සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Monday, September 19, 2011

සාදරයෙන් පිළිගනිමු!!!

තාඹු වෙමි.. පෙර බ්ලොග් නොලීමි.. බැලු බැලූ අත බෝ දනා ලී හෙයින් මෙසේ ලියන්නෙමි..


ලියන්නට පෙර "අයිතිකම් අත්හරින ප්‍රකාශය" හෙවත් ඩිස්ක්ලේමරයක් දැමීමට සිතමි.. කරුණා කර ඒ කියවා සිටින්න..


පුද්ගල නිදහස, පොදු මනුෂ්‍යත්වය, සත්‍යය සහ විද්‍යාත්මක ආශ්චර්යය පිළිඹදව මිස සසිරිබර මෙසිරිලක පවතින දේශපාලන පක්ෂ වලින් කුමක් හෝ හොද/නරක යයි ලියන්නට අදහස් නොකරමි.. ත්‍රස්තවාදියෙකු සමග නිකමට කතා කර නැත.. ඩොලර් වලින් ගනුදෙනු කරමි.. එහෙත් අත ඇති මුදල් ඩොලර් ලෙස පිටරට යනවා මිසක මා වෙත තාම පිටරටින් ඩොලර් ලැබී නැත.. එන්ජීඕ කාරයෙක් සමග කතා කර ඇත්තෙමි.. ඔහුගේ පළමු ප්‍රතිචාරය වූයේ එන්ජීඕ කාරයෙකු ලෙස මාව හංවඩු ගැසීමයි.. ආගම සංස්කෘතිය විනාශ කර දැමිය යුතු වුවත් නොවුවත් එවැන්නකට මට තනිව හෝ සාමුහිකව ශක්තියක් නැත.. කළහැක්කේ අපගේ වත්තේ කළු පැහැති ගේට්ටුවෙන් ඒවා කාන්දු වී එන ප්‍රමාණය යාමනය කිරීම පමණි.. එක්සත් ජනපදයට කොන්දේසි සහිතව කඩේ යමි.. කඩේ යාමට හේතු සහ එම කොන්දේසි පැහැදිළිව අදාළ තන්හිදී දක්වන්නෙමි..


මෙසේ කිවුවේ මටම මා "සිරා කොල්ලෙක්" කියා ගැනීමට නොවේ.. උඩ කියූ කරුණු "සිරා"ත්වයෙන් තවත් ඈත්විය නොහැකි බව මම දනිමි.."සිරා" මෙන්ම "සිරා නැති" අදහස්ද පවතින්නේ කවුරුන් හෝ ඒවා ඉදිරිපත් කළොත්ය.. මෙය කිව්වේ මා ගැන පූර්ණව හෝ අර්ධව නොදන්නා අයට යම් අවබෝධයක් ලබා දීමට සහ කමෙන්ට් කරනවිට පුද්ගලික පට්ටන්දර අල්ලගෙන නෑමෙන් වළකින ලෙසට ඉගි කිරීමටත් ය..


"තාඹු මහලොකු ප්‍රජාතන්ත්‍රවාදිය, ඒත් ඌ කමෙන්ට් ඩිලීට් කරනවා" කියන කුහක කුණු කතාව අහන්නට නොකමැත්තෙමි.. එයට හේතු පසුව පෝස්ටයක දක්වන්නෙමි.. මා ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවේ.. ව්‍යවස්ථාපිත ජනරජවාදියෙක්මි.. ප්‍රකාශනයේ සහ සිතීමේ නිදහස ගරු කරමි.. එහෙත් මගේ ගෙදර ඇවිත් බිත්තියේ මා ගැන කුණුහරප ලිවීම "ප්‍රකාශනයේ නිදහස" නොවේ.. බිත්තියක කුණුහරුප ලියන්නටම ඕනෙ නම් තමුන් ගෙයක් හදා බිත්තියේ සුදු තීන්ත ගා ලියන්නට පටන් ගන්න.. එහි මා ගැන කුණුහරුප ලිවුවත් අහිතක් නැත..

4 comments:

  1. ෂහ්..මට මේ බ්ලොග් එක මිස් වෙලා තිබිල තියෙන්නෙ මෙච්චර කල්.

    දිගටම ලියන්න.

    සුභ පැතුම්.

    ReplyDelete
  2. චාන්ස් එකක් ලැබුණ ගමන් අග ඉඳන් මුලටම කියවගෙන ආවා... :)

    ReplyDelete
  3. අයියේ මේ ඔයා කුණුහරුපයි හොඳහරුපයි වෙන් කරගන්නා සූස්තරය කියන්න පුළුවන්ද? නොදන්න කමටයි ඇහුවේ.

    ReplyDelete
  4. "ජාත්‍යන්තර තාඹු ප්‍රමිතිය" නංගි..

    ReplyDelete