tag:blogger.com,1999:blog-2619814996188294468.post253190158968638808..comments2021-03-04T17:50:52.316+05:30Comments on Voice of Thambu: අයි.ඩී.. මෙහාටත් එයිද? ආවොත් මොකෑ කොරන්නෙ?bkthambugalahttp://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2619814996188294468.post-84206503977072557052013-02-20T10:59:08.273+05:302013-02-20T10:59:08.273+05:30මම ඔබේ අදහස් වලට එකඟ නොවුනත් ඔබේ ඉදිරිපත්වීම නිර්භ...මම ඔබේ අදහස් වලට එකඟ නොවුනත් ඔබේ ඉදිරිපත්වීම නිර්භීතභාවය හා තර්කානුකූල බව අගය කරමි.ඔබ වැනි වටිනා මිනිසුන් මේ ලෝකයට අත්‍යවශ්‍යයි.බ්ලොග් අවකාශයේ නිදහස් අදහස් වලට ඉඩ ඇත.එය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල මෙන් මාෆියාවක් නැත.ඔබේ මතය ඉදිරිපත්කිරීමට වෙනුවෙන් ඔබට ඇති අයිතිය මුලු සමාජය විසින්ම රැකදිය යුත්තකි

මේ රටේ එක්තරා පිරිසකට මිස කතා කිරීමේ නිදහසක් නැත.ඔබේ පමනක් නොවේ අපේ අදහස් වත් ප්‍රකාශ කරගන්නට මෙය හැර ක්‍රමයක් නැත

ඔබට ජයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-66711419989619100212011-12-19T12:57:07.377+05:302011-12-19T12:57:07.377+05:30Thambu, ඔබ වැනි වටිනා මිනිසුන් මේ ලෝකයට අත්‍යවශ්‍ය...Thambu, ඔබ වැනි වටිනා මිනිසුන් මේ ලෝකයට අත්‍යවශ්‍යයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-22908402059222854972011-12-03T14:05:21.880+05:302011-12-03T14:05:21.880+05:30@dawkinssdodo said...
"කෙන් මිලර්, සුප...@dawkinssdodo said...

"කෙන් මිලර්, සුපිරි නිර්මාපකයා සහ ඩෝවර් පාසැල"

"සුපිරි නි ර් මා පකයා" කියන වචනෙම තියෙනවා කවුද ඩයල් එක හැදින්විය හැකි තවත් නමක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-64781454972704762512011-11-21T02:03:43.602+05:302011-11-21T02:03:43.602+05:30ගොඩක් ස්තුතියි සුකුමාල්.. යෝජනා, චෝදනා, අදහස්, ගැට...ගොඩක් ස්තුතියි සුකුමාල්.. යෝජනා, චෝදනා, අදහස්, ගැටළු ඕනෙ දෙයක් සතුටින් බාර ගනිමි..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-57119485035007046552011-11-20T23:07:48.184+05:302011-11-20T23:07:48.184+05:30ඔන්න අද කියෙව්වේ මහත්තයා...හොඳ කතාව...යම් මට්ටමක ද...ඔන්න අද කියෙව්වේ මහත්තයා...හොඳ කතාව...යම් මට්ටමක දැනුමක් තිබ්බත් සම්පූර්ණ කියෙව්වේ අද....සුකුමාල් හරිස්චන්ද්‍ර...noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-24057394277384602782011-11-18T06:04:41.783+05:302011-11-18T06:04:41.783+05:30thanks Malan.. got the msg..thanks Malan.. got the msg..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-91460822019918591312011-11-17T14:39:22.582+05:302011-11-17T14:39:22.582+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-44838622515233972142011-11-12T01:10:41.547+05:302011-11-12T01:10:41.547+05:30ස්තුතියි.. මේ සටහනට පාදක වෙච්චි ප්‍රධාන සෝස් (ටොමා...ස්තුතියි.. මේ සටහනට පාදක වෙච්චි ප්‍රධාන සෝස් (ටොමාටෝ ) කිහිපයක් තියෙනව.. (ෆෝර්මල් ලින්ක්ස් ඕනෙ නෑනෙ?).. එකක් තමයි ඩෝකින්ස් උන්නැහෙගෙ "බ්ලයින්ඩ් වොච්මේකර්" පොත.. ඊට අමතරව ඇමෙරිකාවෙ "ජාතික විද්‍යාව ඉගැන්වීමේ කේන්ද්‍රය" කියන එකේ දීපු ලෙක්චර්ස්.. විශේෂෙන්ම ඉයුජීනී ස්කොට් අම්මන්ඩිගෙ ලෙක්චර්ස් ටික.. යූටියුබ් එකේ ඔය ලට්ට ලොට්ට ඔක්කොම තියෙනව මගෙ හිතේ.. ඊට අමතරව අයි.ඩී ගැන කෙනත් මිලර්ගෙ විග්රහයන් මිලර් උන්නැහෙගෙ "ෆයින්ඩින් ඩාවින්'ස් ගොඩ්" පොතේ (ඒ පොත ගැන වෙනම ලියන්නම්), සහ උන්නැහේ අයි.ඩී ගැන දීපු ලෙක්චර්ස් ඇසුරෙන්.. ඩෝවර් නඩු තීන්දුවෙ සංස්ෂිප්තය අන්තර්ජංජාලෙ මදි නොකියන්ඩ තියෙනවා.. ඩෝවර් ට්‍රයල් වල විකි පිටුව උනත් හොඳටම විස්තර තියෙන එකක්.. පොත් හැටියට ගත්තොත් නම් මම කියෝන අටමගල් ඔක්කොම මගෙ ගූගල් ප්‍රොෆයිලේ "ෆේවරිට් බුක්ස්" කියල දාන්ඩ අදහස් කරන් ඉන්නවා..

මේ තියෙන්නෙ "ජාතික විද්‍යාව ඉගැන්වීමෙ කේන්දරේ" යූටියුබ් චැනල් එක http://www.youtube.com/user/NatCen4ScienceEd

මේ තියෙන්නෙ මිලර් උන්නැහෙ අයි.ඩී ගැන දීපු ලෙක්චර් එක http://www.youtube.com/watch?v=JVRsWAjvQSg (ඕක තමා හැම තැනම පොර කිය කිය ඇවිදින්නෙ )..

තව ඉතිං මේ උන්දලෙගෙ ෆේක්බුක් පේජ් එහෙම ගමකට තියෙනව.. සර්ච් පාරක් දීල බලන්ඩකො..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-43746204011278731672011-11-11T04:22:09.477+05:302011-11-11T04:22:09.477+05:30හොදි ඕන්නෑ... :)
ෆර්දර් රිෆරන්ස් වලට තෝරාගත් ලින...හොදි ඕන්නෑ... :)

ෆර්දර් රිෆරන්ස් වලට තෝරාගත් ලින්ක් ටිකක් එහෙමත් යටින් එල්ලුවානම් වටිනවා... ගූගල් කරන්න කම්මැලිකමට අහනවා නෙවෙයි, වඩා දන්න කෙනෙක්ගෙන් ෆිල්ටර් වෙලා එද්දි හොඳ නිසයි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-74702824662270745672011-11-10T22:59:29.647+05:302011-11-10T22:59:29.647+05:30මේ අර උඩ හිටපු ඇනෝම වෙන්ඩ ඇති කියල හිතනවා.. කලිනුත...මේ අර උඩ හිටපු ඇනෝම වෙන්ඩ ඇති කියල හිතනවා.. කලිනුත් කිව්ව වගේ මම නෙලන්නෙ මොකක් හරි මගුලක් පැහැදිළි කරන්ඩ විතරයි.. හුදෙක් නෙලීමේ අරමුණින් නෙලන්නෙ නෑ.. නෙලන එක පැහැදිළි කිරීමෙම කොටහක් හැටියට මිසක්.. අරත් බුදු දහම හරි "බුද්ධාගමම" හරි ගත්තත් ඒබ්‍රහමික ආගම් වල තියෙන සීන් නෑනෙ.. වෙනස් විදිහක සීන් ගොඩක් තියෙනව, තාම හරියට ආවෙ නෑ ඒ ට්‍රැක් එකට.. නලින් ද සිල්වගේ අයියගෙ පුතාල කෙසේ වෙතත් නලින් ද සිල්වගේම පුතාලත් උන්නහැහෙට නැතිකොට ඔයා කියපු එක කම්ප්ලිමෙන්ට් එකක් කියල සලකන්ඩ අමාරුයි..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-68071713325670975862011-11-10T22:45:06.672+05:302011-11-10T22:45:06.672+05:30නෑ උඹ කිසිම ආගමකට ගැහුවා නැතා අපට ප්‍රශ්නයක් නැහැ....නෑ උඹ කිසිම ආගමකට ගැහුවා නැතා අපට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ මේකයි බුදු දහම පැත්තකින් තියල උඹ අනිත් ආගම් වලට නෙලනවා. මට උඹේ ලිපි කියවනකොට හිතෙන්නෙම උඹ නලින්ද සිල්වාගේ අයියගේ පුතෙක් කියල. :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-80240803715649898302011-11-10T17:20:19.173+05:302011-11-10T17:20:19.173+05:30ඇනෝ.. බුද්ධාගමේ හරි වෙන ආගමක හරි තර්ක බිඳහෙළන එක ම...ඇනෝ.. බුද්ධාගමේ හරි වෙන ආගමක හරි තර්ක බිඳහෙළන එක මගෙ අරමුණ නෙමෙයි.. සමාජයෙ තියෙන විවිධ විශ්වාසයන්, ඒවායෙ සමාජමය බලපෑම් නිසා ඇතිවෙච්චි විශේෂ සිදුවීම් ගැන සිංහල විතරක් කියවනව කියල හිතෙන පාඨකයින්ට විස්තර කරල දීල ඒ ගැන මම ඉන්න තැනත් පැහැදිළි කරන එකයි ඔය කරල තියෙන්නෙ.. මම මොකක් හරි "ආගමකට ඇට්ටි හැලෙන්ඩ ගහයි" කියල බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඔබව ඩිස්-ඇපොයින්ට් කරන්ඩ වෙනව.. "බුද්ධාගම" ගැන විතරක් නම් කමෙන්ට් කරන එකක් නැති වෙයි.. නමුත් "බුද්ධාගම" යනුවෙන් හැඳින්වෙන කිසියම් ප්රපංචයක් හින්ද සමාජ බලපෑමක් වෙන තැන් වලට නම් "ඇට්ටි හැලෙන්ඩ හම්බ වෙයි" පෙළක් විඩේටbkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-43893989138870775672011-11-10T15:35:23.918+05:302011-11-10T15:35:23.918+05:30ko ban umba deviyan mul karagatta aagamika theory ...ko ban umba deviyan mul karagatta aagamika theory walata atti halenna dunnata buddhagame kisima tharkayak bindala nahane... hooooooo..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-45203958626354089592011-11-09T01:04:21.727+05:302011-11-09T01:04:21.727+05:30සුජීව.. ඔබ ඉතාම වටිනා අදහස් කිහිපයක් මතු කළා.. බීහ...සුජීව.. ඔබ ඉතාම වටිනා අදහස් කිහිපයක් මතු කළා.. බීහිගෙ තාප ගතික පැහැදිළි කිරීම නම් මට සම්පුර්ණයෙන් මිස් උණා.. ඒක විතරක්ම නෙමෙයි නේද, තව ගොඩක් ඒව මිස් වෙලා තියෙනව හරියට බැලුවොත් නම්.. අර අපිව හැදිල තියෙන්නෙ අහඹු සිදුවීම් සමූහයක ප්‍රතිඵලයක් හින්ද ඒ ඔක්කොගේම එකට සම්භාවිතාව ගණන් කරල ඒක ට්‍රිලියන ගානකින් එකයි කියල ඒ හින්ද පරිණාමය වුණා වෙන්ඩ බෑ කිව්වෙ බීහි නෙමෙයි නේද? ඩෙම්බ්ස්කි මට මතක හැටියට.. දාදු කැටේ පනස් පාරක් උඩ දාල ආපස්සට බලන එක විද්‍යාත්මක නෑ කියල එහෙම ඒවට උත්තර හම්බුනේ නැත්තෙ නෑනෙ.. සම්භාවිතාව හින්ද උනාට මොකද වඩා හොඳ තත්වෙකට ආවහම සම්භාවිතාව ලොක් වෙන හැටි එහෙම ඩෝකින්ස් උන්නැහේ "බ්ලයින්ඩ් වොච්මේකර්" එකේ අර සේප්පුව කඩන්ඩ ගොහිං ලස්සනට පෙන්නනවනෙ.. ඕව පුළුවන් උණොත් ආයෙ විස්තරාත්මකව ලියන්ඩ ට්‍රයි එකක් දෙන්නම්.. පරිණාමය වෙන යන්ත්‍රණය ගැන නම් ගැටළු නැති පුතයෙක් ඉන්ඩ විදිහක් නෑ මගෙ හිතේ.. ඒත් එකම දේ ඔයා කිව්ව වගේම පරිණාමය වෙච්චි බව බුදු ෂුවර්.. ඩෝකින්ස්ගෙ ජාන තියරියයි මීම තියරියයි ගැන නම් ඉස්සරහට ලියන්ඩ බලාපොරොත්තු වෙනව ලොවෙත්.. ඩෝකින්ස්ගෙ සෙල්ෆිෂ් ජීන් නම් ලොවෙත් නෑ.. ක්ලාක් උන්නැහෙගෙ විද්‍යා ප්‍රබන්ධ පරාදයි මගෙ හිතේ.. ජාන සහ මීම තියරිත් අපි මීම හැටියට ගත්තොත් ෆට්ට සයිකොලොජිකල් ඇපීල් එකක් තියෙනව මගෙ හිතේ.. හරි හරි, ඕව ගැන ඊළඟ පාර ලියන්නම්කො තේරෙනෙ කඩ්ඩෙන්.. අර "නොදන්නා දේ දෙවියන්" කියන කතන්දරේ නම් සහතික ඇත්හ්ට.. මෙහෙ තියෙන්නෙ "නොදන්නා දේ පෙර භවයේ අකුසල්", "නොදන්නා දේ ඇස්වහ / දේවතා එළි" ආදී වශයෙන්.. රිච්මන්ඩ් විද්‍යාලෙ ලිපියට ලිංක් එක දුන්නට නම් ගොඩක් ස්තුතියි.. (මේ පෙරදිග සංවාදයක්. ලිංක් එක.).. අනික් පාඨකයනුත් ඒ ලින්ක් එක ෆලෝ කරල වෙලාව තියෙන විදිහට ඒ (ගොං ) ලිපිය සහ සුජීව, රිටිගල ඇතුළු තවත් අය ඒක ලියපු මිනිහටයි කියවන අයටයි ප්‍රඥාවබෝධය දෙන්ඩ අප්රතිහතව දීපු ගේම බලල අගය කරයි කියල මම විශ්වාස කරනව..

ඩෝකින්ස් ඩෝඩෝ.. ඔබේ බ්ලොග් එක කිහිප විටක්ම කියෙව්වා.. ඇත්තටම මේව ගැන ලියන්ඩ උනන්දු වෙන්ඩ එක හේතුවක් තමයි ඔබතුමාගෙ බ්ලොග් එක.. රිචර්ඩ් ඩෝකින්ස්ගෙ නම තියෙන ලංකාවෙ සිංහල බ්ලොග් එකක් තියෙනව කියල දැක්කහම නම් ඇති වුණේ ලොකු සතුටක්.. පොඩි ටැගලුවකට තියෙන්නෙ මාත් ඊළඟට ලියන්ඩ ඉන්නෙ කෙනත් මිලර් ගැනයි, ඩෝකින්ස් උන්නැහෙගෙ ජාන / මීම තියරි ගැනයි වීම තමයි.. ඩෝවර් ට්‍රයල් ගැන නම් ආයෙ ඒතරම් ලියවෙන එකක් නැති වෙයි.. ඒත් මිලර්ගෙ "ෆයින්ඩින්ග් ඩාර්වින්'ස් ගොඩ්" කියන පොතේ තියෙන වැදගත් වගේම ආන්දෝලනාත්මක කරුණු ගැන පොඩ්ඩක් ලියන්ඩ ට්‍රයි එකක් දෙනව.. ඩෝකින්ස් කියන්නෙ නම් බුවෙක්.. ආයි ඒකෙ දෙකක් නෑ.. ෆ්‍රෑන්ක්ලි කියනව නම් මම කියෝපු සිරාම පොත තමයි "සෙල්ෆිෂ් ජීන්".. ඔබ වගේ මේ විෂයය ගැනම විශේෂිත වූ කෙනෙක් මෙසේ කමෙන්ට් කිරීම ලොකු දෙයක්.. දැනුත්, ඉස්සරහටත් කාරණාත්මක වැරැද්දක් තිබ්බොත් පෙන්නල දෙන්ඩ.. නැවතත් ස්තුතියි..

(ප්‍රශ්නයක් අහන්ඩ අවසර දෙනවාද? ලෝක මට්ටමේ ඒතීස්ට් ගෲප් දෙකක ඇහුවට සුද්දොන්ට තේරුණා මදි වගේ සීන් එක.. මිලර් උන්නැහෙ ඩාර්වින්වාදයයි දෙවියන්වහන්සෙයි එකතු කරං මුක්කු ගහන්ඩ යන එක ගැන ෆ්‍රෑන්ක්ලි හිතෙන්නෙ මොනවද?)

මුචලින්ද, සුධීර, හෙයාර් සහ ඇනෝ.. ස්තුතියි කමෙන්ට් වලට.. කලින් කිව්ව වගේ ඩෝකින්ස්ගෙ ජාන සහ මීම තියරි, මිලර්ගෙ මුක්කුව ගැන එහෙම ලියන්ඩ බලාපොරොත්තු වෙනව.. ස්තුතියි..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-29882999139536289582011-11-09T00:35:33.855+05:302011-11-09T00:35:33.855+05:30ස්තුතියි කමෙන්ට් කරපු හැම දෙනාටම..
දමිත්ගෙ අදහස ග...ස්තුතියි කමෙන්ට් කරපු හැම දෙනාටම..

දමිත්ගෙ අදහස ගැන මට හිතෙන්නෙ මෙහෙමයි.. බටහිර පෙරදිග කතන්දරෙන් කම්ප්ලිකේට් වෙච්චි එක අහක් කරල (ප්‍රායෝගික භාවිතාවෙදි එහෙම අහක් කරන්ඩ හේතු තියෙනව ), ඕනෙම සමාජෙක දැනුම් පද්ධති වල ව්‍යාප්තිය ගත්තොත් අපිට මූලිකව එන්ඩ පුළුවන් නිගමනයක් තියෙනව නේද? සමාජෙක තියෙන (ඉන්හෙරන්ට් හරි ඉම්පෝර්ටඩ් හරි බාගෙට ඉම්පෝර්ටඩ් හරි කියන එක අදාල නෑ) දැනුම් පද්ධති මූලික ආකාර දෙකක් තියෙනව නේද? එකක් සාක්ෂි, තර්කය සහ අනුභූතිය මත පදනම් වෙච්චි දැනුම්.. අනික අනික විශ්වාස, ඇදහිලි, පාරම්පරික ඉගැන්වීම් මත පදනම් වෙච්චි දැනුම්.. (මේ දෙක ඕවර්ලැප් වෙන බව ඇත්ත.. ඒත් ප්‍රායෝගික භාවිතාවෙදි ඒක එතරම් සැලකිය යුතුයි කියල මට හිතෙන්නෙ නෑ).. සමාජයීයව බලද්දි ඔයෙ දෙයාකාර දැනුම් අතර තියෙන ගැටුම බටහිර, පෙරදිග කියල ලොකුවට වෙනස් වෙන්නෙ නෑ නේද? බටහිරදි ජීවී සම්භවය පිළිබඳ විද්‍යාත්මක ඉගැන්වීම සහ ආගමික ඉගැන්වීම අතර ගැටීම ගමුකො.. ලංකාව වාගෙ පෙරදිග සමාජෙක ආගමික මතිමතාන්තර අරිට වඩා ගොඩක් වෙනස් බව ඇත්ත උණත්, කලින් කියපු ගැටීම වගේ එකක් මෙහෙ ඇති වුණොත් සමාජයීයව ඒක අර බටහිර වෙච්චි දෙයින් ලොකුවට වෙනස් වෙන්නෙ නෑ නේද? අග්ගඤ්ඤවාදය කියල එකක් දැනට නැතත් (තිබ්බත් විද්යාත්මකයි කියාගෙන ඉස්කෝල වලට හොම්බ දාන්ඩ ට්‍රයි කොරන්නෙ නෑනෙ ), එහෙම එකක් ඇති වුණොත්, "විද්‍යා අධ්‍යාපනේට වෙන බලපෑම අතින්" ඒක අයි.ඩී වලින් ලොකුවට වෙනස් වෙන එකක් නෑ නේද? (වෙනස් වෙයි කරුණු කාරණා අතින්.. නිදසුනක් ලෙස ලෝකෙ අවුරුදු 4500000000ට අඩු බව නෙවි, වැඩි බව කියන්ඩ උත්සහ කරයි.. මිනිස් වර්ගයා අවුරුදු ලක්ෂ ගාණක් නෙවි, කෝටි ගාණක් වයසයි කියන්ඩ ට්‍රයි කරයි "කල්ප" කියන එක පැහැදිළි කරගන්ඩ ඕනොවට..) ඒත් සමාජයීය බලපෑම බොහෝ විට එක විදිහෙ වෙයි කියල මට හිතෙන්නෙ.. ඒ නිසා බටහිරදි විද්‍යාවට අයි.ඩී වලින් ආපු අභියෝගය සහ ඒකට මුහුණදුන් හැටි අපි දැනගෙන ඉන්න එක වැදගත් කියල මට හිතෙනව..

ඔය එක්කම ඉසුරුගෙ ප්‍රශ්නෙට පුළුවන් විදිහට උත්තරයක් දෙන්ඩ බලන්නම්කො.. මෙහෙමයි ඉසුරු.. ඇත්තටම මම අර කලින් කියපු "සාක්ෂි මත පදනම්" සහ "විශ්වාසය මත පදනම්" දැනුම කියන දෙකට ඕක දාන්ඩ වෙනව.. විද්‍යාව කියන්නෙ සාක්ෂි මත පදනම් දැනුමක්.. විශ්වාස මත පදනම් දැනුමක් ඇත්ත වුණත් නැතත් විද්‍යාව තුළ ඒකට ඉඩක් නැහැ මූලික වශයෙන්ම.. ඒක නිසාම තමයි අයි.ඩී ගෙනාපු කට්ටියට ඒක විද්යාත්මකයි කියල පෙන්නන්ඩ උත්සහ කරන්ඩ සිද්ධ වුණේ.. ඒත් ඔවුන්ගේ කරුණු දැක්වීම් සාක්ෂි මත පදනම් නොවීම (සහ සාක්ෂි සමග පරස්පර වීම ), නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම ආදී හේතු නිසා විද්‍යාත්මක ආකෘතියක් බව පිළිගන්ඩ බැරි තත්වෙක තමයි තියෙන්නෙ.. (සුජීව නලින්ගෙ ආසනික් පරීක්ෂණ ගැන කියල තිබ්බෙත් ඒකමයි ).. ඉතින් ආකෘතිය විද්‍යාත්මක නැත්නම්, විශ්වාසයන් මත පදනම් එකක් නම්, ඒක විද්‍යා විෂයයට උගන්නන එකේ ගැටළුවක් තියෙනව නේද? එකිනෙකට පරස්පර "විද්‍යාත්මක" අදහස් යම් දෙයක් ගැන තියෙන්ඩ පුළුවන්.. එහෙම උණොත් ඒ දෙකම සමත්වයෙන් සලකල, එක එකක් සඳහා සහ විරුද්ධව තියෙන කරුණු දක්වමින් උගන්නන එක තමයි හරි විදිහ.. ඒත් අයි.ඩී විද්‍යාත්මක නැති නම්, ආගමික සංකල්පයක් නම්, එහෙම කරන්ඩ බෑ නේද? මොකද එතැන ඇති මත ගැටුම විද්‍යාත්මක එකක් නෙවි.. විද්‍යාව සහ ආගම අතර එකක්.. (මෙතන මම කතා කරේ අයි.ඩී හරි වෙනත් අදහසක් හරි "ආගමික අදහසක්" ලෙස උගන්නන එක ගැන නෙමෙයි.. ඒක ගැන මට වෙනම විග්‍රහයක් තියෙනව.. ඒත් මූලික ගැටළුව විද්‍යාව කියල විද්‍යාව නොවන දෙයක් ඉගැන්වීමයි.. අරක දර්ශනය හෝ වෙනත් විෂයයකට විවෘත මනසකින් යුතුව උගන්නනල ඒ ගැන කල්පනා කරන්ඩ සලස්වන එක ගැන මගෙ විරුද්ධත්වයක් නෑ..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-69910660265110815952011-11-08T23:30:03.483+05:302011-11-08T23:30:03.483+05:30නියමයි ඩෝ නියමයි!නියමයි ඩෝ නියමයි!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-35219774871026236822011-11-08T23:28:59.249+05:302011-11-08T23:28:59.249+05:30එල ලිපිය
ඒත් මට මෙහෙම අදහසකුත් පහල වෙනවා.. මොකෝ වෙ...එල ලිපිය
ඒත් මට මෙහෙම අදහසකුත් පහල වෙනවා.. මොකෝ වෙන්නේ ඔය දෙකම උගන්නල තමුන්ට කැමැති එක තමුන්ගේ නැන පමණින් තේරුම් ගන්න කියල කිවුව නම් මොකද ඇත්තක් හරි බොරුවක් හරි ඕක හංගගෙන හිටියම තමා කුතුහලේඉසුරු සේනාරත්නhttps://www.blogger.com/profile/01364510447290768137noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-44705547527173785772011-11-08T19:21:09.369+05:302011-11-08T19:21:09.369+05:30නියමය තාඹු!
ලිවිල්ල ගැන හැමදාම කියන්න ඕන නැතත් අන...නියමය තාඹු!

ලිවිල්ල ගැන හැමදාම කියන්න ඕන නැතත් අන්තර්ගතේ උපරිමයටම දැණෙන්නෙ ලියන ඉට්ටයිල් එක නිසා... සාමාන්‍යයෙන් මිනිස්සු ඉගෙනගත්තුව මත හිතනව මිසක් එක විනාඩියක් තමන්ට ඇත්තට දැණෙන දේ ඔස්සෙ හිතන්නෙ නැති නිසා තමන්ට කොයි තරම් ඇත්ත වුණත් යමක් නොපිලිගෙන අර ඉගෙනගත්තු බයිල වලින් ඒව තේරුම්ගන්න යනව. අපි හැමෝටම යන්තමින් හරි තියෙන එකක්නෙ ඒක. ඒව කැඩිල බිඳිල යනව මේ වගේ සටහන් වලින්... සුජීවගෙ එකතුකිරීමත් එහෙමයි...

තව ලියන්න තියෙනවයි කියල කලින් කියපුවත් හෙමින් දාමු!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-90862459122985153382011-11-08T17:17:29.398+05:302011-11-08T17:17:29.398+05:30මීම ගැනත් ලිව්වා කාලෙකට ඉස්සර.
"ගෝඩ් මීමය හ...මීම ගැනත් ලිව්වා කාලෙකට ඉස්සර.

"ගෝඩ් මීමය හෙවත් දෙවියන් වහන්සේ \ අල්ලාහ් විස්තර කිරීම"

මේවා නැවත නැවත මතු කරන එක හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-12296403371369338652011-11-08T17:13:15.655+05:302011-11-08T17:13:15.655+05:30බොහොම ස්තුතියි මේ ගැන ලීවාට.
ඩෝඩෝ ත් කාලයකට කලින්...බොහොම ස්තුතියි මේ ගැන ලීවාට.

ඩෝඩෝ ත් කාලයකට කලින් ලිව්වා මේ ගැන.

"කෙන් මිලර්, සුපිරි නිර්මාපකයා සහ ඩෝවර් පාසැල"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-6272479241433390682011-11-08T16:23:01.326+05:302011-11-08T16:23:01.326+05:30මරු තාඹුවාමරු තාඹුවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-3421460603880951902011-11-08T15:24:06.023+05:302011-11-08T15:24:06.023+05:30තවමත් විද්‍යාව තුල දෙවියන් හොල්මන් කරන හැටි
ඔකේ ක...තවමත් විද්‍යාව තුල දෙවියන් හොල්මන් කරන හැටි

ඔකේ කොමෙන්ට් අතරේ අපි පන කඩා ගෙන කියද්දීත් බලන්න සමහරු "නොදන්නා දෙය" = "දෙවියන්" කියා හිතා gaන්න දඟලන තරමක්.

මෙන්න උපුටා ගත් කොටසක්.

This creative process of emergence, Kauffman contends, “is so stunning, so overwhelming, so worthy of awe, gratitude and respect, that it is God enough for many of us. God, a fully natural God, is the very creativity in the universe.”

මේ පෙරදිග සංවාදයක්.

බලන්න මේ අය පාසල් බ්ලොග් පිටුවකම මේ වගේ බයිලා ලියන හැටි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-18163610292812084132011-11-08T14:53:35.076+05:302011-11-08T14:53:35.076+05:30තාඹු ගේ සරල සුගම බස් වහරින් මේ දේවල් ගැන ලියන එක බ...තාඹු ගේ සරල සුගම බස් වහරින් මේ දේවල් ගැන ලියන එක බොහොම අගෙයි. මට නම් බැරි වැඩෙත් ඕක තමා.

මිස් වුන දෙයක් තමා, බීහි කාරයා කිව්වනේ තාප ගති විද්‍යාවේ නියම අනුව සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය ඉබේ හැදෙන්නේ නැහැ කියලා. ජීවින් බොහොම සංකීර්ණ උනාට ඇතුලේ තියෙන්නේ බොහොම සරල දේවල්.

මෙතැනදී ඔහු බොහෝ දුරට හිතාමතාම මග හරිනවා ඉමර්ජන්ස් [ඉස්මතුවීම කියමුද?] කියන සංකල්පය. ඉමර්ජන්ස් කියන්නේ සරල දේවල් සමුහයකින් ඉබේ ම සංකීර්ණ ක්‍රියාවලියක් ඇති වෙන හැටි. විශාල කුරුළු රංචුවක් ගත්තොත් එහෙම නැතිනම් මාළු රංචුවක්, ඔවුන් ගේ සංචරනයේදී ඇතිවෙන පැටර්න්ස් උන් හිතලා හදා ගන්න ඒවා නොවේ. එක කුරුල්ලෙකුගේ ඉඳං අනික් එකා කරන්නේ නියමිත දුරකින් හා දිශාවකින් ඉන්න එක විතරයි. කවුරුත් මේක ප්ලෑන් කරලා නැහැ. ඒත් රංචුවක් විදිහට උන් සංකීර්ණ පියාසරනයක යෙදෙනවා.

පුංචි සමනල තටුවක් නිසා මහා සුළි කුණාටුවක් ඇතිවිය හැක කියන සමනල ආචරණය හෙවත් බටර්ෆ්ලයි ඉෆෙක්ට් එකත ඉමර්ජන්ස් වලට උදාහරණයක්.

ජීවය සරල භාවයේ සිට සංකීර්ණ භාවය කරා යන්නේ ඉමර්ජන්ස් නිසා. ජීවය කියන්නේ ට්‍රයල් එරර් ගොඩක අහඹු ක්‍රියාවලියක්. හැබැයි පරිසරයට වඩාත් උචිත ඒවා ඉතිරි වෙනවා.

මට පරිනාමවාදය ගැන ප්‍රශ්න තියෙනවා. එහි ඇතුලත යාන්ත්‍රනය අපි තවම හරියට හොයාගෙන නැහැ. ඩෝකින්ස් විසින් මතු කල මීම කියන සංකල්පය, එනම් ජාන වගේ භෞතික නොවන අද්‍රව්‍ය ගති සිරිත් මිනිස් වර්ගයා අතර පැතිරෙන කතාව, මිනිස් වර්ගයාට තවම අලුත් එකක්. ජාන වල ක්‍රියාකාරිත්වය පාලනය කරන, ගැඹුරු ඉතිහාසයක අත්දැකීම් වලින් ජාන වෙනස්කම් පාලනය කරන එපිජීන් [අපිජාන?] කියන සංකල්පය ඊටත් වඩා අලුත්. කොටින්ම මේ පරිනාමය කියන එක ගැන අපි තවම දන්නේ අබමල් රේනුවයි.

හැබැයි පරිනාමය කියන මූලික මූලධර්මය එනම් ඉතා කුඩා ජීවින් වෙනස් වී විශාල ජීවින් උන බව හුදු විශ්වාසයක්, ෆිලොසොෆියක් හෝ තවත් එක විද්‍යාවක් නොවේ. එය වැඩිමනක් ම නිරීක්ෂණයක්. පරීක්ෂණ වලිනුත් හසු වෙච්ච. ගලක් උඩ දැම්මම බිමට වැටෙන්නේ ඇයි කියා පැහැදිලි කරන නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය අපට චැලේන්ජ් කරන්න පුළුවන් මතයක් හැටියට. එහෙත් ගල උඩ දැම්මම බිම වැටෙනව කියන නිරීක්ෂණය ගැන වාදයක් නැහැනේ. අන්න ඒ වගේ පරිනාමය කියන සංකල්පය ස්ථිරයි. අපට තව හොයා ගන්න තියෙන්නේ එහි ක්‍රියාකාරී බලයන් සහ යාන්ත්‍රණයන්. දැනටමත් සෑහෙන හොයා ගෙන මිනිසුන්.

කොටින්ම දෙවියන් වහන්සේ හිටියත් උන් වහන්සේ විසින් පරිනාමය පාලනය කෙරේ කියා මිසක්, වෙන විදිහකට කියන්න බැරි තරමට පරිනාමයට සාධක තියෙනවා. මෙන්න මේකයි මේ ගොල්ලන්ට අයි ඩී කතාව ගේන්න අවශ්‍ය වන්නේ. අයි ඩී පරිනාමයට යටින් දෙවියන් ව හංගලා තියනවා.

අයි ඩී හරියට ඔප්පු වෙන සාධක ඇතිනම් ඒක විද්‍යාවක් උනාට කමක් නැහැ. අවුල තියෙන්නේ අයි ඩී බයිබලය මත පදනම කර ඉදිරිපත් කිරීම. "මෙය අපට තේරුම ගත නොහැක" කියන පලියට කෙනෙක්ට කියන්න බැහැනේ "එහෙනම් මේක දෙවියා මවන්න ඇති" කියා. අයි ඩී ට කෙල වෙන්නේ මෙතැනදී.

ඒ නිසා මෙතන ඉස්මතු වෙන ලොකුම සංවාදය තමයි නිවැරදි විද්‍යා ක්‍රමවේදය මොකද්ද කියන ඒක. නලින් ගේ ආසනික් කතාවේදීත් විද්වතුන් මතු කල පැනය වුනේ, හාල්වල [හො පසේ] ආසනික් ඇද්ද නැද්ද කියා නොවේ, නලින් මෙය ඉදිරිපත් කල ක්‍රමවේදය බාර ගන්න බැහැ කියලයි.

අවාසනාවකට ලුයිසියානාවේ ආණ්ඩුකාරයා පාර්ලිමේන්තු චන්දෙන් අයි ඩී විද්‍යා පොතට දැම්මා මේ ඔක්කොටම පස්සේ. බොබී ජින්ඩොල් කියන මේ නැ.ඉන්දීය කතෝලික ආණ්ඩුකාරයා දවසක ඇමරිකාවේ ජනාධිපති වෙන්න ඉඩ තියේලු. එදාට ගොඩ් බ්ලේස් ඇමරිකා ම තමා.

තවත් එකක්. අයි ඩී ආපු කාලේ ඇමරිකාව පාලනය කල දෙවැනි ජෝජ් බුෂ් කාරයා හිතුවේ/ප්‍රකාශ කලේ විද්‍යාවේ අරමුණ දෙවියන් ඔප්පු කිරීම බවයි. ඒවා මේවාට අනිවා බලපානවා.

නැවත වරක් තාඹුට සැලියුට් පාරක් මේ අදහස් මතු කලාට.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-5964268004174351952011-11-08T11:09:46.442+05:302011-11-08T11:09:46.442+05:30ලියන ස්ටයිල් එක සුපිරියි මිත්‍රයා...!ලියන ස්ටයිල් එක සුපිරියි මිත්‍රයා...!sudheerahttps://www.blogger.com/profile/07103347164487595794noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-296150384017542592011-11-08T10:53:05.147+05:302011-11-08T10:53:05.147+05:30ආයේ මෙව්වා තේරෙන කඩ්ඩෙන්ම ලියපු එක හොඳයි. මෙව්වා ද...ආයේ මෙව්වා තේරෙන කඩ්ඩෙන්ම ලියපු එක හොඳයි. මෙව්වා දිරවගන්න බැරිව ලියන උන් දාන මුල්ම කොමෙන්ට් ටික වෙන්නේ ඔන්න බලන්න තාඹු මුලධර්මවාදී, භෞතිකවාදී, අන්තවාදියෙක් කියල. එක ත් බැරි වෙනකොට එනවා "ජාතික සහ ආගමික සහනශීලී භාවයට මේ වගේ ලිපි බාධාවක්" ය කියල කොමෙන්ට්. කට්ටිය මෙව්වා ගැන ඇහැ අරන් ඉම්මු හොඳේ...
ලිපිය ගැන කිව්වොත්, නියම කතාව.. ඉස්කෝප්ප නඩුව ගැන දැනගෙන හිටියේ නැහැ නෙව.. අම්මප එකත් හැබෑව.. උන්ට එපයි කියන රෙද්දවල් මෙහෙ පැලකරගෙන, පස්සේ ගලෝගන්න බැරිව නහින්න ඕනෙය? අනික මට ෂුවර් තව ටික කලකින් නං අග්ගඤ්ඤ වාදයක් ඉස්සරහට එනවා.. ඕනේ වාදයක් ආගම විෂයට උගන්න ගත්තට මොකෝ, විද්‍යාව කියල බයිලා උගන්නන්නේ නැතිව...Damith Senanayakehttps://www.blogger.com/profile/18091566473658587837noreply@blogger.com