගණයට අයත් වෙනවා. ඔවුන්ට මානසික උපදේශනය මගින් වෙනස් විය හැකියි. ලෝක සෞක්‍ය සංවිධානය එකට අනුබලය ලබා දීල තියෙනවා.

    ලංකාවේ ඒඩ්ස් රෝගය අනෙක් රටවලට වඩා අඩු සමලිංගිකත්වය ලංකාවේ සමාජ ධර්ම වලට පටහැනි නිසා.එනිසා කිසිම විටක සමලිංගිකත්වය යහපත් යයි පැවසිය යුතු නැහැ.

    ඔබේ අතිශෝක්තියෙන් ගොතන ලද අතාත්වික කතාන්දරය කතන්දරයක් පමණි.

    To Cham;

    You have made a series of comparisons to all the bad things homosexuals do with those that are of heterosexuals. I almost agree. Why do you have to be so slavish??. Just because heterosexuals do bad things should homosexuals follow it?? I dont care whether its heterosexual or homosexual, bad act is a bad act. Did I ever say that the heterosexual molests a child is better than a homosexual molesting a child. NO

    Again poor logic. Yes there are more heterosexuals who are also pedophiles. But before that compare the homo population with hetero population.

    ReplyDelete
  26. Disadvantages of Homosexuals (Statistics)

    The following statistics are depressing but might be useful in speaking and fighting for our acceptance, rights, and privileges

    SUICIDE & DEPRESSION

    Suicide is the leading cause of death among gay and lesbian youth. (1)

    Gay and lesbian youth are 2 to 6 times more likely to attempt suicide than heterosexual youth. (1)

    Over 30% of all reported teen suicides each year are committed by gay and lesbian youth. (1)

    REJECTION

    50% of all gay and lesbian youth report that their parents reject them due to their sexual orientation. (2)

    26% of gay and lesbian youth are forced to leave home because of conflicts over their sexual orientation. (1)

    In a study of 194 gay and lesbian youth, 25% were verbally abused by parents, and nearly 10% dealt with threatened or actual violence. (12)

    HOMELESSNESS

    Approximately 40% of homeless youth are identified as gay, lesbian or bisexual. (3)

    Service providers estimate that gay, lesbian and bisexual youth make up 20-40% of homeless youth in urban areas. (18)

    In a study of male teenagers self-described as gay or bisexual, 27% moved away from home because of conflict with family members over sexual orientation. Almost half had run away from home at least once. (2)

    SUBSTANCE ABUSE

    Gays and lesbians are at much higher risk than the heterosexual population for alcohol and drug abuse. (1)

    Approximately 30% of both the lesbian and gay male populations have problems with alcohol. (1)

    Substantially higher proportions of homosexual people use alcohol, marijuana or cocaine than is the case in the general population. (6)

    55% of gay men have had a substance abuse problem sometime in their life. (10)

    HIGH DROP OUT RATES

    Approximately 28% of gay and lesbian youth drop out of high school because of discomfort (due to verbal and physical abuse) in the school environment. (2)

    Gay and lesbian youth’s discomfort stems from fear of name calling and physical harm. (4)

    Gay and lesbian youth are at greater risk for school failure than heterosexual children. Academic failure, lack of student involvement and low commitment to school are profound for gay and lesbian youth because schools are neither safe, healthy nor productive places for them to learn. (1)

    VERBAL & PHYSICAL ASSAULTS

    Teenage students (gay AND straight) say the worst harassment in school is being called ‘gay’. (11)

    In a national survey, youth (gay AND straight) described being called “lesbian” or “gay” as the most deeply upsetting form of sexual harassment they experienced. (14)

    Gay students hear anti-gay slurs as often as 26 times each day; faculty intervention occurs in only about 3% of those cases. (9)

    In Seattle, 34% of students who described themselves as gay, lesbian or bisexual reported being the target of anti-gay harassment or violence at school or on the way to or from school, compared to 6% of heterosexual students. (16)

    Gay and lesbian youth live, work and attempt to learn in constant fear of physical harm at school. (4)

    27% of gay and lesbian youth have been physically hurt by another student. (12)

    In 53 schools in Washington State, 77 incidents of anti-gay harassment and violence have been reported in the past 3 years, with 34 of these incidents (44%) serious enough to warrant possible criminal allegations. (15)


    MORE: http://www.oogachaga.com/?q=node/116

    ReplyDelete
  27. Good article...

    First of all I should say that homosexuality is not a disease,disorder or and addiction.And upto now there is NO any safe way to CHANGE it scientifically.many individuals can talk on their own stuff.But wider scientific community does not agree on using them.So'u can guit gay' I seriously duobt you.If you have any valid reference can u share it.

    So it is not changable and prdominantly Biological in nature homosexuality is not a choice they made.So if there are any disadvandages to them as a society we should try to help them,without blaming or trying to harm them.

    Those lists and lists of facts shows us how much important it is to acctively address their issues....By addressing and helping them no one make anyone gay.As nobody can't make anyone gay because it is predominantly biological and determined very early stages of life just like being left or right handed...

    ReplyDelete
  28. හො හෝ තඹු...... කියෝපන් අංගුත්තර නිකායෙ මහා සාල සූත්‍ර දේශනාව........ ඒකෙ ඇති සමලින්ගිකත්වය පවක් කියලා.................... පව්කාරයා................

    ReplyDelete
  29. සෙක්යුලර් කාරයො හදන්නෙ අපේ සංස්කෘතිය විනාශ කරන්නය්........... සිංහලයගෙන් බෞද්ධ ධර්මය ඈත් කරන්නය්......... සිංහල බෞද්ධයිනි......... ‍රැවටෙන්න එපා මේ පව්කාරයන්ට..........

    ReplyDelete
  30. "මම කියන අහවල් එකට අනුව උඹට වරදක් පේන්නෙ නැති දේ පවක්.. ඒක නිසා උඹ පවුකාරයෙක්" මරු තර්කෙ වීරයාණෙනි

    "සෙකියුලර්කාරයා" සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් නැත.. ඔබේ තර්කය විකාරයි..

    ReplyDelete
  31. සොයුර , ළිං වලේ සිට උරුබුරලන ගොන් හැත්ත උදෙසා තේරුම් ගන්නවා නම් තේරුම් ගැනීමට ඉතාමත් වටිනා ලිපියක් ලියා ඇත. මා සමලිංගික නෙමෙයි. නමුත් ඔවුනටද අප සමාජයේ අන් සියලු දෙනාට මෙන්ම ආත්ම ගෞරවයෙන් යුතුව , ස්වාධීනව කිසිවෙකුගේ අවඥාවට භාජනය නොවී ජිවත් වීමට ඇති අයිතිය එක හෙලා පිලි ගනිමි.

    " අපේ සංස්කෘතිය විනාශ කරන්නය්........... සිංහලයගෙන් බෞද්ධ ධර්මය ඈත් කරන්නය්......... සිංහල බෞද්ධයිනි......... ‍රැවටෙන්න එපා මේ පව්කාරයන්ට.........."
    අනේ! මට රටෙත් නැති කුණුහරුප මතක් වෙනවා මේ ගොන් තප්පු ලෑම් ඇහිලා.

    මෙතෙන්ට ආවේ කස්ස ලාස්ට් රෝවේ මෝඩ නුගත් අමනයෙක් මේ සම්බන්ධයෙන් ලියපු ලිපියකට දාපු ලින්ක් එකක මාර්ගයෙන්.
    මෙය වටිනා ලිපියක් ඇත්ත වශයෙන්ම....

    ReplyDelete
  32. MY AGE IS 40 YEARS NOW.ACCORDING TO MY MEMORY I WAS BADLY TOUCHED AT LEAST IN 8 ISOLATED INCIDENTS BY AT LEAST 6 STUDENTS WHEN I WAS IN YEAR 10-11 IN 1990-91 AT ST.JOSEPHS COLLEGE. NOW STILL I AM TAKING PSYCHIATRIC MEDICATION FROM YEAR 1993. NOW,MOBOLE FIRM HEAD DILSHAN ALGAMA WAS ONE MOLESTOR AT SCHOOL WHO EVEN BADLY KICKED ME THEN. HE WAS EVEN A CHOIR BOY ONE TIME!

    ReplyDelete
  33. ALTHOUGH I WAS A HEALTHY TIMID BOY HE INSULTED ME BY CALLING ME"PONNAYA"AT SCHOOL.NEITHER OF STUDENTS TOOK MY CONSENT TO TOUCH MY PRIVATE PARTS. ARE BOY SCHOOLS MORE GAY THAN MIXED SCHOOLS? CAN ANY ONE CLARIFY? WHAT ABOUT ANANDA,NALANDA AND ROYAL COLLEGES??

    ReplyDelete
  34. What is this GEL. Is it preventing people from HIV?

    ReplyDelete