සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Tuesday, October 11, 2011

"ගේ" උන්ට දෙන දඬුවම මොකක්ද?

දේදුනු වර්ණය සමරිසි බව පෙන්වන සංකේතයකි
"අඩෝ බලපං මචන්, අම්මද බොල මෙහෙමත් සීන් මේ රටේ තිබ්බෙ බවක් අපි දැනං හිටියෙ නෑනෙ, අඩෝ මුං අපේ ආගම සංස්කෘතිය, හැදියාව නැති කරල දානව නෙ, නොදකින් ______ බල්ලො බැල්ලියො ටික.., මුන්ට වෙඩි තියල දාන්ඩ ඕනෙ, ________ගෙ ________, තොපේ අ______ ________"

රෑ තිස්සෙ කැන්ටිමේ පොර හදල දීපු අමු තිත්ත කෝපි බිබී අල බාල* බාල, යන්තම් පොඩි ඇලර්ට් එකක් දාන්ඩ සෙට් වුණා විතරයි, උඩ ඇඳේ ඉන්න සිරා** හීනෙන් නැගිටලද මන්ද අමු තිත්ත විනිශ්චයක් අත අරිනව (පොර හැබැයි හැම පෝයටම පල්ලි යන නත්තල් දාත් සිල් ගන්න, තෛපොංගල් වලට උපවාස කරන ඩයල් එකක් ).. ඌට ලොවෙත් කියල තියෙනව රෑ තිස්සෙ ෆොක්ස් ක්‍රයිම් බලන්නෙ නැතුව නිවිහැනේ ඇවිත් පන්සිල් අරන් බුදියගනින් කියල කොහෙද ඉතින් අහනවැයි? ළගඳි ඉඳන් අර "පචවිර" ද මොකක්ද පත්තර කඩමල්ලකුත් බලනව අයිබොං, ඕකෙ තියෙන නස්පැත්තියක් අල්ලං වෙන්ඩැ එකත් එකටම දොඩවන්නෙ.. 

"අඩෝ සිරෝ, මොකද දොඩවන්නෙ ඈ, අපි නිදාගන්නෙ නැද්ද ඩෝ?"

"නෑ බන් තාඹුවො, බලපන් ඩෝ මේකෙ තියෙන සීන් එක.. මේ සමලිංගික වේ___ ____ල ටික එළි පිටම ගේම දෙනව අපේ සංස්කෘතියට, මේක ලියපු එකා උන්ගෙ පොට් එකකට ඒ එකෙක්ම වගේ ගිහින් තමයි ඔක්කොම මාට්ටු කරගෙන තියෙන්නෙ.. මොනව උණත් ලියපු එකා සිරා ඩයල් එකක්, එහෙම උන් තමයි මචෝ පත්තර කන්තෝරු වල ඉන්ඩ ඕනෙ" 

"සිරාවට? කවුද මචන් සෙට් එක? මොනවද බන් උන් කරන්නෙ?"


"නෑ බන් මේ එන්ජීඕ ඩොලර් කාක්කො ටිකක් තමයි.. බාගෙ විට උඹත් ඉතින් ඒවට හූමිටි තියෙනව ඇති, උඹත් ඉතින් ඇමෙරිකන් ගැත්තනෙ"


"යකෝ ඌරො, මට නිදිමතයි, මළ පන්නගන්නැතුව කියපන් මොකද වෙලා තියෙන්නෙ කියල සින්හලෙන්"..


"නෑ බන් අර 'ගේ' වේ__ බල්ලො ටිකක් නුවර බස් ස්ටෑන්ඩ් එක ළඟ කොන්ඩමුයි ජෙලුයි බෙදනවලු උන්ගෙ හැතිකරේට"
එක්සත් ජනපදයේ පොදු උද්‍යානයක කොන්ඩම් බෙදා දීමක්

"ඉතින් උන්ට ඒව ඕනෙ නේද?"


"යකෝ, 'ගේ' එවුන් ගේ කම ප්‍රමෝට් කරගත්තහම අපේ සංස්කෘතියට සදාචාරෙට වෙන දේ හිතපන්"



"කාගෙද? මගෙද? මගෙ සංස්කෘතියට සදාචාරෙට නම් අවුලක් නෑ අනික් උන් කරන දේ වලින්.. උන් කාටවත් කරදරයක් කරන්නෙ නෑනෙ.. උඹේ සංස්කෘතිය ගැන නම් මම දන්නෙ නෑ"


"යකෝ, ඌරො, මේක බෞද්ධ රටක්.. උඹට නම් අවුලක් නෑ උඹ ඉතින් සෙකියුලර් ආගමිකයෙක් නෙ"


"හරි හරි, බෞද්ධ සෙකියුලර් කතාව ඇදගන්ඩ ගිහින් උඹ පොරමොලාගෙ වෙඩින් එකේ නාගත්තු ටික ඇති නෙ.. ඒක පැත්තකින් තියමු.. ලංකාව බෞද්ධ රටක් කියමු.. නැතත් ඉතිං උඹ බෞද්ධයනෙ.. කියපං බලන්ඩ බුද්ධාගමේ කොහෙද සමලිංගික වෙන එක නරකයි කියල තියෙන්නෙ කියල?"


"ඇයි යකෝ තුන් වෙනි සිල් පදේ කියන්නෙ කාමේ සු මිච්ඡාචාරා කියල"


"ඒ කියන්නෙ? මම බෞද්ධය නෙමෙයිනෙ.. පොඩ්ඩක් එලැබොරේට් කොරපන්කො"


"ඒ කියන්නෙ කාමයෙහි වරදවා හැසිරෙනව කියන එක.. වැරදි විදිහට සෙක්ස් කරන එක සිංහලෙන් කිව්වොත්"


"හ්ම්ම්.. වැරදි විදිහට කිව්වෙ?.." 


"තමන් කසාද බැඳපු මිනිහ ඉන්නැද්දි වෙන මිනිස්සු එක්ක සම්බන්ධ වෙන එක.. තමන් කසාද බැඳපු ගෑනි ඉන්නැද්දි වෙන ගෑනු එක්ක යන එක"

"හ්ම්ම්.. එතකොට කසාද නොබැඳපු ගෑනියෙකුයි මිනිහෙකුයි එක් වෙන එක?.. දැන් ඉස්සර කාලෙ ගෑනුයි මිනිස්සුයි කසාද බැන්දෙ නෑනෙ නීතියෙ හැටියට"

"හරි යකෝ, උන් දෙන්න කොළ කෑල්ලක හැටියට බැන්දෙ නැතුවට කපල් එකක් විදිහට සමාජෙ ඉන්නව නම් අවුලක් නෑ.. දකින දකින මිනිහ එක්කයි ගෑනියි එක්කයි යන එකයි එපා කියල තියෙන්නෙ".. 


"ආහ්.. හරි හරි, තේරුණා.. හරි එතකොට මෙහෙම හිතපන්.. මිනිස්සු දෙන්නෙක් ඉන්නව කපල් එකක් විදිහට.. නැත්තම් ගෑනු දෙන්නෙක් ඉන්නව කපල් එකක් විදිහට.. දකින දකින මිනිහ හරි ගෑනි හරි එක්ක යන්නෙ නෑ.. එතකොට?"


"යකෝ මහ පවුකාර වැඩක්නෙ ඒක"


"පවුකාර වැඩක්? ඒ කොහොමද එහෙම වෙන්නෙ?"


"යකෝ ඕක තේරෙන්නෙ නැද්ද? බුදු දහමෙ කවදාවත් අනුමත කරල තියෙනවද ඔය වගේ වල් මගුල්?"


"හරි, එතකොට උඹ  මගෙ ලැපේ මටත් හොරෙන් රෑ තිස්සෙ එකසිය ගාණට වැ__ බලන්නෙ? මට අලයක්වත් බාගන්ඩ නොදී? ඒව බුදු දහමෙ අනුමත කරල තියෙනවද?"


"ඒකෙන් කාටවත් හානියක් නෑනෙ.. අනික ඒක බුදු හාමුදුරුවො එපා කියලත් නෑනෙ?" 


"ඉතින් ගේ, ලෙස්බියන් සීනුත් එහෙම තමයි.. උන් ඉන්න විදියෙන් කාටවත් කරදරයක් තියෙනවයැ? අනික බුදු දහමෙ කියන තුන් වෙනි සිල් පදෙත් උඹ කියන විදිහට අරන් බැලුවොත් ගේ, ලෙස්බියන් උන් ඒක කඩන්නෙ නෑ"


"එතකොට උඹ කියන විදිය මොකක්ද තුන් වෙනි සිල් පදේ?"


"මම කියන විදිහක් නෑ.. මම බෞද්ධයෙක් නෙමෙයි තුන් වෙනි සිල් පදේ තෝර තෝර ඉන්ඩ, උඹමයි කිව්වෙ උඹ බෞද්ධයෙක් කියල, උඹමයි ඔය කියපු සිල් පදේ තෝරල දුන්නෙ, උඹම තෝරපු විදිහට එක සහකාරයෙක් / සහකාරියක් ඉන්න ගේ, ලෙස්බියන් උන් ඒ සිල් පදේ කඩන්නෙ නෑ***.. හරි, උන් කඩනවමයි කියල කියමුකො.. ඒත් උන් ඔක්කොම බුද්ධාගමේ විදිහටම ඉන්ඩ ඕනෙ කියල කොහොමද උඹ කියන්නෙ? මට උන් එක්ක අවුලක් නෑ, උන් වෙන කාටවත් කරදරයක් නොකරනව නම්.. ඒක මේ බම්බුවෙ ආගමික හේතුවක් නෙමෙයි.."

"හා හා, එතකොට උඹ කියන්නෙ උන් කාටවත් වරදක් නැති පෝර්ටෙලොත් නිමල බොන අහිංසකයො? යකෝ, උන් තමයි ලංකාව කන්නෙ.. ඇති තරමක් පොඩි උන්ව දූෂණය කරන්නෙ.. ඇස් ඇරල බලපිය සංචාරක හෝටල් වලට එන සුද්දො, විශේෂෙන් ජර්මන් එවුන් හොයන්නෙම පොඩි කොල්ලන්ව"



"මචන්, උඹ හිතන්නෙ ලංකාවට එන සුද්දො ගොඩක් එවුන් ගේ එවුන් කියලද? පික්සුද යකෝ.. උන් කොල්ලන්ව හොයන්නෙ කෙල්ලො ෂෝර්ට් සප්ලයි හින්ද.. සමාජමය හේතුයි තවත් ගොඩක් හේතු නිසා දුප්පත් දෙමව්පියො තමන්ගෙ කොල්ලන්ව ඒ වගේ තැන් වලට යවනව.. ඒත් කෙල්ලෙක් යැවුවොත් පවුලට වෙන ඉම්පැක්ට් එක වැඩි නිසා කෙල්ලො යවන්නෙ නැහැ.. ඒ අපචාරෙට ලක් වෙන කොල්ලො පස්සෙ ගේ වෙන්ඩ නම් චාන්ස් එකක් තියෙනව කියල සමහර ස්ටඩීස් වලින් කියනව http://home60515.com/3.html .. ඒත් ඒකෙන් කියන්නෙ නෑ ගේ වෙන එවුන් ඔක්කොම අපචාරෙට ලක් වෙච්චි උන් හරි අපචාර කරන උන් හරි කියල.. අනික ගේ එවුන් අනික් උන්ට වඩා ළමා අපචාර කරනව කියන එක අමු බොරුවක්.. කිසිම ස්ටඩි එකකින් ගේ වීමයි ළමා අපචාරයි අතර සම්බන්ධයක් හොයාගෙන නෑ.. මචන්, ඔය වැ__ බැලිල්ල පත්තකට දාල මගෙ ලැප දියන් මෙහාට.. උඹට හොයල දෙන්ඩ ලින්ක් එකක් http://psychology.ucdavis.edu/rainbow/html/facts_molestation.html ඉඳා, මේක බලපන්” 


"හ්ම්ම්.. හරි, එහෙනම් මේකට උත්තර දියන්, උන් ඔච්චර අහිංසකයො නම් මොන මගුලට ද උන්ට විරුද්ධව නීති දාල තියෙන්නෙ? අර දණ්ඩ නීති සංග්‍රහයෙද මොකේද තියෙනව නේද උන්ව හිරේ අරින්ඩ පුළුවන් කතාවක්?"


"ඔවු, තියෙනව තමයි, සුද්දගෙ කාලෙ දාපු ගොං නීතියක්.. ක්‍රිස්තියානි ආගමේ හැටියට ගේ සීන් වැරදියි මම හිතන්නෙ, ඒක තමයි ඒ වගේ නීති දාල තිබ්බෙ බටහිර රටවල, ආගමික හේතුවක් හින්ද.. යුරෝපෙ අඳුරු යුගේදි නම් එහෙම උන්ව මැරුව.. ඒත් දහනමවෙනි සියවසේ උන් ලංකාවෙ ඒ නීති දාන කාලෙ වෙනකොට බටහිර රටවල තිබ්බෙ හිර දඬුවම් විතරයි.. ලංකාවෙත් උන් දැම්මෙ හිර දඬුවමක්.. 1950න් පස්සෙ ටික ටික තේරෙන්ඩ ගත්ත ගේ වෙන එක මහලොකු වරදක් නෙමෙයි, කොහොමත් සමාජෙ ඒ වගේ අය ඉන්නව කියල.. ඊට පස්සෙ ලෝකෙ පුරාම තිබ්බෙ ඒ වගේ නීති සූ ගාල අයින් වෙන්ඩ ගත්ත.. යුරෝපෙ සමහර රටවල්, ඇමෙරිකාවෙ සමහර ප්‍රාන්ත අද ගේ, ලෙස්බියන් උන්ට කසාද බඳින්ඩ හිටං අවසර දීල තියෙනව.. අපි ඉතින් සුද්දටත් වඩා සුද්දො වෙන්ඩ යන පිංගුත්තරයොනෙ.. අපි තාම අර පරණ නීති තියාගෙන ඉන්නව.. (හැබැයි මං දන්න තරමට දඬුවම් කරල නෑ කාටවත් 48න් පස්සෙ ).. 


ආහ්.. ගේ උන්ට විතරනෙ නීති තිබ්බෙ.. ලෙස්බියන් උන්ට මුකුත් අවුලක් තිබ්බෙ නෑනෙ.. 2008 හිටපු අධිකරණ ඇමති ලොක්ක "ලිංගික සාධාරණත්වෙ" කියල ලෙස්බියන් උන්ටත් අර නීතියම දැම්ම" 
විවිධ රට වල සමලිංගිකත්වය පිළිබඳ නීති


"හරි, දැන් උඹ කියන්නෙ ඕක කිසිම රටක දැන් තහනම් නෑ කියල ද?"


2007දී ඉරානයේ සමරිසි යුවළක් එල්ලීම
"මොකද නැත්තෙ? මැද පෙරදිග, අප්‍රිකාවෙ සමහර රටවල තාම මරණ දඬුවම දෙනව.. තව සමහර රටවල බරපතල වැඩ ඇතුව හිරේ යවනව (මෙහෙ වාගෙ නෙමෙයි, ඇත්තටම යවනව ).. ඔය දඬුවම් තියෙන රටවල් ගොඩක් එක්කො දැඩි මුස්ලිම් රටවල්, නැත්තම් අප්‍රිකාවෙ පරණ ක්‍රිස්තියානි රටවල්.. නොදියුණු සමාජ තියෙන බැක්වර්ඩ් විදිහට හිතන මිනිස්සු ඉන්න රටවල්.. මට දුක අපේ රටත් ඒ ගොඩට වැටෙන එක"


"දැන් උඹ කියන්නෙ ගේ, ලෙස්බියන් උන්ට කසාද බඳින්ඩ දෙන්ඩ ඕනෙ කියලද?"


"කවුද එහෙම කිව්වෙ? මම කියන්නෙ ඉස්සෙල්ල උන්ව හිරේට යවන්ඩ පුළුවන් නීති අයින් කරන් ඉන්ඩ කියල.. හිරේ යවන්ඩ තරම් වැරැද්දක් උන් කරන්නෙ නැහැනෙ.. ඊට පස්සෙ එහෙම උනුත් සමාජෙ ඉන්නව කියල පිළිගන්ඩ කියල, උන්ව කොන් කරන්නෙ නැතුව.. කසාද බඳින්ඩ ඉඩ දෙනවද නැද්ද කියන එක පස්සෙ තීරණය කළහැකි"    


"අනේ යකෝ උඹ නම්... මට උඹට කියන්ඩ හිතෙනව හොඳවැයින් දෙකක්, ඒත් කියන්ඩ ඕනෙ එක එන්නෙ නෑ ඔළුවට" 

සිරාට එකසිය ගාණට නැගල වගේ..

ඌට දැන ඔළුවට මොනම ලොජික් එකක් හරි නේන හින්ද සයිලන්ට් වෙලා හිටියට ගේ උන්ගෙන් ගේමම ඉල්ලන අභීත ඩයල් එකක් ඌ.. මොනව කොරන්ඩද අයිබොං? එක්කො ඌ උගෙ බම්බුවෙ පත්තරේ කියෝල කෑ නොගහ ඉන්ඩ ඕනෙ, අනික් උන්ට ඇලර්ට් එකක් දාන්ඩ ඉඩ දීල.. 

සිරාගෙ කන්කරච්චලේ අහලද මන්ද ඇන්තනිය බ්‍රෂ් එකකුත් කටේ ගහගෙන දොර කඩාගෙන ආව ඕන්.. ඌට මම කියල තියෙනව තුවා ඇඳගෙන එන්ඩ එපා, ටිකක් සිවිල් පිට වරෙන් කියල අපේ කාඹරේට එද්දි, පළවෙනි දවසෙ ඌ එහෙම ඇවිත් අපේ සිරා දවසම මනෝ ගගහ හිටිය අයිබොං, වැඩටත් නොගිහින්..

"මොකක්ද බන් උඹල හැමදාම උදේ මෙතන බෙරිහන් දෙන්නෙ? ඈ තාඹුවො, උඹට අල බාල ඕවර්ඩෝස් වෙලාද? "


"අල නෙමෙයි බන්, මේ මේකගෙ ගෝරනාඩුව ඕවර්ඩෝස් වෙලා, ඌ දවස තිස්සෙ මගෙ ඩොන්ගල් එකේ ලිමිට් එක පනිනකම් වැ__ බලනව.. රෑට කෙල්ලො හතර පහ එක්ක වාත වෙලා කටගොන්නක් බීගෙන ඇවිත් උදේට "පචවිර" බල බල දේශප්‍රේමී ටෝක්ස් දෙනව.. ඌ කරන මගුල් ඔක්කොම දේශප්‍රේමී සදාචාරවත් ලබ්බවල්.. ගේ උන්ට බෙදන කොන්ඩමේ තමයි උගෙ සංස්කෘතියට පරහට හිටියෙ"


"ගණන් ගන්ඩ එපා මචං, උගෙ හැටිනෙ.. හැබැයි මචං මට නම් ගේ එවුන්ග් එක්ක අවුලක් නෑ.. ඒත් ඕක ප්‍රමෝට් කරන එක ටිකක් අවුල් නේද?"

"ප්‍රමෝට් කිරිල්ලක් නෙමෙයිනෙ බන්, කොන්ඩමුයි ජෙලුයි බෙදන්නෙ උන්ට ඒව ලොවෙත් ඕනෙ වෙන හින්ද නෙ"


"දැන් කවුද ඕක කොරන්නෙ?"

ඒඩ්ස් හා ක්ෂයරෝගය පිළිබඳ ලෝක අරමුදල

සර්වෝදය
එච්.අයි.වී ඒඩ්ස් සංකේතය

විවිධත්ව හා සහයෝගිතා සංවිධානය
"මෙහෙමනෙ මචං, මම දන්න හැටියට නම් හෙල්ත් මිනිස්ට්‍රියෙන් තමයි ඕක කෝර්ඩිනේට් වෙන්නෙ.. ඒකෙ තියෙනව ඒඩ්ස් මර්දන වැඩපිළිවෙලක්.. උන් තමයි තවත් දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක එකතු වෙලා ෆන්ඩ්ස් සහ රිසෝසස් දෙන්නෙ.. ලෝක ඒඩ්ස් සහ ක්ෂය රෙඔග වැළැක්වීමෙ අරමුදලෙනුත් සල්ලි හම්බෙනව මගෙ හිතේ.. ඔය කොන්ඩම්, ජෙල්, ඕව බෙදන්නෙ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ස්වේච්ඡා සංවිධානයක්.. මට ඔය සීන් එක ගැන හරියටම මීටර් නැහැ.. ඒත් සෙක්ෂුවල් මෙඩිසින් සෙෂන්ස් වලදි කිව්ව ඔය ස්ට්‍රක්චර් එක ගැන ටිකක්.. ඕකෙ ගෝල් එක මචන් ඒඩ්ස් බෝ වෙන එක නවත්තන එක.."

ෆුල් නස්පුක් වෙලා ඉන්න සිරා ආයෙත් මැදට පැන්න..
"ඉතින් අහවල් බම්බුවටද ගේ උන්ට කොන්ඩම් බෙදන්නෙ? ඒඩ්ස් වළක්වන්ඩ?"


"මචන්, අනාරක්ෂකව ලිංගිකව එකතු උණාම තමයි ඒඩ්ස් වගේම තව ගොඩක් සමාජ රෝග බෝ වෙන්නෙ.. ඒකෙනුත් ගේ එවුන් කරන විදිහෙ එකතු වීමකින් ඒඩ්ස් බෝ වෙන්ඩ තියෙන චාන්ස් එක වැඩියි, සාමාන්‍ය ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකතු වෙන සාමාන්‍ය ක්‍රමේට වඩා.. ඉතින් ගේ උන්ට අනිවා කොන්ඩම් තියෙන්ඩ ඕනෙ"


"ඔය ගේ මලදාන වලින් ඒඩ්සුත් බෝ වෙනව නම් මොන මගුලටද යකෝ උන් ගේ වෙන්නෙ? උන්ට තිබ්බනෙ නෝමල් විදිහට කෙල්ලොත් එක්ක සෙට් වෙන්ඩ?"


"උඹ මගෙන් අහගන්ඩ එපා උඹේ නෝමල් කම ගැන මෙතන.. යකෝ ගේ හරි ලෙස්බියන් හරි වෙන එක ගොඩක් වෙලාවට එන්නෙ උපතින්මයි.. මිනිස්සුන්ට ලිංගික අවයව පිහිටල තිබ්බට විරුද්ධ ලිංගිකයො ගැන ආකර්ෂනයක් ඇති වෙන්ඩ මොලේ හෝර්මෝනත් බලපානව.. ඒ වගේම මොලේ එක එක කොටස්, ස්නායු පද්ධතිය සකස් වෙලා තියෙන හැටි.. ගේ, ලෙස්බියන් අයගෙ පැහැදිළිවම අනික් අයට වඩා ඒවගේ දේවල් වල උපතින් එන්ඩ පුළුවන් කියල හිතන වෙනස්කම් තියෙනව.. පොඩි කාලෙ ඉඳල ළමයින්ව හදන විදිහෙනුත් බලපෑම් ඇති වෙනව.. ගේ උන්ට ලෙස්බියන් උන්ට අනික් මිනිස්සු වගේ විරුද්ධ ලිංගිකයො කසාද බඳල ඉන්ඩ බැරි නෑ.. ඒත් එහෙම ඉන්දැද්දි ගොඩක් මානසික ගැටළු ඇති වෙනව.. ඒ හින්ද උන්ට උඹ හිතනව වගේ ගේ කම වෙනස් කරන්ඩ බෑ"


"අනික තමයි මතක තියා ගනින් ලෙස්බියන් අය අතරෙ ඒඩ්ස් බෝ වෙන්ඩ තීයෙන චාන්ස් එක සාමාන්‍ය කපල් එකකට වඩා හොඳටම අඩුයි කියන එකත්"


"ඒ කියන්නෙ ඕව උපතින් එන මානසික ලෙඩ? ඒකයි වෙනස් කරන්ඩ බැරි, එහෙමද? උඹ කිව්ව නේද අර මොලේ වෙනස් කියල උන්ගෙ? ඒ කියන්නෙ උන් මන්ද බුද්දිකයොද?"


"නෑ යකෝ.. අනික් උන්ට වඩා මානසික ප්‍රශ්න උන්ට තියෙනව තමයි.. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි.. සමාජෙන් උන්ව කොන් කරන එකයි අකමැත්තෙන් විරුද්ධ ලිංගික අය එක්ක ජීවත් වෙන්ඩ වෙන එකයි හින්ද.. උන් ගේ හරි ලෙස්බියන් හරි හින්ද මන්ද බුද්ධික නම්  උඹ වමතින් ලියන හින්දත් මන්ද බුද්ධික වෙන්ඩ ඕනෙ.. ඇයි උඹේ මොළේ වෙනස්නෙ"..  


"හරි, කොන්ඩම් දුන්න කියමුකො, මොන බම්බුවටද ජෙල් බෙදන්නෙ?.."

ජල ද්‍රාව්‍ය ලිහිස්සි ජෙල්
"මචන්, ගේ උන් එකතු වෙන විදිහෙදි සාමාන්‍ය විදිහට එකතු වෙනවට වඩා ඝර්ෂණය ගොඩක් වැඩියි.. උඹ ඒක දන්නව ඇතිනෙ.. කොන්ඩම් එකක් දාගෙන කරත් ප්‍රෙෂර් එකට කොන්ඩම් එක පුපුරන්ඩ පුළුවන්.. ඒ හින්ද තමයි ජෙල් එකක් ඕනෙ.. ඔය බෙදන ජෙල් ජාතිය වෙනුවට ඕනෙ නම් ගෙදර තියෙන පොල්තෙල්, ඔලිව් තෙල්, බේබි ඔයිල් එහෙම පාවිච්චි කළහැකි.. එහෙම තමයි මම හිතන්නෙ උන් කරල තියෙන්නෙ ඔය ජෙල් ජාතිය එන්ඩ කලින්.. ඒත් තෙල් ජාති වලින් රබර් කොන්ඩම් එකේ බිත්තිය ඉරෝඩ් වෙනවලු.. ඒ හින්දම ඒක පුපුරන්ඩ පුළුවන්ලු.. ඔය දැන් බෙදන එක වතුරෙ දිය වෙන ජෙල් එකක්.. ඒකෙ තෙල් නැහැ.. ඒ හින්ද කොන්ඩම් එක පුපුරල ඒඩ්ස් හැදෙන එක නවතිනව"


"ඔවු ඉතින් ඔය එන්ජීඕ මගුල් වලට හැම දේටම හේතුවක් තියෙනවනෙ.. උන් ඔය කරන්ඩ හදන්නෙ අපේ ජාතියෙ උන් බැඳල ළමයි හදන එක නවත්තල ජාතිය වඳ කරල දාන්ඩ මට පේන්නෙ"


"මචන්, මම කලිනුත් කිව්වනෙ.. ගේ, ලෙස්බියන් සීන් කොච්චර ප්‍රමෝට් කරත් නිකම් මිනිස්සු අළුතින් ගේ හරි ලෙස්බියන් හරි වෙන්නෙ නෑ කියල.. ඒක ගොඩක් වෙලාවට උපතින් හරි නැත්තම් ළමය වැඩෙන කාලෙදි තමයි තීරණය වෙන්නෙ.. යන්තම් හරි ගේ පැත්තට යන උන් සාමාන්‍යෙන් සමාජෙක ඉන්නෙ 10-12% විතර.. ඇත්තටම ගේ විදිහට ඉන්න උන් ඊට වඩා ගොඩක් අඩුයි.. ලෙස්බියන් උන් නම් ඉන්නෙ 2-3%ක් විතර.. ඒඩ්සුයි අනික් සමාජ රෝගයි පාලනය කරන්ඩ ඕනෙ නම් ගේ උන් නැහැයි කියල බොරුවට හිතාගෙන වැඩ කරල බෑනෙ.. උන් රටේ ඉන්න එක තමයි ඇත්ත තත්ත්වෙ.. ඒ හින්ද කරන මගුලක් උන්වත් සහභාගි කරවගන්ඩ වෙනව.. ගේ හරි ලෙස්බියන් හරි උනා කියල දරුවො නොහද ඉන්ඩ ඕනෙ නෑ.. කෘත්‍රිම ප්‍රජනන ක්‍රම ඕනෙ තරමට දියුණුයි දැන්.. එකම දේ සමාජෙ ඒව පිළිගන්ඩ අකමැති එක"


"හරි, එතකොට උඹ කියන්නෙ ගේ සීන් එක නෝමල් දෙයක් කියල.. එහෙනම් ඇයි ඉස්සර ඔහොම සීන් තිබ්බෙ නැත්තෙ? ඔය මගුල මිනිස්සුන්ගෙ ෆැන්ටසියක් නේද? සත්තු ඔය වගේ මළ විකාර කරන්නෙ නෑ නේද?"


"මචන් සිරා, උඹ එක්ක තරහක් නෑ.. ඒත් මචන්, මීට පස්සෙ මගෙ ලැපෙන් වැ__ බැලීම තහනම්.. මම අකමැතිම දෙයක් තමයි ඕක, අන්තිමේ කෙල්ලෙක් ලැප බලද්දි උඹ බලපුව ඔක්කොම කැචේ එකේ එනව.. උඹ අපතය වගේ ඒව වෝල්පේපර් එකටත් දානව.. උඹ නෙට් යනව නම් වැඩක් ඇති මගුලක් හොයපන්.. ගේ, ලෙස්බියන් සීන් ඉස්සර ඉඳන්ම තිබුන.. ග්‍රීසියෙ හිටපු මහා ඇලෙක්සැන්ඩර්, සොක්‍රටීස්, ඊජිප්තුවෙ සලදීන්, රෝමයෙ හිටපු හේඩ්‍රියන්, ජුලියස් සීසර්, ප්‍රසිද්ධ කලාකාරයෙක් වෙච්චි මයිකලැන්ජිලෝ, ස්වයංසිද්ද ජනනවාදය බොරු කරපු ෆ්‍රැන්සිස් බේකන්, එංගලන්තෙ ඈන් රැජින, ප්‍රශියාවෙ මහා ෆෙඩ්‍රික් රජ්ජුරුවො තව වාර්තා නොවෙච්චි කී කෝටියක් ඉන්ඩ ඇද්ද.. සමහරු එළි වෙයි කියල බයේ නොකිය ඉන්ඩ ඇති..


සත්ත්ව විශේෂ 300ක් සමලිංගික හැසිරීම් පෙන්නනව කියල හොයාගෙන තියෙනව.. ඇත්ත කතාව මිනිහත් සතෙක් තමයි, මහලොකු ඔලු ගෙඩියක් තිබ්බට.. එකම දේ උඹල වගේ උන් ඒ ඔළුවෙන් මහ විකාර දේවල් කල්පනා කරනව.. කරල රටේ නැති බහුභූත ඔළුවට දාගෙන ඒව අනුව අනික් උන්වත් මනින්ඩ යනව.. ගේ එවුන් දැක්කහම මළ පනින ඔය ලෙඩේට මචන් කියන්නෙ හෝමොෆෝබියා (Homophobia) කියල.. ඒක එන්නෙ ගේ හැඟීම් තියාගෙන ඒව යටපත් කරන් ඉන්න ඩයල් වලටත් අම්බානට එනව"

ඒ පාර නම් සිරාට ෆුල් මෝල් වගේ.. ලොවෙත් කියාගන්ඩ දෙයක් නැතුව ඥාව් වෙලා ඉන්නව.. කියපුව සැර වැඩිද මන්ද? මොනව උණත් ඌ හිත හොඳ එකා.. ඊයෙ රෑ ගත්තු ලාර්ජ් පීස එකට අද දිග ඇරල රුපියල් සීයක්ම දුන්න ශල්ලි ශල්ලි කියල නොබල.. 

"මචන්, ඊයෙ කාපු පීස එක තාම වැඩ වගේ.. ෆැබ් යන්ඩ ඕනෙ නෑ.. මම ඔෆිස් කැන්ටිමෙන් ශේප් වෙන්නම්.. හත හමාරයි.. මම යනව, පරක්කු උණා"

ඊට පස්සෙ බුවා "පචවිර"ක් ගෙනාපු කාලයක් මතක නෑ ආයුබොං

 *   පාඩම් කිරීමට යොදන කෙටි පදයකි
**  මෙහි එන සියළු පුද්ගල නාම මන: කල්පිත වේ
***මෙම සිල් පදය වෙන විදිහවල් වලට තෝරා ගන්න අය සිටිය හැකිය